රජයෙන් ණයට කමු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    රජයෙන් ණයට කමු

    රජයෙන් හැම දේම නොමිලේ අරං, අන්තිමට රජයටම බනිනව ලෝකෙට ණයයි කියල.. :lol:
    දැං බලපල්ල අපි පාවිච්චි කරන බඩු වලට යන කරන්ට් එක දෙන්ඩ, රජය කොච්චර පාඩුවක් දරාගෙනද ඒක කරන්නෙ කියල..
    දුම්රිය සේවය, බස් සේවය, නල ජලය, පාරවල් කාපට් කරන්ඩ, පාලම් බෝක්කු හදන්ඩ....
    නොමිලේ රෝහල් බෙහෙත් හේත්...
     
    • Like
    Reactions: blood_brotha

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රජයෙන් හැම දේම නොමිලේ අරං, අන්තිමට රජයටම බනිනව ලෝකෙට ණයයි කියල.. :lol:
    දැං බලපල්ල අපි පාවිච්චි කරන බඩු වලට යන කරන්ට් එක දෙන්ඩ, රජය කොච්චර පාඩුවක් දරාගෙනද ඒක කරන්නෙ කියල..
    දුම්රිය සේවය, බස් සේවය, නල ජලය, පාරවල් කාපට් කරන්ඩ, පාලම් බෝක්කු හදන්ඩ....
    නොමිලේ රෝහල් බෙහෙත් හේත්...

    :lol::lol::lol::lol::lol:

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නය සාකච්ඡාවට පෙර ශ‍්‍රී ලංකා රජය බදු ඉහල දැමීම නිවේදනය කරයි

    • පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් රටෙහි අයවැය හිඟය අඩු කිරීමට බදු ඉහල දැමීමක් ශ‍්‍රී ලංකාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ නිවේදනය කලේය. කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන තත්වයන්ට තදබල ලෙස පහර වැදෙන මෙම වැඩපිලිවෙල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) උපදෙස් මත ක‍්‍රියාත්මක කල බව පෙනේ. ගෙවුම් ශේෂ හිඟයේ අර්බුදයක් වලක්වා ගැනීමට ආන්ඩුව විසින් ඉල්ලා ඇති එක්සත් ජනපද (එජ) ඩොලර් බිලියන 1.5 ක නය මුදල ගැන සාකච්ඡා කිරීමට ජාමූඅ කන්ඩායම මේ මාසයේ කොලඹට පැමිනීමට නියමිතය.

    • වික‍්‍රමසිංහගේ මූලික යෝජනාව වූයේ අගය මත එකතු කල බද්ද (වැට්) සියයට 11 සිට සියයට 15 දක්වා ඉහල දැමීමය. මෙ මගින් සියලූ භාන්ඩ හා සේවා මිල ගනන් උග‍්‍ර ලෙස ඉහල දැමෙනු ඇත.

    • විරෝධය වෙනතක හැරවීමේ උත්සාහයක යෙදෙමින්, මෙම මිල ඉහල දැමීම් අත්‍යාවශ්‍ය භාන්ඩ මත නොයෙදෙන බව අගමැති ප‍්‍රකාශ කලේය. විදුලි සංදේශ හා පුද්ගලික අධ්‍යපන ආයතන හැරුනු කොට, වෙනත් නිදහස් කිරීම් සඳහන් කිරීමට ඔහු අසමත් විය. ශ‍්‍රී ලංකාවේ සමස්ත බදු ආදායමෙන් සියයට 80 ක් ම දැනටමත් ලැබෙන්නේ දුප්පතුන්ට තද බල ලෙස පහර වැදෙන වක‍්‍ර බදු වලිනි.

    • අනෙකුත් වැඩපිලිවෙලවල් වන්නේ ජාතිය ගොඩ නැගීමේ බද්ද (එන්බීටී) සියයට 2 හි පවත්වා ගැනීමත් ව්‍යාපාර වැඩි ප‍්‍රමානයක් බදු දැලට ඇතුලත් කර ගැනීමට බදු සීමාව රුපියල් මිලියන 3.75 (එජ ඩො 25,950) සිට රුපියල් මිලියන 3 දක්වා අඩු කිරීමත් ය. එන්බීටී ය ව්‍යාපාර විසින් ගෙවිය යුතු වුවත් ඇත්තටම එය ගෙවන්නේ පාරිභෝගිකයාය.

