රජුට අපහාස කළ කතක් ප්‍රසිද්ධියේ සමාව ගනී

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රජුට අපහාස කළ කතක් ප්‍රසිද්ධියේ සමාව ගනී

    භූමිබෝල් රජුට අපහාස කළ කතක් ප්‍රසිද්ධියේ සමාව ගනී

    අභාවප්‍රාප්ත භූමිබෝල් අදුල්යාදේජ් රජුට අපහාස වන ආකාරයෙන් අන්තර්ජාලය තුළ අදහස් ප්‍රකාශ කළ තායිලන්ත කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රජුගේ ඡායාරූපය ඉදිරියේ වැඳ ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සලස්වා තිබුණි.

    එරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රකට දූපතක් වූ කෝහ් සාමූයි හිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, ඇයට මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ සමාව ගැන්වීමට සලස්වන විට විශාල පිරිසක් පොලීසිය ඉදිරිපිට රැස්ව සිටි බවද විදෙස් වාර්තා පවසයි.

    වසර 70ක කාලයක් තායිලන්තයේ රාජ්‍යත්වය දරා පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූ භූමිබෝල් රජු එරට ජනතාවගේ හදවත දිනාගත් චරිතයකි. මේ නිසාම, රජුට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන් ඉතා අල්ප වන අතර, එවැනි අදහස් ප්‍රකාශ කිරීමක් කලාතුරකින් තිබුණද, ඊට එරෙහිව ජනතාව නැගී සිටින ආකාරයද දැකිය හැකිය.

    මෙසේ අත්අඩංගුවට පත් කාන්තාව 43 හැවිරිදි උමාපෝර්න් සරාසාත් ලෙස හඳුනාගෙන ඇත. ඇය කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් බවත්, ඇය අන්තර්ජාලය තුළ රජුට අපහාස කිරීම මෙසේ දඬුවම් ලැබීමට හේතුව බවත් පොලීසිය පැවසීය.

    එහිදී, දිස්ත්‍රික් පොලිස් ප්‍රධානියා මෙම අවස්ථාවේ රැස්ව සිටි විශාල පිරිස අමතමින් පවසා සිටියේ, "අපට හැකි උපරිම අයුරින් මේ සිදුවීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා. ඔබේ හැඟීම් මට තේරුම් ගැනීමට පුළුවන්. ඔබ දහස් ගණනින් මේ ස්ථානයේ රැස්ව සිටින්නේ රජුට ඇති ආදරය නිසයි. කණස්සලු වෙන්න එපා. මම දිව්රා කියනවා" යනුවෙනි.


    1_Thai(4).jpg


    2(2680).jpg


    3(1613).jpg


    4(922).jpg


    5.jpeg

    Link
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජනතා ප්‍රසාදය වැඩියෙන් තියනවා කියන්නෙ වැඩක් උනු මනුස්සයෙක් වෙන්න ඇති බන්.ඔනාම තැනක එක එක ආකල්ප තියන මිනිස්සු ඉන්නවා,එහෙම අදහස් ප්‍රකශ වෙද්දින් මෙහෙම කරන එකත් එක අතකට වැරදියි,මොකද මිනිස්සුන්ට තමන් කැමති ආකල්පයක් දරන්න අයිතියක් තියෙන්න ඔනා.බහුතරය කැමති උනා කියලා ඒක හංගන් ඉන්න කියන එක වැරදියි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කොච්චර හොඳ රජෙක් උනත් මිනිහෙක්ට විවේචන තියෙනවා නම් ඒවට සාවදානව අහුම්කම් දෙන්න ඕනේ. එතුමා මැරිලා නිසා හොයලා බලන එක රජතුමාගේ දූ දරුවන්ගේ යුතුකමක්. ඔය සමාව ගන්නේ හිතකින්ද බන්. බයටනේ. මරන බයටනේ. ඕන් බල්ලට ගිය ප්‍රජාතන්ත්‍රවාදය.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කොච්චර හොඳ රජෙක් උනත් මිනිහෙක්ට විවේචන තියෙනවා නම් ඒවට සාවදානව අහුම්කම් දෙන්න ඕනේ. එතුමා මැරිලා නිසා හොයලා බලන එක රජතුමාගේ දූ දරුවන්ගේ යුතුකමක්. ඔය සමාව ගන්නේ හිතකින්ද බන්. බයටනේ. මරන බයටනේ. ඕන් බල්ලට ගිය ප්‍රජාතන්ත්‍රවාදය.

    රජවරු ඉන්න කොට කොහෙද යකෝ ප්‍රජාචන්චවාදයක්? :lol:
    අපේ රටෙත් රජෙක් හිටියේ :cool:
     
    • Like
    Reactions: djjaya