රජ..කාලේ..ගොවි..බදු..ක්‍රම

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    රජ..කාලේ..ගොවි..බදු..ක්‍රම

    රජ කාලේ ගොවි බදු ක්‍රම

    ගම නමින් හඳුන්වනුයේ ගොවීන් පදිංචි ස්‌ථානයටයි. ගම යයි කී විට එක්‌ වරම මතකයට එන්නේ වෙල් යායකි. එදා ගමක්‌ කරවූයේ "ගමරාළ" හෝ ගම මහගේය. ගොඩ මඩ වී වගාවට එදා පැවති පාලන ක්‍රමය ඉතා විධිමත්ය. පංගුකාරයන්ට වගාවට දුන් හේන්වල මායිම් කෙටීමට "කළුදං කෙටීම" යයි කියති. හේන් කොටා දමා මායිම්වල හේන් කණු සිටුවති. "ආමර්" නමැත්තකු ලියූ උඩරට නීති රීති නම් ග්‍රන්ථයේ මිනිසාට අයත් නැති හෝ ගොවිතැන් නොකළ හෝ කැලෑ හා මුඩුබිම් රජුට අයිති බව පවසා ඇත.

    පැරණි ගොවි බදු ක්‍රම

    රටේ උපද්දන ධාන්‍යවලින් දහයෙන් පංගුවක්‌ රජයට දීම පෙරදිග රටවල සිරිත විය. පැරණි ග්‍රන්ථවල "සස්‌ස මේධය" යයිs කිය වෙන්නේ මෙයටය. "අසාරහ" නම් රජුට එම නාමය ලැබුණේ රාජ භාගය සියයට දහයක්‌ ගත් නිසා බව අටුවා වන්නි සඳහන්ය. බිම් අඳය ලෙස දහයෙන් පංගුව දුන් බව විනය පිටකයේද සඳහන්ය. පසුව එම බද්ද පහෙන් පංගුව විය.

    මඩරන් බද්ද

    මෙය රජයේ බිම් ප්‍රමාණයකට දුන් බව පෙනේ. වැසි දියෙන් වගා කළ කුඹුරුවලට පමණක්‌ අයකර ඇත.

    වලහන

    ගොයම් කපා පාගන අයට කුලිය ලෙස දුන් කොටස වලහනය. සමහර ගම්වල අදත් ගොයම් කපන අයට ගොයම් කොටසක්‌ම දෙනු ලැබේ. සමහරු කුරුණියෙන් මැන වී දෙති. අද කාලයේ නම් කුලිය ලෙස මුදල් දෙති. වී අගේ කරන අය වී ලබා ගනිති.

    සුවන්දිරම්

    සුවන්දිරම් ප්‍රමාණය සියයට හතළිස්‌ අටෙන් එකකි. මාතර පළාතේ දැනටත් පවතින ක්‍රමයකි.

    මහවර

    පන්සල් හා දාන ශාලාවලට දුන් වී බද්දයි. වී බදු අය කරන්නාගේ නිවසට "බද්දෙ ගෙදර" වී බද්දෙ ගෙදර වැනි නම් අදටත් භාවිතයේ පවතී. බද්දෙ රාළ නාමය අද පෙළපත් නාමයක්‌වී ඇති බව ද පෙනී යයි.

    ඉරවරිය

    මේ බද්ද සඳහා දෙනු ලබනුයේ හාල්, මී පැණි සහ දුංතෙල් ආදියයි. ඉරවරි යන්නෙන් බිම් බද්ද අදහස්‌ වෙයි.

    ඩතු

    නින්දගම් කඹුරු වගා කළ විට නින්දගම් කාරයාට ගෙවූ කුලිය "ඩතු" නම් විය.

    දකපතිය

    ජලය පරිහරණය කිරීම වෙනුවෙන් අය කළේ දකපති බද්දය. සඳු මුහුණු රජුගේ දේවිය ඉසුරුමුණියට මණිකාර ග්‍රාමයෙහි දකපතිය දුන් බව මහා වංශයෙහි සඳහන්ය.

    නිල පඬුරු

    වගා කළ ඉඩම් වෙනුවෙන් රජයට ගෙවන බදු මුදලකි.

    සලාරිස්‌

    වෙල් විදානේට දුන් කොටස මේ නමින් කියෑවේ. මේ බද්ද සියයට එකකි.

    බොජිනි පතිය

    වගා කළ හා පදිංචි ඉඩම්වලින් රජයට දුන් බද්දට බොජිනි පතිය යයි කියති.

    කත්හාල්

    රජ වාසලට ගෙන යන හාල් කදය.

    පඬුරුවත

    නිසරු කුඹුරු හිමියන් ගෙන් අය කළ බද්දකි. මෙය නිශ්ශංකමල්ල රජු විසින් ඉවත් කරන ලදී.

    බලිබත්

    බිලිසාල් ධාන්‍යවලින් දුන් බදු විශේෂයකි. රාජ්‍ය නිලධාරීන්ට දෙන ඇකුම් බලිබත යයි ද කියති.

