JVP එකට කඩේ යන එවුන්ට හෙන හතම පාත් වෙනවා මේ කරන අපර වලට
නවකවදය
======
1975 වර්ෂයේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලැබූ 22 හැවිරිදි රූපා රත්නසීලී ගේ යෝනියට ඉටිපන්දමක් ඇතුල් කර දුන් නවක වදය ඉවසාගත නොහැකිව ඇය ඉන් ගැලවීම පිණිස නේවාසිකාගාර දෙවන මහලින් (රාමනාදන් ශාලාව) බිමට පැනීම නිසා අබාධිත තත්වයට පත්වූවාය. 1997 වර්ෂයේදී, රූපා සිය පාදයන්ට ඇති වූ ආබාධ නිසා හටගත් සිත් තැවුල් හා කරදර හේතුවෙන් සිය දිවි නසා ගත්තාය.
1993 වසරේදී, රුහුණ විශ්වවිද්‍යාලයේ චමින්ද පුංචිහේවා සිසුවා නවක වදයට ගොදුරු වීම නිසා මරණයට පත්විය.
1993 වසරේදී, අඟුණුකොලපැලැස්ස කෘෂී පාසලෙහි සිදු කෙරුණු නවක වදය සිදුවීමක් හේතුවෙන් ප්‍රසංග නිරෝශන නම් හක්මණ සිට පැමිණි සිසුවෙකු මරණයට පත්විය.
1997 වසරේදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වදය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය.
1997 වසරේදී රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක නවක වදයේ ප්‍රතිඵලයක් ලෙස සිය දිවි නසා ගන්නා ලදී.
1997 වසරේදී, අම්පාර හාඩි තාක්ෂණික ආයතනයෙහි පළමු වසරේ සිසුවෙකු වූ කැලුම් තුෂාර විජේතුංග, දැඩි වෙහෙසකර ව්‍යායාම කිරීමට සහ අධිමාත්‍ර මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු වීම නිසා ඇතිවූ වකුගඩු අක්‍රීය වීමක් හේතුවෙන් මරණයට පත්විය.
2002 වර්ෂයේදී නවක වදයට එරෙහි ව්‍යාපාරයකට මුල පිරූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සමන්ත විතානගේ සිසුවා නවක වදය සම්බන්ධ රැස්වීමක් අතරතුරදී ඝාතනයට ලක්විය.
2011 වර්ෂයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රය සහ සමාජ විද්‍යාවට සම්බන්ධ සිසුවියකගේ කකුලක් විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවෙහි සිදුකළ නවක වදය සිද්ධියක් අතරතුර අර්ධ අඩපණ තත්වයකට පත්විය.
2020 මාර්තු 5 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසිඳු සිසුවාගේ හිසට ට්‍රැක්ටර් රථයක රෝදයක් අතහැරීම නිසා ඔහු බරපතළ ලෙස ආබාධිත විය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අමානුෂික නවක වදය පවත්වාගෙන යමින් පරපීඩක වින්දනයක් ලබන මානසික රෝගී, ලේ පිපාසිත, රතු තක්කඩි කල්ලි කවුදැයි කියා රටම හඳුනයි. කියුබාවේ, වෙනිසියුලාවේ හෝ ඇමරිකාවේ මනුෂ්‍ය ඝාතනයක් සිදු වූ විට ඔවුන්ට සාදාරණය ඉල්ලා මෙරට පාරට බහින්නේ ද මේ ලේ පිපාසිත රතු කල්ලියම වීමේ උභතෝකෝටිකය සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට නම් කාල් මාක්ස් ගේ දාස් කැපිටාල් ග්‍රන්ථය 108 වරක් කියවූව ද ප්‍රමාණවත් නොවේ.
==================
සොනාල ගුණවර්ධන
නවකවදය
======
==================
සොනාල ගුණවර්ධන