රජකුමරු අනුහසින් පියඹන්න තටු ලබන ෂරියා න&#3539

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රජකුමරු අනුහසින් පියඹන්න තටු ලබන ෂරියා න&#3539

    රජකුමරු අනුහසින් පියඹන්න තටු ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි සමනලියෝ


    image_da22e750f8.jpg


    සමනලියකට ජීවිතයේ බරක් පතලක් නොදැනෙනවා විය හැකිය. සැහැල්ලු ජීවිතය සමනල ජීවිතයකට සම කරන්නේ ඒ නිසාය. එහෙත් සමනලිය සිටින්නේ කූඩුවක නම්, රජ මැදුරක වුවද ඇයට එය සිරගෙදරකි. නිදහස දෙවැනි වෙන්නේ නිරෝගී සුවයට පමණකැයි කියති. කෙතරම් සැප සම්පත් තිබුණද නිදහස සීමා වී නම්, එතැන නිදහස සොයා පියඹා යාමට ඇති නැඹුරුව වැඩිය.
    image_827308ce5b.jpg

    විසල් මැදුරු තුළ ධන ආඪ්‍ය සෞදි කාන්තාව විඳින සැප සම්පත් පිළිබඳව අපේ බොහෝ දෙනෙකුට අලුතින් කිවයුතු නැත. එහෙත් ඉස්ලාමීය ෂරීයා රෙගුලාසි යටතේ පාලනය වෙන ඇයගේ ජීවිතය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ නිර්වචන කෙරෙන නිදහසින් තොරය. කාන්තා නිදහස හා සම අයිතිවාසිකම් පතා විප්ලවීය වාතාවරණයක් මෙතෙක් නිර්මාණය නොවූව ද, වැඩි නිදහසක් භුක්ති විඳීමේ සිහිනය සෞදි කාන්තාව තුළ නැතුවාම යැයි කිව නොහැකිය.


    සමාජ කාන්තා නියෝජනය වැඩිම මැද පෙරදිග රට සෞදි අරාබියයි. එහි සෑම පිරිමින් සියයකටම කාන්තාවෝ හැත්තෑ හතර දෙනෙකි. කටාර් රාජ්‍යයේ සෑම පිරිමි සියයකටම කාන්තාවෝ විස්සකි. අරාබි එමීර් රාජ්‍යයේ පිරිමි සියයකට කාන්තාවෝ තිස් හතකි. 2017 මුල් කාර්තුවේ දී කරන ලද සමීක්ෂණයකට අනුව සෞදි උපාධිධාරිණියන්ගේ සංඛ්‍යාව එහි උපාධිධාරීන්ගේ සංඛ්‍යාව ඉක්මවා යයි. මෙම බුද්ධිමත් පිරිස රටේ ආර්ථික හා සාමාජයීය සංවර්ධනය සඳහා දායක කරගැනීමට දැන් එරට පාලනය කරන රජතුමාට අවශ්‍යව ඇත.
    මන්දගාමීවල එක්තරා රාමුවක් තුළ වුවද, සෞදි කාන්තාව දැන් ලබමින් සිටින නිදහස මානව හා කාන්තා නිදහස සහ සම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර ආයතන පවා මවිතයට පත්කිරීමට සමත්ව ඇත. සෞදි කාන්තා සීමා බන්ධන ලිහිල් කිරීම එරට ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මාන් කුමරුගේ උපදෙස් මත සිදුවෙතැයි ප‍්‍රකාශ වේ.


    සෞදි කාන්තාව සඳහා බල පැවැත්වූ නීති රීති ලිහිල් වීමේ මූලාරම්භය ලෙස 2015 වසරේ දී නගර සභා මැතිවරණ සඳහා අපේක්ෂකයන් ලෙස කාන්තාවන්ට ඉදිරිපත් වීමට දෙන ලද නිදහස ද, නගරසභා ඡන්ද බලය ද ගෙනහැර පෑ හැකිය.

    සෞදි රජතුමාගේ නියමය පරිදි, 2018 ජුනි මාසයේ සිට ක‍්‍රියාත්මක වෙන ලෙස සෞදි කාන්තාවට රිය පැදවීමේ නිදහස ද ලැබී ඇත. දැනටමත් විදේශික උපදේශිකාවන් විසින් කාන්තා රිය පැදවීමේ පුහුණු පාසල් කීපයක් සෞදි අරාබියේ ප‍්‍රධාන නගර කීපයක ආරම්භ කර ඇත.

    මෙම ජනවාරි මස දොළොස් වැනිදා ජෙඩාහි ‘‘ලෙ මෝල්’’ වෙළෙඳ සංකීර්ණයේ දී ප‍්‍රථම වරට පැවැත්වුණු කාන්තාවන් සඳහා මෝටර් රථ ප‍්‍රදර්ශනය නැරඹීමට කාන්තාවෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. මෙහි ප‍්‍රදර්ශනය වූ කාන්තාවන් සඳහාම නිපදවූ මෝටර් රථ සමග සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට සෞදි කාන්තාවෝ මහත් ලැදියාවක් දැක්වූ බව ප‍්‍රදර්ශන සංවිධාකයකයෝ පවසති.
    image_b0794ab669.jpg