    • ගිය වසරේ අයවැයෙහිදී සියයට 15 ට අඩුකරන බවට පොරොන්දු වූ ආයතනික නොවන හා ආයතනික ආදායම් බදු තව වසරක් සඳහා සියයට 17.5 හිම තබනු ඇත. "ධනපතියන්” මත බද්දක් පනවන බවට පරිහාසාත්මකව ප‍්‍රකාශ කරමින්, ප‍්‍රාග්ධන ඉපැයීම් බද්දක් ගැන අගමැති පාර්ලිමේන්තුවේදී පැවසුවේය. කෙසේවෙතත්, එය කවර ප‍්‍රතිශතයක්දැයි ඔහු කීවේ නැත.

    • බදු වැඩපිලිවෙල මගින් අයවැය හිඟය දල දේශිය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 5.9 සිට සියයට 5.4 දක්වා අඩු කරන බව වික‍්‍රමසිංහ පැවසීය. සත්‍යය නම් හිඟය සියයට 0.5 කින් අඩු කිරීමට, ආන්ඩුව රාජ්‍ය වියදම් වල දැවැන්ත කප්පාදු ක‍්‍රියාත්මක කල යුතුය. තවදුරටත්, 2020 වනවිට හිඟය සියයට 3.5 තෙක් අඩු කිරීමට ජාමූඅ ට අවශ්‍ය වී තිබේ. 2017 දී බදු ක‍්‍රමයේ වැඩිදුර වෙනස්කම් සඳහා ජාමූඅ සමග තව දුරටත් සාකච්ඡා කෙරෙන බව වික‍්‍රමසිංහ පැවසීය.

    • විශේෂ ආර්ථික ප‍්‍රකාශය සම්පාදනය හා ඉදිරිපත්කිරීම කරනු ලැබූ අන්දම ජාමූඅ හි මැදිහත්වීම පෙන්නුම් කෙරනවා පමනක් නොව මෙම සත්‍යය වසන් කිරීමට ආන්ඩුව ගන්නා අශිෂ්ට උත්සාහය ද පෙන්වා දුනි.

    • ආන්ඩුවේ ප‍්‍රකාශනයට පදනම් වුන ලියවිල්ලක් මුදල් ඇමති රවි කරුනානායක විසින් මාර්තු 2 දා කැබිනට් රැස්වීමට ඉදිරිපත් කලේය. කෙසේවුවද, එහි අඩංගු දේ ජාමූඅ ට සමාන කමක් දක්වන බවත් විරුද්ධවාදීන් ආන්ඩුව ජාමූඅ හි පදයට නටන බවට චෝදනා කරනු ඇති බවත් කියමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එම කැබිනට් පත‍්‍රය විවේචනය කලේය.

    • එම ලියවිල්ලේ සියලූ පිටපත් එකතු කරන ලෙසත් කැබිනට් සාමාජිකයන්ට එහි අන්තර්ගතය හෙලි නොකරන ලෙසත් සිරිසේන විධාන කල බව කොලඹ පලකරන සන්ඬේ ටයිම්ස් පත‍්‍රය වාර්තා කලේය. "ගෝලීය ආර්ථික පසුබැස්ම ශ‍්‍රී ලංකා ආර්ථිකය මත ඇතිකරන බලපෑම අවමකිරීම” මැයෙන් පිටු නවයක ලියවිල්ලක් ලෙස මාර්තු 4 දා වික‍්‍රමසිංහ එම යෝජනාම ඉදිරිපත් කලේය.

    • පාර්ලිමේන්තුවේ තම ප‍්‍රකාශය තුලදී, වික‍්‍රමසිංහ ශ‍්‍රී ලංකාවේ නය ගැටලූවට පසුගිය රාජපක්ෂ ආන්ඩුවට හා ගෝලීය ආර්ථික අර්බුදයට දෝෂාරෝපනය කලේය. රාජපක්ෂ ශ‍්‍රී ලංකාව "නය උගුලක” හිර කර ඇති බව ඔහු පැවසීය.

