එල මන් දැක්ක ඒත් ඔක්කොම qt කරන් දගලපුවාම බලන අයට කරදර නිසා නිකන් උන්න. අමාරුවේගෙන වගේ එනව නම් කියන්න.සප් එකක් දෙන්නම්. කෝ මේ බින්ගො දැන් මේවට කමෙන්ට් දාන්නෙ නෑනෙ. පොරට එපා වෙලාද කොහෙද..
![]()

පේන විදියට කට්ටිය එකම කරකව කරකව ආයි ආයිත් අහල තියෙන්නෙ. හැමෝටම පොදුවේ උත්තරයක් දෙන්නම්.
විවිධාකාර නම් වලින් විවිධාකර ධර්ම පොත් ලියවුනාට ඒව විස්වාස කරන්න බෑ. ඒක නිවැරදියි. නමුත් ඒ පොත ත්‍රිපිටකයේ කරුනු අනුව, උදාහරනයකට යමක් පැහැදිලි කිරීමෙන් පසු ත්‍රිපිටකයේ සදහන් වෙන තැන් ආදාල සූත්‍ර පැහැදිලිව සදහන් නම් ඒවා සත්‍ය නම්, ඒ පොත කුමන කෙනෙක් විසින් රචනා කලත් එහි කරුණු සත්‍යක් ලෙස ත්‍රිපිටකය පිලිගන්න ඕනෑම කෙනෙකුට පිලිගන්න වෙනව.
එම නිසා එවැනි පොත පත ආශ්රයෙන් දක්වන කරුනු අහවල් හාමුදුරුවො ලිව්වාට විස්වාස කරන්න බෑ කියන තර්ක සියල්ල බිද වැටෙනව.
මෙතැන් සිට ඉහතකී උපුටා ගත් කරුනු දක්වා ඇත.
නැවත ලීවීමට අපහසු හෙයින් එලකිරියේම පලවූ පෝස්ට් මගින් උපුටාගෙන ඇත.
මාංශ අනුභවය
පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ.
කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)
1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.
(පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.
කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි.
හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.
ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.
මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.
උදාහරණයක් ගනිමු.
1. ඔබ ජීවත් වේ.
2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
3. ඔබ පණ පිටින් බව මම දනිමි.
4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.
කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි.
නමුත් සත්‍ය කතාව නම්,
1. මුදලාලි ඔබව මරනවා.
2. මට මස් කන්න හිතෙනවා.
3. මම ඔබේ මළකුණ දකිනවා.
4. මට මස් කන්න හිතෙනවා.
5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.
ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි.
ඔබේ අල්ලේ වණ තිබේද?
මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය.
මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය.
තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය:
බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.
වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."
[FONT=Helvetica, Arial, sans-serif]References: [/FONT]
මේ ලිපියට කරුණු උපුටා ගත පූජ්‍ය අජාන් බ්රහ්මවංසො හිමිගේ මුල් ලිපිය.
http://www.urbandharma.org/udharma3/meat.html
[FONT=Helvetica, Arial, sans-serif]
[/FONT]
[1] Book of the Discipline, Vol. 4, p. 324
[2] ibid, p. 325
පරිවර්තිත උපුටා ගැනීම
[FONT=Helvetica, Arial, sans-serif]http://thahanamwachana.blogspot.com/2013/06/vegan-scam-devadattism.html[/FONT]

උඹලට මොන බුද්ධ ධර්මයද බන්? ඔකොටම කලින් ගිහින් සිංහල ඉගනගෙන වරෙන්. සිංහල තේරෙන්නේ නැති ප්‍රශ්නයක් දැන් තියෙන්නේ.
උඹේ හාමුදුරුවන්ට කියපන් මම කිවුවා කියලා ,
"භික්ෂුවක් වුනේ බුද්ධ පුත්‍රයෙක් වෙන්නද නැත්තම් පරම අවිහිංසාවාදය උගන්වන්න නිඝ්න්ටයෙක් වෙන්නද කියලා? බෞද්ධ භික්ෂුවක් නං බුද්ධ දේශනා අනුව වැඩ කරන්න."
කියපන් මම කිවුවා කියලා.![]()
බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?
යකෝ මේ මොනාද මේ කියන්නේ ? 
ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.
මචං මම මුලින්ම කිව්වා නේ උබ ඉන්නේ උබේ මතේම හරි කියල මැරෙන්න හදන පසුබිමක ඉතින් උබ කැමති නෑ සත්‍ය සත්‍ය විදිහට දකින්න.
