රටට ගිය කලක්

kelaniy

Active member
  • Aug 16, 2007
    618
    34
    28
    Puka deemeth seemawak thiyenna oni...
    oya aluthen bakery ekak dapu ekek uge bakery eke hadana kama walin mulinma hadapu ewain hama ekenma 1 gane genalla puja karala thiyanawa. mokadda eke waradda???

    yako pansalata gihin anith eka mokada karanne, aru thibba male patai, aruge hadun kure suwadai, anith ekage budha pujawe thiyenne monawadai kiyala balanne nathuwa, thamun apu wade karala pinak dahamak karagena pansalen palayan...

    mewage eun innakan lankawata kelawenawa, kalisama galola adaganinin cheethayakui nicker ekakui... lajjai yako...
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo

    උබ කියලා තියෙන දේ හරි කියලා මටත් දැන් හිතෙනවා:rolleyes:..ඉස්සරවෙලා අර කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොත කියවලා නොමග ගියාදෝ කියලත් හිතෙනවා...:oo:
    මම සතුන් මැරීමට අනුබල නොදෙමි කියන සිල් පදය අනිවාර්යෙන්ම මස් මිලදී ගනිද්දි බිදෙනවා...ඒක නෑ කියන්න බෑ...:baffled:

    eka thamai yako math me giriya kadagena type kale mechchara wela munta theren nene oya tika,

    :angry::angry::angry::angry::angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම අවුරුදු 9 ක් පුර්ණ කාලීනව නිර්මාන්ශයි .. ඒ සත්ව ඝාතනයට මම එකෙන්ම විරුද්ද හින්ද.. එත් බුද්ධ දේශනාව අනුව මස් කන එක පවක් වෙන්නේ නැහැ. සමහර උදවිය දැන් අලුතෙන් සිල් පදත් හදල මේ මස් මාංශ ප්‍රශ්නය වෙනුවෙන්. එත් නියම බුද්ධ දර්ශනයේ තියන්නේ තමුන් වෙනුවෙන් නොමරන ලද සතෙකුගේ මස් කෑවා කියල පවක් සිද්ද වෙන්නේ නැහැ කියල.

    කාලයක් මමත් හිතන් හිටිය සත්තු මසට ඇති කරන්නේ අපි කන නිසා නේද කියල.. එහෙම බැලුවාම ඒ සත්තු මැරෙන්නේ අපි වෙනුවෙන් කියල. එත් ඒක වැරදි දෘෂ්ටියක් කියල පස්සේ තේරුම් ගත්ත. බුදුරජානන් වහන්සේ දේශනා කරපු ප්‍රාණඝාතයට අදාළ කරුණු 5 සම්පුර්ණ නොවී ප්‍රාණඝාත අකුසලය සිද්දවෙන්නේ නැහැ.

    බුද්ද පුජාවට මාංශ ආහාරයක් පුජා කරා කියල පවක් සිද්දවෙන්නේ නැහැ වළඳන්න එපා කියපු මස් වර්ග නෙවෙයිනම්. සොසේජස් එක්ක බනිස් ගෙඩි පුජා කරපු කෙනා එයාගේ පින අනුමෝදන් වෙලා ඉවරයි .. එක දිහා බලල අපේ එවුන් කරගන්න පව සුළුපටු නැහැ . වෙනත් කෙනෙක් පුජා කරපු දෙයක් දැකල සාදු සාදු සාදු කියල පින අනුමෝදන් වෙන්න අපේ මිනිස්සු පුරුදු නැහැ. දන්නෙම පුජා කරපු දේ විවේචනය කරලා පව් ගොඩ වැඩිකරගන්න විතරයි.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    eka thamai yako math me giriya kadagena type kale mechchara wela munta theren nene oya tika,

    :angry::angry::angry::angry::angry:

    මමත් ඔය මතයේ තමා හිටියේ ත්‍රෙඩ් එක පටන් ගන්න හරියේ...ඒත් අර ෂෙනික් දුන්නු කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොත කියවලා මනස අවුල් වුනා..:baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං මම මුලින්ම කිව්වා නේ උබ ඉන්නේ උබේ මතේම හරි කියල මැරෙන්න හදන පසුබිමක ඉතින් උබ කැමති නෑ සත්‍ය සත්‍ය විදිහට දකින්න.

    ඔයාටවත් මටවත් මෙතන මතයක් නෑ. බෞද්ධයෙක් නං බුද්ධ දේශනා අනුව ඉන්න.

    මට අයෙත් ත්රිපිටකෙන් අරන් පෙන්නන්න දෙයක් අවශ්‍ය නෑ. මම කරේ ඔය අරන් පෙන්නලා ඔයාගේ හිතළු අර්ථකතනයක් දීපු ත්‍රිකෝටික පරිශුද්ද ශිලයට හරියාකාර අර්ථකතනයක් දීම විතරයි. මගේ උදා හරනෙන් ඔයාගේ තර්ක බිඳෙන නිසා ඔය කැමති නෑ මගේ උදාහරනේ බාරගන්න. ඔයා හිතන්න කැමති කඩ කාරය ආසාවට මස් විකුනනවා ඒ මස් මැරුවේ උට තියෙන ආසාවට ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ මම කනවා කියල. මට පරචිත්ත වින්ඝානය නම් නෑ ඔයා හිතන විදිහ ගැන කියන්න. එත් ඔයාගේ මෝඩ තර්කයත් එක්ක තේරෙනවා ඔය හිතන විදිහ.

    දෙවැනි පොස්ට් එක ගැන කියන්න තියෙන්නේ ඔයා නම් අමු ගොනෙක් කියල විතරයි. මම කලින් කිව්වා වගේ කඩේ මස් තියෙන්නේ මිනිස්සු ඒවා මිලදී ගන්න නිසා මිසක් වෙන අටමගලයක් නිසා නෙවෙයි. උබල වගේ මස් කන උන් ඒවා ගන්නේ නැත්තන් කඩේ මස් තියෙන්නේ නෑ. උබට ඕක තේරුනත් උබ එක පිළිගන්න කැමති නෑ.

    ඔයා මම ලියපු එකවත් හරියට කියවන්නේ නැතුවයි පිළිතුරු දීල තියෙන්නේ. මම එකේ කියල තියෙන්නේ යාළුවා කඩෙන් ගිහින් මස් ගත්ත කියල නෙවෙයි. යාළුවා තමන්ගේ ගෙදර කුකුලව මාරුව කියල. යාළුවා කඩෙන් ගිහින් මස් ගත්තත් ඔය යාළුවගේ ගෙදර යන්න අහම්බෙන් නිසා ඔයා ඒ මස් කාව කියල ඔයාට පව් නෑ. එත් යාලුවට පව්. ඔයාට එක කියවල තේරුම් ගන්න තරම් වත් දැකීමක් නැති එක ගැන මටනම් පුදුමයක් නෑ.

    ඒක තමා මෝඩයෝ මම දැනුත් අහන්නේ චේතනාවක් නැතුව කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා? :D
    කඩේ, ගන්න යන සතා, ගන්න යන මොහොතේදී මැරිලා ඉවරයි! අතීතයේ සිද්ද වෙලා තියෙන්නේ! අපේ චේතනාවෙ බලපෑමකින් තොරව! චේතනාවක් නැතුව කර්ම රැස් වෙන්නේ කොහොමද?

    ඔයා කියනවා කඩේ තියෙන නිසයි ගන්නේ කියල. හරි අපි ඒ තර්කෙන්ම ඉදිරියට යමු. ඔය හැම කඩේම තියෙන හැම දේම ඔයාලගේ ගෙදරට ගේනවද? එහෙම නැත්තන් කඩේ තියෙන ඔයාගේ අතට අහුවෙන ඕනෑම මස් ජාතියක් ද ඔයා අරන් එන්නේ? නෑ නේද? ඔයා ගන්නේ ඔයාට කන්න ආස රස කන්න ආස ජාතියේ සත්ව. ඒ කියන්නේ ඔයා ඒ මස් කෑල්ල තෝරාගන්නේ හිතල එත් ඔයා හිතන්නේ නෑ ඒ සත්ව මරන්න ඕනේ කියල මොකද ඒ වෙනකොට ඒ සතා මැරිලා ඉවරයි නිසා. නමුත් ඔයා එක නොහිතුවත් ඔයාගේ යටි හිත දන්නවා මේ සත ඉබේ මරුන එකෙක් නෙවෙයි මේ සතා පාරිබෝගිකයන් වෙනුවෙන් මරපු සතෙක් කියල. එහෙනම් ඔයාට ඉබේටම කර්මය සකස් වෙලා ඉවරයි. චේතනාව සහ ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය යන දෙපැත්තෙන්ම ඔය වැරදි කාරයෙක්.

    දැන් අයෙත් කියන්න එපා කඩේ තියෙන හින්ද ගන්නවා කියලනම් එහෙම කියනවනම් ඔයා අමුම අමු ගොනෙක් විතරමයි

    උඹ ම කල්පනා කරලා බලපන්, අනුන්ට ගොනා කියන, උඹ මොන තරම් මෝඩයෙක් ද කියලා! :D

    මම දන්නවා පාරිභෝගිකයෙක් නිසා මරලා තියෙන්නේ කියලා. යටිහිත උඩු හිත කියලා මගුලක් නෑ!

    ඒවගේම මම දන්නවා මම ගන්න එනකොට මගේ චේතනාවේ දායකත්වයකින් තොරව මරලත් ඉවරයි කියලා.

    එතකොට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය අනුවත්, මම තෝරා ගත්ත සතා, මම මම වෙනුවෙන් මරනවා දැක්කෙත් නෑ, ඇහුවෙත් නෑ, සැක කලෙත් නෑ.

    එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ ශිලය අනුව, මම තෝරා ගත්ත සතා, මම මැරුවෙත් නෑ, කඩකාරයා ලවා මැරෙවුවෙත් නෑ, කඩකාරයට මරන්න කිසිම ක්‍රමයකට අනුබල දුන්නෙත් නෑ.

    උඹේ මෝඩ කමට උඹ හිතන් ඉන්නේ මිනිහෙක් අහඹු විදිහට කඩේකට යන එක අනුබලයක් කියලා. ඒක කොහොමද අනුබලයක් වෙන්නේ? ඒක අනුබලයක් ද නැද්ද කියන එක චේතනාත්මකව හිතන්නේ කඩේ අයිතිකාරයා. අපි කොහොමද අපේ වැඩක් කර ගන්න කඩේට ගියාම, කඩේ මිනිහගේ චේතනාවට හවුල් වෙන්නේ? ඒ චේතනා පහල කරලා තමන්ට ඕන ඒවා කරන්නේ ඒ මිනිහා නේ? අපි මොනා කරන්නද? කාරෙකත් උගේ පෙට්‍රලුත් උගේ. අපි කැමති නං නගිනවා නැත්තන් නිකා ඉන්නවා. සත්තුත් උගේ. මරන්නෙත් ඌ. මසුත් උගේ. අපි කැමති නං ගන්නවා නැත්තම් නිකන් ඉන්නවා.

    දැන් කොහොමද මනුස්සයෝ මම තෝරා ගත්ත සතා වෙනුවෙන් මට ඉබේට කර්ම රැස් වෙන්නේ? මගේ චේතනාවත් නැතුවම? ඒක එකාට ඕන විදිහට නෙවේ මනුස්සයෝ කර්ම රැස් වෙන්නේ අපි හිතන අපේ චේතනාවට අනුව.

    බලපන් මේ සුළු කරුණ තේරුම් ගන්න බැරි උඹ මොන තරම් මෝඩයෙක් ද කියලා? :D

    සුප්පියා නමැති, සෝවාන් වෙච්ච උපාසිකාව, දානයක් දෙන්න "විකිනීමට ඇති මසක් අරන් එන්න" කියලා සේවකයෙක් කඩේට යවනවා කියලා ත්‍රිපිටකයේ සඳහන්. තියෙන්නේ, මහාවග්ග පාලි - භේසජ්ජක්ඛන්ධ. එතකොට දැන් සෝවාන් වෙච්ච අය පවු කරනවද? නැත්තම් ත්‍රිපිටකයේ තියෙන්නේ බොරු කියලද කියන්නේ? අඩු ගානේ තමන්ගේ මොලේට තේරෙන්නේ නැත්තම්, ධර්මය අවබෝධ කල සිවුවනක් පිරිස හැසිරුනේ කොහොමද කියලා කියවන්න.

    ගොන් මතවාද මගේද තියෙන්නේ උඹේ ද? මට ගොනා කියන්න කලින් ගිහින් බුද්ධ දේශනා කියවලා වරෙන්. :D

    ඔය එක කර්මයක් සාධාරණී කරන්න තව කර්මයක් අරන් පෙන්නනවා. අනිත් අය එළවලු කනකොට පුංචි පුංචි කෘමි සත්තු ගොඩක් මැරෙන නිසා. මම මස් කනකොට ලොකු සත්තු මැරුණට කමක් නෑ කියල. අනේ මන්ද ඔයාට ධහම් කරුණු ඉගැන්නුවේ කවුද කියල. බුද්ධ දේශනාව ගැන ඔය දන්නේ හරිම මතුපිටින්. නිගන්ටනාථ පාර අතු ගාවල තමා පාරේ යන්නේ මොකද සත්තු මැරෙයි කියල ඒ වගේ දේවල් බුදු දහම අත්හරින්න කියපු දේවල්.

    අනික් කාරණේ අපි එළවලු කන්නේ අපිට ඊට වඩා හොඳ විදිහට කන්න දෙයක් නැති නිසා. අපිට ලොකු ඉඩමක් තිබුනානම් අපිත් කාබනික පොහොර දාල වවාගෙන කනවා. එක අපේ ශරීරයටත් හොඳයි නිසා. මේ කෘමි නාශක භාවිතය මිනිස්සුන්ටත් අහිත කරයි. එත් අපිට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑ. අපි කෘමිනාශක ගහපු නැති ඒවා ඉල්ලුවත් ගොවින් එකට කැමති නෑ. ඒ කියන්නේ අපිට කිසිම චේතනාවක් නෑ කෘමිනාශක ගහපු එළවලු කන්න. අපි ආසත් කාබනික පොහොර දාපුවා කන්න.

    ඔයාගේ තර්ක හරිම සියුමැලි සහෝදරයා. ඔයාගේ තර්කය බිඳින්න කියල ඔය මට අභියෝග කල. දැන් එක බිඳිලා ඉවරයි. දැන් කියන්න එපා ත්රිපිටකෙන් මොනාහරි කොටසක් අරන් දැම්මේ නෑ නේ කියල. මම ලියල තියෙන්නේ මනෝ විකාර කියල. මම කරේ ඔය ත්රිපිටකෙන් ගත්ත දේට හරි නිර්වචනයක් දීපු එක. ඔයාට පුලුවන්නම් තර්කයෙන් මගේ මතේ බිඳලා පෙන්නන්න. ඔය මගේ තර්ක මෝඩ ඒවා කියා කියා හිටිය මිසක් ඒවා බිඳින්න උත්සහ කලේ නෑ.

    ඔය බිඳලා තියෙන්නේ තර්කෙ ලොකුවට! :lol:

    අපිට ඊට වඩා හොඳ විදිහට කන්න දෙයක් නැති නිසා!
    අපිට ලොකු ඉඩමක් තිබුනානම් අපිත් කාබනික පොහොර දාල වවාගෙන කනවා!
    එත් අපිට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑ!
    අපි කෘමිනාශක ගහපු නැති ඒවා ඉල්ලුවත් ගොවින් එකට කැමති නෑ!
    ඒ කියන්නේ අපිට කිසිම චේතනාවක් නෑ කෘමිනාශක ගහපු එළවලු කන්න. අපි ආසත් කාබනික පොහොර දාපුවා කන්න. !

    ලොල් තමා ඉතින්! :D

    අඩු ගානේ මම මොකද්ද ඇහුවේ කියන එකවත් තේරුනාද?

    මම ඇහුවේ,

    එළවලු තියෙන්නේ වෙළඳ පොලේ.
    ඒවා ගෙන්වලා විකුනන්නේ පාරිබෝගිකයන්ගේ ඉල්ලුමට.
    ඒවා වවන්නෙත් ඒ පාරිබෝගිකයන්ගේ ඉල්ලුමට.
    ඒවා වවනකොට කෘමිනාශක ගහනවා.
    එකෙන් කෘමියෝ මැරෙනවා. ලක්ෂ ගණන්.
    නමුත් ඔයා එක නොහිතුවත් ඔයාගේ යටි හිත දන්නවා මේ කෘමියෝ ඉබේ මරුන එවුන් නෙවෙයි පාරිබෝගිකයන් ගේ එළවලු වවන්න ගිහින් මැරිච්ච එවුන් කියලා!
    එහෙනම් ඔයාට ඉබේටම කර්මය සකස් වෙලා ඉවරයි.
    චේතනාව සහ ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය යන දෙපැත්තෙන්ම ඔය වැරදි කාරයෙක්

    දැන් එතකොට හරිද? :lol:

    දැන් ඒ කෘමීන්ට ඔයාගේ හිතේ චේතනා පහල වෙලා නෑ! මස් කන මිනිස්සුන්ට විතරක්, මස් කඩේ තියන මළකුණු වලට චේතනා නැතුවම කර්ම රැස් වෙනවා? එතකොට හරි ද?

    දැන් චේතනා නැතුවම කර්ම රැස් වෙන මෝඩ තර්කය ඔයාගේද? මගේ ද? :D

    ඔය උදාහරණ දෙකේ, ඔතන ඉන්න එක කෘමියෙක් වත්, කඩේ තියන එක මලකුනකටවත්, ඒ ඒ ඝාතන වලදී අපේ චේතනාව සම්බන්ද වෙලා නෑ. ඒ නිසා පවක් වෙලා නෑ.

    එතකොට කඩෙන් මස් ගන්න හැම වෙලාවේම පවු නැද්ද? අනුබලයක් වෙන්නේ නැද්ද?
    නෑ. එහෙම වෙනවා. අනුබලයක් වෙන වෙලාවල් තියනවා.
    අනුබලයක් වෙන වෙලාවලුත් තියනවා.
    අනුබලයක් නොවෙන වෙලාවලුත් තියනවා.
    ඒක තීරණය කරන සාධකය තමන්ගේ චේතනාව සහ ඒ චේතනාව අනුවම මරණය සිද්ද වුනාද කියන කරුණ.

    ඒ ඒ මොහොතේ මිනිස්සුන්ගේ චේතනාව සැකසෙන්නේ කොහොමද කියන එක සංකීර්ණ කරුණක්. එකම තැනක එකම කරුණක් සම්බන්දයෙන් මිනිස්සු 10 කගේ චේතනාව සමාන වෙන්නත්, වෙනස් වෙන්නත් පුළුවන්. මස් කඩේකට යන මිනිස්සුන්ගේ චේතනාව මොනවගේද කියන එක උපකල්පනය කරන්න ඔයාට පුළුවන් ද? ඒකට ඉතින් ඔයාට පරචිත්ත විජානන ඤාණය තියෙන්න වෙයි.

    දර්මය දන්නවා කියන්නේ සහෝ ත්‍රිපිටකේ කියවනවා කියන එක නෙවෙයි. අපිට එක පාරටම පෙනෙන්න තියෙන තේරුමට වඩා මහා ගැඹුරු තේරුමක් බුදුදහමේ තියෙනව.

    ඔවු. දර්මය දන්නවා කියන්නේ ත්‍රිපිටකේ කියවනවා කියන එක නෙවෙයි තමයි.
    ත්‍රිපිටකය කියවන්නැතුව ධර්මය දන්න මිනිහෙක් ඉන්නවද?
    ත්‍රිපිටකය නැතුව ධර්මය ඉගෙන ගන්නේ කොහොමද? කොහෙන්ද?
    ත්‍රිපිටකය කියවන්නැතුව ධර්මය දන්න මිනිහෙක් ඉන්නවනං, පසේ බුදුවරයෙක් වෙන්ට ඕනෑ!
    උඹ නං ඉගෙනගෙන තියන විදිහ බොහොම පැහැදිලියි.
    "මනෝ" ගහලා!

    එහෙම නැත්තන් මේ වෙනකොට අපේ ලංකාවේ ඉන්න මහා විශාරධ අපේ ත්‍රිපිටකධාරි ස්වාමින් වහන්සේලා රහත් වෙන්න ඕනේ නේ.

    කාටද ඔය කියන්නේ? කාටද ඔය ගරහන්නේ?
    බුද්ධ ධර්මය ග්‍රන්තරුඩ කරපු, බුද්ධ දේශනා ළඟ තියාගෙන පරිහරණය කරලා, බෞද්ධ මිනිස්සුන්ට ධර්මය උගන්වන පින්වත් ස්වාමින් වහන්සේලාට?
    උඹ මහලොකුවට ධර්මය කියාගෙන බුද්ධ සසනයටත් ගරහන එකෙක් නේ!
    දැන් වැරැද්ද වෙලා තියෙන්නේ හාමුදුරුවරු බුද්ධ දේශනා ළඟ තියන් ඉන්න එක???
    අපි බුද්ධ දේශනා කියවන එක?

    තමන්ගේ ආගමට ආදරේ, තමන්ගේ ආගම හරියට අදහන මේ එළකිරියේ ඉන්න
    ඒක මුසල්මනුවෙක්,
    එක කතෝලිකයෙක්,
    එක හින්දු භක්තිකයෙක්
    ඔය වගේ කතාවක් තමන්ගේ ආගමට, පුජක වරුන්ට කියලා තියනවා මේ අවුරුදු එක හමාරක එළකිරි ජීවිතේටම දැකලා නෑ!

    දැන් කියන්න එපා උබට මේවා තේරෙනවනම් උබ රහත් වෙළද කියල. නෑ මචන් ත්වමනම් නෑ එත් උත්සහ කරනවා තව බුදු කෙනෙක් උපදින්න පෙරාතුවම ධර්මාව බෝධය ලබන්න.

    හපොයි ඔවු! තමනුත් ධර්මය වරද්දාගෙන, අනිත් මිනිස්සුත් අධර්මයේ සමාදම් කරලා උඹ රහත් වෙයි නියමෙට! ඔහොම යන්කෝ! :lol:

    ඔයා කන්නේ එළවලු විතරයි! දැන් ඔයාට ඕනේ ඔයා හෙනනනන උසස් සිලයකින් යුක්තයි කියලා පෙන්වන්න. මස්/එළවලු කියන්නේ හුදෙක්ම ශරීරය පවත්වන්න ගන්න ආහාරයක් පමණයි, ඒක තමන්ගේ රුචිකත්වය අනුව තියා ගන්න කියලා බුදු රජාණන් වහන්සේ ම දේශනා කරලා තියෙද්දී, ඔයාට ඕනවෙලා තියෙන්නේ මස් කන අය නිරයේ ගිහින්, එළවලු කන නිසා ඔයා යන්නේ දිව්‍ය ලෝකේ කියලා අනිත් මිනිස්සුන්ට කියන්න.

    දන්නවද? ඔය එළවලු විතරක් කන බොහෝ පිරිසකගේ හැටිමයි!

    1525773_588344291220342_447041975_n.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,404
    113
    මම අවුරුදු 9 ක් පුර්ණ කාලීනව නිර්මාන්ශයි .. ඒ සත්ව ඝාතනයට මම එකෙන්ම විරුද්ද හින්ද.. එත් බුද්ධ දේශනාව අනුව මස් කන එක පවක් වෙන්නේ නැහැ. සමහර උදවිය දැන් අලුතෙන් සිල් පදත් හදල මේ මස් මාංශ ප්‍රශ්නය වෙනුවෙන්. එත් නියම බුද්ධ දර්ශනයේ තියන්නේ තමුන් වෙනුවෙන් නොමරන ලද සතෙකුගේ මස් කෑවා කියල පවක් සිද්ද වෙන්නේ නැහැ කියල.

    කාලයක් මමත් හිතන් හිටිය සත්තු මසට ඇති කරන්නේ අපි කන නිසා නේද කියල.. එහෙම බැලුවාම ඒ සත්තු මැරෙන්නේ අපි වෙනුවෙන් කියල. එත් ඒක වැරදි දෘෂ්ටියක් කියල පස්සේ තේරුම් ගත්ත. බුදුරජානන් වහන්සේ දේශනා කරපු ප්‍රාණඝාතයට අදාළ කරුණු 5 සම්පුර්ණ නොවී ප්‍රාණඝාත අකුසලය සිද්දවෙන්නේ නැහැ.

    බුද්ද පුජාවට මාංශ ආහාරයක් පුජා කරා කියල පවක් සිද්දවෙන්නේ නැහැ වළඳන්න එපා කියපු මස් වර්ග නෙවෙයිනම්. සොසේජස් එක්ක බනිස් ගෙඩි පුජා කරපු කෙනා එයාගේ පින අනුමෝදන් වෙලා ඉවරයි .. එක දිහා බලල අපේ එවුන් කරගන්න පව සුළුපටු නැහැ . වෙනත් කෙනෙක් පුජා කරපු දෙයක් දැකල සාදු සාදු සාදු කියල පින අනුමෝදන් වෙන්න අපේ මිනිස්සු පුරුදු නැහැ. දන්නෙම පුජා කරපු දේ විවේචනය කරලා පව් ගොඩ වැඩිකරගන්න විතරයි.

    මචන් උබ USA නේද? එහෙන නිර්මාංශ අයට තියෙන තත්වෙ කොහොමද? ජීවත් වෙන්න පහසුද?

    ලංකාව නම් එපා වෙනවා.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ගෙදරකට යනකොට ඔයා නොදැනුවත්ව, ඔයා වෙනුවෙන්ම මරලා හදලා තියෙන්න පුළුවන්.

    මගේ දැනුම අනුව (මම වැරදි වෙන්න පුළුවන්) පවක් වෙන්න විදිහක් නැහැ. මොකද සතාගේ ඝාතනයට චේතනාවෙ බලපෑමක් නැහැ. අපි කන්න යනකොට සතා මැරිලා ඉවරයි. අපි දන්නෙත් නෑ.

    machan ethakota nam pawak ne namuth maskada karayakui othanai athare loku wenasak nam thiyenawa,anna eka therun gaththoth api kiyana eka therenawa
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් උබ USA නේද? එහෙන නිර්මාංශ අයට තියෙන තත්වෙ කොහොමද? ජීවත් වෙන්න පහසුද?

    ලංකාව නම් එපා වෙනවා.

    මමනම් කන්නේ මචන් ගෙදර උයාගෙන. ලංකාවේ තියන එළවලු ඔක්කොම වගේ මෙහෙ තියනව. ඒ හින්ද ඉතින් කිසිම ගැටළුවක් නැහැ. එළියෙන් කෑවත් බහුතරයක් රෙස්ටුරන්ට් වල vegi meals තියනව. මටනම් කිසිම ගැටළුවක් වෙලා නැහැ මේ වෙනකම්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම මස් මාළු කන්නේ නැහැ කියන එක සමහරු හිතන් ඉන්නේ සීලයක් රකින හා සමානයි කියල. මස් මාළු නොකන සමහර උදවියට පන්සිල් පද 5 වත් රැකගන්න බැහැ . මස් කන එවුන් අපායේ ගිහින් එළවලු විතරක් කන එවුන් නිර්වානෙට යනවා කියල හිතනවානම් අංගුලිමාල රහත් වෙන්න විදිහක් නැහැ. ත්‍රිපිටකයත් දෙපිටකය කරපු ස්වාමින් වහන්සේලාගේ ධර්ම මාර්ගයේ ගිහින් තමයි ඉතින් මේ අමාරු වල වැටෙන්නේ අපේ දායකයෝ. බුද්ද දේශනාව නුවනැත්තන්ට පමණයි කියල බුදුරජානන් වහන්සේ දේශනා කරේ නිකම් නෙවෙයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගෙදරකට යනකොට ඔයා නොදැනුවත්ව, ඔයා වෙනුවෙන්ම මරලා හදලා තියෙන්න පුළුවන්.

    මගේ දැනුම අනුව (මම වැරදි වෙන්න පුළුවන්) පවක් වෙන්න විදිහක් නැහැ. මොකද සතාගේ ඝාතනයට චේතනාවෙ බලපෑමක් නැහැ. අපි කන්න යනකොට සතා මැරිලා ඉවරයි. අපි දන්නෙත් නෑ.

    machan ethakota nam pawak ne namuth maskada karayakui othanai athare loku wenasak nam thiyenawa,anna eka therun gaththoth api kiyana eka therenawa

    වැරදි දෘෂ්ටි වල එල්ලිලා ඉන්න එපා සහෝදරයා.. මම නිර්මාන්ෂයි අවුරුදු 9ක්. මමත් ඔය ඔයා කියන දෘෂ්ටියේ එල්ලිලා හිටිය ටික කාලයක්. එත් ආරණ්‍යවාසී ස්වාමින් වහන්සේලාගෙන් ධර්මය ඉගනගෙන ඒ දෘෂ්ටිය බැහැර කරා.

    මස් කඩ කාරයාගේ කර්මයයි, මැරෙන සතාගේ කර්මයයි අතර තියන ගනුදෙනුවක් ඒ දෙන්න බෙරගත්තම එක එතනින් ඉවරයි. ඒ මස් කෑවා කියල කාටවත් පවක් සිද්දවෙන්නේ නැහැ. මොකද මස් කෑල්ල ඇතුලේ ඒ සතා නැහැ. ඒ සතා එයාගේ කර්මය අනුව මැරෙන වෙලාවේම කොතන හෝ ආත්මෙක උප්පතිය ලබනවා. මස් වේවා එළවලු වෙලා ගිජු වෙලා කන්න ගියොත් ඒකට වෙනම පවක් සිද්දවෙනවා..

    වැරදි ධර්ම කරුණු පස්සේ ගිහින් ලැබිච්ච අවස්තාව මගැරෙන්න දෙන්න එපා. නියම බුද්ද දේශනාව ඉගෙනගන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපේ මස් කෑවට පව් නෑ. බුදුන් වහන්සේ මස් කන්න එපා කියල නීති දාල නෑ කියන අයට තව පොඩ්ඩක් කියන්න තියෙනවා. බුදුන් වහන්සේ සාමාන්‍ය ජනතාවට තියා භික්ෂු සංඝයටවත් නීති දාන්න කැමැත්තක් තිබ්බ උතුමන් වහන්සේ නමක් නෙවෙයි. එතුමන් වහන්සේට අවශ්‍යවුනේ අවබෝධයෙන් ධර්මය පසු පස යන අය මිසක් බලෙන් ගෙන යන්න නෙවෙයි. අපේ මේ කට්ටිය හරියට මුස්ලිම් අය වගේ. එයාලට දෙයක් පිළිගන්න පොතේම තියෙන්න ඕනේ. ඔන්න අල්ලාහ් තුමනම් කියල තියෙනව අනිත් සත්වයන් සියල්ලම ඉපදිලා තියෙන්නේ මිනිසාගේ ආහාරය සඳහාය කියල. උරයි බල්ලයි ඇරුනම. අපේ කට්ටියගෙයි හම්බයන්ගෙයි ලොකු වෙනසක් නෑ වගේ කියලයි මටනම් පෙන්නේ.

    අන්න පොට හරියටම වරද්ද ගත්තා. හරියටම වරද්ද ගත්තා.
    ත්‍රිපිටකය අනුව, බුද්ධ දේශනා අනුව කටයුතු කරන සියලු මිනිස්සුනට ගැරහුවා!
    බුද්ධ ධර්මය, බුද්ධ දේශනා වලින් ඉගන ගන්නේ නැතුව, ඔහේ වගේ මනෝ ගහලා හොයා ගන්නද කියන්නේ?

    ඔහේ දැනටමත් දාලා තියන post වලින් කරගෙන තියන පාප කර්ම කොයි වගේ කියලද හිතන්නේ?
    අවංකවම කණගාටුයි ඔහේ ගැන.....

    අනික shenic සහෝදරයා බුධුන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ අරඹයා නොවදාළ යුතු මාංශ දහයක් ගැන සඳහන් කරලා එය එකෙන් කියන්න හදනව ඒවා විතරයි කන්න පව් අනිත්ව කෑවට කමක් නෑ කියල. මචං ඔය හැම තැනින්ම ටික ටික ගන්නවා මිසක් ඔක්කොම එකට ගන්නේ නෑ.

    ඒ මම දාපු පොස්ට් එක දැම්මේ කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරේ.
    පදනමක් නැති තර්කයක් නේ!

    මේක හරියට networking වල access list එකක් වගේ හිතන්න. මුලින්ම ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයට අනුව ලැබෙන දානයක් ගැන හිතන්න. උදා: වැද්දෙක් දිවියෙක් මරල කෑමට ගන්න හදනවා ඒ වෙලාවේ එතනින් අහම්බයෙන් භික්ෂුවක් වැඩම කරනවා ඉතින් අර වැද්දට සිතුවිල්ලක් පහල වෙලා අර දිවිමස් වලින් කොටසක් අර භික්ෂුවට පුජ කරනවා. එතකොට එක ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයට අනුව නිරවුල් දානයක් භික්ෂුවගේ පැත්තෙන්. එත් එතනිදී පුජා කරපු මස් දිවි මස් නිසා එක අර ශිලයෙන් නිරවුල් උනත් බික්ෂුවට ආහාරයට ගන්න බෑ. මොකද බුධුන් වහන්සේ තහනම් කල මස් වර්ග දහයට එක අඩංගු නිසා. දැන් අහයි ඇයි එහෙනම් අනිත්ව තහනම් කලේ නැත්තේ කියල. මේ මස් වර්ග දහය තහනම් කලෙත් භික්ෂුන්ගේ ඉලිම්ට මොකද විවිධ භාවනා සඳහා මෙම මස් වර්ග භාවිත සුදුසු නැති නිසා.
    අනික ඒ මස් වර්ග දහයේ නියමය අදාළ වෙන්නේ භික්ෂුන්ට විතරයි.

    ඒක දේශනා කලේ භික්ෂුන්ට තමයි! මං කිවුවද ගිහියන්ට කියලා?
    අඩුගානේ මම ඒ පොස්ට් එක දන්න හේතුව වත් දනගෙනද ඔය කියන්නේ? :D

    මට පිස්සු නෑ බන් "ඇයි එහෙනම් අනිත්ව තහනම් කලේ නැත්තේ" වගේ ගොන් ප්‍රශ්න අහන්න!

    ඒවා තහනම් කලේ ඒවා වැළඳුවොත් පවු නිසාවත්, භාවනා කරන්න බැරි නිසාවත් නෙවේ. භික්ෂුන්ට වනයේ අරණ්‍ය ගතව වාසය කරන්න බැරි හේතු ඇතිවිච්ච නිසා. හාමුදුරුවරුන්ගේ ආරක්ෂාව, සමාජමය ප්‍රශ්න ගැන හිතලා.

    අන්න බලන්න.
    ඔයා දන්නවා බුද්ධ දේශනා වල මස් කන එක ප්‍රතික්ෂේප කරලා නෑ. කනවනම් කන ක්‍රමයත් දේශනා කළා කියලා.
    ඔයා පොස්ට් එකේ මුල කියනවා, ත්‍රිපිටකයේ විදිහටම ඉන්න එපාලු!
    පස්සේ කියනවා, භික්ෂුන් වහන්සේලාගේ මාංශ පිලිබඳ ශිලය ගැන.
    පොස්ට් එකේ මැද කියනවා චේතනාවක් නැතුව කර්ම රැස් වෙන හැටි!
    පොස්ට් එකේ අන්තිමට කියනවා, මස් කන්න එපා ලු!

    මොකද්ද ඔහේගේ ප්‍රතිපත්තිය?

    මම ප්‍රතිපත්තියක පිහිටලා කතා කරන්නේ. බුද්ධ දේශනා වල තියන දේ කියන්නේ. මම බුද්ධ දේශනා වලින් උදහරනත් දුන්නා.

    හරි මම කිව්වනේ මේක access list එකක් වගේ කියල එහෙනම් මම කියන්නම් කොහොමද මස් මාංශ කන එක සාමාන්‍ය මිනිසුන්ට පව් සිද්ද වෙන්නේ කියල.

    පළවෙනියටම අපි බලමු මේකට අදාල වෙන බුද්ධ දේශනා.

    පළමු පන්සිල් පදය
    දෙවන සිල් පදය
    ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය
    චේතනාවම කර්මය යයි පවසමි
    කරණිය මෙත්ත සුත්‍රය
    සහ බුදුන් විසින් වදාළ පව් කිරීමට ප්‍රථම තමාව උදාහරණයට ගන්න කියන දේශනාව.

    (මේවට පාලි සෝස් එකේ ලින්ක් එවන්න නම් මට විදිහක් නෑ. ඔෆිස් එකේ ඉන්නේ.) ඕනෑම කෙනෙක් දන්නවා ඉහත සඳහන් පහම බුධුන් වදාළ දේවල් කියල.

    පන්සිල් පදයෙන් කියනවා මම සතුන් නොමරමි, මරන්නට අනුබල නොදෙමි,
    දෙවන සිල් පදයෙන් කියනව මම අනුන්ගේ දේ හොරෙන් බලයෙන් නොගනිමි කියල.
    ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලාදී කියනව
    1. තමා නිසාම මරණ ලද බව ඇසින් නොදුටු,
    2. තමා නිසාම මරණ ලද බව කණින් නොඇසූ,
    3. තමා නිසාම මැරූ බවට සැකයක් නොමැති.
    දේවල් වලන්දුවට කමක් නෑ කියල.

    හරි මේ ටික විතරක් දැනට ගමු.
    ඔයා කඩේට ගිහින් සල්ලි දීල ගන්නකොටම පළමු වෙනි ශික්ෂා පදය කැඩෙනවා. මොකද ඔයා දැනුවත් ව හෝ නොදැනුවත්ව සල්ලි දීමෙන් වෙන්නේ factory එකේ ආදායම ඉහල යෑම හා ඔවුන් තව තවත් තමන්ගේ යන්ත්‍ර සුත්‍ර වැඩි කරගැනීම ශ්‍රම බලකාය වැඩි කරගැනීම වගේ දේවල් නිසා.

    ඉලඟට මේ කිසිම සතෙක් තමන්ගේ ආසාවට ජීවිතය දෙන්නේ නෑ මස් වලට මස් මරණ මිනිස්සු එක කරන්නේ බලයෙන් වදදිමෙන් එහෙනම් ඔය සල්ලි දෙනවා කියන්නේ ඔය එයාලට අනුබල දෙනවමයි.

    ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයට අනුව ඔයා සමහර විට ඇසින් දකින්නේ නැති වෙන්න පුලුවන් සත්තු මරනවා. කනින් අසන්නේ නැති වෙන්න පුළුවන් මේ සර්ට මරපු කුකුළා කියල.
    නමුත් කඩේ ඉන්න සේරම සත්තු පාරිබෝගිකයන් වෙනුවෙන් (ඔබත් ඇතුළුව) මාරුව බව ඔයා ආස නැති උනත් ඔයා ගේ යටි හිත දන්නවා. මොකද සත්තු මරන්නේ එළවලු කන උන්ට කන්න නෙවෙයි නිසා. සහ සත්තු වැඩි නිසා කඩ කාරය මරනවා නෙමෙයිත් නිසා. සත්තුන්ගේ මස් කඩේට එන්නේ ගස් වලින් කලා නෙවෙයි කියල ඔයා දන්නා නිසා. ඔය දන්නවා මස් ගන්නනම් සත මරන්න ඕනේ කියල. සත මරුනනම් ඒ සත මරුනේ පරිබෝගිකයෝ නිසා කියල ඔය දන්නවා. ඔයා අද ගන්න මස් කැබැල්ලට ඔයාට පව් නැති වෙන්න පුළුවන් නමුත් ඔයා ගිහින් දෙන සල්ලි වලින් ඒ මිනිස්සු අලුත් සතෙක් ගෙනත් ඒ සතාගේ හිස ගහල දාපු සැනෙකින්ම ඔයා පව් කාරයෙක්. ඔයාට සැකයෙන් මිදෙන්න බෑ. ඔය කොච්චර තර්ක හදවතින් ඔය දන්නවා මේ සත්තු මැරෙන්නේ විඳවන්නේ පරිබොගිකයන් නිසා කියල.

    චේතන්ව කර්මයට් මුල් වේ කියන දේශන්ව අරන් පවෙන් ගැලවෙන්න ඔයාට බෑ. මොකද මම ඉසෙල්ලා කිව්වා වගේ කඩේ තියෙන නිසා මස් ගන්නවා කිව්වට ඔයා දන්නවා කඩේට එන්න කලින් ඒ මස් තිබ්බේ සතෙකුගේ ඇඟේ කියල. ඔය දන්නවා ඒ සත්ව මරල කියල. එහෙනම් ඔය සල්ලි දීල ගෙදර අවට පස්සේ කවම දාක හරි ඒ සල්ලි වලින් තව සතෙක් මරුන විගසම ඔයාගේ චේතනාව සම්පුර්ණයි පව් පිරෙනවමයි.

    හරි ඔන්න access list එකේ කොටස් කිහිපයක් ඉවරයි ඊළඟ අදියර. බුදුන් වහන්සේ මහා කාරුණිකයාණන් වහන්සේ කියල කියන කටින්ම අපේ අය කියනව උන් වහන්සේ මස් කන්න එපා කියල නෑ කියල. එළවලු කන උන්ට පිස්සු කියල.

    අපේ මස් කන උපාසක මහත්වරු කරණිය මෙත්ත සුත්‍රය කියවලම නැද්ද කොහෙද. දුර, ළඟ, ලොකු, පොඩි, දිග, කෙටි, මහත, කෙට්ටු, ඇසට පෙනෙන, ඇසට නොපෙනෙන, බිජුවෙන් උපන්, කලලෙන් උපන්, ඕපපාතික මේ හැම සත්වයෙක්ටම my3 වේවා කියල ප්‍රර්ථනා කරන කෙනා කොහොමද සතෙක් ගේ මස් රස කර කර කන්නේ?

    කන්නේද? කන්නේ රුචිකත්වය නිසා. අර ඔයා රස කර කර එළවලු කන්නේ! අන්න ඒවගේමයි!
    ශරීරය පවත්වා ගැනීමට රුකුලක් වශයෙන් ගන්න ආහාරයක් වශයෙන් විතරයි... කෑවා හෝ නොකෑවා කියලා කිසි විශේෂත්වයක් නැහැ.

    හප්පා.... මෙහෙම නැට්ට පාගා ගත්ත පොරක් මේ අවුරුද්දට හම්බුනාමයි!

    අන්න කලින් post එකේ විස්තර කළා චේතනාවකින් විතරයි කර්ම රැස් වෙන්නේ කියලා. කන සතාගේ මරණයට හේතු වෙන චේතනා පහල කරලා කරන ක්‍රියාවලින් මැරුනොත් විතරයි පවු පිරෙන්නේ කියලා. :P

    බුද්ධ දේශනා වල කරුණු ප්‍රතික්ෂේප කරන , ත්‍රිපිටකයේ කරුණු වලින් තෝර ස්වකිය බුද්ධිය මෙහෙයවා මතු කර ගත්, පසේ බුදුවරයෙකුට දෙවැනි නොවන බුද්ධියේ පරිමාව මෙම කොමෙන්ටුවෙන් මොනවට නිරුපනය වෙයි!

    අන්තිම කාරණේ සහ වැදගත්ම කාරණේ. මේ rule එකෙන් access list එකේ ඔය කුණු කන්දල් ඔක්කොම block කරලා දානවා.

    පව් කිරීමට ප්‍රථම තමා උපමාවෙහි යෙදෙන්න.

    කවුරු හරි කෙනෙක් මස් වැද්දෙක් ගෙන් මස් ඉල්ලනවා ඒ මනුස්සයට මරන්න සතෙක් හොයාගන්න බැරුව එයා ඔයාගේ අම්මව උස්සන් ගිහින් මරල අර මස් ඉල්ලපු කෙනාට දෙනවා ඔයා ආසද එකෙට? එහෙනම් අහිංසක කිරිබොන ගව පැටව ආසද එයාගේ අම්මව ගෙනිහින් බෙල්ල කපනවට?

    එහෙම නැත්තන් අර මස් මරන්න ඔයාව ඇදගෙන ගිහින් අත් කකුල් හතර ගැටගහල ඔයාගේ බෙල්ල කපනවා අල්ලාහ් හුවක්බර කියල ඔයා ආසද? එහෙනම් අනෙක් ආස වෙයි ද එකට?

    මෙලොව උපන් සියලු සත්වයෝ මරණයට භිය වුවෝ වෙති. දඬුවමට භිය වුවෝ වෙත්. එසේනම් ඔබ කෙසේද සතෙක් මරන්නේ හෝ මරපු සතෙක් අනුභව කරන්නේ? කඩේ තියෙන කසිම සතෙක් අසාවෙන් මරුන උන් නෙවෙයි.

    එසේනම් ඔබ කෙසේද සතෙක් මරන්නේ? "හපෝ මරන්නේ නෑ! :no:"
    හෝ මරපු සතෙක් අනුභව කරන්නේ? "කටෙන්!" :lol:

    ඔහේගේ තනියෙන් හදා ගත්ත access list එක තමා ඔහේගේ හෙනේට හිට්ටේ!
    ඔකේ list එකේ අන්තිම step එක ඕක නෙවේ, ප්‍රේත ලෝකය, නිරය.

    ************

    ඔයා එක්ක වාද කරන්න ඕනේ නෑ මේ සම්බන්ධයෙන් තවත්.
    මන් බුදු දහම සම්බන්ධ කරුණු වලට ගත කරන කාලය ගැන සලකන්නේ නැත්තේ එකෙන් එක මනුස්සයෙක් හරි නිවැරදි මගට ගත්තොත් වටිනා නිසා.
    මොකද මේ පොස්ට් කියවන්නේ ඔයා විතරක් නෙවෙයි.
    නමුත් ඕනෑම දෙක සීමාවක් තියෙන්න එපැයි.
    ඔය ඇති.

    මේ thread එකට කියන්න ඕන, කියන්න තියාන හැමදේම මම කිවුවා.

    සාක්ෂිත් ඉදිරිපත් කළා...

    නුවන ඇත්තෝ අවබෝධ කරත්වා.....

    ආයේ හිතුනොත් විතරයි, comment කරන්නේ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අන්න පොට හරියටම වරද්ද ගත්තා. හරියටම වරද්ද ගත්තා.
    ත්‍රිපිටකය අනුව, බුද්ධ දේශනා අනුව කටයුතු කරන සියලු මිනිස්සුනට ගැරහුවා!
    බුද්ධ ධර්මය, බුද්ධ දේශනා වලින් ඉගන ගන්නේ නැතුව, ඔහේ වගේ මනෝ ගහලා හොයා ගන්නද කියන්නේ?

    ඔහේ දැනටමත් දාලා තියන post වලින් කරගෙන තියන පාප කර්ම කොයි වගේ කියලද හිතන්නේ?
    අවංකවම කණගාටුයි ඔහේ ගැන.....

    ඒ මම දාපු පොස්ට් එක දැම්මේ කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරේ.
    පදනමක් නැති තර්කයක් නේ!

    ඒක දේශනා කලේ භික්ෂුන්ට තමයි! මං කිවුවද ගිහියන්ට කියලා?
    අඩුගානේ මම ඒ පොස්ට් එක දන්න හේතුව වත් දනගෙනද ඔය කියන්නේ? :D

    මට පිස්සු නෑ බන් "ඇයි එහෙනම් අනිත්ව තහනම් කලේ නැත්තේ" වගේ ගොන් ප්‍රශ්න අහන්න!

    ඒවා තහනම් කලේ ඒවා වැළඳුවොත් පවු නිසාවත්, භාවනා කරන්න බැරි නිසාවත් නෙවේ. භික්ෂුන්ට වනයේ අරණ්‍ය ගතව වාසය කරන්න බැරි හේතු ඇතිවිච්ච නිසා. හාමුදුරුවරුන්ගේ ආරක්ෂාව, සමාජමය ප්‍රශ්න ගැන හිතලා.

    අන්න බලන්න.
    ඔයා දන්නවා බුද්ධ දේශනා වල මස් කන එක ප්‍රතික්ෂේප කරලා නෑ. කනවනම් කන ක්‍රමයත් දේශනා කළා කියලා.
    ඔයා පොස්ට් එකේ මුල කියනවා, ත්‍රිපිටකයේ විදිහටම ඉන්න එපාලු!
    පස්සේ කියනවා, භික්ෂුන් වහන්සේලාගේ මාංශ පිලිබඳ ශිලය ගැන.
    පොස්ට් එකේ මැද කියනවා චේතනාවක් නැතුව කර්ම රැස් වෙන හැටි!
    පොස්ට් එකේ අන්තිමට කියනවා, මස් කන්න එපා ලු!

    මොකද්ද ඔහේගේ ප්‍රතිපත්තිය?

    මම ප්‍රතිපත්තියක පිහිටලා කතා කරන්නේ. බුද්ධ දේශනා වල තියන දේ කියන්නේ. මම බුද්ධ දේශනා වලින් උදහරනත් දුන්නා.

    කන්නේද? කන්නේ රුචිකත්වය නිසා. අර ඔයා රස කර කර එළවලු කන්නේ! අන්න ඒවගේමයි!
    ශරීරය පවත්වා ගැනීමට රුකුලක් වශයෙන් ගන්න ආහාරයක් වශයෙන් විතරයි... කෑවා හෝ නොකෑවා කියලා කිසි විශේෂත්වයක් නැහැ.

    හප්පා.... මෙහෙම නැට්ට පාගා ගත්ත පොරක් මේ අවුරුද්දට හම්බුනාමයි!

    අන්න කලින් post එකේ විස්තර කළා චේතනාවකින් විතරයි කර්ම රැස් වෙන්නේ කියලා. කන සතාගේ මරණයට හේතු වෙන චේතනා පහල කරලා කරන ක්‍රියාවලින් මැරුනොත් විතරයි පවු පිරෙන්නේ කියලා. :P

    බුද්ධ දේශනා වල කරුණු ප්‍රතික්ෂේප කරන , ත්‍රිපිටකයේ කරුණු වලින් තෝර ස්වකිය බුද්ධිය මෙහෙයවා මතු කර ගත්, පසේ බුදුවරයෙකුට දෙවැනි නොවන බුද්ධියේ පරිමාව මෙම කොමෙන්ටුවෙන් මොනවට නිරුපනය වෙයි!

    එසේනම් ඔබ කෙසේද සතෙක් මරන්නේ? "හපෝ මරන්නේ නෑ! :no:"
    හෝ මරපු සතෙක් අනුභව කරන්නේ? "කටෙන්!" :lol:

    ඔහේගේ තනියෙන් හදා ගත්ත access list එක තමා ඔහේගේ හෙනේට හිට්ටේ!
    ඔකේ list එකේ අන්තිම step එක ඕක නෙවේ, ප්‍රේත ලෝකය, නිරය.

    ************

    ඔයා එක්ක වාද කරන්න ඕනේ නෑ මේ සම්බන්ධයෙන් තවත්.
    මන් බුදු දහම සම්බන්ධ කරුණු වලට ගත කරන කාලය ගැන සලකන්නේ නැත්තේ එකෙන් එක මනුස්සයෙක් හරි නිවැරදි මගට ගත්තොත් වටිනා නිසා.
    මොකද මේ පොස්ට් කියවන්නේ ඔයා විතරක් නෙවෙයි.
    නමුත් ඕනෑම දෙක සීමාවක් තියෙන්න එපැයි.
    ඔය ඇති.

    මේ thread එකට කියන්න ඕන, කියන්න තියාන හැමදේම මම කිවුවා.

    සාක්ෂිත් ඉදිරිපත් කළා...

    නුවන ඇත්තෝ අවබෝධ කරත්වා.....

    ආයේ හිතුනොත් විතරයි, comment කරන්නේ...

    මස් කන එක පවක් කියල කියන උදවියට මේ ටික කිව්වනම් ඇති සහෝදරයා. මස් කන එක පවක් නම් වතුර බොන එකත් පවක් වේ. මොකද වතුරේ ඇසට නොපෙනෙන ජීවීන් ලක්ස කෝටි ගණනක් ජීවත් වෙන නිසා..

    මස් මාංශයෙන් වැළකී සිටීම හොඳ ප්‍රතිපත්තියක්..
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    ඔවු.. අපිලිවෙලක ගතියක් තියනවා...
    සාමාන්යෙන් අපි කරන පිළිවෙල නෙවෙයි...

    නිකන් ඕනෙවට එපාවට කරලා වගේ...
    නමුත් එකට හේතුව මොකද්ද කියන්න බෑ... :yes: :yes:

    නමුත් පුජා කරන කෑමවල වරදක් නෑ...:yes:

    :yes::yes::yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    සහෝදරයා කොහෙද කියල තියෙන්නේ ඔයා වෙනුවෙන් මරපු සතාගේම මස් කෑවොත් විතරයි ඔයාට පව් කියල? ඔය කියනවා සල්ලි දීල ගන්න එක උපක්‍රමයක් වෙන්නේ නෑලු අර ඔයාගේ හේතුව ට පසුව ඵලය සිදුවන කතන්දරයක් නිසා.

    මචං ඔයා යොදන උපක්‍රමේ එහෙම නැත්තන් සල්ලි දීල ගන්න නිසා තමා factory කාරය තව තව සත්තු මරන්නේ. ඒ මරණ සත්තු ඔයාම කන්න ඕනේ නෑ ඔයාට පව් පිරෙන්න. ඔයාලට මේක පෙනෙන්නේ නැත්තේ මහා විශාල ජන ප්‍රමාණයක් ගැන හිතන නිසා. මෙහෙම හිතන්න දෙන්නෙක් ඉන්නවා. මස් මරණ මිනිහෙක් ඉන්නවා. මුලින්ම මස් මරණ මිනිහ සත්තු මරල කනවා. ඔය දකිනවා එය මස් කකා ඉන්නවා. ඔයාටත් ආස හිතෙනවා මස් කෑල්ලක් කන්න. එයා මරපු සතෙක් ගෙන් ඔයා ගිහින් ඉල්ලගෙන කනවා. ඔයාට පව් නෑ සහෝ. ඔය වෙනුවෙන් මරලත් නෑ, ඔයාට ඒ සත්ව මරන්න හිතුනෙත් නෑ ඔයා එයට අනුබලයක් දුන්නෙත් නෑ.

    හරි ඊට පස්සේ ඔය එකට ගොඩක් ආස වෙනවා ඔය මස් මරණ කෙනාට සල්ලි දීල ඔය වෙනුවෙන් මරව ගන්නවා සත්තු. එය සුද්ද කරලා කෑලි කපල ඔක්කොම කරලා දෙනවා ඕනෙනම් ඔයාට ගෙදරටම ගෙනල්ලත් දෙනවා. ඔයා දකින්නේ නෑ එයා ඔයාට ගෙනාවේ ඔය වෙනුවෙන් මරපු සතගේම මස් ද එහෙම නැත්තන් එයා එයා වෙනුවෙන් මරපු සතාගේ මස් ද කියල. ඔය ඒ මස් කෑවා කියල තවම ඔයාට පව් පිරිලා නෑ. එත් මස් මරන්නා ගෙදර ගියාම එයට කන්න මස් නෑ. මොකද ඔයාට එයාගේ මස් ටික දීපු නිසා ඒ නිසා එය ගිහින් ඔය දීපු සල්ලි වලින් සත්තු ඇති කරන තැනකින් සතෙක් අරන් ඇවිත් ඒ සතා ව මරනවා. ඔයාට කියන්න පුලුවන්ද එතනින් පස්සේ ඒ සතා මරුනේ ඔයාගේ උපක්‍රමය නිසා නෙවෙයි කියල? හේතුව ඔයා නෙවෙයි කියල? මචෝ බුදුදහම ඔය හිතනවට වඩා ගොඩක් ගැඹුරුයි. හරියට අල්ලාගත්තේ නැත්තන් උබත් විනාසයි උබ කියන ඒවා අහන උනුත් විනාසයි.

    තවත් එහාට යනවනම් මම කිව්වා නේ දෙන්නක් ඉන්නවා කියල ඉතින් ඔය මස් කනකොට ඔයාගේ ගෙදරට අනිකා එනව ඔය මස් එයට දුන්නම එයටත් ආස හිතෙනවා. එයත් අර මස් මරණ කෙනාට සල්ලි දෙනවා. ඉතින් මේක හොඳ ව්‍යාපාරය කියල හිතන මස් මරණ මිනිහ වැඩි වැඩියෙන් මස් මරල ගේ ඉස්සරහ එල්ලන් ඉන්නවා දකින දකින අය ගිහින් සල්ලි දීල මස් ගන්නවා. පළමු මස් කැබැල්ල ඔය වෙනුවෙන් ඔයාගේ චේතනාවකින් හෝ සහයෝගයකින් මාරුව සතෙක් ගේ නොවුනට ඔය දෙන සල්ලි වලින් ඒ මිනිහ මස් ගන්න තව තව සත්තු අරන් එනවා ඔයාගේ සල්ලි වලින්. තව තව දියුණු උපකරණ ගන්නවා. සහයට මිනිස්සු ගන්නවා. සත්තු මරන්න ලෙහෙසි වෙන්න උපක්‍රම හදනව. මේ හැම අවස්ථාවකදීම ඔයාට පව් නෑ කියල ඔය කොහොමද කියන්නේ. ? මොකද ඔයාගේ උපක්‍රමය නිසයි මේ දේවල් වෙන්නේ. ඔයා තිරයෙන් පිටුපස දේවල් ටික හොඳට කවර් කරලා ඉස්සරහ ටික විතරක් බලන් කියනව කඩේ තියෙන නිසා මස් කනවා. මට චේතන්වක් නෑ. මම උපක්‍රම යෙදුවේ නෑ කියල.

    කන්න ඕන උනහම කබරයා තලගොයා කරනව කියන්නේ ඕවට තමා. දැන් ඉන්න උන් තලගොයා නෙවෙයි කබරයා හාවෙක් කරයි කන්න ඕන නම්.

    බුදු හාමුදුරුවෝ කොහේ හරි කියල තියෙනවද ස්ත්‍රී දුෂණය තහනම් කියල? එකත් මේ වගේම පන්සිල් පද වලින් විතරයි නේද දේශනා කරලා තියෙන්නේ? ලංකාවේ ගණිකාවොත් ඉන්නවනේ උන් හිටියේ නැත්තන් අපි ගණිකාවෝ හදන්නේ නෑ නේ කියල එකත් කරාට පව් නැද්ද?
    ස්ත්‍රී දූශනය, ගනිකාවන් - 3වෙනි සිල් පදය, ඊට අමතරව රාගය ගැන ඕන තරම් කියල තියෙනව.

    මෙතන ඔයාගෙ මගේ අදහස් ඇත්තටම පලක් නෑ, අපි කතාකරන්නෙ බුද්ධ වචනය හා එහි අදහසයි. එමනිසා බුද්ධ ධර්මය ආශ්‍රයෙන් කරන කරුනු පැහැදිලී කිරීම් වලට තර්ක ගෙන එනවා නම් ඒ බුද්ධ ධර්මය අනුසාරයෙන් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ල සිටිනව. :yes:

    ඒ වගේම මගේ පෙර පෝස්ට් එකට කරුනු ඉදිරිපත් කලේ ඉංග්‍රීසි බසින් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසො හිමි විසින් ලියවුනු ලිපියක් අනුසාරයෙන්, ඔබ උන්වසන්සේටත් බුද්ධ වචනයත් අභියෝගයට ලක් කරනවා. කරුණාකර ඉදිරිපත් කරන references හා සූත්‍ර පිලිබද අවබෝධයක් ගන්න. කියන්න වාලෙ තර්ක ගේන්න එපා. මොකද අපි මොන තරම් ධර්ම කරුනු ඉදිරිපත් කලත් වැඩක් නෑ, ඔබට කියන්න පුලුවන් "නෑ මස් කෑම පවුමයි" කියල. එමනිසා මස් කෑමෙන් ඇත්තටම පවක් සිද්ධ වෙනවා නම අපි ඉදිරිපත් කරන ධර්ම කරුනු ධර්මයෙන්ම වැරදි බව ඔප්පු කරන්න. :)

    ඔබේ කමෙන්ටුවේ එසේ කිසිදු ධර්ම කරුනක් අඩංගු නෑ. කෙසේ වුවත් බහුතර දැනගැනීම පිණිස මම තවත් ධර්ම කරුනු ඉදිර්පත් කරන්නම්.

    තෘතිය තිත්තිර ජාතකය
    ‘‘මනො චෙ තෙ නප්‌පණමති, පක්‌ඛි පාපස්‌ස කම්‌මුනො;
    අබ්‍යාවටස්‌ස භද්‍රස්‌ස, න පාපමුපලිම්‌පතී’’

    "පටිච්ච කම්මං න ථූසති - මනො චෙ නප්පදුස්සති
    අප්පොස්සුක්කස්ස භද්‍රස්ස - න පාප මූපලිප්පති"

    කෙටි අදහස
    තමා අනුන් පවු කරනවාට සතුටු නොවෙනවා නම්, පවුකීරීමට අනුබල නොදෙනවා නම්, අනුන් ලවා පව්කම් නොකරනවා නම්, තමා නිසා අනුන් කොපමන පව්කලත් ඒ නිසා තමාට පාපයක් නොවන්නේය.
    (තමා නිසා කෙතරම් සතුන් මියගියත්) :)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?
    naha machan.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    හරි මම කිව්වනේ මේක access list එකක් වගේ කියල එහෙනම් මම කියන්නම් කොහොමද මස් මාංශ කන එක සාමාන්‍ය මිනිසුන්ට පව් සිද්ද වෙන්නේ කියල.

    පළවෙනියටම අපි බලමු මේකට අදාල වෙන බුද්ධ දේශනා.

    පළමු පන්සිල් පදය
    දෙවන සිල් පදය
    ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය
    චේතනාවම කර්මය යයි පවසමි
    කරණිය මෙත්ත සුත්‍රය
    සහ බුදුන් විසින් වදාළ පව් කිරීමට ප්‍රථම තමාව උදාහරණයට ගන්න කියන දේශනාව.

    (මේවට පාලි සෝස් එකේ ලින්ක් එවන්න නම් මට විදිහක් නෑ. ඔෆිස් එකේ ඉන්නේ.) ඕනෑම කෙනෙක් දන්නවා ඉහත සඳහන් පහම බුධුන් වදාළ දේවල් කියල.

    පන්සිල් පදයෙන් කියනවා මම සතුන් නොමරමි, මරන්නට අනුබල නොදෙමි,
    දෙවන සිල් පදයෙන් කියනව මම අනුන්ගේ දේ හොරෙන් බලයෙන් නොගනිමි කියල.
    ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලාදී කියනව
    1. තමා නිසාම මරණ ලද බව ඇසින් නොදුටු,
    2. තමා නිසාම මරණ ලද බව කණින් නොඇසූ,
    3. තමා නිසාම මැරූ බවට සැකයක් නොමැති.
    දේවල් වලන්දුවට කමක් නෑ කියල.

    හරි මේ ටික විතරක් දැනට ගමු.
    ඔයා කඩේට ගිහින් සල්ලි දීල ගන්නකොටම පළමු වෙනි ශික්ෂා පදය කැඩෙනවා. මොකද ඔයා දැනුවත් ව හෝ නොදැනුවත්ව සල්ලි දීමෙන් වෙන්නේ factory එකේ ආදායම ඉහල යෑම හා ඔවුන් තව තවත් තමන්ගේ යන්ත්‍ර සුත්‍ර වැඩි කරගැනීම ශ්‍රම බලකාය වැඩි කරගැනීම වගේ දේවල් නිසා.

    ඉලඟට මේ කිසිම සතෙක් තමන්ගේ ආසාවට ජීවිතය දෙන්නේ නෑ මස් වලට මස් මරණ මිනිස්සු එක කරන්නේ බලයෙන් වදදිමෙන් එහෙනම් ඔය සල්ලි දෙනවා කියන්නේ ඔය එයාලට අනුබල දෙනවමයි.

    ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයට අනුව ඔයා සමහර විට ඇසින් දකින්නේ නැති වෙන්න පුලුවන් සත්තු මරනවා. කනින් අසන්නේ නැති වෙන්න පුළුවන් මේ සර්ට මරපු කුකුළා කියල.
    නමුත් කඩේ ඉන්න සේරම සත්තු පාරිබෝගිකයන් වෙනුවෙන් (ඔබත් ඇතුළුව) මාරුව බව ඔයා ආස නැති උනත් ඔයා ගේ යටි හිත දන්නවා. මොකද සත්තු මරන්නේ එළවලු කන උන්ට කන්න නෙවෙයි නිසා. සහ සත්තු වැඩි නිසා කඩ කාරය මරනවා නෙමෙයිත් නිසා. සත්තුන්ගේ මස් කඩේට එන්නේ ගස් වලින් කලා නෙවෙයි කියල ඔයා දන්නා නිසා. ඔය දන්නවා මස් ගන්නනම් සත මරන්න ඕනේ කියල. සත මරුනනම් ඒ සත මරුනේ පරිබෝගිකයෝ නිසා කියල ඔය දන්නවා. ඔයා අද ගන්න මස් කැබැල්ලට ඔයාට පව් නැති වෙන්න පුළුවන් නමුත් ඔයා ගිහින් දෙන සල්ලි වලින් ඒ මිනිස්සු අලුත් සතෙක් ගෙනත් ඒ සතාගේ හිස ගහල දාපු සැනෙකින්ම ඔයා පව් කාරයෙක්. ඔයාට සැකයෙන් මිදෙන්න බෑ. ඔය කොච්චර තර්ක හදවතින් ඔය දන්නවා මේ සත්තු මැරෙන්නේ විඳවන්නේ පරිබොගිකයන් නිසා කියල.
    තෘතිය තිත්තිර ජාතකය
    ‘‘මනො චෙ තෙ නප්‌පණමති, පක්‌ඛි පාපස්‌ස කම්‌මුනො;
    අබ්‍යාවටස්‌ස භද්‍රස්‌ස, න පාපමුපලිම්‌පතී’’

    "පටිච්ච කම්මං න ථූසති - මනො චෙ නප්පදුස්සති
    අප්පොස්සුක්කස්ස භද්‍රස්ස - න පාප මූපලිප්පති"

    කෙටි අදහස
    තමා අනුන් පවු කරනවාට සතුටු නොවෙනවා නම්, පවුකීරීමට අනුබල නොදෙනවා නම්, අනුන් ලවා පව්කම් නොකරනවා නම්, තමා නිසා අනුන් කොපමන පව්කලත් ඒ නිසා තමාට පාපයක් නොවන්නේය.
    පද ගැලපීම
    තමා අනුන් සතුන් මරනවාට සතුටු
    නොවෙනවා නම්, සතුන් මැරීමට අනුබල නොදෙනවා නම්, අනුන් ලවා සතුන් නොරනවා නම්, තමා නිසා අනුන් කොපමන සතුන් මැරුවත් ඒ නිසා තමාට පාපයක් නොවන්නේය. :)
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    shenic

    උබට කොච්චාර කිව්වත් තේරුමක් නෑ. උබ හිතන්නෙම කඩෙන් පළමු මස් කෑල්ල ගැනීමේ සිද්දිය පිලිබඳ විතරයි. එතනින් එහාට උබ සල්ලි දීල අවට පස්සේ වෙන දේ ගැන උබ හිතන්න කැමති නෑ. හරිම සරලයි නේ මචං. වෙන කොහෙවත් තියෙන කරුණු අරන් ඇවිත් පෙන්නන්න දෙයක් නෑ නේ. මුලින්ම කියන්න ඕනේ දෙයක් තියෙනව. එළවලු විතරක් කෑවත් මස් මාළු විතරක් කෑව කියලවත් දවත් තුන්සිය හැට පහම සිල් අරන් හිටිය කියලවත් කිසිම කෙනෙක් අපායේ යන්නේවත් නිවන් දකින්නේවත් දිව්‍යලෝකේ යන්නේවත්නම් නෑ. එය තමන්ගේ කය සංවර කලත් සිත සංවර කරලා නැත්තනම් කිසිම කුසලයක් රැස් වෙන්නේ නෑ.

    මම එළවලු කනවා කියල මම හරි උසස් ය කියල මම කොහෙවත් කියල නැ. මම කොහෙවත් එක එහෙමයි කියල උලුප්පල පෙන්නන්න හැදුවෙත් නෑ. මම කරපු එකම දේ ඔයාල පෙන්නලා දීපු දහම් කරුණු වලම ඔයාල නොදකින හිතන්න අකමැති පැත්ත පෙන්නලා දීපු එක විතරයි.

    කිසිම වෙලාවක බුදුන් වහන්සේ දේශනා කරලා නෑ ත්‍රිපිටකේ සරණ යන්න කියල හෝ යම් භික්ෂුවක් කියන නිසා එම සරණ යන්න කියල. ඔයා නිවන් දකිනවනම් මේ ධර්මය ඔබ විසින්ම අවබෝධ කරගත යුතුයි කියලයි බුධුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

    දැන් කියන්න එපා සහෝ මම ත්‍රිපිටකේට ගරහුව භික්ෂුන්ට ගරහුව කියල. මම කිව්වේ ත්‍රිපිටකේ තියෙන දේ හරියා කාරව තේරුම් ගැනීම තම සතු දෙයක් කියල. ත්‍රිපිටක ආචාර්ය වහන්සේලාට අගවුරව කළා නෙවෙයි කිව්වේ එතුමන් වහන්සේලා රහත් වෙලා නැත්තෙත් යම් කිසි තැනක ප්‍රශ්නයක්ක් තියෙන නිසා කියල. එක ත්‍රිපිටකේ ප්‍රශ්නයක් නෙවෙයි තම තමන් අවබෝධ කර ගැනීමේ ප්‍රශ්නයක්. මේ මස් මාංශ ප්‍රශ්නේ විතරක් නෙවයි ඕනා තරම් දේවල් තියෙනව මෙහෙම බුදුදම වැරදියට අර්ථ දක්වපු.

    ඇත්ත මම මේ කියන්නේ කවුරුත් මට කියල දීපු දෙයක් නෙවෙයි මම අවබෝධ කරගත්ත දේ. මම මස් කන්නේ නෑ මලු උඹල කඩ මුකුත් කන්නේ නෑ. මම නැවැත්තුවේ එක පව් නිසා නෙවෙයි මේ ලෝකේ ඉපදෙන ඕනෑම සතෙක්ට මම ආදරේ නිසා. අවංකව මම මේ අවුරුදු ගානටම මදුරුවෙක් මරලත් නෑ. වතුර කොප්පෙක සතෙක් හිටියත් පුළුවන් විදිහකින් උව බේරලා තියෙනව. ඔයා කියයි එහෙනම් උබ ඇවිදිනකොට සත්තු මැරෙනවා වතුර බොනකොට සත්තු මැරෙනවා කියල බුධුන් වහ්සේ දේශනා කලේ මධ්‍යම ප්‍රති පධාවේ ගමන් කරන්න කියලයි.

    මම කිසිම කෙනෙකෙට කියන්නේ නෑ මස් කන්න එපා කියල. උබල මස් නෙවෙයි ඕන මගුලක් කෑවට මට මොකෝ. මම කරේ උබල ධර්මය වැරදියට අර්ථ දක්වල ඒවා බලල අයාලේ යනම් මිනිස්සුන්ට මට පුළුවන් විදිහට හරි දේ පෙන්නපු එක විතරයි.

    හරි දැන් එන්නම් ඔයාගේ ප්‍රශ්න වලට. ගොඩක් තැන වල ඔය කිසිම තර්කයක් නැතිව ඔහේ කියවල විතරයි. මම ත්‍රිපිටකේ ට අපහස කරලු භික්ෂුන්ට අපහස කරලු කියල. වැදගත් කියල දෙයක් කියලනම් නෑ.

    මම හරි සරලව කිව්වනේ මචං. මිට පස්සේ මේකට උත්තර දෙනවනම් වෙන වට පිට කතන්දර ඇදගන්නේ නැතුව කෙලින්ම තර්කෙට වරෙන්.

    උබ කඩෙන් මස් ගත්තට පව් නෑ කියලනේ උබ කියන්නේ. හරි උබ හරි පව් නෑ මචං.
    මොකද ඒ වෙනකොට ඒ සතා මරල ඉවරයි. උබ මිට කලින් මස් කාල නෑ කියල හිතපන් හැබැයි ඒ ඇයි කියල කියන්නම්.
    හරි උබ පලවෙනි වතාවට ගිහින් මස් ගන්නවා මචං කඩෙන්
    උබ ඒ වෙනකොට මස් කඩ කාරයට අනුබල දීල උබ වෙනුවෙන් මස් කඩේට ගෙනෙන්න කියල
    උබට සතෙක් මරන්න ඕනේ කියල චේතනවකුත් නෑ උබ මස් දැක්ක පලියටම කන්න හිතිලා තමා ගිහින් කඩෙන් ගත්තේ. එත් උබ දන්නවා මස් ගන්නනම් සතෙක් මරන්න ඕනේ කියල. එක තේරුණා නේද?
    (මස් ගස් වල හැදෙන්නේ නෑ මචං.)

    හරි ඔන්න ඉතින් උබ අර මනුස්සයට සල්ලි දෙනවා. ආ ඒ කියන්නේ ඔයාගේ මස් හොඳයි කියල ඔයා ගන්නවා ගන්නෙත් නිකන් නෙවෙයි හොඳට තෝරලා බලල ලේ තියෙන අලුත්ම මස් කෑල්ලක්. මචං අනුබල දෙනවා කියන්නේ මචං කටින්ම කියන එකට නෙවෙයි. හොරෙක් ගෙන් හොරකන් කරපු බඩුවක් ගන්න එකත් වරදක් මචං. හොර බඩු ළඟ තබා ගැනීමත් වරදක් මචං. ඇයි දන්නවද උබ සල්ලි දීල ඒ මස් ගාතේ ගන්නවා කියන්නේ එක අනුමත කළා කියන එක.

    ඔන්න ඉතින් උබ වගේ තව අය දීපු සල්ලි වලින් අර මනුස්සය තව තව සත්තු අරන් එනවා. උන්ගේත් බෙල්ල කපනව ආ උබ අනුබල දුන්නේ නැද්ද මචං? උ සල්ලි අච්චු ගහගෙනද අරන් ගියේ?

    දැන් කියනවනේ චේතනාව නෑ කියල. මම මුලින්ම කිව්වනේ මස් ගස් වල හැදෙන්නේ නෑ කියල. උබ ඇත්ත දකින අකමැති උනත් උබ දන්නවා මස් කඩේට එන සල්ලි වලින් උගේ ලාබෙ විදිහට යන්නේ ඉතාම පොඩි කොටසක් විතරයි කියල. ඉතුරු ටික ඔක්කොම යන්නේ තව තව සත්තු අරගන්න. උන්ව මරන්න යන්ත්‍ර සුත්‍ර ගන්න. උන්ව ප්‍රවාහනයට. උබට කියන්න පුලුවන්ද මචං කොහේ හරි ඉන්න සතෙක් මරන්න මේක උබ ඇතුළු මස් කන ප්‍රජාව භාවිත කරන උපක්‍රමයක් නෙවෙයි කියල? මේ කරුණු එකට එකක් බැඳිලා තියෙන්නේ මචං. උබ එකතැනකින් ඇත ඇරියොත් උබට ඉතුරු ටික නෑ කියල තමයි පේන්නේ.

    මචං මස් ගන්නේ සතෙක්ගෙන් මම දීපු සල්ලි වලින් තව සතෙක් මැරෙනවා කියල දන්නවා කියන්නේ චේතනාව නෙවෙයි ද බන්? කර්මය සම්පුර්ණ වෙන්න කරුණු පහක් සම්පුර්ණ වෙන්න ඕනේ
    1)පන ඇති සතෙකු වීම
    2)පන ඇති සතෙකු බව දැනීම
    3)මරන්නට කැමැත්ත
    4) මරන්නට උපායක් යෙදවීම
    5) උපාය නිසා සතා මිය යෑම

    කලින් මම කිව්වා වගේ මස් ගස් වල හැදෙන්නේ නෑ. පැන තියෙන සතෙක් මරලයි මස් ගන්නේ.
    ඉතින් කරුණු දෙකම කලින් කිව්වා එකෙන් සම්පුර්ණයි නේ. ඔය සත්තු මරන්වට කැමති නැත්තන් මස් කන්නේ නෑ නේ සහෝ නේ? එක හරිම සරලයි නේ? මරන්නේ නැතුව මස් ගන්න බෑ කියල දන්නවනම් ඉබේ මැරෙන්නේ නෑ කියල දන්නවනම් අකමැත්තෙන් හරි කැමති වෙන්න වෙනවානේ.
    උපාය මොකද්ද කියල මම විස්තර කරානේ. අනික පන්සලි පද පහේ පලවෙනි එක අනුව අනුන් ලවා මරවිම යන්නටත් එකම සම්බන්ධ වෙනවා නේද?

    ඔයාට මම හරි සරලව විස්තර කල එළවලු වලට ගහන කෘමි නාශක නිසා මැරෙන සත්තු ගැන. ඔයා එකට හිනා උන ඇරෙන්න මොනවත් කිව්වේ නෑ. මචං අයෙත් කියන්නේ කෘමි නාශක ගහනකොට මැරෙන සත්තු ගැන නෙවෙයි මම මට ආදරේ නිසා මම ආස නෑ කෘමි නාශක ගහපු එළවලු කන්න. දැනට රටේ දැවැන්ත මතයක් තියෙනව නේ කෘමි නාශක භාවිතය අඩු තරමේ අවම මට්ටමින් කරන්න කිඅලවත් එත් ගොවියෝ එක අහන්නේ නෑ. උන් උන්ට ඕන නිසා තමයි වැඩිපුරත් එක්ක කෘමිනාශයක් ගහන්නේ. ඉතින් මචං උබ කොහොමද කියන්නේ එතන චේතනාව තියෙනවා කියල. උබ මස් ගන්නකොට ඒ සත මැරිලමයි එන්න ඕනේ ඒ සතෙක් ගේ මස් කියන එක උබ දන්නවා. උබේ පරිබෝජනය වෙන්නේ හරකාගේ ඇඟේ ඉන්න මැක්කෝ නෙවෙයි. මොකද හරක මරනකොට මකොත් මැරෙනවා නේ ලේ නැතුව. නිකන් ඒ නිසා එක වරදක් වහන්න තව තව දේවල් කියන්න එපා. එළවලු කනකොට අපි ගන්නේ එළවලු මිසක් කෘමි නාශක ගහපු එළවලු නෙවෙයි. වෙළඳ පොලේ තිබ්බනම් කෘමිනාශක ගහපු නැති එවයි ගහපු එවයි දෙකම් පොඩි ගානක් වැඩි උනත් මම ගන්නේ කෘමිනාශක ගහපු නැති එක

    මොකද එක මගේ ශරීරයට හොඳ නිසා. මචං මම ඉන්නේ මාලදිවයිනේ මෙහෙ මිනිස්සු තුන්වෙලටාම කන්නේ මස් හෝ මලු. ටුන මාළු දාන්නේ නැති මගුලක් නෑ. එත් මම වැඩි ගානක් දීල එළවලු අරගෙන මමම උයාගෙන කනවා. නැත්තන් ඔෆිස් එකෙන් රෙස්ටුරන්ට් එකෙන් කන්න කියල තිබ්බේ. ඒවා වල කන්න දෙයක් නෑ. ඉතින් මේ වගේ රටකත් මස් මාංශ නැතුව ජිවත් වෙන්න පුලුවන්නම් ලංකාවේ එළවලු වැවෙන රටේ මස් කන්නේ නැතිව හිටිය කියල බඩගින්නේ මැරෙන්න වෙන්නේ නෑ නේ සහෝ.
    ඒ කියන්නේ ඔය මස් කන්නේ මස් කාවේ නැත්තන් මැරෙන නිසා නෙවෙයි නේ. ආසාවට. ඔය මේක පව් නෑ කියල කියාගන්න හදන්නේ එක හිතට අවන්කවම කරගන්න තියෙන කැමැත්තට.

    මචං උබ මස් කනවනම් කාපන්. කිසි අවුලක් නෑ. එත් මිනිස්සු නොමග යවන්න එපා. උබ මම කියපු දේවල් හැම එකටම සමච්චලේට උත්තර දුන්න ඇරෙන්න කිසිම තර්කයක් ඇතිව උත්තර දීල. නෑ. ඒ නිසා උබ වගේ උන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. හිතට හොරා වැඩ කල කියල උබට පවින් ගැලවෙන්න බෑ මචං.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මම අවුරුදු 9 ක් පුර්ණ කාලීනව නිර්මාන්ශයි .. ඒ සත්ව ඝාතනයට මම එකෙන්ම විරුද්ද හින්ද.. එත් බුද්ධ දේශනාව අනුව මස් කන එක පවක් වෙන්නේ නැහැ. සමහර උදවිය දැන් අලුතෙන් සිල් පදත් හදල මේ මස් මාංශ ප්‍රශ්නය වෙනුවෙන්. එත් නියම බුද්ධ දර්ශනයේ තියන්නේ තමුන් වෙනුවෙන් නොමරන ලද සතෙකුගේ මස් කෑවා කියල පවක් සිද්ද වෙන්නේ නැහැ කියල.

    කාලයක් මමත් හිතන් හිටිය සත්තු මසට ඇති කරන්නේ අපි කන නිසා නේද කියල.. එහෙම බැලුවාම ඒ සත්තු මැරෙන්නේ අපි වෙනුවෙන් කියල. එත් ඒක වැරදි දෘෂ්ටියක් කියල පස්සේ තේරුම් ගත්ත. බුදුරජානන් වහන්සේ දේශනා කරපු ප්‍රාණඝාතයට අදාළ කරුණු 5 සම්පුර්ණ නොවී ප්‍රාණඝාත අකුසලය සිද්දවෙන්නේ නැහැ.

    බුද්ද පුජාවට මාංශ ආහාරයක් පුජා කරා කියල පවක් සිද්දවෙන්නේ නැහැ වළඳන්න එපා කියපු මස් වර්ග නෙවෙයිනම්. සොසේජස් එක්ක බනිස් ගෙඩි පුජා කරපු කෙනා එයාගේ පින අනුමෝදන් වෙලා ඉවරයි .. එක දිහා බලල අපේ එවුන් කරගන්න පව සුළුපටු නැහැ . වෙනත් කෙනෙක් පුජා කරපු දෙයක් දැකල සාදු සාදු සාදු කියල පින අනුමෝදන් වෙන්න අපේ මිනිස්සු පුරුදු නැහැ. දන්නෙම පුජා කරපු දේ විවේචනය කරලා පව් ගොඩ වැඩිකරගන්න විතරයි.

    මචං එක බුද්ධ වචනයක් ගැන විතරක් හිතන්න එපා. තව ගොඩක් කරුණු තියෙනව. ඒවා ඔක්කොම බලන්න. කලින් විස්තර කරලා ඇති. අදාළ කරුණු පහ සම්පුර්ණ නොවන්නේ කොහොමද කියල පුලුවන්නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.

    මහා කාරුණික සියලු සත්වයන්ටම my3 කරන්න කියපු උත්තමයන් වහන්සේ නමකට මස් මාංශ පුජ කරනවා කියන්නෙම මහා අපරාදයක්. අනේ මන්ද උබල හිතන විදිහනම්. කමක් නෑ මචං උබල ගැන හිතල දුකක් නෑ. මොකද වෙන මිනිස්සු කරනදෙවල් ගැන දුක් වේවි ඉන්නවට වැඩ තමන්ගේ යහපත උදෙසා වැඩ කරගැනීම වටිනා නිසා. මෙච්චර හරි මේකේ මෙහෙම කියෙව්වේ මේ වගේ වැරදි ධහම් කරුණු දකින මිනිස්සු නොමග යන එක නවත්තගන්න.