රංගේ බණ්ඩාරගේ නිවස ගිනි ගනී
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි, පාලිත රංගේ බණ්ඩාර මහතාට අයත් හලාවත මාදම්පේ පිහිටි නිවස ගින්නට හසුවීම සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.
ඒ අනුව රජයේ රස පරීක්ෂක නලධාරීන් අද එම ස්ථානය පරීක්ෂා කිරීමට නියමිතය.
එහිදී මෙය ගිනි ගැනීමක් ද, ගිනි තැබීමක් ද යන්න පිළිබද නිශ්චිතව කරුණු අනාවරණය කර ගත හැකි බව පොලීසිය පැවසීය.
ඊයේ රාත්‍රි 8 පමණ ඇතිවු ගින්නෙන් මන්ත්‍රිවරයාගේ නිවසට දැඩි අලාභහානි සිදුවී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ප්‍රකාශ කළේ, ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මාදම්පේ පොලීසිය මැදිහත්වී ගින්න නිවාදැමූ බවය.
පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාර්යාලය පිහිටා තිබුණේ ද , පාලිත රංගේ බණ්ඩාර මහතාට අයත් එම නිවසේය.