ශ්‍රමණ වේශධාරියාගේ වරද, කාන්තාවන්, නීතිය, ධර්මය සහ කර්මය

lilman

Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    ශ්‍රමණ වේශධාරියාගේ වරද, කාන්තාවන්, නීතිය, ධර්මය සහ කර්මය

    යම් ශාසනික සහ සමාජයේ ගැටළුවක් ඇති වූ විට, සියළුම දෙනාගේ යහපත උදෙසා වහා කටයුතු කළ යුතු ය. පිළිතුරු සපයා ගත යුත්තේ ධර්මානුකූලවය. අනාගත සමාජයේ යහපත ගැන සිතා මතා ය. නිවැරදිම තීරණයක් ගන්නට නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සතර අගතියට නොයා සිටිය යුතු ය. මේ දිනවල සමාජ ගතව තිබෙන ශ්‍රමණ වේශධාරියෙකුගේ ලිංගික සිදු වීමට අදාළව පහත ආකාරයට එය පැහැදිලි කර ගත යුතු ය.

    1. ශ්‍රමණ වේශධාරියාගේ වරද,
    2. කාන්තාවන්,
    3. නීතිය,
    4. ධර්මය
    5. කර්මය

    1. ශ්‍රමණ වේශධාරියාගේ වරද.
    මෙම සිදු වීමේදී ශ්‍රමණ වේශධාරියා සම්පූර්ණයෙන්ම වැරදි ය. මෙවැනි පහත් හැසිරීමක් කළ ඔහුව ශාසනයෙන් නෙරපා හැරිය යුතුය. නමුත් කිසිවෙක් නීතිය අතට ගෙන පහරදීම. මරා දැමීම. ආදී නොපනත්කම් නොකළ යුතු ය. එසේ පහරදෙන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.

    භික්ෂුවකගේ සම්පූර්ණයෙන්ම භික්ෂූත්වය අහිමි වන ප්‍රධාන වැරදි වන “පාරාජිකා” සතරක් තිබේ. මේ ශ්‍රමණ වේශධාරියා පැහැදිලිවම ඒවායින් “මෛථූන සේවනය” කර පාරාජිකා වී තිබේ. ඔහු තවදුරටත් භික්ෂුවක් නොවේ. නැවත මේ ජීවිත කාළයේදී උපසම්පදා විය නොහැකි අතර, එක්කෝ සාමණේර විය යුතුය. නැතිනම් ගිහි විය යුතු ය.

    මීට අමතරව භික්ෂුවක් විසින් රැකිය යුතු අනිවාර්‍ය්‍ය සිල්පද අතරින් සංඝාදිසේස කිහිපයක් වන්නේ

    i. සිහිනයෙන් සිදු වන ශුක්‍ර‍ මෝචනය හැර ඕනෑකමින් උපක්‍රම කොට ශුක්‍ර‍ධාතුව මෝචනය කිරීම සංඝාදිසේස නම් ආපත්තියකි.

    ii. යම් මහණෙක් රාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම නො මනා අතට පෙරළී ගිය සිතින් මාගමක් හා කයින් කය ගැටීමට පැමිණියේ නම් අත ඇල්ලීම හෝ කෙස් කළඹ ඇල්ලීම හෝ අන් ශරීරාවයවයක් ස්පර්ශ කිරීම හෝ කළේ නම් සංඝාදිසේසාපත්ති වේ.

    iii. යම් මහණෙක් දුට්ඨුල්ලාරෝචනරාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම පෙරළී ගිය සිතින් තරුණයකු තරුණියකට කියන්නාක් මෙන් වර්චස් මාර්ග මුත්‍රාමාර්ග හා මෛථුනය පිළිබඳ වූ අසභ්‍ය වචන මාගමකට කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්තිය වේ.

    iv. යම් මහණෙක් රාගය බැසගත් සිත් ඇත්තේ පෙරළී ගිය සිතින් මාගමක් සමීපයෙහි “නැගණියෙනි, යම් කතක් මා වැනි සිල් ඇතියකුට යහපත් පැවතුම් ඇතියකුට උසස් පැවතුම් ඇතියකුට ඒ මෛථුන ධර්මයෙන් උපස්ථාන කෙරේ නම් එය උපස්ථානයන් අතුරෙන් අග්‍ර‍ උපස්ථානය වන්නේය” යි තමාට කාමයේන උපස්ථාන කිරීමේ ගුණ මෛථුනය පිළිබඳ වචන වලින් පවසා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.

    v. යම් මහණෙක් ස්ත්‍රී පුරුෂයන් අතර පණිවුඩ හුවමාරු කරන්නකු බවට පැමිණියේ වේ ද අඹුවක වීම පිණිස පුරුෂයාගේ අදහස ස්ත්‍රියට හෝ කියා ද, සැමියකු වීම පිණිස ස්ත්‍රියගේ අදහස පුරුෂයාට හෝ කියාද යටත් පිරිසෙයින් මඳ වේලාවකට බිරියක් වන කතකට වුව ද කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.

