රටක් නිහඩ කරවන විභාගයක් දකුණු කොරියාවේ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    රටක් නිහඩ කරවන විභාගයක් දකුණු කොරියාවේ

    හැම අවුරුද්දකම නොවැම්බර් මාසය තුළ දකුණු කොරියාවේ පාසැල් දරුවන්ට වැදගත් දිනයක් එළඹෙයි. එය විභාග දිනයකි. එහෙත් එය සාමාන්‍ය විභාගයක් නම් නොවේ.
    දකුණු කොරියාව පුරා උසස් විද්‍යාල සිසු සිසුවියන් මිලියන බාගයක් පමණ වාර්ශිකව මුහුණ දෙන ඉතා අසීරු විභාගයකි. විභාගයේ නම සුනෙයුන්ග් නැතහොත් CSAT (College Scholastic Ability Test) ය.
    මේ විභාගය පැය අටක් දීර්ගය. ඒ කාලය තුල කිසිදු විවේකයක් නැතිව එක දිගටම කොරියානු භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, සමාජ අධ්‍යයනය, ඉතිහාසය හා විද්‍යාව පිළිබදව අතිශය අසීරු ප්‍රශ්ණ පත්තර වැලකට පිළිතුරු සැපයීමට දකුණු කොරියානු උසස් විද්‍යාල සිසුන්ට සිදු වෙයි.
    මේ විභාගය අත් හරින්නට කිසිදු දකුණු කොරියානු සිසුවෙකුට නොහැකිය. ඔවුන්ව තෝරා ගැනෙන්නේ කුමන විශ්ව විද්‍යාලයටද, ඔවුන්ගේ වෘත්තීය අනාගතය කෙබදු වේද, ඔවුන්ගේ ආදායම, ඔවුන්ගේ ජීවන තත්වය පමණක් නොව ඔවුන්ගේ විවාහය පවා තීරණය වෙන්නේ මේ විභාගයට මූණ දෙන අන්දමට අනුවය.
    එය එතරම්ම වැදගත් හා අසීරු විභාගයක් වන බැවින් විභාගයට මුහුණ දෙන සිසුන්ට සියලු ආකාරයේ පහසුකම් සලසා තබන්නට දකුණු කොරියානු බලධාරීහු සැලකිලිමත් වෙති. එනිසා එම දිනයේදී මුලු මහත් ජාතියම ප්‍රමුඛත්වය දෙන්නේ මේ විභාගයටය.
    ඒ විභාගය දිනයට දකුණු කොරියාවේ සියළුම කාර්යාල වල හා වැඩබිම් වල වැඩ ඇරඹෙන්නේ පැයක් ප්‍රමාද වීය. එසේ කරනුයේ විභාගයට සහභාගි වන සිසුන්ට රථවාහන තදබදයට හසු නොවී විභාග මධ්‍යස්ථානයට යන්නට පහසු වනු පිණිසය. ඇතැම් තැන් වලදී පොලිස් නිලධාරීන්ම සිසු දරුවන්ව ආරක්ෂිතව විභාග මධ්‍යස්ථාන වලට කැදවාගෙන යනු දැකිය හැකිය. කඩ සාප්පු, බැංකු පමණක් නොව කොටස් වෙලද පොල පවා එදිනට ඇරඹෙන්නේ විභාගය පටන් ගන්නා වෙලාව පසු වූ පසුවය.
    විභාගයේ සවන් දීමේ පරික්ෂණය පැවැත්වෙන වෙලාවට දකුණු කොරියානු ගුවන්තොටුපොලේ ගුවන් යානා ගොඩබෑම හෝ ගුවන්ගත කිරීම පවා තාවකාලිකව අත් හිටුවයි. ඒ ගුවන්තොටුපොල අසල විභාග මධ්‍යස්ථාන වල විභාගය ලියන සිසුන්ට බාධාවීම වැලැක්වීමටය.
    එය මුළු මහත් රටම නිහඩ වන දිනයකි.
    එදින උදෑසන සිසු දරුවන් විභාගයට යද්දී, ඔවුන්ට වඩා පහල පන්ති වල දරුවන්, ගුරුවරුන් සහ ඔවුන්ගේ මිතුරු මිතුරියන් විභාග ශාලාවට යන මග දෙපස රැස්වී විභාගයට යන්නන්ට ආශිර්වාද ගීතිකා ගයති. තෑගි ලෙසින් චොකලට් හා සුබ පැතුම් පණිවිඩ ලබා දෙති.
