රජයේ වියදම සැලසුම් කළ ඉලක්කද ඉක්මවා යයි
රජයේ වියදම සැලසුම් කළ ඉලක්කද ඉක්මවා යයි
වසරේ මුල් මාස හත තුළදී (2010 ජුලි වනවිට) ඉලක්ක කර තිබූ රාජ්‍ය ආදායමට වඩා සිදුකිරීමට සැලසුම් කර තිබූ වියදම් වැඩිවී තිබෙන බව රජයේ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවේ.
මුල් මාස හත තුළදී රජයේ ආදායම් 23.4% ක් වන අතර එය රුපියල් බිලියන 425 කි. මෙහිදී ජනතාවගෙන් එකතු කළ බදු ආදායම රුපියල් බිලියන 372.4 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනේ.
මේ වසරේ අයවැය ඉලක්ක අභිබවා යමින්, එදිනෙදා කටයුතු සඳහා කරන වර්තන වියදම් ප්‍රමාණය වසරේ මුල් මාස හත තුළදී 9% කින් පමණ ඉහළ ගොස් ඇති අතර එම වියදම්වල වටිනාකම රුපියල් බිලියන 550.4 කි. පසුගිය ජුනි මාසය වනවිට වර්තන වියදම් වැඩිවීම 5.5% කි.
මේ වසරේ මුල් මාස හත තුළ රජයේ ආදායම් හා එදිනෙදා කරන වියදම් අතර වෙනස වන අයවැයේ ජංගම ගිණුමේ හිඟය පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 22% කින් වැඩිවී තිබෙන අතර එම හිඟය රුපියල් බිලියන 125.4 ක් වේ.
පසුගිය වසරේ 3.3% ක් වූ දළ දේශීය නිෂ්පාදනය මේ වසරේ මුල් මාස හත තුළ 2.2% දක්වා අඩු වී ඇත.
මේ කාලයේදී ප්‍රාග්ධන වියදම් 2.7% කින් වැඩිවී ඇති අතර එය රුපියල් බිලියන 146.6 ක් වී ඇත.
LT