    • 2015 අවසන් වන විට සමස්ථ රාජ්‍ය නය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් ගන්නා ලද නයද ඇතුලත්ව, රුපියල් ටි‍්‍රලියන 9.5 ක් (ඩො බිලියන 65.6) හෝ දදේනි යෙන් සියයට 75 ක් පමන බව වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කලේය. 2016 සඳහා ශ‍්‍රී ලංකාවේ නය සේවා ගෙවීම් රුපියල් බිලියන 1,209 ට ඉහල ගොස් තිබෙන බව ඔහු පැවසීය.

    • චීනයේ හා රුසියාවේ ආර්ථික පසුබැස්ම හා උත්සන්න වන මැද පෙරදිග භූ-දේශපාලන අර්බුදය තේ අපනයනයට, සංචාරක කර්මාන්තයට හා පිටරට රැකියා කරන්නන්ගේ මුදල් එවීම් මත බලපෑම් ඇති කරන බව අගමැති පැවසීය. එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහල යෑම හා යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත්වීමේ හැකියාව ආර්ථිකය මත බලපෑ හැකි අතර ලාබ පොලී අනුපාත මත නය ලබා ගැනීම අපහසු කරවනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

    • වැඩෙන නය බර සම්බන්ධව වික‍්‍රමසිංහගේ අදහස් කුහකය. නය අර්බුදය හුදෙක් රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රථිපලයක් නොවේ. එය ගෝලීය ක‍්‍රියාවලියකින් දිවෙන අතර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය 30 අවුරුදු යුද්ධයට දිගටම පැවති ශ‍්‍රී ලංකා ආන්ඩු විසින් වැය කල ඉහල ගිය යුද වියදම් අයත්වේ.

    • රජයේ නව බදු හා වියදම් කප්පාදු වැඩපිලිවෙල ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ සෘජු විධානයන් මතින් වර්ධනය කරන ලද තීරනයන්ය.

    • "අපි මෙම අර්බුද වාතාවරනය ජාමූඅ කලමනාකරන අධ්‍යක්ෂ ක‍්‍රිස්ටීන් ලගාඞ්, ආර්ථික විශේෂඥයන් වන ජෝර්ජ් සෝරොස්, ජෝෂප් ස්ටිග්ලිට්ස්, හා රිකාඩෝ හවුස්මන් සමග සාකච්ඡා කල අතර ඔවුන්ගේ උපදෙස්වලට කන් දුන්නෙමු. ලෝක ආර්ථික තත්වය ගැන අනාවැකි පලකිරීම ඉතා අසීරු බව ඔවුන්ගේ මතය වූ අතර වියදම් ගැන උපරිම සැලකිල්ලක් දක්වමින් ජාතික ආදායම ඉහල නැංවීම සඳහා වැඩි බරක් යොදවන ලෙස අපට අවවාද කලහ” යි වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පිලිගත්තේය.

    • යුරෝපීය බැංකු හා ජාමූඅ ග‍්‍රීසියේදී ඉල්ලා සිටි අන්දමටම, රැකියා, වැටුප් හා සියලූ සමාජ ජයග‍්‍රහන කප්පාදු කරමින් කම්කරු පන්තිය හා පීඩිත මහ ජනතාව දුගී බවට හෙලීම මෙම "උපදෙසේ” ද තේරුමයි.

    • ජාමූඅ ඇප නය මුදල ලබාගැනීමට කොලඹ ආන්ඩුව බොහෝ උනන්දුය. පසුගිය වසර මුලදී සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනි විගසම ඔවුහු ජාමූ අරමුදලෙන් මුදල් ඉල්ලා සිටියහ. කොලඹ ආන්ඩුව අයවැය ඉලක්ක සපුරා නොමැති බවත් රාජ්‍ය අංශය ප‍්‍රතිව්‍යුහගත කිරීමට හා පුද්ගලීකරනයට අපොහොසත් වී ඇති බවත් කියමින් ජාමූඅ විසින් එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන ලදී.

    • කෙසේවෙතත්, ශ‍්‍රී ලංකා රුපියලෙහි විනිමය අනුපාතය තීරනය කිරීමේ මහ බැංකු මැදිහත්වීම අත්හැරීම ඇතුලත්, ජාමූඅ හි සමහර ඉල්ලීම්, ඉටු කර තිබුනි. මේ හේතුවෙන්, සිරිසේන ආන්ඩුව බලය ගැනීමේ සිට, රුපියලෙහි අගය සියයට 10 කට වැඩියෙන් අවප‍්‍රමාන වී තිබේ.

