රටක්‌ වැනසූ මිලිටරි ආඥාදායකයා

tintin4

Member
Dec 20, 2017
272
34
0
රටක්‌ වැනසූ මිලිටරි ආඥාදායකයා

උගන්ඩාවෙන් උගත හැකි පාඩම්...

ලොව විවිධ රටවල විටින් විට හමුදා පාලකයන් බිහිවුවද ඔවුන් අතරින් ලොව ප්‍රසිද්ධම චරිතයක්‌ වූයේ උගන්ඩාවේ ජනාධිපති ෆීල්ඩ් මාර්ෂල් ඉඩි අමීන්ය. 1971 වසරේ උගන්ඩාවේ ජනාධිපති මිල්ටන් ඔබොටේ බලයෙන් පහකර හමුදා කුමන්ත්‍රණයක්‌ මගින් එහි හමුදාපතිව සිටි මේජර් ජෙනරාල් ඉඩි අමීන් ජනාධිපති පදවියට පත්විය. මෙම හමුදා පාලනය ස්‌ථාපිත කිරීම පිණිස මුල් අවධියේදී මහා බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය හා දකුණු අප්‍රිකාව වැනි රටවල ආශිර්වාදය ලැබුණ අතර, පසුව නැගෙනහිර ජර්මනිය මෙන්ම සෝවියට්‌ දේශයෙන්ද ආධාර උපකාර ලැබිණි.

ඉඩි අමීන් 1946 වසරේ සොල්දාදුවකු ලෙස බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාවේ සේවයට බැඳුණු අතර, පසුව උසස්‌වීම් ලබා උගන්ඩා යුද හමුදාවේ හමුදාපති පදවියට පත්විය. රටේ පාලනය ලබාගැනීමෙන් පසු ඔහු විසින්ම ඔහුගේ තනතුර හමුදා පුද්ගලයකුට ලොව හිමි උසස්‌ම නිලය වන ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස්‌ කරගන්නා ලදී. ඔහුට සිතැඟි පරිදි වරින්වර සාදා ගත් පදක්‌කම් සහ පළඳනාවලින් තම නිල ඇඳුම් සරසාගන්නා ලදී. බල තණ්‌හාවෙන් උමතුව සිටි ජනාධිපති ඉඩි අමීන් ඔහුව හඳුන්වාගත්තේ අතිගරු, ජීවිත කාලයටම ජනාධිපති, ෆීල්ඩ් මාර්ෂල් අල්හාඡ්, ආචාර්ය ඉඩි අමීන් ඩඩා යනුවෙනි. ඔහුගේ පාලන කාලය තුළ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටුණු අතර, එම කාලය තුළ මානව හිමිකම් උල්ලංඝනය, දේශපාලන ප්‍රතිවාදීන් අනිසි ලෙස මෙල්ල කිරීම, සුළු ජාතීන්ට වධ හිංසා කිරීම සහ නීතියට පටහැනි මිනිස්‌ ඝාතන උපරිම මට්‌ටමින් සිදුවිය. මෙම කාලය තුළදී අත්තනෝමතික ලෙස මරාදමන ලද සංඛ්‍යාව 100,000 සිට 500,000 ක්‌ පමණ වන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත.

ඉඩි අමීන්ට හමුදාපති තනතුර දක්‌වා උසස්‌වීම ලබාදී මේජර් ජෙනරාල් ලෙස උසස්‌වීම් ලබාදුන්නේද එවකට ජනාධිපති මිල්ටන් ඔබොටේ විසිනි. ජනාධිපති ඔබොටේ විසින් හමුදාපති ඉඩි අමීන් බල රහිත කරනු ලැබුයේ ඔහු විසින් කුමන්ත්‍රණ ක්‍රියා සහ මුදල් වංචා සිදුකිරීම හේතුවෙනි. තමා අත්අඩංගුවට පත්වීමට යන බව දුටු ඉඩි අමීන් හමුදා කුමන්ත්‍රණයක්‌ මගින් 1971 ජනවාරි මස 25 වන දින රාජ්‍ය බල අල්ලාගන්නා ලදී. මේ වන විට ජනාධිපති ඔබෙ ටේ රටින් බැහැරව සිංගප්පූරුවට ගොස්‌ සිටි අතර, ඔහුට රටට ඇතුළුවීමට නොහැකි වන අයුරින් හමුදා යොදවා එන්ටබේ ගුවන් තොටුපළ ආක්‍රමණය කර ලදී. පසුව ජනාධිපති ඔබොටේ ටැන්සානියාවේ ආරක්‍ෂාව යටතේ ජීවත්විය.

