එක කාරණයක් නෙමෙයි. එකක් උන්ට ෆන්ඩ් කරනවා පල්ලියෙන්. තියන උන් නැති උන්ව බලාගන්නවා. බිස්නස් වලට හෙල්ප් කරනවා. එකමුතුයි. තමන්ගේ එකෙක්ට කෙල උනොත් දේශපාලනයක් නැ.. දැන් බලහන් ඊයේ එරෝසන් කියන එකා දාපු ත්‍රෙඩ් එක. ඌ එක දේශපාලනය කළා. නමුත් මුස්ලිම් උන් පොහොට්ටු කාරයොත් ඊයේ සද්ද නැ කටුගස්තොට. උනුත් උන්ගේ උන්ට සපෝට්.
මචන්.. උබ කියන සමහර දේවල් හරි තමයි.. නමුත් වැරදිත් තියෙනවා...
ඒ තමයි මුස්ලිම් පල්ලිය ගන උඹලා දරන මතය..
මුස්ලිම් පල්ලිය කියන්නේ කිසිම දෙයක් ෆන්ඩ් කරන තැනක් නෙවෙයි..
ඒක තනිකරම පස්වේල ප්‍රේ කරන්න විතරක්ම හදපු බිල්ඩිමක් විතරමයි...
ඒකේ මුස්ලිම් මිනිස්සු දවසට පස්වේලක් එකතුවෙලා ප්‍රේ කරලා ඊලඟ විනාඩියේ පිටවෙලා යනවා..
සිකුරාදට වෙනදා නැති සෙනගක් පල්ලිඋඅට යන්නේ ඒක උත්සවයක් විදියට තියෙන නිසයි..
ඒ දවසේ පල්ලියේ දෙශනය උබ ඇහුවොත් තේරෙයි කියන්නේ මොනවද කියලා..
එක්කෝ දන් දෙන එකේ මහිමය ගැනයි.. පස්වේල පල්ලියට ගිහිල ප්‍රේ කරන්න කියන එකයි...
බොන්න එපා... මෙන්න මේවගේ සිංහල ගෙදරකට බනට හාමදුරු නමක් වඩම්මවල උන් වහනසේ දෙසන බනම වගේ තමයි... සමහරු ඒකත් ලාස්ට් මූමන්ට් එකේ ඇවිල්ලා අහන්නේ අන්තිම කොටස.. සමහරු ඒකත් නෑ.. දේශනයෙන් පස්සේ කරන ප්‍රෙය් එකට විතරයි එන්නේ... සමහරු අවිල්ලා මුල්ලක්, බිත්තියක් අල්ලලා නිදි... ඔන්න ඔහොම දේවල් මචන් ලන්කාවේ ඕනම පල්ලියකට ප්‍රීප්ලෑන් කරන්නේ නතිව සඩන්ලි ගිහිල්ලා බලපන් තේරෙයි.. ඉස්ලාම් ආගම පල්ලිය කියන කන්සප්ට් එක ගෙනල්ල තියෙන්නේ එකමුතුවෙල එක තැන සෙට් වෙන එකටයි...
"පල්ලිය" කියන වචනේ ක්‍රිස්තියානි පල්ලිය කියන එක වගේ නිසා හැමෝම හිතන්නේ පල්ලියෙන් මුස්ලිම් අයට ආධාර, අනුබල දෙන්නේ කියලා.. පල්ලියට සල්ලි එකතු කරන්නේ ගමේ මුස්ලිම් අයගෙන් සහ මුස්ලිම් කඩවල් වලින්.. ඒක කරන්නේ පල්ලියේ බලාගන්න කෙනා... එයාම තමයි ලවුඩ් ස්පීකර් එකේ "අzසාන්" කියන්නේ පල්ලියට පිරිසිදු කරන වැඩ බලාගන්න වැඩ කරන්නේ...
පල්ලියේ ඉමාම් කියන පුද්ගලයා මවුලවි කෙනෙක් තමයි ප්‍රේ කරන එක ලීඩ් කරන්නේ එච්චරයි.. ඒක බලා ගන්න පුලුව්න හොරෙන් හරි කාලයක් පල්ලියක් ඇතුලේ වෙන්නේ මොනවද කියන එක ෆොලෝ කලා නම්...
පල්ලිවල ඉමාම්ලට සහ "මුඅzස්zසින් "ලට පඩි ගෙවන්නේ ඒ ඒ ගමේ පල්ලියේ ට්‍රස්ටිබෝඩ් එකෙන්.
ඉතිං මුස්ලිම් අය හැම අවුරුද්දේම අනිවාර්යෙයෙන්ම තමන්ගේ මුස්ලිම් සහෝදර දුප්පත් අයට තමන්ගේ මුලු දේපලින් % 2.5ක බද්දක් ගෙවන්න ඕනේ.. ඒක තම තමන්ටම දෙන්න පුලුවන්... ඒ කියන්නේ මගේ %2.5 බද්ද මමම ගිහිල්ලා දුප්පත් කෙනෙකුට දෙන්න පුලුවන්.. කැමතිනම් කට්ටියක් සෙට් වෙලා සල්ලි එකතු කරලා ගමේ හොඳම දුප්පතාට දීලා ඒ ක්නාට ආදායම් මාර්ගයක් ඇති කරලා දෙන්න උනත් පුලුවන්.. ඒකේ පරමාර්ථේ ඊලඟ අවුරුද්දේ ඒ කෙනා වෙන කෙනෙකුට %2.5ක් ගෙවන්න පුලුවන්කම ඇති කරන එකයි...
පොදුවේ අනිත් එකාට කෙලවන්න බලාගෙන බිස්නස් කරන එක ඉරිසියා කරන එක වගේ දේවල් මුස්ලිම් අය අතරේ නැතුව නෙවෙයි...