ය.ප._මොණරය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    12346390_542662039217979_3493810115510060212_n.jpg


    රටක් මවිත කල යහපාලනයෙන් ලොවක් මවිත කරන හදුන්වා දීමක්.

    සියලු දෙනාටම මොටර් රථයක් ලබා දීමෙ යහපාලන ඡන්ද පොරොන්දුව සැබැවක් කරමින් ගරු පාටලී චම්පික රණවක මහතා විසින් හදුන්වා දෙන නව නිපැයුම. පෙට්‍ර්ල්, ඩීසල් හෝ විදුලි බලය අවශ්‍ය නොවන හුස්ම ගෙන පිට කරන වාත ස්වල්පය ඉන්ධන ලෙස ප්‍රයොජනයට ගෙන ධාවනය කල හැකි මෙම මෝටර් රථය 21ක්වන සිය වසයෙ විශිෂ්ටතම සොයා ගැනීම යැයි මාගෙ හැගිමයි.

    මෙහි ක්‍රීයාකාරිත්වය ගැන සදහන් කලොත් මිනිස් ස්වසනයෙන් ඔක්සිජන් වාතය ආශ්වාස කර ප්‍රාස්වාස කරන්නෙ කාබන්ඩයොක්සයිඩ් වායුවයි. මෙහි රියදුරුට කිරිමට තිබෙන්නෙ සිය අසුනට සම්බන්ද කර ඇති ප්ලෝයම නළය නාසයට සම්බන්ද කර ගැනීම පමණයි. ඉන් පසු ඔහු හුස්ම ගෙන පිට කරන කාබන්ඩයොක්සයිඩ් වායුව මෙම ප්ලෝයම නළය ඔස්සෙ එන්ජිමෙ රදවා ඇති ට්‍රාන්ස්ෆෝමරයකට ගෙන යයි. මෙහිදි ඔබ ප්‍රාස්වාස කර පිට කල කාබන්ඩයොක්සයිඩ් වායුව හයිඩ්‍ර්ජන් වායුව බවට පරිවර්තනය කරනු ලැබෙ. ඉන් පසු මෙම හයිඩ්‍රජන් වායුව තාප දාහකයකට සම්බන්ද කර දහනය කර ශක්තිය නිපද වන අතර මෙම ශක්තිය උපයෝගි කරගෙන මෝටර් රථය ක්‍රීයා කෙරෙ.

    මෙම වාහනයෙ උපත ගැන සොයා බැලු මා මෙය ජනවාරි 9 වෙනි දින දක්වා දිව යන බව සොයා ගත්තා. ජනාධිපති ලෙස දිව්රුම් දීමෙන් පසු අති ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් එතුමාට සහය පල කල හිත මිත්‍රාදීන් අරලිය ගහ මැදුරේදී හමු උනා. එහිදි එතුමා

    "යාලුවනෙ. අපි මේ රටෙ විප්ලවයක් කලා. දැන් අපි ඒ රට හදන්න ඕන. හොරකම් කරන්න එපා. දූෂණය නාස්තිය එපා. අඩුම තරමෙ හුස්ම අරන් පිට කරන වාත පොද පවා ප්‍රයොජනවත් වැඩකට යොදා ගන්න" යැයි කියා සිය මිතුරන්ට උපදෙස් දුන්නා. ගරු අමාත්‍ය පාටලී ට මේ හුස්ම අරන් පිට කරපු වාතයෙන් දුවන මෝටර් රථය ගැන අදහස පැමින තිබෙන්නෙ මෙම කතාව ඇසුවාට පසුවයි. මේ පිලිබදව එතුමා ගරු අගමැති රනිල් මැතිතුමා දැනුවත් කල විට එතුමා පවසා ඇත්තෙ

    "හොදයි පාටලි, එහෙනම් අපි පංචවිද ප්‍රතිපත්තිය තුලින් වැස්සෙ තෙමි තෙමි ස්කූටි වලින් වැඩට යන සෑම පවුලකටම මෙම මෝටර් රථයක් ලබා දෙමු" කියා යි. එසෙ පොරොන්දු වු අගමැති තුමා මේ පිලිබදව කැබිනට් අමාත්‍ය ගරු අකිල විරාජ් මහතා දැනුවත් කලෙ තමන් ගේ බිරිදට වඩා ‍එතුමා ප්‍රිය කරන අකිල හා එතුමා අතර කිසිදු රහසක් නොමැති නිසා. මේ අදහස අසා ප්‍රිතියෙන් ඉපිල යන අකිල විරාජ් පවසන්නෙ

    "නියමයිනේ සර්, අපි මේ වාහනෙ හදන එක වොල්ක්ස් වැගන් කොම්පැනියට භාර දෙමු. කුරුණැගල වොල්ක්ස් වැගන් ෆැක්ටරියක් දාලා කුරුණැගල කොල්ලො කෙල්ලොන්ට රස්සා දෙන්නත් පුලුවන්. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. යනුවෙන් පවසා ඔහු හිනා උනා. ගල යන වචනය අසා ගරු අගමැතිතුමාටත් හිනාව නවතා ගැනිමට නොහැකි උනා. ඉන් පසුව රාත්‍රී සාදයකදි අකිල විරාජ් ඇමතිතුමන්ට මුණ ගැසෙන්නෙ රවි කරුණානායක මුදල් ඇමතිතුමා. මේ රහස ගැන අකිලගෙන් දැන ගන්නා රවි

    " මාරයිනෙ අකිල, මේ වැඩෙ නම් බොහොම හොදයි. මේකෙන් රටත් දියුණු වෙයි, මම අයවැයෙන් වාහන වලට ලොකු බද්ධක් ගහන්නම්. හයිබ්‍රීඩ් , ඉලෙක්ට්‍රෝනික් කාර් වලටත් මේ බද්ධ ගහලා හයිඩ්‍ර්ජන් කාර් විතරක් බද්ධෙන් නිදහස් කරන්නම්. යැයි කියා පොරොන්දු උනා

    මෙලෙස යහපාලන රජයෙ සියලුම දෙනාගෙ ආශීර්වාදයෙන් හා උපකාරයෙන් හෙට දින සැබැවක් වීමට යන "යප මොණරය" (යහ පාලන මොණරය) හෙට දින මුලු ලොවටම පුදුමයක් වේවි. දුප්පත් යාචකයාට පවා මෝටර් රථයකින් ගොස් හිගමනෙ යෙදිය හැකි වතාවරණයක් හෙට අපේ රටෙ ඇති වේවි. නලුවන් පලවා හැර මොල කරුවන් රජ වු පසු වෙනස එයයි.

    කරුණු නොදැන යහපාලන රජයට මඩ ගැසු සියලුම දෙනාට පෙනෙන්න හැකිතාක් SHARE කරන්න

    ඉස්සුවේ මෙතනින්..