ඉන්ධන මිල ඉහල දැමූ කසකස්තාන රජය ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස්වෙයි!
කසක්ස්තාන ජනාධිපති කාසිම් ජොමාර්ට් ටොකයේව් විසින් එරට රජයේ ඉල්ලා අස්වීම භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට ඉන්ධන මිල පසුගියදා ඉහළ දැමුණු අතර ඉන්පසුව රට පුරා උද්ඝෝෂණ ඇරඹිණි.
එම උද්ඝෝෂණ හේතුවෙන් පොලිස් නිලධාරීන් 100දෙනෙක් පමණ තුවාල ලබා තිබේ.
උද්ඝෝෂකයින් සහ පොලීසිය අතර අද දිනයේත් එරට ප්‍රධාන නගරවල ගැටුම් ඇතිවුණු බව වාර්තා විය.
ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා හඳුන්වා දී තිබු මිල පාලනය නව වසර උදාවත් සමග ඉවත් කිරීමට එරට රජය තීරණය කළේය.
නමුත් ඊට එරට ජනතාව දැඩි විරෝධයක් දැක්වීය.
ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ඉතා අඩුව පැවතීම හේතුවෙන් එරට බොහෝ මෝටර් රථ හිමියන් තම වාහන LPG භාවිත කළ හැකි පරිදි වෙනස්කර තිබුණි.
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැඩි විරෝධයක් දක්වන්නේ එබැවිනි.