මට අයෙත් ත්රිපිටකෙන් අරන් පෙන්නන්න දෙයක් අවශ්‍ය නෑ. මම කරේ ඔය අරන් පෙන්නලා ඔයාගේ හිතළු අර්ථකතනයක් දීපු ත්‍රිකෝටික පරිශුද්ද ශිලයට හරියාකාර අර්ථකතනයක් දීම විතරයි.
මගේ උදා හරනෙන් ඔයාගේ තර්ක බිඳෙන නිසා ඔය කැමති නෑ මගේ උදාහරනේ බාරගන්න. ඔයා හිතන්න කැමති කඩ කාරය ආසාවට මස් විකුනනවා ඒ මස් මැරුවේ උට තියෙන ආසාවට ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ මම කනවා කියල. මට පරචිත්ත වින්ඝානය නම් නෑ ඔයා හිතන විදිහ ගැන කියන්න. එත් ඔයාගේ මෝඩ තර්කයත් එක්ක තේරෙනවා ඔය හිතන විදිහ.
දෙවැනි පොස්ට් එක ගැන කියන්න තියෙන්නේ ඔයා නම් අමු ගොනෙක් කියල විතරයි. මම කලින් කිව්වා වගේ කඩේ මස් තියෙන්නේ මිනිස්සු ඒවා මිලදී ගන්න නිසා මිසක් වෙන අටමගලයක් නිසා නෙවෙයි. උබල වගේ මස් කන උන් ඒවා ගන්නේ නැත්තන් කඩේ මස් තියෙන්නේ නෑ. උබට ඕක තේරුනත් උබ එක පිළිගන්න කැමති නෑ.
ඔයා මම ලියපු එකවත් හරියට කියවන්නේ නැතුවයි පිළිතුරු දීල තියෙන්නේ. මම එකේ කියල තියෙන්නේ යාළුවා කඩෙන් ගිහින් මස් ගත්ත කියල නෙවෙයි. යාළුවා තමන්ගේ ගෙදර කුකුලව මාරුව කියල. යාළුවා කඩෙන් ගිහින් මස් ගත්තත් ඔය යාළුවගේ ගෙදර යන්න අහම්බෙන් නිසා ඔයා ඒ මස් කාව කියල ඔයාට පව් නෑ. එත් යාලුවට පව්. ඔයාට එක කියවල තේරුම් ගන්න තරම් වත් දැකීමක් නැති එක ගැන මටනම් පුදුමයක් නෑ.
ඔයා කියනවා කඩේ තියෙන නිසයි ගන්නේ කියල. හරි අපි ඒ තර්කෙන්ම ඉදිරියට යමු. ඔය හැම කඩේම තියෙන හැම දේම ඔයාලගේ ගෙදරට ගේනවද? එහෙම නැත්තන් කඩේ තියෙන ඔයාගේ අතට අහුවෙන ඕනෑම මස් ජාතියක් ද ඔයා අරන් එන්නේ? නෑ නේද? ඔයා ගන්නේ ඔයාට කන්න ආස රස කන්න ආස ජාතියේ සත්ව. ඒ කියන්නේ ඔයා ඒ මස් කෑල්ල තෝරාගන්නේ හිතල එත් ඔයා හිතන්නේ නෑ ඒ සත්ව මරන්න ඕනේ කියල මොකද ඒ වෙනකොට ඒ සතා මැරිලා ඉවරයි නිසා. නමුත් ඔයා එක නොහිතුවත් ඔයාගේ යටි හිත දන්නවා මේ සත ඉබේ මරුන එකෙක් නෙවෙයි මේ සතා පාරිබෝගිකයන් වෙනුවෙන් මරපු සතෙක් කියල. එහෙනම් ඔයාට ඉබේටම කර්මය සකස් වෙලා ඉවරයි. චේතනාව සහ ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය යන දෙපැත්තෙන්ම ඔය වැරදි කාරයෙක්.