    භාරමාරුව

    ඉඩමක්‌ වගාවට භාර ගැනීමේදී මුල් වරට දෙන මුදල භාර මාරුවයි.

    වී රේන්දය

    රේන්ද බද්දෙන් අය කළ වී ගබඩා කළ තැනට පත්තායම යයි හඳුන්වා තිබේ. පත්තායම යනු මලයාලි වචනයකි. මාතර පළාතේ පත්තායම තංගල්ලේ පිහිටුවා තිබුණේය. එහි ලේකම් ධුරය දරන්නා පත්තායමේ ලේකම් නමින් ප්‍රකට විය. ජාන්චිද සිල්වා සමරවීර ඔහුගේ නමය. මාතර යුගයේ ප්‍රකට කවියෙකි. ගජමන් නෝනා සමඟ පෙම් කවි ලීවේ ඔහුය. හෙතෙම ගෘංගාර රසයට බරවූ කවි ලියා ඇත.

    බොල් පසලාසය

    බොල් පොලා ලබා ගන්නා වියට වලහන නමින් කියයි. ශුද්ධ නොකළ කාටුව මලු ගණනින් වී අස්‌වැන්න අනුමාන කළ හැකිය. පන් කොළ වලින් එකල මලු ගොතන ලදී. අද ඒ ක්‍රමය නැත.

    පැල්දොර

    පැල්ලැගීම වෙනුවට ගෙවන කුලිය පැල්දොර නම් වේ. පැල් රකින කුඹුරු අද කාලයේ හිඟය. හේන්වල නම් ඇත. කැලෑ බද දෙණි කුඹුරුවලට වල් ඌරෝ එති. එනිසා පැල් සිටිය යුතුය. පැල්කවි කිය යුතුය.

    කරුව

    තම කෙතට ආරක්‌ෂාවට සහාය කරගන්නාට දෙන ධාන්‍ය කොටසයි දෙය්යන්නෙ වී.

    පාවරක්‌ පළමු කොටම මැනීමේදී වෙන් කරන වී ස්‌වල්ප යයි. අක්‌කියල් ලාභ නමින් හඳුන් වන්නේද මෙයයි.

    අතපැන් දිය

    අතමාරුව ගත් ධාන්‍ය කොටසයි. "ත්‍යාග යයි කියා දෙති" යනුවෙන් පූජාවලියෙහි මේ ගැන කදිමට විස්‌තර වෙයි.

    කටුමානතු පාගා ගත් ධාන්‍යවල ඉතිරිවන කුඩා රොඩ්ඩ ඉපළකින් ඉවත් කිරීමද දෙන ගතමනාවයි.

    අඳේ

    ගොවි බදු අයකර ගැනීමට එකල වගා ආරච්චිලා පත්කර තිබිණි. "වගාච්චි කන්ද" නමින් ප්‍රදේශයක්‌ මොරවක්‌කෝරළේ ගොරකවලට නුදුරුව පිහිටා තිබේ. අඳේට කුඹුරු වගා කිරීම අදත් ඇත. අනුන්ගේ කුඹුරක්‌ අල්ලාගෙන වැඩ කිරීම අඳ ක්‍රමයයි.

    වී වගා වගතුග

    සිංහල රජ සමයේදී බදුල්ල - රත්නපුර, කෑගල්ල වැනි පළාත්වල නින්දගම් පවරා තිබිණි. කුලීකරුවන් යොදා කුඹුරු වගා කරන ප්‍රදේශ ද ඇත. වී වගාවට ගොවි කුලයට පමණක්‌ සීමා නොවන්නකි.

    කුඹුරු රැසක්‌ ඇති නිසා වෙල්ලස්‌සය වෙල්ලස්‌ස වී ඇත. බද්දේගමට ඒ නාමය ලැබී ඇත්තේද බත් දෙන ගම අදහසින්ය. එකල වී ගබඩා කර තැබීමට වී අටු ද කොටුද වී පෙට්‌ටිද පැවතිණි. ලංකාතිලක විහාරයේදී විශාල වී පෙට්‌ටියක්‌ දැක ගැනීමට තිබිණි. ගොවියා මේ රටක බලේ බත අපේ ප්‍රධාන ආහාරයයි. සහල් අපගේ ජීවනයයි. බත් සපයන අත් බැබලේවි.




    අලපලාදෙණියේ
    සුමනදාස සිරිවර්ධන
    Divaina 29-05-2011
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    රටේ උපද්දන ධාන්‍යවලින් දහයෙන් පංගුවක්‌ රජයට දීම පෙරදිග රටවල සිරිත විය. පැරණි ග්‍රන්ථවල "සස්‌ස මේධය" යයිs කිය වෙන්නේ මෙයටය. "අසාරහ" නම් රජුට එම නාමය ලැබුණේ රාජ භාගය සියයට දහයක්‌ ගත් නිසා බව අටුවා වන්නි සඳහන්ය. බිම් අඳය ලෙස දහයෙන් පංගුව දුන් බව විනය පිටකයේද සඳහන්ය. පසුව එම බද්ද පහෙන් පංගුව විය.

    Lankawe minissu issarath 20% tax gewala thienawa, den wage thamai. :D

     
    Last edited: