රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,502
    113
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක


    රජයේ රෝහල් සියල්ලේම හෙට (25) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමත් සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව සඳහන් වේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිධ භාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ද, වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සම්පූර්ණයෙන් පාහේ බිඳ වැටී ඇති බවය.

    මේ නිසා රට පුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවදානමකට මුහුණ පා තිබෙන අතර අනිත් රෝහල්වලත් වෛද්‍යවරුන් හිඟ වීම හරහා යම් ඒකකවල කටයුතු අඩාල වීමේ අවදාමනක් මතුව ව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළැඹෙන්නේ වැටුප්, දීමනා හෝ පහසුකම් ඉල්ලීම් කරමින් නොවන බවත් ලංකාවේ රෝහල් සමූහයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳවැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට බල කරමින් බවත් එම නිවේදනයේ දැක්වේ.

    ජනතාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින මොහොතක පවතින රජය යටතේ පාලනය වන යම් රාජ්‍ය මාධ්‍ය විසින් වගකීම් විරහිත ලෙස මඩ ප්‍රචාර සහ ජනතාව නොමඟ යවන සුලු ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම නිවේදනයේ පෙන්වා දී ඇත.

    එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලිපි ශීර්ෂය නීති විරෝධි ලෙස භාවිතා කරමින් සහ ලේකම්තුමාගේ අත්සන අවභාවිතා කරමින් කුඨ ලේඛන සකසා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවය.

    එම නීතිවිරෝධි ක්‍රියාවන් සහ අවභාවිතාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටත්, මේ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වන බවද වාර්තා වේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ගොමා බේසිගෙ පුතාලත් මේදා පාර තමයි මට්ටු වෙන්නේ
     
    • Haha
    Reactions: silent one

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල් සෑර්ට හෙට වතුර උගුරක් වත් දෙන්නේ කවුද එතකොට?
     
    • Wow
    Reactions: lilman

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    :ROFLMAO: :ROFLMAO:


    XbyGVQs.png

    RprRlJf.png

    ------ Post added on Aug 24, 2025 at 5:27 PM


    හොස්පිටල් එකේ ඩිරා පිස්සුවක් කරලා තියෙන්නේ ...
    ------ Post added on Aug 24, 2025 at 5:28 PM

    එහෙනම් වැඩ වර්ජන කරන්න දෙයක් නෑ නේ

    විමර්ශනයෙන් ඔප්පු වෙලා නිදහස් වෙයි නේ

    පිස්සොයි දොස්තරයි දෙන්නම කලබල උනාම අවුල් ඉතින් 😄
     
    • Like
    Reactions: dinu09 and ttj

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    එහෙනම් වැඩ වර්ජන කරන්න දෙයක් නෑ නේ

    විමර්ශනයෙන් ඔප්පු වෙලා නිදහස් වෙයි නේ

    පිස්සොයි දොස්තරයි දෙන්නම කලබල උනාම අවුල් ඉතින් 😄
    ඕකේ ඩොකල දිගටම ඩිරා එක්ක වලි දන්නා විදියට .. මේක අවස්ථාවක් කරගත්තා .. මොකක් උනාද දන්නේ නෑ හැබැයි .
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,781
    1,955
    113
    Galle
    කොහොමත් දොස්තරලා පොඩ්ඩක් සලිත වෙලා ඉන්නේ.. IRD එකෙන් private hospital පනින සීන් එකක් තියේ... හුගක් ඒවයි අහුවෙල ඩොකාගේ කීමට ඒවා වෙනස් කරා කියලා...
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕකේ ඩොකල දිගටම ඩිරා එක්ක වලි දන්නා විදියට .. මේක අවස්ථාවක් කරගත්තා .. මොකක් උනාද දන්නේ නෑ හැබැයි .
    Director වෙන්නෙත් ඩොකෙක්ම නේද?

    වෙන උන්ට director වෙන්න බැරි වෙන්න අනිත් එකෙක්ට වත් හරි ගමන් degree එකක් කරන්න දෙන්නෙත් නෑ නේද?
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    ඉතිහාසෙ පලවෙනි වතාවටද කොහෙද ජනතාව වෙනුවෙන් කැක්කුමක් පහළ වෙලා වර්ජනය කරන්නෙ.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    උනුත් දන්නවා ප්‍රභූ දේශපාලුවන්ට වදින්න යද්දි ඊගාවට ශොට් එක උන්ට හම්බ වෙන්නෙ වෙන්නෙ කියලා
     
    • Like
    Reactions: Jihadi john

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    අන්න ඒක නවත්තලලු බන්. මේ දවස වල මූසල නිවුස් තමයි එක දිගට එන්නෙ.