මේ රටට මෙහෙම උනේ ඇයි කියලා තේරුම් ගන්න අපේ රටේ විදුලි බල මණ්ඩලේ උදාහරණයට ගත්තනම් හොඳටම ඇති. දැන් අලුත්ම trend එක තමයි හැමෝම දේශපාලකයින් ට බනින එක අරුත් එකයි මුත් එකයි ඔක්කොම එකයි කියලා. ඒත් මේකේ root case එක හොයන් යද්දී මේ රටේ විනාසයට බලපාල තියන්නේ දේශපාලකයෝ නෙමෙයි. උන් මේකේ එක කොටසක් විතරයි. මන් නම් දකින්නේ මේ රටේ මිනිස්සු නිසා තමා මේක මෙහෙම වෙලා තියෙන්නේ. නිකන් හිතපන් මේ රටේ මිනිස්සු කියෙනේ කී දෙනාද responsible විදියට වැඩක් කරන්නේ? කියෙන් කී දෙනාද රටට වැඩක් වෙන දෙයක් කරන්න අඩුම ගානේ හිතන්නෙවත්? හැමෝම බලන්නේ මොකක් හරි ගේමක් ගහන් පුළුවං තරම් සල්ලි හොයන් ගොඩ යන්න. වෙන එකෙක්ට කෙලවල හරිගොඩ යන්න පුළුවන් නම් කිසිම අවුලක් නෑ. මේ රටේ කීයෙන් කී දෙනාටද ප්‍රතිපත්ති තියෙන්නේ තිබුණත් රකින්න පුළුවන්? සල්ලි කීයක් හරි වාසියක් හම්බෙනවනම් තමන්ගේ අම්මාව උනත් පාවලා දෙනවා. මන් මුලින් හිතුවේ මේකට හේතුව රට දුප්පත් වීම කියලා ඒත් සල්ලි තියෙන මිනිස්සු බැලුවත් උන්ගේත් එහෙම ලොකු වෙනසක් නෑ. කුහක කම , වගකීම් විරහිත බව,කම්මැලි කම, බොරු උපාසක ශ්‍රද්ධාව අලුත් දෙයක් හිතන්න බැරි කම, බොරු පම්පෝරි ගැසීම මේ රටේ හැමෝටම නොඅඩුව පිහිටලා තියෙනවා. මට නම් හිතෙන්නේ මේ රට කවදාවත් ගොඩ යන රටක් නෙමෙයි කියලා අලුත් පරම්පරාව ගත්තත් උන්ගේත් වෙනසක් නෑ පෙන් විදියට උන් ඊට හපන්. උබලට හිතෙන විදියට මොකද්ද මේකට හේතුව?