බලය අල්ලාගැනීමෙන් පසුව ඉඩි අමීන් පවසා සිටියේ තමා සොල්දාදුවෙක්‌ පමණක්‌ බවත්, දේශපාලඥයකු නොවන බවත්, හමුදා රජය පවතින්නේ ඡන්දයක්‌ පවත්වන තුරු බවත් සහ හැකි ඉක්‌මනින් ඒ පිළිබඳ නිවේදනය කරන බවත්ය. ඔහු නැවත නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන බව පොරොන්දු වුවද බලය අල්ලා සතියකට පසු තමා ජනාධිපති ලෙසත්, සේනාධිනායකයා ලෙසත්, යුධ හමුදාපති ලෙසත්, ගුවන් හමුදාපති ලෙසත් පත්වූ බව ප්‍රකාශ කර සිටියේය. මුහුදට යා නොවුන රටක්‌ වන උගන්ඩාවට නාවික හමුදාවක්‌ තිබුණේ නැත.

ජනාධිපති ඉඩි අමීන් උගන්ඩා ව්‍යවස්‌ථාවේ සමහර අංගයන් අක්‍රීය කරන ලදුව හමුදා නිලධාරීන්ගෙන් සමන්විත ආරක්‍ෂක උපදේශක කවුන්සිලයක්‌ පත් කර තමාම එහි ප්‍රධානියා ලෙස පත්කරගන්නා ලදී. ජනාධිපති ඉඩි අමීන් විසින් සිවිල් නීතියට ඉහළින් හමුදා නීතිය ක්‍රියාත්මක කරවූ අතර, හමුදා පුද්ගලයන් රජයේ ඉහළ තනතුරුවලට පත්කර අලුතින් පත්කළ සිවිල් කැබිනට්‌ මණ්‌ඩලය හමුදා නීතියට යටත්වන බව ප්‍රකාශ කරන ලදී. ජනාධිපති නිල නිවාසය "විධාන මූලස්‌ථානය" ලෙස අලුතින් නම් කර ලදී. තවද ඒ දක්‌වා රටෙහි පැවති සියලුම බුද්ධි අංශ විසුරුවා හැර තමාට සිතැඟි පරිදි අලුතින් බුද්ධි අංශ පිහිටුවන ලදී. 1972 දී ජනාධිපති ඉඩි අමීන් විසින් තමාට විරුද්ධ ලංගෝ සහ අඩෝලි ගෝත්‍රික වල සොල්දාදුවන් බැරැක්‌ක තුළදීම මරා දමන ලදී. මෙලෙස සොල්දාදුවන් 5000 ක්‌ පමණ සහ අඩුතරමින් සිවිල් වැසියන් 10,000 ක්‌ වත් අතුරුදන් විය. මේ අයුරින්ම ජනාධිපති ඉඩි අමීන්ගේ ගොදුරු බවට පත්වූවන් අතර, වෙනත් සුදු ජාතික කණ්‌ඩායම්, ආගමික නායකයන්, මාධ්‍යවේදීන්, ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයින්, විනිසුරුවන්, නීතිඥයන්, විද්වතුන් සහ ශිෂ්‍යයන් මෙන්ම විදේශිකයන්ද වූහ. මෙම කාලය තුළ ඉඩි අමීන් විසින් හිතුමතයේ මරාදැමුවන්ගේ සිරුරු ජලාශවල සහ නයිල් නදියේ පාවීම සුපුරුදු දර්ශන විය. ජාතිවාදය, දේශපාලන විරුද්ධකම්, මුදල් ප්‍රශ්න පදනම් කරගත් ඝාතන ඉඩි අමීන්ගේ අවුරුදු 8 ක පාලන කාලය තුරාම පවත්වාගෙන ගියේය. මරා දැමූ ගණන හරිහැටි නිශ්චය කරගැනීමට අපහසු වුවත් ජාත්‍යන්තර නීති කොමිසමේ ඇස්‌තමේන්තු අනුව 80,000 කට නොඅඩු බවත්, 300,000 ක්‌ පමණ විය හැකි බවත් පැවසේ. ඇමිනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ සහාය ඇතිව කරන ලද සමීක්‍ෂණයන් අනුව මරා දැමූ සංඛ්‍යාව 500,000 කි. මෙලෙස මරා දැමූ පුද්ගලයන් අතරින් ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයන් වන්නේ හිටපු අගමැති සහ අග්‍ර විනිශ්චයකාර පදවි හෙබවූ බෙනඩික්‌ටෝ කිචනූකා, ඇන්ග්ලිකන් අගදරගුරු ජනානි ලුටුමා, මහ බැංකුවේ අධිපති ජෝසප් මුඩිරු, මකරේරේ විශ්ව විද්‍යාලයේ උප කුලපති ෆරදන්ක්‌ කලිමුසෝ, සුප්‍රසිද්ධ නාට්‍ය රචක බයිරෝස්‌ කටඩිමා සහ ඉඩි අමීන් ගේම කැබිනට්‌ටුවේ සාමාජිකයන් දෙදෙනකු වූ එරිනායෝ විල්සන් ඔරේමා සහ චාල්ස්‌ ඩබෝන් ඩෆුඩිබි යන ප්‍රභූ පුද්ගලයන්ය. 1972 වසරේදී ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය උගන්ඩාව සමග තිබූ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්හරින ලදී. තවද ඔහු හිට්‌ලර් විසින් යුදෙව්වන් මිලියන 6 ක්‌ පුළුස්‌සා මැරීම නිවැරදි යෑයිද කියා සිටියේය. 1973 දී උගන්ඩාවේ සිටි ඇමරිකානු තානාපතිවරයා ඉඩි අමීන්ගේ පාලනය ලෝකයේ තිබෙන කෲරතම, අමානුෂික, අත්තනෝමතික අමන පාලනයක්‌ ලෙස හැඳින්වූයේය.