දැන් අයෙත් කියන්න එපා කඩේ තියෙන හින්ද ගන්නවා කියලනම් එහෙම කියනවනම් ඔයා අමුම අමු ගොනෙක් විතරමයි
ඔය එක කර්මයක් සාධාරණී කරන්න තව කර්මයක් අරන් පෙන්නනවා. අනිත් අය එළවලු කනකොට පුංචි පුංචි කෘමි සත්තු ගොඩක් මැරෙන නිසා. මම මස් කනකොට ලොකු සත්තු මැරුණට කමක් නෑ කියල. අනේ මන්ද ඔයාට ධහම් කරුණු ඉගැන්නුවේ කවුද කියල. බුද්ධ දේශනාව ගැන ඔය දන්නේ හරිම මතුපිටින්. නිගන්ටනාථ පාර අතු ගාවල තමා පාරේ යන්නේ මොකද සත්තු මැරෙයි කියල ඒ වගේ දේවල් බුදු දහම අත්හරින්න කියපු දේවල්.
අනික් කාරණේ අපි එළවලු කන්නේ අපිට ඊට වඩා හොඳ විදිහට කන්න දෙයක් නැති නිසා. අපිට ලොකු ඉඩමක් තිබුනානම් අපිත් කාබනික පොහොර දාල වවාගෙන කනවා. එක අපේ ශරීරයටත් හොඳයි නිසා. මේ කෘමි නාශක භාවිතය මිනිස්සුන්ටත් අහිත කරයි. එත් අපිට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑ. අපි කෘමිනාශක ගහපු නැති ඒවා ඉල්ලුවත් ගොවින් එකට කැමති නෑ. ඒ කියන්නේ අපිට කිසිම චේතනාවක් නෑ කෘමිනාශක ගහපු එළවලු කන්න. අපි ආසත් කාබනික පොහොර දාපුවා කන්න.
ඔයාගේ තර්ක හරිම සියුමැලි සහෝදරයා. ඔයාගේ තර්කය බිඳින්න කියල ඔය මට අභියෝග කල. දැන් එක බිඳිලා ඉවරයි. දැන් කියන්න එපා ත්රිපිටකෙන් මොනාහරි කොටසක් අරන් දැම්මේ නෑ නේ කියල. මම ලියල තියෙන්නේ මනෝ විකාර කියල. මම කරේ ඔය ත්රිපිටකෙන් ගත්ත දේට හරි නිර්වචනයක් දීපු එක. ඔයාට පුලුවන්නම් තර්කයෙන් මගේ මතේ බිඳලා පෙන්නන්න. ඔය මගේ තර්ක මෝඩ ඒවා කියා කියා හිටිය මිසක් ඒවා බිඳින්න උත්සහ කලේ නෑ.
දර්මය දන්නවා කියන්නේ සහෝ ත්‍රිපිටකේ කියවනවා කියන එක නෙවෙයි. අපිට එක පාරටම පෙනෙන්න තියෙන තේරුමට වඩා මහා ගැඹුරු තේරුමක් බුදුදහමේ තියෙනව. එහෙම නැත්තන් මේ වෙනකොට අපේ ලංකාවේ ඉන්න මහා විශාරධ අපේ ත්‍රිපිටකධාරි ස්වාමින් වහන්සේලා රහත් වෙන්න ඕනේ නේ.
දැන් කියන්න එපා උබට මේවා තේරෙනවනම් උබ රහත් වෙළද කියල. නෑ මචන් ත්වමනම් නෑ එත් උත්සහ කරනවා තව බුදු කෙනෙක් උපදින්න පෙරාතුවම ධර්මාව බෝධය ලබන්න.
සහෝදරයා කොහෙද කියල තියෙන්නේ ඔයා වෙනුවෙන් මරපු සතාගේම මස් කෑවොත් විතරයි ඔයාට පව් කියල? ඔය කියනවා සල්ලි දීල ගන්න එක උපක්‍රමයක් වෙන්නේ නෑලු අර ඔයාගේ හේතුව ට පසුව ඵලය සිදුවන කතන්දරයක් නිසා.
මචං ඔයා යොදන උපක්රමේ එහෙම නැත්තන් සල්ලි දීල ගන්න නිසා තමා factory කාරය තව තව සත්තු මරන්නේ. ඒ මරණ සත්තු ඔයාම කන්න ඕනේ නෑ ඔයාට පව් පිරෙන්න. ඔයාලට මේක පෙනෙන්නේ නැත්තේ මහා විශාල ජන ප්‍රමාණයක් ගැන හිතන නිසා. මෙහෙම හිතන්න දෙන්නෙක් ඉන්නවා. මස් මරණ මිනිහෙක් ඉන්නවා. මුලින්ම මස් මරණ මිනිහ සත්තු මරල කනවා. ඔය දකිනවා එය මස් කකා ඉන්නවා. ඔයාටත් ආස හිතෙනවා මස් කෑල්ලක් කන්න. එයා මරපු සතෙක් ගෙන් ඔයා ගිහින් ඉල්ලගෙන කනවා. ඔයාට පව් නෑ සහෝ. ඔය වෙනුවෙන් මරලත් නෑ, ඔයාට ඒ සත්ව මරන්න හිතුනෙත් නෑ ඔයා එයට අනුබලයක් දුන්නෙත් නෑ.
