මචං ත්‍රිකෝටික පාරිශුද්ද ශීලය භික්ෂුන්ගේ විනය නීතියක්. භික්ෂුව අරඹයා මම එක පිලිගන්නවා. සාමාන්‍ය ජනතාවට අදාල වෙන දේ ගැන හිතන්න. පන්සිල් පද පහ. නොකළ යුතු රැකියා. අඩු ගානේ මේ දෙක විතරක් අරන් මට කියපන් කොහොමද මස් කන්නේ කියල. ?
මේ දෙකයි ත්‍රිකෝටික පාරිශුද්ද ශීලයයි චේතනාව ගැන දේශනයයි කරණිය මෙත්ත සුත්රයයි සතෙක් මරල පව් පිරෙන්න සම්පුර්ණ වෙන්න ඕනේ කරුණු පහයි. ඔක්කොම එකතු කරලා තමයි මම අර access list එකේ උදහරනෙන් පැහැදිලි කලේ. එකට ශෙනික් කියනව එක නිසා මම නිරයේ ප්‍රේත ලෝකේ යනවා කියල.



මට තේරෙන්නේ නෑ ඇයි ඒ කියල.
ශෙනික් සහ MihiCherub දෙන්නම මට බනිනිව ත්‍රිපිටකේට බැන්න කියල. හත් ඉල්වව්වේ අනිත් කතන්දර ඔක්කොම පැත්තක තියල අඩු ගානේ අනිත් ඒවා තේරුම් ගන්න ශක්තියක් නැත්තන්. මට පැහැදිලිව මේ post එකට කලින් මම අහපු ඒවාට උත්තර දෙන්න කියපන්. එතකොට මමත් වැරදිනම් මගේ වැරැද්ද හදාගන්නම්.
කොහොම උනත් මම නම් මස් කන්නේ නෑ. මොකද මම කැමති නෑ කිසිම කෙනෙක් මම අම්ම ළඟ ඉඳිද්දී මගේ අම්මව ගෙනිහින් මස් වලට මරනවට. ඒ කියන්නේ අහිංසක ගව පටිය කැමතිත් නෑ එක එයාගේ අම්මට වෙනවට. මම කැමති නෑ මගේ යාලුවෝ එක්ක කොහේ හරි යනකොට අපිව දැලක් දාල අල්ලලා හුස්ම හිරවෙනකන් වතුරේ ගිල්ලලා මරල මාව හැම ගහල කනවට. එහෙනම් අහිංසක මාළු කමතිති නෑ උන්ව දැල් දාල අල්ලලා ගොඩට අරන් හුස්ම හිර කරකල මරන්වට එකයි උන් ගොඩට ගත්ත වෙලවේ ඉඳල දඟලන්නේ. ආසාවෙන් මැරෙන්න අවනම් උන් එහෙම දඟලන්නේ නෑ නේ.
බුදුන්වහන්සේ මෙලොව පහල උනේ මස් කන්න කියන්නවත් එපා කියන්නවත් නෙවෙයි. එතුමන් වහන්සේ සය වසක් දුෂ්කරක් ක්‍රියා කරලා අමාරුවෙන් සොයගත්හ්ට නිර්වාන මාර්ගය පෙන්වා දෙන්නයි.
මස් කාල හරි නොකා හරි කමක් නෑ හැකි ඉක්මනින් ඒ මාර්ගෙය් යන්න. හැබැයි හොඳ කෙනෙක් ගෙන් ධර්මය අහන්න. නැත්තන් යන්නේ වැරදි මාර්ගයේ.
මස් කන කෙනාට වඩා නොකන කෙනාට ඉක්මනින් ඒ මර්ගේයේ යන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. මොකද මස් කන එක ඇත හරිනවා කියන්නේ ආසාවක් ඇත හරිනවා කියල. එහෙමයි කියල මස් කන්නේ නැති උන් තමන්ගේ අම්මට තාත්තට කෙල්ලට කොල්ලට වස්තුවට තණ්හාවයි නම් උ මස් නොකා ඉඳල හතර පෝයට සිල් ගත්හ්ටත් නිර්වාන මාර්ගයේ යන්න බෑ'
ශෙනික් වගේම MihiCherub සහෝදරය ගැනත් මට සතුටුයි මොකද අඩු ගානේ ධර්මය ගැන දැනීමක් හරි තියෙනව. හොයාගෙන යන්න ආසාව තියෙනව. අද කාලේ ගොඩක් මි හරක් කොල්ලොන්ට වඩා මුන් ගොඩක් හොඳයි. නමුත් අවාසනාවට ඔවුන් ධරමය් පහදා ගන්නේ ප්‍රසිද්දිය පස්සේ යන කිරිබත් ගොඩ හාමුදුරුවෝ වගේ අයගෙන්. දැන් ඉතින් මේකේ එල්ලිලා වාද කරන්න එන්න එපා. මම අර කලින් කියපු ප්‍රශ්න වලට උත්තර දීල ඉන්න.