1976 දී පලස්‌තීනු ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌ විසින් පැහැරගත් ප්‍රංශ ගුවන් යානයක්‌ උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපළෙහි ගොඩබැස්‌සවීමට ඉඩි අමීන් ඉඩ දෙන ලදී. අනතුරුව එහි සිටි මගීන් 156 ක්‌ නිදහස්‌ කළ අතර ජුදෙව් සහ ඊශ්‍රායල් ජාතිකයන් 103 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගත්තේය. ලොව මවිතයට පත් කළ මෙහෙයුමක්‌ දියත් කර ඊශ්‍රායලය විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නා ලදී. මෙය "ඔපරේෂන් එන්ටබේ" නමින් ඉමහත් ප්‍රසිද්ධියට පත්විය. මෙම සිද්ධියක්‌ සමගම උගන්ඩාව ජාත්‍යන්තරයෙහි මහත් අපකීර්තියට පත්විය. 1977 දී අමීන්ගේ රජයේ සෞඛ්‍ය ඇමැතිව සිටි හෙන්රි කෙම්බා බ්‍රිතාන්‍යයට පිටුවහල් කරන ලදුව ඔහු විසින් "අ ස්‌ටේට්‌ ඔෆ් බ්ලඩ්" (ලෙයින් නැහැවුන රාජ්‍යය) කෘතිය එළැදැක්‌වීය. දිනෙන් දින ලොව පුරාම අපකීර්තියට පත්වෙමින් සිටි ඉඩි අමීන් පිළිබඳ නොයෙක්‌ මාදිලියේ කට කථා පැතිර යන්නට විය. මේ කට කථා අතර ඉඩි අමින් මිනී මස්‌ කන්නෙකු ලෙසද හැඳින්වූ අතර, ඔහුගේ බිරිදත් කැබලි වලට කපා දැමූ බවටද කට කථා පැතිරින. ඉඩි අමීන්ගේ ජීවිතය අලලා නිපද වූ "රයිස්‌ ඇන්ඩ් ෆෝල් ඔප් ඉඩි අමීන්" (ඉඩි අමීන්ගේ නැගීම සහ වැටීම) යන චිත්‍රපටයෙන්ද එය විදහා දැක්‌විණ. මෙම කරුණුම 2006 නිපදවූ "ද ලාස්‌ටි කිං ඔෆ් ස්‌කොට්‌ලන්ඩ්" චිත්‍රපටයේද ඇතුළත් විය. ඉඩි අමීන්ගේ ජීවිතයේ විවිධ පැති අලලා බොහෝ චිත්‍රපට සහ විවිධ සාහිත්‍ය කෘති බිහිවිය.