    විභාගයට පෙනී සිටින සිසු දරුවන්ගේ දෙමාපියෝ විභාග ආතතිය නිසාම තම දරුවන්ගේ ඡායාරූපද අතැතිව පන්සල් හා පල්ලි වලට රොක් වී ඔවුන්ට විභාගයෙන් ජයග්‍රහණය ලබා දෙන්නැයි විභාගය ඉවර වෙන තුරුම යාඥා කරති.
    CSAT විභාගය නිසා කොරියානු සිසු දරුවන්ට ඇති වන මානසික පීඩනයද අතිමහත්ය. ඒ පීඩනය දරා ගන්නට බැරිව සිය දිවි නසා ගන්නා සිසුන් ගැන අසන්නට ලැබෙන අවස්ථාද නැතුවා නොවේ.
    “පෙරහුරු විභාග වලදී හොදින් පිලිතුරු දෙන සිසුන් පවා අධික නොසන්සුන් බව හා බය නිසාම සැබෑ විභාගයේදී අසාර්ථක වෙනවා.. මේ රටේ හොද පිලිගත් විශ්ව විද්‍යාල තියෙන්නෙ අතලොස්සක්. ඒ වගේ විශ්ව විද්‍යාලයකට යන්න තේරෙනවා කියන සම්භාවිතාව හරියට මිනිහෙකුට අකුණු සැර වදින්න තියෙන සම්භාවිතාවට සමානයි කියලා මට නම් හිතෙන්නේ..” ඒ හැන්ග් ජේ ක්යුන්ග් නම් සිසුවාගේ අදහසයි.
    හොද විශ්ව විද්‍යාල වලට ඇතුලු වීමට ඇති තරගය තියුණුය. එනිසාම සිසුන් මේ විභාගයට කිහිප වරක්ම පෙනී සිටිමින් උත්සාහ කරති. මෙය එක් අතකට ඒ සිසුන් ලැජ්ජාවට පත් වෙන්නටද කාරණයකි. විභාගය පළමු වරදීම සමත් වෙන්නට තරම් ඒ් සිසුන්ගේ බුද්ධි මට්ටම ප්‍රමාණවත් නොවන බව පෙන්නුම් කෙරෙන කාරණයකි.
    මේ සිසුන්ට ඔවුන්ගේ දෙමාපියන් වෙතින්ද දරාගත නොහැකි තරමේ පීඩනයක් එල්ල වෙයි. සමාජයෙන් එල්ල වන පීඩනයත්, දෙමාපියන්ගේ බලපෑමත් නිසා සිසුන් වසරින් වසර වැඩි වැඩියෙන් සියදිවි නසාගැනීම් කෙරේ නැඹුරු වෙමින් සිටිති.
    මේ විභාගයට සූදානම් වීමත් ලේසි පාසු කර්තව්‍යයක් නොවේ.
    “හවස හයේ ඉදන් රෑ දහය වෙනකල්ම අපිට පාඩම් කිරීමේ වැඩමුළු තියෙනවා. එදා දවසේ අපි ඉගෙන ගත්ත දේ නැවත අධ්‍යනය කරලා ඊලග දවසේ පාඩම් ගැන පූර්ව දැනුමක් ලබා ගැනීම තමයි මේ වැඩමුලු වලදී කෙරෙන්නෙ..” ලී යොන්ග් සූ පවසයි. “සති අන්ත වලදී අපිට ටියුෂන් පන්ති තියෙනවා. සමහර අයට දවසකට ටියුෂන් පන්ති පහක් හයක් විතර තියෙනවා.. ටියුෂන් පන්ති පැවැත්වෙන මධ්‍යස්ථාන රෑ දහයට වහලා දාන්න ඕන කියලා රජයෙන්ම නීතියක් පැනවුණා. ඒත් ගොඩක් අය ඒ් නීතිය පිළිපදිින්නෙ නෑ. පිටතින් දොරවල් වහලා පන්ති ඇතුලත ඉදන් රෑ දෙක වෙනකල් පන්ති පැවැත්වීම සාමාන්‍ය දෙයක්..”
    “මට දැනෙන්නෙ අපේ දකුණු කොරියානුවන්ට බෝවෙන රෝගයක් තියෙනවා වගෙයි.. ඒ රෝගයෙ නම “කාර්යබහුල වීමේ රෝගය”.. සිසු සිසුවියන් නිතරම තමන්ගෙ පාඩම් වැඩ නිසා කාර්යබහුලයි. පාඩම් කිරීම ඇරෙන්න වෙන ජීවිතයක් ඒ අයට ඇත්තෙම නැති තරම්.. අපේ ඉස්කෝල අපිට හිරගෙවල් බවට පත් වෙලා.. අපේ වැඩිහිටියන්ගෙ ජීවිතත් කිසි වෙනසක් නෑ.. අපේ ජීවිත පාඩම් වැඩ වලින් ආක්‍රමණය කරලා.. අපේ වැඩිහිටියන්ගෙ ජීවිත “රස්සාවල්” වලින් ආක්‍රමණය කරලා..”
    ඒ පොදුවේ දකුනු කොරියානු තරුණ පරම්පරාවේ වර්තමාන කතාවයි.