    මේ ආදී තවත් රැකිය යුතු උතුම් ශික්ෂාවන් තිබේ. සංඝාදිසේසාපත්තියකට හසුවුවහොත් අබ්භාහනාදී විනය කර්ම කර පිරිසිදු විය යුතුය. පාරාජිකා වීම උපසම්පදාවේ මරණය යි.

    ගිහි පවුලක මිනිසෙකු මිනී මැරුමක් වැනි අපරාධයක් කළ හොත් සියළුම මිනිසුන්ට මිනී මරුවන් කියා බැන වැදීම නොකළ යුතු ය.

    ශාසනය තුළ මෙවැනි පහත් හැසිරීම් කළ නොහැකි බව ධර්ම විනය දන්නා අය දනී. මෙවැනි පහත් වැඩ කරන්නන් ශාසනයෙන් නෙරපිය යුතු ය.

    ධර්ම විනය නොදන්නා ගිහියන් සහ විශේෂයෙන්ම පැවිද්දන් සිදු කරනා පහත් ක්රියාවන් නිසා මිනිසුන් අපැහැදෙන්නේ සමස්ත සංඝරත්නය ගැන ය.

    මේ තත්වය වළක්වා ගන්නට නම් සංඝයාට ධර්ම විනය ඉගැන්විය යුතු ය. නීතිය ක්‍රියාත්මක කර ජීවිත විනාශයන් වළක්වා ගත යුතුය. එම කාන්තාවන්ට සිය දිවි නසා ගන්නා තැනට ඇද නොදැමිය යුතුය.

    කෙළෙසුන් දමනය කර ගත නොහැකිව වරදෙහි බැදෙන ශ්‍රමණ දුස්සීලයන් මේ ජීවිතයේදී නැවතත් නිවැරදි මගෙහි පිහිටුවා ගන්නට සිවුවනක් පිරිස කළ්‍යාණ මිත්‍රත්වයේ දෑත ඔවුනට දිගු කළ යුතු ය. මැරෙන මොහොතේදී හෝ සිත නරක් වන්නට නොදී කටයුතු කළ හැකිනම් දෑත දිගු කළ කළ්‍යාණ මිතුරන්ට එය පින්කමකි. (මේ ධර්මයයි. පළි ගන්නම සිතන අයටනම් මෙය අප සමගත් තරහා යන වදන් පෙළකි.)

    2. කාන්තාවන්
    එම කාන්තාවන් වරදෙහි බැදුනි. එය වැරදි ය. ගණිකාවක් වූ අම්බපාලියටත් මහ රහත් තෙරණින් වහන්සේ නමක් වන්නට හැකි වූ ශාසනයේ මොවුනටත් නිවැරදි වන්නට ඉඩ දිය යුතු ය.

    දැන් ඔවුන් ඉදිරියේදී සමාජයේදී කන්නේ, බොන්නේ, ජීවත් වන්නේ කෙසේද? මේ දේම පහරදුන් අයගේ දියණියක් අතින් වූවානම් ඇයගේ අනාගත ඉරණම කුමක්ද?

    යම් වරදකදී හැසිරිය යුත්තේ එම ජීවිත ගෙලලා ගන්නා තැනට පත් කිරීමෙන් නොවේ. නොමග ගිය අපරාධකරුවන්ද නිවැරදි මගට එන ආකාරයට ය. බුදු දහමේ උගන්වන්නේ නම් එය යි. නොමග ගිය ජීවිත තවත් නොමඟටම තල්ලු නොකළ යුතුය.

    3. නීතිය

    නීතියට ඉහළින් සීලය තිබේ. සීලය බිදගෙන පාරාජිකා වූ තැන, නීතිය අතට ගන්නන්ගෙන් ඔවුන් රැකීමට නීතියේ පිහිට ඔවුනට ලැබිය යුතු ය. මේ මොහොතේ ඔවුනගේ ජීවිත විනාශ නොවන ආරක්ෂාවක් අත්‍යාවශ්‍ය වේ. එය ලබා දිය යුත්තේ නීතියෙනි.

    මෙම සිදු වීමට වහා නීතිය මැදිහත් වී සිල් බිද ගත් අයට නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඔවුන් රැක ගත යුතු ය. වරදක් කළත් ඔවුන් මනුෂ්‍යයෝ ය. කරුණු අවබෝධ කර ගන්නා යම් දවසකදී ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ඔවුන් ජීවත්ව සිටිය යුතු ය. බෞද්ධයින් මෛත්‍රීයෙන් ජීවත් වන පිරිසකි.

    ශ්‍රමණ වේශ ධාරියාට සහ කාන්තාවන් දෙදෙනාටත් නීතියේ රැකවරණය ලබා දී ධර්මයෙන් මග පෙන්විය යුතු ය. කාන්තාව බලහත්කාරයෙන් නිරුවත් කරමින් මොවුන්ට පහර දුන් වරද කරුවන්ට දඩුවම් දිය යුතු ය. (සමාජයේ නැවත එවන්නක් නොවීම පිණිස.)