    • 2015 දෙසැම්බරයෙන් අවසන් වූ මාස 10 තුල අපනයන ආදායම සියයට 18.7 ක නාටකාකාරී අගයකින් පහල ගියේය. රටෙහි සමස්ත අපනයනයෙන් සියයට 50 කට ආසන්න වන රෙදිපිලි හා නිමි ඇඳුම් අපනයන, පිලිවෙලින් තුන්වන මාසික ඇදවැටීම සනිටුහන් කරමින්, දෙසැම්බරයේදී සියයට 12.8 කින් පහල ගියේය.

      දෙවන විශාලතම අපනයනය වන තේ, ගිය වසරේ දෙසැම්බර් හා සැසඳීමේදී, මුලූමනින්ම සියයට 25 කින් ඇදවැටුනි. ඛනිජ තෙල් ආනයනයේ දැවැන්ත පහලයාම තිබියදීත්, 2014 හා 2015 සඳහා රටෙහි වෙලඳ හිඟය තවමත් ඩො. බිලියන 8 කට වැඩිය.

    • ප‍්‍රධාන වශයෙන්ම මැද පෙරදිගින් එන, කම්කරුවන්ගේ ඉතිරිකිරීම්වල කඩා වැටීම ආර්ථිකයට එල්ල කෙරුනු තවත් පහරක් විය. ගිය වසරේ ඩො බිලියන 7 ක් පැවති මෙම ඉතිරිකිරීම්, 2015 දී ඩො බිලියන 6.9 කට අඩු වු අතර, එම අඩුවීම සියයට 0.5 ක් විය.

    • ෆිච් රේටින්ස්, පෙබරවාරි 29 දා, ශ‍්‍රී ලංකාව ඊඊ- සිට ඊ+ දක්වා තත්වයෙන් පහත හෙලූ අතර එය ආයෝජන තත්වයේ සිට මට්ටම් තුනක පහලයාමකි. තවදුරටත් එය පහල යා හැකි බවට යෝජනා කරමින් බිහිදැක්ම (outlook) පහල මට්ටමට එනම් "සෘනාත්මක” තත්වයට මාරු කර තිබේ. ඉදිරියේදී එලඹීමට නියමිත දැවැන්ත නය ආපසු ගෙවීම් හා දේශීය රාජ්‍ය බැඳුම්කර මිලදී ගැනීමට ආයෝජකයන්ගේ කැමැත්තේ පහල යාමත් සැලකිල්ලට ගෙන ඉහලයන ප‍්‍රති-මූල්‍යකරනයේ අවදානම ද ඇතුලත් වූ තම තීරනය සඳහා වූ හේතු කිහිපයක් ෆිච් පෙන්නා දුන්නේය. ශ‍්‍රී ලංකාවේ වර්තමාන විදේශ විනිමය සංචිත මාස 2.9 ක බාහිර ගෙවීම් සඳහා පමනක් සෑහෙන බවට ෆිච් ඇස්තමේන්තු කලේය.

    • මෙය හුදෙක් එක් ආයතනයක අදහස යැයි පවසමින්, මුදල් ඇමති රවි කරුනානායක හා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ෆිච්ගේ මෙම පහල දැමීම කෝපසහගතව ප‍්‍රතික්ෂේප කලහ. කෙසේවුවද, ශ‍්‍රී ලංකාව ඊ1 ස්ථායී අනුපාතයක රඳවා ගෙන සිටින, මූඞීස් වර්ගීකරන ආයතනය, ජාමූඅ න් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් නය ලබාගැනීමේ ආන්ඩුවේ උත්සාහය හෙලිකරන්නේ "බාහිර සිද්ධි අවදානමකට ශ‍්‍රී ලංකාවේ නය-ඍනාත්මක” බව යැයි පැවසීය.

    • ශ‍්‍රී ලංකාවේ රේට්ටුව පහල යාම හා බදු නිවේදනය මේ සතියේ කොලඹ කොටස් වෙලඳපාලෙහි තවදුරටත් නාය යාමක් පෙන්නුම් කලේය. මාස 27 කදී පහලම අගය පෙන්නුම් කරමින් කොටස් මිල ගනන් බදාදා සියයට 2 කින් ඇද වැටුනේය.

