රගර් ක්‍රීඩකයාගේ මරණය ස්වභාවික අනතුරක් න

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    රගර් ක්‍රීඩකයාගේ මරණය ස්වභාවික අනතුරක් න

    රගර් ක්‍රීඩකයාගේ මරණය ස්වභාවික අනතුරක් නොවේ - පරීක්ෂණ සී.අයි.ඩීයට දෙයි

    ආන්දෝලනයට තුඩුදුන් දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන්ගේ මරණය ස්වභාවික අනතුරකින් සිදුවූ මරණයක් නොවන බව තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

    අදාළ මරණය සැකසහිත බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයෙන් ඉවත්කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේ පොලිස්පතිවරයා විසින් බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    2012 වසරේ මැයි මස 17 වන දින ස්වකීය මෝටර් රථය සමගින් වසීම් තාජුදීන් දැවී ජීවිතක්ෂයට පත්ව තිබුණු බවත්, එය රිය අනතුරක් විය හැකි බවත් එවක මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

    කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙම මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරුවලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගතව ඇති බවයි.

    මේ පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින (2015-02-12)එකී වාර්තාව ලබාදී ඇතත් එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව යයි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


    - http://sinhala.adaderana.lk/news.php?nid=49607