    උපුටා ගැනිම

    නිම්මි මුදිතා හේරත්
    ඉරිදා දිවයින
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අහලා තියෙන විදියට දකුණු කොරියාවෙ තමා සියදිවි හානි කරගැනිමෙ උඩින්ම ඉන්නෙ ,ලංකාවත් එක්ක.
    ලංකාව නම් දියුණු නැහැ කිව්ව හැකි.එත් කොරියාව එහෙම නෙමෙනෙ?
    එත් මෙ සියදිවිහානි කරගැනීමට හෙතුව ඔන්න ඔය විභාග ක්‍රමෙ සහ සමාජ ක්‍රමෙ කියලා තමා ගොඩාක් දෙනෙක් කියන්නෙ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    අහලා තියෙන විදියට දකුණු කොරියාවෙ තමා සියදිවි හානි කරගැනිමෙ උඩින්ම ඉන්නෙ ,ලංකාවත් එක්ක.
    ලංකාව නම් දියුණු නැහැ කිව්ව හැකි.එත් කොරියාව එහෙම නෙමෙනෙ?
    එත් මෙ සියදිවිහානි කරගැනීමට හෙතුව ඔන්න ඔය විභාග ක්‍රමෙ සහ සමාජ ක්‍රමෙ කියලා තමා ගොඩාක් දෙනෙක් කියන්නෙ.

    Unge thiyene patta tharngayak. Gedara lamai dennawa amma thaththa compare karanawa.. ape gewal wala kerenne bohoma aduwen.. igena ganna ekawa compare karanawa igena ganna bari eka ekka.. un patta pressure eke inne.

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මං අහලා තිබ්බෙ ලෝකෙ තරගකාරීම විභාගෙ ලංකාවේ AL තිබ්බෙ හැබැයි ඕක කිව්වෙත් අපිට AL ක්ලාස් කරපු බුවෙක්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    මං අහලා තිබ්බෙ ලෝකෙ තරගකාරීම විභාගෙ ලංකාවේ AL තිබ්බෙ හැබැයි ඕක කිව්වෙත් අපිට AL ක්ලාස් කරපු බුවෙක්

    Meheta wada ehe tharangakarithwaya wedi ethi.. unge mulu life ekama depend wenne a exam eken :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අහලා තියෙන විදියට දකුණු කොරියාවෙ තමා සියදිවි හානි කරගැනිමෙ උඩින්ම ඉන්නෙ ,ලංකාවත් එක්ක.
    ලංකාව නම් දියුණු නැහැ කිව්ව හැකි.එත් කොරියාව එහෙම නෙමෙනෙ?
    එත් මෙ සියදිවිහානි කරගැනීමට හෙතුව ඔන්න ඔය විභාග ක්‍රමෙ සහ සමාජ ක්‍රමෙ කියලා තමා ගොඩාක් දෙනෙක් කියන්නෙ.