    • "රජය විසින් කරන ලද මෑතකාලීන බදු පැනවීමත් සමග වෙලඳපොල පහල යනු ඇති අතර එමගින් පෙන්නුම් කෙරෙන්නේ ආර්ථිකය හැකිලී යනු ඇති බවත් ප‍්‍රධාන සමාගම්වල වර්ධන වේගය අඩුවන අතර කොටස් මිලගනන් මත යටිකුරු පීඩනයක් එල්ල වනු ඇති බවත්යැ”යි ඒෂියා සෙක්‍යුරිටීස් ස්ටොක්බ්‍රෝකර්ස් ආයතනයේ ජ්‍යෙෂ්ට උපදේශක මිෆ්ලාල් ෆාරුක් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කලේය.
    • වික‍්‍රමසිංහගේ ආර්ථික ප‍්‍රකාශනය පෙන්නුම් කරන්නේ ආර්ථිකය ප‍්‍රපාතයක් මත පවතින අතර ආන්ඩුව කම්කරු පන්තියේ හා දුගීන්ගේ රැකියා, වැටුප් හා අනෙකුත් සමාජ අයිතීන් මතට වඩා රුදුරු ප‍්‍රහාරයන් සූදානම් කරන බවයි.

    http://www.wsws.org/sinhala/2016/2016mar/imfl-19m.html
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    සොහොන;19974923 said:
    :lol::lol::lol::lol::lol:

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නය සාකච්ඡාවට පෙර ශ‍්‍රී ලංකා රජය බදු ඉහල දැමීම නිවේදනය කරයි

    රනිල් වික්‍රමසිංහ නෙමේ ඔක්කොම කෑවෙ.. අපි තමා රටේ ජනතාව හැටියට ණයට කන්නෙ.. ඒක තේරුම් ගනින් ඉස්සෙල්ල..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එතකොට බදු කියල එකක් ගහන්නෙ මොකටද මචන් ආන්ඩුවෙණ්??:P:rofl::)
    හැබැයි කොහොම උනත් මේ ආන්ඩුව ගසා කන ආන්ඩුවක් නෙමෙයි කලින් ආන්ඩුව වගේ.......:yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    එතකොට බදු කියල එකක් ගහන්නෙ මොකටද මචන් ආන්ඩුවෙණ්??:P:rofl::)
    හැබැයි කොහොම උනත් මේ ආන්ඩුව ගසා කන ආන්ඩුවක් නෙමෙයි කලින් ආන්ඩුව වගේ.......:yes::yes:

    නෑ මචං පක්ෂ බේදයක් නෑ මේ මාතෘකාවට..
    මේ සිද්ධිය අපි ජනතාවක් හැටියට පිලිගන්ඩ ඕන..
     
    බදු කමක් නෑ මචං.. අපිට වියදං කරන්ඩ රජයට පිටරවලින් ණයත් ගන්ඩ වෙනව.. ඒකයි මම කියන්නෙ..
    අනික බදු ගහන්ඩ ඕන, තියෙන එකාගෙන් අරං නැති එකාට දීල සමානාත්මතාවයක් ඇති කරන්ඩ..
    අද ඒක වෙන්නෙ නෑ..
    බදු වලින් බේරෙන්ඩ mossack fonseca එකේ තමා සල්ලි දාන්නෙ :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නෑ මචං පක්ෂ බේදයක් නෑ මේ මාතෘකාවට..
    මේ සිද්ධිය අපි ජනතාවක් හැටියට පිලිගන්ඩ ඕන..