හරි ඊට පස්සේ ඔය එකට ගොඩක් ආස වෙනවා ඔය මස් මරණ කෙනාට සල්ලි දීල ඔය වෙනුවෙන් මරව ගන්නවා සත්තු. එය සුද්ද කරලා කෑලි කපල ඔක්කොම කරලා දෙනවා ඕනෙනම් ඔයාට ගෙදරටම ගෙනල්ලත් දෙනවා. ඔයා දකින්නේ නෑ එයා ඔයාට ගෙනාවේ ඔය වෙනුවෙන් මරපු සතගේම මස් ද එහෙම නැත්තන් එයා එයා වෙනුවෙන් මරපු සතාගේ මස් ද කියල. ඔය ඒ මස් කෑවා කියල තවම ඔයාට පව් පිරිලා නෑ. එත් මස් මරන්නා ගෙදර ගියාම එයට කන්න මස් නෑ. මොකද ඔයාට එයාගේ මස් ටික දීපු නිසා ඒ නිසා එය ගිහින් ඔය දීපු සල්ලි වලින් සත්තු ඇති කරන තැනකින් සතෙක් අරන් ඇවිත් ඒ සතා ව මරනවා. ඔයාට කියන්න පුලුවන්ද එතනින් පස්සේ ඒ සතා මරුනේ ඔයාගේ උපක්‍රමය නිසා නෙවෙයි කියල? හේතුව ඔයා නෙවෙයි කියල? මචෝ බුදුදහම ඔය හිතනවට වඩා ගොඩක් ගැඹුරුයි. හරියට අල්ලාගත්තේ නැත්තන් උබත් විනාසයි උබ කියන ඒවා අහන උනුත් විනාසයි.
තවත් එහාට යනවනම් මම කිව්වා නේ දෙන්නක් ඉන්නවා කියල ඉතින් ඔය මස් කනකොට ඔයාගේ ගෙදරට අනිකා එනව ඔය මස් එයට දුන්නම එයටත් ආස හිතෙනවා. එයත් අර මස් මරණ කෙනාට සල්ලි දෙනවා. ඉතින් මේක හොඳ ව්‍යාපාරය කියල හිතන මස් මරණ මිනිහ වැඩි වැඩියෙන් මස් මරල ගේ ඉස්සරහ එල්ලන් ඉන්නවා දකින දකින අය ගිහින් සල්ලි දීල මස් ගන්නවා. පළමු මස් කැබැල්ල ඔය වෙනුවෙන් ඔයාගේ චේතනාවකින් හෝ සහයෝගයකින් මාරුව සතෙක් ගේ නොවුනට ඔය දෙන සල්ලි වලින් ඒ මිනිහ මස් ගන්න තව තව සත්තු අරන් එනවා ඔයාගේ සල්ලි වලින්. තව තව දියුණු උපකරණ ගන්නවා. සහයට මිනිස්සු ගන්නවා. සත්තු මරන්න ලෙහෙසි වෙන්න උපක්‍රම හදනව. මේ හැම අවස්ථාවකදීම ඔයාට පව් නෑ කියල ඔය කොහොමද කියන්නේ. ? මොකද ඔයාගේ උපක්‍රමය නිසයි මේ දේවල් වෙන්නේ. ඔයා තිරයෙන් පිටුපස දේවල් ටික හොඳට කවර් කරලා ඉස්සරහ ටික විතරක් බලන් කියනව කඩේ තියෙන නිසා මස් කනවා. මට චේතන්වක් නෑ. මම උපක්‍රම යෙදුවේ නෑ කියල.
කන්න ඕන උනහම කබරයා තලගොයා කරනව කියන්නේ ඕවට තමා. දැන් ඉන්න උන් තලගොයා නෙවෙයි කබරයා හාවෙක් කරයි කන්න ඕන නම්.
බුදු හාමුදුරුවෝ කොහේ හරි කියල තියෙනවද ස්ත්‍රී දුෂණය තහනම් කියල? එකත් මේ වගේම පන්සිල් පද වලින් විතරයි නේද දේශනා කරලා තියෙන්නේ? ලංකාවේ ගණිකාවොත් ඉන්නවනේ උන් හිටියේ නැත්තන් අපි ගණිකාවෝ හදන්නේ නෑ නේ කියල එකත් කරාට පව් නැද්ද?
අපේ මස් කෑවට පව් නෑ. බුදුන් වහන්සේ මස් කන්න එපා කියල නීති දාල නෑ කියන අයට තව පොඩ්ඩක් කියන්න තියෙනවා. බුදුන් වහන්සේ සාමාන්‍ය ජනතාවට තියා භික්ෂු සංඝයටවත් නීති දාන්න කැමැත්තක් තිබ්බ උතුමන් වහන්සේ නමක් නෙවෙයි. එතුමන් වහන්සේට අවශ්‍යවුනේ අවබෝධයෙන් ධර්මය පසු පස යන අය මිසක් බලෙන් ගෙන යන්න නෙවෙයි. අපේ මේ කට්ටිය හරියට මුස්ලිම් අය වගේ. එයාලට දෙයක් පිළිගන්න පොතේම තියෙන්න ඕනේ. ඔන්න අල්ලාහ් තුමනම් කියල තියෙනව අනිත් සත්වයන් සියල්ලම ඉපදිලා තියෙන්නේ මිනිසාගේ ආහාරය සඳහාය කියල. උරයි බල්ලයි ඇරුනම. අපේ කට්ටියගෙයි හම්බයන්ගෙයි ලොකු වෙනසක් නෑ වගේ කියලයි මටනම් පෙන්නේ.
අනික shenic සහෝදරයා බුධුන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ අරඹයා නොවදාළ යුතු මාංශ දහයක් ගැන සඳහන් කරලා එය එකෙන් කියන්න හදනව ඒවා විතරයි කන්න පව් අනිත්ව කෑවට කමක් නෑ කියල. මචං ඔය හැම තැනින්ම ටික ටික ගන්නවා මිසක් ඔක්කොම එකට ගන්නේ නෑ.
මේක හරියට networking වල access list එකක් වගේ හිතන්න. මුලින්ම ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයට අනුව ලැබෙන දානයක් ගැන හිතන්න. උදා: වැද්දෙක් දිවියෙක් මරල කෑමට ගන්න හදනවා ඒ වෙලාවේ එතනින් අහම්බයෙන් භික්ෂුවක් වැඩම කරනවා ඉතින් අර වැද්දට සිතුවිල්ලක් පහල වෙලා අර දිවිමස් වලින් කොටසක් අර භික්ෂුවට පුජ කරනවා. එතකොට එක ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයට අනුව නිරවුල් දානයක් භික්ෂුවගේ පැත්තෙන්. එත් එතනිදී පුජා කරපු මස් දිවි මස් නිසා එක අර ශිලයෙන් නිරවුල් උනත් බික්ෂුවට ආහාරයට ගන්න බෑ. මොකද බුධුන් වහන්සේ තහනම් කල මස් වර්ග දහයට එක අඩංගු නිසා. දැන් අහයි ඇයි එහෙනම් අනිත්ව තහනම් කලේ නැත්තේ කියල. මේ මස් වර්ග දහය තහනම් කලෙත් භික්ෂුන්ගේ ඉලිම්ට මොකද විවිධ භාවනා සඳහා මෙම මස් වර්ග භාවිත සුදුසු නැති නිසා.
අනික ඒ මස් වර්ග දහයේ නියමය අදාළ වෙන්නේ භික්ෂුන්ට විතරයි.
හරි මම කිව්වනේ මේක access list එකක් වගේ කියල එහෙනම් මම කියන්නම් කොහොමද මස් මාංශ කන එක සාමාන්‍ය මිනිසුන්ට පව් සිද්ද වෙන්නේ කියල.
පළවෙනියටම අපි බලමු මේකට අදාල වෙන බුද්ධ දේශනා.
පළමු පන්සිල් පදය
දෙවන සිල් පදය
ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය
චේතනාවම කර්මය යයි පවසමි
කරණිය මෙත්ත සුත්‍රය
සහ බුදුන් විසින් වදාළ පව් කිරීමට ප්‍රථම තමාව උදාහරණයට ගන්න කියන දේශනාව.
(මේවට පාලි සෝස් එකේ ලින්ක් එවන්න නම් මට විදිහක් නෑ. ඔෆිස් එකේ ඉන්නේ.) ඕනෑම කෙනෙක් දන්නවා ඉහත සඳහන් පහම බුධුන් වදාළ දේවල් කියල.
පන්සිල් පදයෙන් කියනවා මම සතුන් නොමරමි, මරන්නට අනුබල නොදෙමි,
දෙවන සිල් පදයෙන් කියනව මම අනුන්ගේ දේ හොරෙන් බලයෙන් නොගනිමි කියල.
ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලාදී කියනව
1. තමා නිසාම මරණ ලද බව ඇසින් නොදුටු,
2. තමා නිසාම මරණ ලද බව කණින් නොඇසූ,
3. තමා නිසාම මැරූ බවට සැකයක් නොමැති.
දේවල් වලන්දුවට කමක් නෑ කියල.
හරි මේ ටික විතරක් දැනට ගමු.
ඔයා කඩේට ගිහින් සල්ලි දීල ගන්නකොටම පළමු වෙනි ශික්ෂා පදය කැඩෙනවා. මොකද ඔයා දැනුවත් ව හෝ නොදැනුවත්ව සල්ලි දීමෙන් වෙන්නේ factory එකේ ආදායම ඉහල යෑම හා ඔවුන් තව තවත් තමන්ගේ යන්ත්‍ර සුත්‍ර වැඩි කරගැනීම ශ්‍රම බලකාය වැඩි කරගැනීම වගේ දේවල් නිසා.
ඉලඟට මේ කිසිම සතෙක් තමන්ගේ ආසාවට ජීවිතය දෙන්නේ නෑ මස් වලට මස් මරණ මිනිස්සු එක කරන්නේ බලයෙන් වදදිමෙන් එහෙනම් ඔය සල්ලි දෙනවා කියන්නේ ඔය එයාලට අනුබල දෙනවමයි.
ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයට අනුව ඔයා සමහර විට ඇසින් දකින්නේ නැති වෙන්න පුලුවන් සත්තු මරනවා. කනින් අසන්නේ නැති වෙන්න පුළුවන් මේ සර්ට මරපු කුකුළා කියල.
නමුත් කඩේ ඉන්න සේරම සත්තු පාරිබෝගිකයන් වෙනුවෙන් (ඔබත් ඇතුළුව) මාරුව බව ඔයා ආස නැති උනත් ඔයා ගේ යටි හිත දන්නවා. මොකද සත්තු මරන්නේ එළවලු කන උන්ට කන්න නෙවෙයි නිසා. සහ සත්තු වැඩි නිසා කඩ කාරය මරනවා නෙමෙයිත් නිසා. සත්තුන්ගේ මස් කඩේට එන්නේ ගස් වලින් කලා නෙවෙයි කියල ඔයා දන්නා නිසා. ඔය දන්නවා මස් ගන්නනම් සත මරන්න ඕනේ කියල. සත මරුනනම් ඒ සත මරුනේ පරිබෝගිකයෝ නිසා කියල ඔය දන්නවා. ඔයා අද ගන්න මස් කැබැල්ලට ඔයාට පව් නැති වෙන්න පුළුවන් නමුත් ඔයා ගිහින් දෙන සල්ලි වලින් ඒ මිනිස්සු අලුත් සතෙක් ගෙනත් ඒ සතාගේ හිස ගහල දාපු සැනෙකින්ම ඔයා පව් කාරයෙක්. ඔයාට සැකයෙන් මිදෙන්න බෑ. ඔය කොච්චර තර්ක හදවතින් ඔය දන්නවා මේ සත්තු මැරෙන්නේ විඳවන්නේ පරිබොගිකයන් නිසා කියල.
චේතන්ව කර්මයට් මුල් වේ කියන දේශන්ව අරන් පවෙන් ගැලවෙන්න ඔයාට බෑ. මොකද මම ඉසෙල්ලා කිව්වා වගේ කඩේ තියෙන නිසා මස් ගන්නවා කිව්වට ඔයා දන්නවා කඩේට එන්න කලින් ඒ මස් තිබ්බේ සතෙකුගේ ඇඟේ කියල. ඔය දන්නවා ඒ සත්ව මරල කියල. එහෙනම් ඔය සල්ලි දීල ගෙදර අවට පස්සේ කවම දාක හරි ඒ සල්ලි වලින් තව සතෙක් මරුන විගසම ඔයාගේ චේතනාව සම්පුර්ණයි පව් පිරෙනවමයි.
හරි ඔන්න access list එකේ කොටස් කිහිපයක් ඉවරයි ඊළඟ අදියර. බුදුන් වහන්සේ මහා කාරුණිකයාණන් වහන්සේ කියල කියන කටින්ම අපේ අය කියනව උන් වහන්සේ මස් කන්න එපා කියල නෑ කියල. එළවලු කන උන්ට පිස්සු කියල.
අපේ මස් කන උපාසක මහත්වරු කරණිය මෙත්ත සුත්‍රය කියවලම නැද්ද කොහෙද. දුර, ළඟ, ලොකු, පොඩි, දිග, කෙටි, මහත, කෙට්ටු, ඇසට පෙනෙන, ඇසට නොපෙනෙන, බිජුවෙන් උපන්, කලලෙන් උපන්, ඕපපාතික මේ හැම සත්වයෙක්ටම my3 වේවා කියල ප්‍රර්ථනා කරන කෙනා කොහොමද සතෙක් ගේ මස් රස කර කර කන්නේ?
අන්තිම කාරණේ සහ වැදගත්ම කාරණේ. මේ rule එකෙන් access list එකේ ඔය කුණු කන්දල් ඔක්කොම block කරලා දානවා.
පව් කිරීමට ප්‍රථම තමා උපමාවෙහි යෙදෙන්න.
කවුරු හරි කෙනෙක් මස් වැද්දෙක් ගෙන් මස් ඉල්ලනවා ඒ මනුස්සයට මරන්න සතෙක් හොයාගන්න බැරුව එයා ඔයාගේ අම්මව උස්සන් ගිහින් මරල අර මස් ඉල්ලපු කෙනාට දෙනවා ඔයා ආසද එකෙට? එහෙනම් අහිංසක කිරිබොන ගව පැටව ආසද එයාගේ අම්මව ගෙනිහින් බෙල්ල කපනවට?
එහෙම නැත්තන් අර මස් මරන්න ඔයාව ඇදගෙන ගිහින් අත් කකුල් හතර ගැටගහල ඔයාගේ බෙල්ල කපනවා අල්ලාහ් හුවක්බර කියල ඔයා ආසද? එහෙනම් අනෙක් ආස වෙයි ද එකට?
මෙලොව උපන් සියලු සත්වයෝ මරණයට භිය වුවෝ වෙති. දඬුවමට භිය වුවෝ වෙත්. එසේනම් ඔබ කෙසේද සතෙක් මරන්නේ හෝ මරපු සතෙක් අනුභව කරන්නේ? කඩේ තියෙන කසිම සතෙක් අසාවෙන් මරුන උන් නෙවෙයි.

..ඉස්සරවෙලා අර කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොත කියවලා නොමග ගියාදෝ කියලත් හිතෙනවා...

වරද මචන් දානයක් පිරිනැමිය යුතු පලියට පිරි නැමීම කියලයි මට හිතෙන්නෙ
හිතේ ශ්‍රද්ධාව නැතිව කරපු වැඩක් වෙන්නත් පුලුවන්. ධාරණිපාත වැස්ස නිසා කර කියා ගන්න දෙයක් නැති නිසා උන දෙයක් වෙන්නත් පුලුවන්

උබ කියලා තියෙන දේ හරි කියලා මටත් දැන් හිතෙනවා..ඉස්සරවෙලා අර කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොත කියවලා නොමග ගියාදෝ කියලත් හිතෙනවා...
මම සතුන් මැරීමට අනුබල නොදෙමි කියන සිල් පදය අනිවාර්යෙන්ම මස් මිලදී ගනිද්දි බිදෙනවා...ඒක නෑ කියන්න බෑ...![]()
එක්කෙනෙක් හරි, හරි මග යනවනම් එච්චරයි මචං. අපේ කටේ අඟල් දෙකක් වගේ දිග දිව පිනවන්න අහිංසක සත්තු දස දුක් දීල මරණ එක පුදුමාකාර පවක්. ඒ පවෙන් ගැලවෙන්න කිසිම සත්වයෙක්ට බෑ මොන තර්ක ගෙනාවත්.