    ශ්‍රමණ වේශධාරියා ගැන සමාජය දැනුවත් කර ගත යුතු ය. වහාම ශාසනයෙන් නෙරපා හැරිය යුතු ය.

    4. ධර්මය

    සමාජය ඉදිරියේ වැරදි කරුවෙක් ධර්මය ඉදිරියේ වැරදි කරුවෙක් නොවේ. ආනන්තරිය පාපකර්ම කර ගත් දේවදත්ත තෙරුන්ට, පීතෲ ඝාතක අජාසත්ත රජුට, අනාගතයේ පසේ බුදු වන්නට ධර්මයේ පිහිට ලැබුණී.

    ධර්මය මැදිහත් කර ගත් විට සියළුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබේ.
    නීතිය අතට ගත් අයවළුන්ද නිවැරදි මාවතට ගත යුතුය. ශ්‍රමණ වේශධාරියාව වහාම ශාසනයෙන් නෙරපා හැරිය යුතු ය.

    5. කර්මය

    දුශ්සීල භික්ෂුවක්ව සිටිමින් සිල්වත් දායකයින් දෙන දානය වැළදීම පවා ගිනි ගුලි ගිලීමක් වැනි ය. එම ශ්‍රමණ වේශධාරියාට නරකයේ දොරටු දැනටමත් විවර වී ඇත. කළ්‍යාණමිත්‍ර දෑතක් දිගු වුවහොත්, මේ ජීවිතයේදීම සසර දුකින් එතෙර වන්නට මග පෙන්විය යුතු ය. නමුත් නීතිය කිසිවෙක් අතට නොගත යුතු ය.

    භික්ෂුව සිල්වත් විය යුතු ය. අතිශයින්ම සිල්වත් විය යුතු ය. සිල්වත්ව සිටිය නොහැකිනම් සිවුරු හැර යා යුතු ය. දොඩම් ගොඩක නරක් වූ දොඩම් ද තිබිය හැකි ය. ඒවා නොගෙන සිටීමට නුවණැත්තෝ කටයුතු කළ යුතු ය. නරක් වූ දොඩම් කුණු කූඩෙට දැමිය යුතු ය.

    එම ශ්‍රමණ වේශධාරියා වැනි අය සම්බන්ධව එම සංඝ සභා වහා ක්‍රියාත්මක වී ඔවුන්ව සසුනෙන් ඉවත් කළ යුතු ය.

    තෙරුවන් සරණයි!

    තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
    මිණිපුර අමා ශාන්ති තපෝවනය
    පැල්වාඩිය
    රත්නපුර
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නීතිය අතට ගත් අයවළුන්ද නිවැරදි මාවතට ගත යුතුය. ශ්‍රමණ වේශධාරියාව වහාම ශාසනයෙන් නෙරපා හැරිය යුතු ය.
    නීතිය අතට ගත්ත කියන්නේ , police එනකන් ඉන්නේ නැතුව හොරෙක් අල්ලන එක, හොරෙක්ව ගස් බඳින එක වගේ දේවල් .
    මේව නීති අතට ගැනීම් නෙමේ රටේ නීතිය කඩ කිරීම් , උන් අරූට බලෙන් මොනව හරි කරා නම් ඒ ගෑනු දෙන්නට ගැහුව වගේ නම් පොඩ්ඩක් හරි නීතිය අතට ගන්න හැදුව කියන්න පුළුවන් .
    මෙතන මුකුත් ඕන නැහැ ගෑනු දෙන්නට ගැහුවා නම් එකත් නීතිය කැඩීමක් කිසිම නීතිය අතට ගැනීමක් නැහැ,
    මෙතන තීන්නේ බරපතල ලිංගික අතවර කිරීම , ගෑනු දෙන්නට ගහපු පොන්නයෝ ටික උපරිම කාලෙකට ඇතුලට යවන්න ඕන .
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    නීතිය අතට ගත්ත කියන්නේ , police එනකන් ඉන්නේ නැතුව හොරෙක් අල්ලන එක, හොරෙක්ව ගස් බඳින එක වගේ දේවල් .
    මේව නීති අතට ගැනීම් නෙමේ රටේ නීතිය කඩ කිරීම් , උන් අරූට බලෙන් මොනව හරි කරා නම් ඒ ගෑනු දෙන්නට ගැහුව වගේ නම් පොඩ්ඩක් හරි නීතිය අතට ගන්න හැදුව කියන්න පුළුවන් .
    මෙතන මුකුත් ඕන නැහැ ගෑනු දෙන්නට ගැහුවා නම් එකත් නීතිය කැඩීමක් කිසිම නීතිය අතට ගැනීමක් නැහැ,
    මෙතන තීන්නේ බරපතල ලිංගික අතවර කිරීම , ගෑනු දෙන්නට ගහපු පොන්නයෝ ටික උපරිම කාලෙකට ඇතුලට යවන්න ඕන .
    Thanikarama lingika athawarayak ne kare un . aniwa athulata yawanna one.