    අනිවා ඔව් මචන්.මගෙත් ඔය ලොකු පක්ෂ සීන් නෑ.ඒත් මට වත්මන් ජනාදිපතිතුමා ගැන ලොකු පැහදීමක් තියෙනව.මොකද මිනිහගෙ ලොකු සීන් නැති නිසා.ඔය රාජපක්ෂලගෙ වගේ ඒකාදිපති,ධනපතිවාදී ආකල්ප මිනිහගෙ නැති එකම ලොකු දෙයක්නෙ.රාජපක්ෂ ආන්ඩුවෙන් මේ රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කලේ නිකන් ඒගොල්ලන්ගෙ පුද්ගලික බූදලේ වගේ.මිනිස්සු දැන් මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන කෑගැහුවට ආපහු රාජපක්ෂ බලේට අවයින් පස්සෙ බලපන්කො වෙන දේ........
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අනිවා ඔව් මචන්.මගෙත් ඔය ලොකු පක්ෂ සීන් නෑ.ඒත් මට වත්මන් ජනාදිපතිතුමා ගැන ලොකු පැහදීමක් තියෙනව.මොකද මිනිහගෙ ලොකු සීන් නැති නිසා.ඔය රාජපක්ෂලගෙ වගේ ඒකාදිපති,ධනපතිවාදී ආකල්ප මිනිහගෙ නැති එකම ලොකු දෙයක්නෙ.රාජපක්ෂ ආන්ඩුවෙන් මේ රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කලේ නිකන් ඒගොල්ලන්ගෙ පුද්ගලික බූදලේ වගේ.මිනිස්සු දැන් මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන කෑගැහුවට ආපහු රාජපක්ෂ බලේට අවයින් පස්සෙ බලපන්කො වෙන දේ........

    අන්න අන්න එහෙම කතා කරන්න එපා මහත්තයා....:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෑ මචං පක්ෂ බේදයක් නෑ මේ මාතෘකාවට..
    මේ සිද්ධිය අපි ජනතාවක් හැටියට පිලිගන්ඩ ඕන..

    :lol: මේ මුසල කාලකන්නි අවජාතකයෝ පැනමා පේපර්ස් වල ඩොලර් කොටි ගහන් හංගන් පිට රට කොම්පැනි වලින් ශේයාර්ස් අරන් කොටි ගාණන් දේපල තියන් ලෝර්ඩ් ෆකිර්ලා වගේ ඉද්දි අපි විතරක් හන්දියේ කඩෙන් පාන් රාත්තලක් අරන් රැට කන්න ඕනෙද :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඇත්ත ඒක නිසා ආණ්ඩුවෙන් දෙන සියලු සහන කැපිය යුතුය, අධයාපන රොහල් මාර්ග ආරක්ශක නල ජලය බස් බොක්කු ,ඇයි රාජ්ය සේවය ඔය ඔක්කොටම ආණ්ඩුව දරන වියදම අයින් කරල රටේ මිනිස්සුන්ට සල්ලි දිල ගන්ඩ කියුවනම් මල් හතට හරියනව,:yes::yes:

    ඒ උනාට නිකන් කන්ඩ හම්බෙයි කියල චන්දෙ දුන්න අයත් ඉන්නව, මතකනෙ මහින්ද ගෙදර යවපු 62 ලක්ශයක චන්ද දායකයො කියුවෙ බඩු ගනන් වැඩි කන්ඩ නැ කියලනෙ දැන් ලාබ වෙලා ඇති, ඒක වෙනම කතාවක්. මම නම් අදහසට එකගයි, උබේ විදිහ හොදයි , ඔක්කොම විකුනමු,:cool::cool:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දැන් ඉන්න රජෙයන් ඉතින් ඔ්ව ෙමානවත් කරන්ෙන නැති නිසා ණය ෙවන්න විදිහකුත් නෑ මම හිතන්ෙන :rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා ඔව් මචන්.මගෙත් ඔය ලොකු පක්ෂ සීන් නෑ.ඒත් මට වත්මන් ජනාදිපතිතුමා ගැන ලොකු පැහදීමක් තියෙනව.මොකද මිනිහගෙ ලොකු සීන් නැති නිසා.ඔය රාජපක්ෂලගෙ වගේ ඒකාදිපති,ධනපතිවාදී ආකල්ප මිනිහගෙ නැති එකම ලොකු දෙයක්නෙ.රාජපක්ෂ ආන්ඩුවෙන් මේ රටේ සම්පත් අයුතු විදිහට පාවිච්චි කලේ නිකන් ඒගොල්ලන්ගෙ පුද්ගලික බූදලේ වගේ.මිනිස්සු දැන් මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන කෑගැහුවට ආපහු රාජපක්ෂ බලේට අවයින් පස්සෙ බලපන්කො වෙන දේ........
    අනේද කියන්නෙ පත්තරේ බලාගෙන රට පාලනේ කරන, මොකක් හරි උනාම දන්නෙ නැ කියන, ලයිට් ගියාම හිරිගිතයක් නැතුව කරුවලේ සහතික බෙද, කෙහෙල් කොලේ කන ජනාධිපති, මහින්දට වඩා හොදයි නේන්නම්. පේන් නැද්ද සoවර්ධනය දොරේ ගලන ගැලිල්ල,වී කිලො එක 18යි හාල් කිලො එක 98 යි පට්ට සරල ජනාධිපති, එහෙම ඒකේ මහින්ද ආයෙ බලේට නොගෙනායුතුයි.:yes::cool:
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනේද කියන්නෙ පත්තරේ බලාගෙන රට පාලනේ කරන, මොකක් හරි උනාම දන්නෙ නැ කියන, ලයිට් ගියාම හිරිගිතයක් නැතුව කරුවලේ සහතික බෙද, කෙහෙල් කොලේ කන ජනාධිපති, මහින්දට වඩා හොදයි නේන්නම්. පේන් නැද්ද සoවර්ධනය දොරේ ගලන ගැලිල්ල,වී කිලො එක 18යි හාල් කිලො එක 98 යි පට්ට සරල ජනාධිපති, එහෙම ඒකේ මහින්ද ආයෙ බලේට නොගෙනායුතුයි.:yes::cool:

