රජතුමාගේ බිසව...

mazerunner

Member
Dec 12, 2014
191
43
0
34
maze land
රජතුමාගේ බිසව...

රජතුමාගේ බිසව...
අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය.


දිනක් රජතුමා අන්දරේට කතාකොට


රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”


අන්දරේ ඊට එකඟ විය.


මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රාජකීය මුලුතැන් ගෙට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.


ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.


“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.


“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.


ඒක තමයි අන්දරේ, ඔය කොයි …භාජනෙත්…….. එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය
.