    අනිත් රට ජපානෙ
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනිත් රට ජපානෙ
    :yes::yes:
    මෙච්චර දියුණුවක් එක්ක ලොකෙ නම තියෙද්දි ඉන්න මිනිස්සු සියදිවි හානි කරගන්නවා නම් ,ඉන්නෙ පීඩනෙන් නම් ,හැඟීම් දැනීම් නැති උන් වගෙ ජීවත් වෙනවානම් මොකටද කියලත් හිතෙනවා ඒ දියුණුව වෙලාවකට.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    :yes::yes:
    මෙච්චර දියුණුවක් එක්ක ලොකෙ නම තියෙද්දි ඉන්න මිනිස්සු සියදිවි හානි කරගන්නවා නම් ,ඉන්නෙ පීඩනෙන් නම් ,හැඟීම් දැනීම් නැති උන් වගෙ ජීවත් වෙනවානම් මොකටද කියලත් හිතෙනවා ඒ දියුණුව වෙලාවකට.

    :yes::yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes::yes:
    මෙච්චර දියුණුවක් එක්ක ලොකෙ නම තියෙද්දි ඉන්න මිනිස්සු සියදිවි හානි කරගන්නවා නම් ,ඉන්නෙ පීඩනෙන් නම් ,හැඟීම් දැනීම් නැති උන් වගෙ ජීවත් වෙනවානම් මොකටද කියලත් හිතෙනවා ඒ දියුණුව වෙලාවකට.

    එහෙම බැලුවොත් අපේ උන් ඉන්නෙ සැපේ. සියදිවි හාන් කරගන්න 90%ම ජීවත් වෙලා ඉන්න උන්ගෙන් පලි ගන්න. ඩිප්‍රෙෂන් වලටත් වඩා
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙම බැලුවොත් අපේ උන් ඉන්නෙ සැපේ. සියදිවි හාන් කරගන්න 90%ම ජීවත් වෙලා ඉන්න උන්ගෙන් පලි ගන්න. ඩිප්‍රෙෂන් වලටත් වඩා
    ඔව් ඒක ඇත්ත.
    අනික ලයිෆ් එක්ස්පැන්ටසි කියලා එකකුත් තියෙනවානෙ
    ජපානෙ තමා වැඩිම
    එත් එහෙම වැඩිකල් ජීවත් වෙලත් එක අතකට මොනවා කරන්නද ?
    මන් නම් කියන්නෙ නියම ජීවිතෙ අනුන්ගෙ දෙවල් තමන් කරන්නෙ යන්නෙ නැතුව තමන්ට ගැලපෙන රාමුවෙ දෙයක් කරලා සන්තොසවෙලා උරුමය ඉතුරුකරලා මැරිලායන එක.

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හපෝ බන් ඔහොම ඉගෙනගෙන මොකටද මනසට නිදහසක් නැතුව....
    ශිශ්ශත්වේ , ඕලෙවල් එලේවල් මාර ප්‍රෙෂර්


    ශිෂ්‍යත්වෙ කිව්වහ්ම මතක් උනෙ. දැන් පොඩි උන් උදෙ 8 ඉඳන් හවස 5 වෙනකන් ශිෂ්‍යත්ව පන්ති නෙ බන්.
    මන් නම් ශිෂ්‍යත්වෙ පාස් උනෙ පන්ති නොගිහින් ,
    දැන් ඉන්න පොඩි උන් පට්ට පව් බන් .
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්


    ශිෂ්‍යත්වෙ කිව්වහ්ම මතක් උනෙ. දැන් පොඩි උන් උදෙ 8 ඉඳන් හවස 5 වෙනකන් ශිෂ්‍යත්ව පන්ති නෙ බන්.
    මන් නම් ශිෂ්‍යත්වෙ පාස් උනෙ පන්ති නොගිහින් ,
    දැන් ඉන්න පොඩි උන් පට්ට පව් බන් .

    මගේ කොන්දේ අමාරුවක් තියෙනවා බන් තාම , මම හිතන්නේ පොඩි කාලේ ඉදලම තඩි පොත් බෑග් එකක් එල්ලලා යවපු නිසා මන් හිතන්නේ...

    මොනා කරන්නද පව් බන්.... :(