රජ තුන් දෙනාට 80%යි ,හැටකට 20% යි
2012 අයවැය සඳහා මුදල් වෙන් කිරීමේදී ප‍්‍රාග්ධන හා පුනරාවර්තන වියදම්වලින් වැඩිම මුදල් ප‍්‍රමාණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන තිදෙනා විසින් අත්පත් කර ගැනීමට කටයුතු කර තිබේ.
ලබන වසරේ ආරක්‍ෂක වියදම රුපියල් කෝටි විසිදෙදහස් තුන්සීයයක් බවට දැනටමත් ප‍්‍රකාශ කර ඇති අතර, ප‍්‍රවාහන හා මහාමාර්ග සඳහා රුපියල් කෝටි දහනවදහස් අටසීයක් වෙන් කිරීමට යෝජිතය.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දිවි නැගුම ව්‍යාපෘතිය සඳහා පමණක් රුපියල් කෝටි හාරසිය හතළිහක් වෙන් කර ඇතැයි එම අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගියදා ප‍්‍රකාශ කළේය.
2011 වසරේ අයවැය ලේඛනයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ පැවැති වරාය, මහාමාර්ග, මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශ තුන සඳහා රුපියල් මිලියන දෙලක්‍ෂ තුන්දහස් තුන්සිය දහසයක් වෙන් කර තිබේ.
එහිදී ආරක්‍ෂක අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන දෙලක්‍ෂ පහළොස්දහස් දෙසිය දහනමයයි දශම හයකුත්, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන හැත්තෑපන්දහස් දෙසිය හැත්තෑවයි දශම පහකුත් වෙන් කර තිබිණි.
2012 වසරේ අයවැය ලේඛනය මගින් සෙසු අමාත්‍යංශ කිහිපයක් සඳහා වෙන් කරන මුදල් සඳහාද ව්‍යාපෘති හඳුන්වාදීම ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට ගැනීමට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
මෙම තත්ත්වය හමුවේ ඉදිරි අයවැය ලේඛනයෙන් වෙන් කරන මුදල්වලින් 75% ක් රාජපක්‍ෂ පවුලේ නියෝජිතයන් අතරට ගැනීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.