    ව්‍යාපාරයක් ඇරඹීමට හා පවත්වාගෙන යාමට සෞදි කාන්තාවට තිබුණු තහංචි ඉවත්වීමත් සමගම, ඇය ව්‍යාපාර කෙරෙහි ද නැඹුරු වෙමින් සිටී. ජෙඩා සිට දමාන් දක්වා ඇති අධිවේගී මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් විවෘත්ත කර පවත්වාගෙන යන මෙර්වට් බුකාරි, තනිව ව්‍යාපාරයක් ඇරඹූ ප‍්‍රථම සෞදි කාන්තාව ලෙස එරට ඉතිහාසයට එක්වෙනු ඇත. සංචාරක ව්‍යාපාරය වෙත ද සෞදි කාන්තාව යොමු වෙමින් සිටින බවට ආරංචි ලැබෙමින් ඇත. සෞදි කාන්තාවගේ සංචාරක ව්‍යාපාරකරණ දායකත්වය මක්කම හා මෙඩීනා සුද්ධභූමි වෙත වන්දනා ගමන් සංවිධානය හා, වන්දනා නඩ මගපෙන්වීමට පමණක් ආරම්භයේ දී සීමා වෙනු ඇත.

    පසුගිය වසරේ 2017 ඔක්තෝබර් මස 29 වැනිදා සල්මාන් රජතුමා විසින් දෙන ලද අවසරයකට අනුව සෞදි කාන්තා නිදහසේ තවත් මං සළකුණක් සටහන් කරමින්, පසුගිය ජනවාරි දොළොස් වැනිදා සෞදි කාන්තාවෝ පාපන්දු තරගයක් නැරඹීම සඳහා රියාද්හි කිංග් ෆාඩ් ගෘහස්ථ කී‍්‍රඩාංගණයට ප‍්‍රවේශ වූහ.

    මේ වසරේ මොස්කව් හි පැවැත්වෙන ලෝක පාපන්දු ශුරතා තරගාවලිය ආරම්භ කරමින් තරග බිමට බැසීමට නියමිතව සිටින්නේ රුසියානු සහ සෞදි අරාබි පාපන්දු කණ්ඩායම් දෙකය. මෙම දෙපිල අතර තරගය ජුනි මස දහ හතර වැනිදා පැවැත්වීමට නියමිතය. සෞදි පාපන්දු කණ්ඩායම ධෛර්යමත් කිරීම සඳහා කාන්තා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණ සහිතව, 2018 ලෝක පාපන්දු කුසලාන ලාංඡනය සහිත කාන්තා ටීෂර්ට් විශේෂ වට්ටමක් යටතේ දැනටමත් සෞදි වෙළෙඳපොළට නිකුත් කර ඇත.
    image_b852dabbc3.jpg

    තානාපති ක්‍ෂේත‍්‍රයේ දොරටු ද සෞදි කාන්තාවට විවෘත්ත කිරීමට සල්මාන් රජතුමා ගෙන ඇති තීරණයට අනුව, ඇමෙරිකාවේ වොෂින්ටන්හි සෞදි ආරාබි තානාපති කාර්යාලයේ මාධ්‍ය ප‍්‍රකාශක තනතුර 2017 වසරේ සිට දරනු ලබන්නේ ෆාතිමා බේෂෙන් විසිනි. ඇය ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියකි. සෞදි රාජ්‍ය පරිපාලන ක්‍ෂේත‍්‍රයට ඇතුළත් වූ ප‍්‍රථම කාන්තාව ලෙස ඇය වාර්තාගත වේ. ෆාතිමා බේෂෙන් ලෝක බැංකුවේ මූල්‍යමය කටයුතු උපදේශිකාවක ලෙස ද කටයුතු කරයි.


    සෞදි අරාබිය නවීකරණය කිරීමට ලැදියාවක් දක්වන ඔටුන්න හිමි කුමරා වන මොහමඩ් බින් සල්මාන් ගේ උපදෙස් මත පිය රජු විසින් සෞදි කාන්තාවට මදින් මද වුවද දෙනු ලබන නිදහස, නිසි ලෙස භුක්තිවිඳීමේ වගකීම ඇය වෙතම පැවරෙනු ඇත. කූඩුවේ සිරවී සිට තටු ලද විගස ඉබාගාතේ පියඹා යාමට ඇය උත්සහ කළහොත් තටු සිඳී ඇය යළි බිම ඇද වැටෙනු නොඅනුමානය. ස්ලාමීය ෂරීයා නීතිය සෞදි කාන්තාව නිදහස භුක්ති විඳින ආකාරය දෙස ඇසි පිය නොහෙළා බලා සිටී. අවශ්‍යතාවක් වුවහොත් වහාම මැදිහත්වීමට ෂරීයා නීතිය පසුබට නොවෙනු ඇත.

    සෞදියේ සල්මාන් රජතුමා සහ ඔටුන්න හිමි කුමරු ද, සෞදි තරැණියක්ද , මෝටර් රථ ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි කාන්තාවක් ද, ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ පාපන්දු තරගය නැරඹූ සෞදි කාන්තාවන් පිරිසක් ද ඡායාරූපයන්ගෙන් දැක්වේ.

    ගැස්කොන් ලාසරස්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යේමන්ව්ලට ගහන්න ගිහින් උකාගෙන ඉන්නේ මොහමඩ් බින් සල්මාන්