මතක තියාගනිල්ලා කවද හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කළාට පස්සේ. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දූ දරුවන්ටත් උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක් එපා කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත් එකයි කියලා උන් කියාවි. එහෙම කියලා උන් පන්සලේ වටේ කෝවිල් පල්ලි හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකම් බලා ඉන්නවා. ඉපදෙන්න ඉන්න දියසේනලා උපන් තිඹිරිගෙයිම මරා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා