රජ දැක්ම

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේක මගේ යාලුවෙකුට වෙච්ච ඇත්තම සිද්දියක්. මෙයාම තමයි මම ලිව්ව අර ගෙදර මාරුවෙච්ච කතාවේ කතානායක තුමාත්. අපි මෙයට ආදරේට කියන්නේ ගුණ්ඩ කියල. මෙයාගේ ගම අරනායක. බැදලා ඉන්නේ පොළොන්නරුවෙන්. ඉතින් මෙයා කසාද බදින දවසේ අරනායක ඉදල පොළොන්නරුවට යන්න ඕනේ මනමාලි කැන්දන් එන්න. දුර ගමනක්නේ, ඊට හපන් මුල් ඇදුම (නිලමේ ඇදුම) පිටින් ඔච්චර දුර යන්න ගියාම එපා වෙනවනේ. ඕක ඇදපු කට්ටිය දන්නවා කොච්චර අමාරුද ඕක ඇදගන ඉන්න කියල. ඔන්න ඉතින් මෙයාල පාන්දරින පිටත් උනාලු පොළොන්නරු යන්න. දැන් දබුල්ලත් පාස් කරලා යනවලු. පැය දෙකක් විතර ඉදල මෙයට දැන් හරි අමරුයිලු චු බරක් හැදිලා. ඉවසගෙන ඉන්න බැරිම තැන කිව්වලු වාහනේ පොඩ්ඩක් නවත්තන්න කියල. මේක දැකල නෑදෑයෝ ආපු වාහනෙත් නවත්තල. දැන් මෙයාට චු කරන්න බැහැනේ කට්ටියට පෙන නිසා යන්තම් වටින් ගොඩින් එලිය වැටීගෙන එන වෙලාවනේ. ඊට හපන් අවයවේ මුල් ඇදුමෙන් එලියට ගන්න පුදුම අමරුවක්නේ තියෙන්නේ. ඉතින් මෙයා එතන තිබ්බ අතුරු පාරක් දිගේ චුට්ටක් පහලට ගිහිල්ල අමාරුවෙන් අවයවේ එලියට අරගෙන චු පාර දානකොට තමයිලු දැක්කේ පොඩි ගෙයක් තියනවා කියල ඉස්සරහම. ඒ මදිවට වයසක අම්ම කෙනෙක් ඉදලකුත් අරගෙන එනවලු මිදුලට. චු පාරේ සද්දෙට අර අම්ම එක පාරටම මෙයා දිහා බලල “බුදු අම්මෝ ” කියල ඉදලත් දල දුවනකොට ඇදගෙන වැටිලා. මෙයත් කලබල වෙලා ඇග පුරාම චු ගෙන දුවගෙන ආවලු වාහනේ ගාවට. ඊට පස්සේ වාහනේ හිටපු කට්ටිය සිද්දිය දැනගෙන ගිහින අර අම්මට මොකද බලන්න. එතකොට අම්ම කියනවලු ” මහත්තයෝ කරුවලේම රජෙක් හිටිය මම දිහා බලාගෙන එකයි මම බය උනේ කියල. ඔක්කොටම ඉල ඇදෙන්න හිනලු වැඩේට. අපි නම් කියන්නේ අවයවේ සියිස් එක දැකල තමයි අර ගෑනු කෙනා බය උනේ කියල. කොහොම හරි එදා මෙයා ගිහින් මනමාලි ගේනවා. පෝරුවේ ඉදගෙනත් හිනා යනවලු වැඩේට.

    http://www.thelastrow.net/2012/03/%E0%B6%BB%E0%B6%A2-%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8/
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උස්සපු එකක් බන්
    පට්ට හිනා හන්දයි දැම්මේ