රජ මගුලට යන ඈන් මේරි මැදිවක

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රජ මගුලට යන ඈන් මේරි මැදිවක

    රජ මගුලට යන ඈන් මේරි මැදිවක

    image_8dd6809284.jpg

    ලබන මාසයේදී පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකා ටෙලිනාට්‍ය නිළි මේගන් මාර්කල්ගේ රාජකීය විවාහ උත්සවය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මාධ්‍යවේදිනියකද තෝරා ගෙන ඇතැයි වාර්තාවේ.
    මෙලෙස සුදුසුකම් ලබා ඇත්තේ ඈන් මේරි මැදිවක නැමැති මාධ්‍යවේදිනියකි.ඇය කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සිදුකරන නිවේදිකාවද වේ.එසේම ඇය කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන බවද සදහන්ය.
    ඈන් මේරි මැදිවක ‘‘ 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව ‘‘නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලැබූ මාධ්‍යෙව්දිනියකි.
    1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඈන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් ඇති බවද සදහන්ය.
    තමාට අවුරුදු 18 ක් සපිරෙනවාත් සමග කැනඩාවේ තරුණයින් සම්බන්ධයෙන් වන වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා ඇය ක්‍රමක් ක්‍රමයෙන් තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනු ලැබුවාය.
    හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ වගකීම කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඈන් මේරි මැදිවක හට පැවරීමට ප්‍රධාන හේතුව ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරය බව වාර්තා වේ.
    ලබන මැයි මස 19 වනදා පවත්වන මෙම රාජකීය විවාහයට සියලුම කටයුතු මේවනවිට සූදානම් වෙමින් තිබෙන අතර එය ලන්ඩන් නුවර ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවැත්වේ.
    බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඇමෙරිකා ටෙලි නිළි මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවයට, සහභාගී වෙන්නැයි 12 හැවිරිදි බ්‍රිතාන්‍ය දැරියක වන අමීලියා තොම්සන්ට ඇරැයුම් ලැබී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. රාජකීය යුවල පසුගිය දා නිවේදනය කළේ විශේෂ අමුත්තන් ලෙස තෝරාගත් සාමාන්‍ය වැසියන් 1,200 දෙනකුට ඇරැයුම් කරන බවය. අමීලියා ද ඔවුන්ගෙන් කෙනකු වන බව පැවැසෙයි.
    දේශපාලනඥයන් කිසිවකු මංගල උත්සවයට ඇරැයුම් නොකිරීමට ද හැරී සහ මේගන් තීරණය කර ඇතැයිද වාර්තා වේ.
    ( තිළිණි ද සිල්වා )