කාන්තා ඇසුරට ඉතා ප්‍රිය කළ ඉඩි අමීන් අඩුම තරමින් හය වතාවක්‌ නීත්‍යානුකූලව විවාහ විය. තමා ඇස ගැටුණු හිත වැටුණු ඕනෑම කාන්තාවක්‌ ඔහුගේ පහස සඳහා ලබාගැනීමට කටයුතු කළ ඉඩි අමීන් එසේ කළ සමහර අවස්‌ථාවල තම ඇසුරට ගත් කාන්තාවන්ගේ පිරිමි සහකරුවන් අතුරුදන් කරවීමටද වගබලාගත්තේය. 1975 අප්‍රිකානු එකමුතුව සංවිධානයේ සමුළුවේදී මුණගැසුණ සරා කියෝලබා සමග විවාහ වුණ අතර, ඇයගේ ඒ වනතෙක්‌ ජීවන සහකරුව සිටි තරුණයා ඉන් අනතුරුව අතුරුදන් විය. ඉඩි අමීන්ගේ දරුවන් ගණන හරියටම නොදන්නා අතර, එය ගණනින් 30 ත් 45 ත් අතර විය හැකි බව පැවසේ.
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහ බැංකුව කොල්ලකා සම්පත් විකුණා රටක් වැනසූ පොන්නයා කියලත් ලිපියක් ලියන්න පුලුවන් ඉස්සරහට
     
    • Like
    Reactions: Rahula Kasun

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    මහ බැංකුව කොල්ලකා සම්පත් විකුණා රටක් වැනසූ පොන්නයා කියලත් ලිපියක් ලියන්න පුලුවන් ඉස්සරහට

    :yes: :yes: :rofl:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කලවැද්දා වගේ එකෙක් මේ රට කරන්න අවොත් මේ දේම තමයි වෙන්නේ...
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    35403862_260352747847370_8116007817292283904_n.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හෑමවිටම හමුදාපාලනයකින් නරකක්ම වෙනවයි කියලා නිගමනය කොරන්න බෑ.ඒක තිරණය වෙන්නේ පාලකයා මත.ප්‍රජාතන්ත්‍රවාදයෙන් විනාශ වන රටකට සුදුසුම ක්‍රමය හමුදාපාලනය තමා .:rolleyes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හෑමවිටම හමුදාපාලනයකින් නරකක්ම වෙනවයි කියලා නිගමනය කොරන්න බෑ.ඒක තිරණය වෙන්නේ පාලකයා මත.ප්‍රජාතන්ත්‍රවාදයෙන් විනාශ වන රටකට සුදුසුම ක්‍රමය හමුදාපාලනය තමා .:rolleyes:

    Loke 1 ratak kiyapanko balanna Hamuda Palanayak karala diunu karapu ratak
     
    • Like
    Reactions: Oli_Vili

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    හෑමවිටම හමුදාපාලනයකින් නරකක්ම වෙනවයි කියලා නිගමනය කොරන්න බෑ.ඒක තිරණය වෙන්නේ පාලකයා මත.ප්‍රජාතන්ත්‍රවාදයෙන් විනාශ වන රටකට සුදුසුම ක්‍රමය හමුදාපාලනය තමා .:rolleyes:


    කරුණාකරලා කියන්නකෝ ලෝකෙ කොහෙහරි සාර්ථකවුනු හමුදා නායකයෙක් ...? එකෙක් ...?
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    කරුණාකරලා කියන්නකෝ ලෝකෙ කොහෙහරි සාර්ථකවුනු හමුදා නායකයෙක් ...? එකෙක් ...?


    https://www.va.gov/health/NewsFeatures/20110221a.asp


    Presidents who Served in the Military

    George Washington: Revolutionary War (Continental Army)
    James Monroe: Revolutionary War (Continental Army)
    Andrew Jackson: War of 1812 (Army)
    William Henry Harrison: Indian campaigns (Army)
    John Tyler: War of 1812 (Army)
    Zachary Taylor: War of 1812, Black Hawk War, Second Seminole War, Mexican-American War (Army)
    Franklin Pierce: Mexican War (Army)
    Abraham Lincoln: Black Hawk War (Indian Wars) (Army)
    Andrew Johnson: Civil War (Army)
    Ulysses S. Grant: Mexican War and Civil War (Army)
    Rutherford B. Hayes: Civil War (Army)
    James A. Garfield: Civil War (Army)
    Chester A. Arthur: Civil War (Army)
    Benjamin Harrison: Civil War (Army)
    William McKinley: Civil War (Army)
    Theodore Roosevelt: Spanish American War (Army)
    Harry Truman: World War I (Army)
    Dwight Eisenhower: World War I and World War II (Army)
    John F. Kennedy: World War II (Navy)
    Lyndon B. Johnson: World War II (Navy)
    Richard Nixon: World War II (Navy)
    Gerald Ford: World War II (Navy)
    Jimmy Carter: Cold War era (Navy)
    Ronald Reagan: World War II (Air Force)
    George H.W. Bush: World War II (Navy)
    George W. Bush: Vietnam War era (Air Force Reserve)
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    කලින් සිද්ද නොවුනු දේවල් අලුතින් වෙන්න බෑරිද?

    Ba ban. Wahala bawa wediwunama umbalata ohoma hithenne.

    Lankawe thiena hema system ekama (military/police/law/medicine/education/politics...etc) loke kohen hari rataka kalin test karapu deyak. Lankawe mulinma adopt karala loketa dunna kisi deyak thienawada?


    :lol::lol::lol:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    https://www.va.gov/health/NewsFeatures/20110221a.asp


    Presidents who Served in the Military

    George Washington: Revolutionary War (Continental Army)
    James Monroe: Revolutionary War (Continental Army)
    Andrew Jackson: War of 1812 (Army)
    William Henry Harrison: Indian campaigns (Army)
    John Tyler: War of 1812 (Army)
    Zachary Taylor: War of 1812, Black Hawk War, Second Seminole War, Mexican-American War (Army)
    Franklin Pierce: Mexican War (Army)
    Abraham Lincoln: Black Hawk War (Indian Wars) (Army)
    Andrew Johnson: Civil War (Army)
    Ulysses S. Grant: Mexican War and Civil War (Army)
    Rutherford B. Hayes: Civil War (Army)
    James A. Garfield: Civil War (Army)
    Chester A. Arthur: Civil War (Army)
    Benjamin Harrison: Civil War (Army)
    William McKinley: Civil War (Army)
    Theodore Roosevelt: Spanish American War (Army)
    Harry Truman: World War I (Army)
    Dwight Eisenhower: World War I and World War II (Army)
    John F. Kennedy: World War II (Navy)
    Lyndon B. Johnson: World War II (Navy)
    Richard Nixon: World War II (Navy)
    Gerald Ford: World War II (Navy)
    Jimmy Carter: Cold War era (Navy)
    Ronald Reagan: World War II (Air Force)
    George H.W. Bush: World War II (Navy)
    George W. Bush: Vietnam War era (Air Force Reserve)




    හිතුව වගේම ඔය කියලා තියෙන්නේ ! සාර්ථක වෙච්ච හමුදා නායකයෙක් කීවහම අදහස් කරන්නේ , ඒ මිනිහ ජනාදිපති වෙන්න කලින් හමුදාවේ හිටියද , නැද්ද කියනඑක නෙමේ ... රටේ පරිපාලනය හමුදා මානසිකත්වයක් සහිතව සාර්ථකව ගෙනගියද කියන එකයි ,