    :lol:ithin bn saralai kiyanne ekai.newa gilunath ban choon.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    බදු කමක් නෑ මචං.. අපිට වියදං කරන්ඩ රජයට පිටරවලින් ණයත් ගන්ඩ වෙනව.. ඒකයි මම කියන්නෙ..
    අනික බදු ගහන්ඩ ඕන, තියෙන එකාගෙන් අරං නැති එකාට දීල සමානාත්මතාවයක් ඇති කරන්ඩ..
    අද ඒක වෙන්නෙ නෑ..
    බදු වලින් බේරෙන්ඩ mossack fonseca එකේ තමා සල්ලි දාන්නෙ :lol:

    Thiyena ekaagen aran nathi ekaata? Robin hood wageda naththal seeya wageda? :P :lol: Oke aththa kathawa pothak pathak kiyoola balapan :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඒක ඇත්ත ඒක නිසා ආණ්ඩුවෙන් දෙන සියලු සහන කැපිය යුතුය, අධයාපන රොහල් මාර්ග ආරක්ශක නල ජලය බස් බොක්කු ,ඇයි රාජ්ය සේවය ඔය ඔක්කොටම ආණ්ඩුව දරන වියදම අයින් කරල රටේ මිනිස්සුන්ට සල්ලි දිල ගන්ඩ කියුවනම් මල් හතට හරියනව,:yes::yes:

    ඒ උනාට නිකන් කන්ඩ හම්බෙයි කියල චන්දෙ දුන්න අයත් ඉන්නව, මතකනෙ මහින්ද ගෙදර යවපු 62 ලක්ශයක චන්ද දායකයො කියුවෙ බඩු ගනන් වැඩි කන්ඩ නැ කියලනෙ දැන් ලාබ වෙලා ඇති, ඒක වෙනම කතාවක්. මම නම් අදහසට එකගයි, උබේ විදිහ හොදයි , ඔක්කොම විකුනමු,:cool::cool:

    එතකොට බදු ගහන්නෙත් නෑනෙ බං.. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Thiyena ekaagen aran nathi ekaata? Robin hood wageda naththal seeya wageda? :P :lol: Oke aththa kathawa pothak pathak kiyoola balapan :rofl:

    :lol: ඒක ඉතිං එහෙම තමා
    එහෙනං ඉතිං රටකට රජයක් ඕනෙත් නෑ..
    අපිට ඒ කාලෙ උගන්නල තියෙනව නේ, රජයක කාර්ය භාරය මොකක්ද කියල

    පොහොසත් මිනිහගෙන් වැඩි පුර බදු ගන්ඩ විදියක් නැත්තං, මේ බදු ක්‍රමෙන් වෙන්නෙ අපෙන් අරං අපිටම දෙන එක තමා.. තව ඕනෙනං පිටරටිනුත් ණයට කන්ඩ පුලුවන්...