හොඳම උදාහරනේ අපේ බුධුන් වහන්සේ යම් අතම භවයක මාළු අල්ලන මිනිස්සුන්ගේ දලකට අහු උන මාළු දඟලනවා දැකල සිනහ උනා. බුදු උනත් ඒ කරපු පවට බුදුන් වහන්සේට දරුණු හිසරදයක් තිබුන. එහෙනම් මේ මිනිස්සු කියනවා වගේ අපි නෙවෙයි මැරුවේ කියල අපිට පවෙන් බේරෙන්න පුලුවන්ද මචං? මේ හැම දේම රසට ගිජු වෙච්ච අපේ හිත නිසා අපි බුදු බණත් වෙනස් කරන්නයි හදන්නේ.

බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?
moke thiyenne?නෑ බන් මම අහන්නෙ
1.තමන් වෙනුවෙන් මැරූ බව දුටු
2.තමන් වෙනුවෙන් මැරූ බව ඇසූ
මාංෂයක් කද්දි චේතනාත්මකව කර්මයක් සිද්ද වෙන්නෙ කොහොමද?
හැබැයි වෙන කෙනෙක් අපි වෙනුවෙන් මරල ගෙනත් දෙන සතෙක්වත් ආහාරයට ගන්න හොද නැති බව බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා.(ත්රිකෝටො පාරිශුද්ධ මාංශය) එතනදිත් අපේ චේතනවක් නෑ සතාව මරන්න.

ඇත්ත ඔයා කියන කතාවේ හරි. එතන තර්කයක් තියනවා. මෙතන මම දන්න කොටසක් තියනවා. නොදන්න කොටසක් තියනවා.
නොදන්න කොටස මම කතා කරන්න යන්නේ නෑ. හේතුව මේ බුදු දහම. හැමෝම හැම දේම දන්නේ නෑ. ප්‍රශ්න ඇති වෙනවා. ඒවා හොයලා බලලා කියවලා බලලා, දන්න අයගෙන් අහලා දැනගෙන තේරුම් ගන්න ඕන දේවල්. මමත් අනිවාර්යෙන්ම එහෙමයි.
දන්නා කොටස.
තමන් වෙනුවෙන් කියපුවම,
1. චේතනාත්මකව සතාගේ ඝාතනයට දායක වෙනවා.
ඒ අවස්ථාවේදී,
එක්කෝ ඔයා ඒ වෙලේම order කරනකොට.
එක්කෝ කලින් order කියලා තියන කොට.
ඒ මොහොතේ, ඔයා වෙනුවෙන් මරණ බව දැනගෙන, මස් ඉල්ලනකොට
වෙන කෙනෙක් මරන්න යවනවා.
....... etc
දකිනවා, අහනවා. එතකොට කෙලින්ම ඔයාම දායක වෙන නිසා, ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය බිඳෙනවා පව හරි.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
සොයා බැලිය යුතු, හරියට නොදන්නා කොටස.
තමන් වෙනුවෙන් කියපුවම,
2. චේතනාත්මකව සතාගේ ඝාතනයට දායක වෙන්නේ නැති.
ගෙදරකට යනකොට ඔයා නොදැනුවත්ව, ඔයා වෙනුවෙන්ම මරලා හදලා තියෙන්න පුළුවන්.
මගේ දැනුම අනුව (මම වැරදි වෙන්න පුළුවන්) පවක් වෙන්න විදිහක් නැහැ. මොකද සතාගේ ඝාතනයට චේතනාවෙ බලපෑමක් නැහැ. අපි කන්න යනකොට සතා මැරිලා ඉවරයි. අපි දන්නෙත් නෑ.
++++++++++++++++++++++++++++++++++++++++++++++
View attachment 56003
View attachment 56004
මෙතන මෙහෙම දෙයක් තියනවා බන්, මේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ගැන සඳහන් බොහෝ ස්ථාන භික්ෂුන් වහන්සේලාගේ ශිලය සම්බන්ධව දේශනා කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේ නමක් නම්, චේතනාවක් තිබ්බත් නැතත්, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැරද්දුවොත්, ශිලය බිඳෙනවා, "දුකකට ආපත්තිය" සිදු වෙන බව සඳහන්.
බුදු රජාණන් වහන්සේ, ත්‍රිකෝටික පරිශුධ මාංශය අනුමත කරනවා. හැම දේම සලකා බලලා අනුමත කරලා තියෙන්නේ. ඉතින් ගිහි අපි ඒක අනුගමනය කළා කියලා ගැටළුවක් නැහැ නේ. සමහර විට පාපයක් නොවෙන්නත් පුළුවන්. නමුත් අපිත් අනුගමනය වඩා හොඳයි නේද?
අන්න ඒක හොයලා බලන්න ඕන කරුණක්..![]()
![]()