    උදා:



    සදාම් හුසේන්, ගඩාපි, ඉරානේ හිටපු නායකයෝ , නැගෙනහිර ආසියා රටවල හිටපු නායකයෝ , අප්‍රිකාවේ හිටපු නායකයෝ ....සියල්ලන්ම රට බින්දුවටම ඇදදම්මා
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    https://www.va.gov/health/NewsFeatures/20110221a.asp


    Presidents who Served in the Military

    George Washington: Revolutionary War (Continental Army)
    James Monroe: Revolutionary War (Continental Army)
    Andrew Jackson: War of 1812 (Army)
    William Henry Harrison: Indian campaigns (Army)
    John Tyler: War of 1812 (Army)
    Zachary Taylor: War of 1812, Black Hawk War, Second Seminole War, Mexican-American War (Army)
    Franklin Pierce: Mexican War (Army)
    Abraham Lincoln: Black Hawk War (Indian Wars) (Army)
    Andrew Johnson: Civil War (Army)
    Ulysses S. Grant: Mexican War and Civil War (Army)
    Rutherford B. Hayes: Civil War (Army)
    James A. Garfield: Civil War (Army)
    Chester A. Arthur: Civil War (Army)
    Benjamin Harrison: Civil War (Army)
    William McKinley: Civil War (Army)
    Theodore Roosevelt: Spanish American War (Army)
    Harry Truman: World War I (Army)
    Dwight Eisenhower: World War I and World War II (Army)
    John F. Kennedy: World War II (Navy)
    Lyndon B. Johnson: World War II (Navy)
    Richard Nixon: World War II (Navy)
    Gerald Ford: World War II (Navy)
    Jimmy Carter: Cold War era (Navy)
    Ronald Reagan: World War II (Air Force)
    George H.W. Bush: World War II (Navy)
    George W. Bush: Vietnam War era (Air Force Reserve)

    Me aya wate thiyagena hitiyada minissunwa ellala maranna ona kiyana wisramika general lawa.

    GR ta kohomath us citizenship eka ain karaganna USA ida denne na. Thank you America. GR awoth 2015 chande di UNP/JVP ekata chande dunna ewunwa hoya hoya pali ganiwi. Rata le wilak we wi.
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හිතුව වගේම ඔය කියලා තියෙන්නේ ! සාර්ථක වෙච්ච හමුදා නායකයෙක් කීවහම අදහස් කරන්නේ , ඒ මිනිහ ජනාදිපති වෙන්න කලින් හමුදාවේ හිටියද , නැද්ද කියනඑක නෙමේ ... රටේ පරිපාලනය හමුදා මානසිකත්වයක් සහිතව සාර්ථකව ගෙනගියද කියන එකයි ,


    උදා:



    සදාම් හුසේන්, ගඩාපි, ඉරානේ හිටපු නායකයෝ , නැගෙනහිර ආසියා රටවල හිටපු නායකයෝ , අප්‍රිකාවේ හිටපු නායකයෝ ....සියල්ලන්ම රට බින්දුවටම ඇදදම්මා


    Dan Gota gana neda prashne? gota hamuda palanayak gena yai hariyatama kiyanna puluwanda?
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Gota gana kiyawanna kalin umbalage anduwe minisunta dunna porondu tika hariyata karanna kiyanna. ethakota Gotata mechchara baya wenna deyak na. dawasa tissema Gota gana hoyanna issella umbala kade yana UNP anduwa hadagana indapalla
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Gota gana kiyawanna kalin ...

    මල්ලියේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න එපා..
    නංගියෙ ඇමරිකන් කාරයින් හට බහ දෙන්න එපා..
    මව්බිම අමතක කර යූඇස් එන්න එපා..
    හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

    අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඹ කොච්චර try කරත් මිනිස්සු ගෝඨා ජනාධිපති කරන එක වලක්වන්න බෑ.