Mage sihinaya mata dakinna ida harinna
මචන් ල , මට අපේ දුප්පත් රජයේ සේවක තාත්ත පොඩි කලේ කියා දුන්නේ ................ හොඳට ඉගන ගනින් පුතේ............. අපි විදින දුකෙන් නිදහස් වෙන්න ටිකක් හරි පුළුවන් එතකොටය් කියල...................
ඉතින් බන් මාත් කවද වත් දැකපු නැති සුරඟන ලෝකයක් හිතේ මවා ගෙන මැරී ගෙන ඉගන ගත්ත............................
අය්ලන්ඩ් රෑන්ක් දාල engineering faculty ගිය.......................... දිග්රියත් ගොඩ ද ගත්ත......................
අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ලංකාවේ උසස් ය කියන ආයතනයක උසස් රැකියාවක් කල...................................
උඹල කොල්ලෝ දන්නවනේ කාර් එකක් කියන්නේ කොල්ලෙක් ගේ ජීවිතේ හීනයක් කියල....................................
මමත් දුක සේ හම්බ කරපු සල්ලි VIVA ELITE එකකට බැන්ද..................................
කාර් එක දෙන දවසට කලින් දවසේ බදු අහස උසට නග්ගල..........................
අය්යෝ ...........අපි වගේ සාමාන්‍ය මද්යම පන්තියෙන් ආපු එකෙකුට කාර් එකක් ගන්න එක මුන් හීනයක් කරලා.........................අනේ මම අවුරුදු 20 ක් විතර දැකපු පාට පාට...... හීනේ...............
මම තවත් මේ රටේ ඉන්නේ නැ බන්...................... පුදුම කල කිරීමක් ........................ ගෙදර අයට පෙන්න හිනා වෙලා හිටියට හිත පිච්චෙනවා වගේ.................... අහිංසක මිනිස්සුන් ගේ බදු සල්ලි වලින් ඉගන ගත්ත කියන හැන්ගීම හිතට වැඩ දෙන්නේ නැත්නම් මෙලහකටත් නැව් නැගල.......................
මේක කියවන පොඩි උන් ඒ කියන්නේ උසස් පෙළ කරන එවුන් මේක කියවල .........උප්සෙට් ගන්න එපා................... උඹලගේ කාලේ වෙද්දී ලෝකේ මීට වඩා ලස්සන තැනක් වෙලා තියේවි................
මගේ හිතේ තියන දුක පිට කර ගනනි මේක ලිව්වේ.............. කියවපු එවුන් දැන් ම මේක අමතක කරපල්ලා........................
