රටට සාපයක් වූ NDT

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    NDT-රටට සාපය

    NDT අර්බුද ඉතිහාසය

    1994 අර්බුදය

    1992/93 නික්ම යාමට තිබූ NDT කණ්ඩායම (1987 Batch) ඔවුන්ගේ ඩිප්ලෝමා සහතිකය ප්‍රතික්ෂේප කරන ලදී.ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ එම සහතික පතේ "Middle level technical course" යන්න සටහන්ව තිබීමයි. නමුදු පාලන අධිකාරිය මෙම වැකිය ඉවති කිරීම තරයේ ප්‍රතික්ෂේප කළහ. ඊට හේතුව වූයේ NDT පාඨමාලාව ආරම්භයේ සිටම හා ලෝකයේ අනෙකුත් Technical courses වල සහතික පත් වලත් මෙම වැකිය common term එකක් වීමය.

    එවකට NDTය, ඉන්ජිනේරු පීඨය යටතේ පැවති අතර පීඨ සභාව (Faculty board) Prof. J.R. Locus ගේ නායකත්වයෙන් යුතු උප කමිටුවක් පත් කරන ලදී. එයින් නව සහතික පත්‍රයක් යෝජනා කිරීමට නියමිතව තිබිණි. දෙවරක් සංශෝධනයකින් පසුව NDT ශිෂ්‍ය සංගමය හා අනෙකුත් වගකිවයුතු පාර්ශව මෙම සහතිකය පිළි නොගත් අතර, එය යලිත් කිසිදු පෑහැදිලි හේතුවකින් තොරව NDT ශිෂ්‍ය සංගමය විසින් ප්‍රතික්ශේප අරන ලදී. ඉන් අනතුරුව NDT සිසුහු තේ දුරටත් තම අත්තනෝමතික අසාධාරණ ඉල්ලීම් පහත පරිදි ඉල්ලා සිටියහ.

    1) NDT පාඨමාලාවට අදාල පාඨමාලා කාල සීමාව ඉවත් කිරීම.
    2) තමන් හැදෑරූ විශය ධාරාව සහතික පතින් ඉවත් කිරීම.
    3) කාර්මික අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂකගේ අත්සන ඉවත් කර විශ්ව විද්‍යාල උපකුලපති ගේ අත්සන යෙදීම.

    මෙම ඉල්ලීම් වල අසාධාරණතාව දුටු එවකට ඉන්ජිනේරු ශිෂ්‍ය/ශිෂ්‍යාවන් මේ වෙනුවෙන් නැගී සිට, ඉන්ජිනේරු පීධයේ අනන්‍යතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූහ. නමුත් සහතිකයේ කතාව මින් නිමා නොවූ අතර, සිදු වූයේ ඉන්පසු ඉවත් වූ NDT batch 5ක්ම මෙම සහතිකය ප්‍රතික්ෂේප කිරීමයි.

    1999 අර්බුදය

    99 අර්බුදය වූයේද, 94 ඇතිවූ අර්බුදයම තවත් ඉදිරියට යෑමකි. මෙවරද ඔවුන් තම සහතික පතේ සංශෝධන පිළිබඳව තවත් ප්‍රබල ලෙස හා ශක්තිමත් ලෙස ඉල්ලූහ. එහිදී ඔවුනට පරිපාලන සහයෝගය වක්‍රාකාරව ලැබුණු අතර ඒ ඔස්සේ ඔවුන්ගේ ඉල්ලීම් වල පළමුවන හා තෙවන කරුණු සපුරන පරිදි සහතික පත්‍රයක් නිර්මාණය වුණි.මෙහිදී ඇතිවූ අර්බුදකාරී තත්වය හමුවේ, සිසුන්ගේ ලේ වැගිරීම් හමුවේ, විශ්ව විද්‍යාලය මාස 7කට පමණ වසා දැමීමට සිදුවිය.අවසානයේ ගැටලුව විසඳීමට වගකිවයුත්තන් විසින් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලදී. Prof. දයන්ත S. විජේසේකරගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ වලින් අපගේ ඉල්ලීම වලට සාධාරණයක් ඉටු වුවද, තවමත් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමටනොහැකිවීම වර්තමාන අර්බුද වලට බොහෝ සේ හේතු වී තිබේ.

    2004 අර්බුදය

    යලිත් ඉස්මතු වූයේ සහතික පත්‍රය පිළිබඳ ප්‍රශ්නයයි. පැවති පාලන අධිකාරිය මෙම සහතික පත්‍රයේ අන්තර්ගතය සම්බන්ධ වැදගත් කරුණු ඉන්ජිනේරු ශිෂ්‍යයන්ගෙන් සැඟවීමට උත්සාහ කරන ලදී. කෙසේ වෙතත් සහතික පත්‍රයේ නියම තත්වය දැනගැනීමට සිසුනට හැකිවූ අතර, දකින්නට ලැබුනේ බැලූ බැල්මටම අපගේ සහතික පතට සමානව යන සහතිකයකි. අදාල නිළධාරීන්ගෙන් කරුණු විමසූ විට, මෙය තමන් අතින් සිදුවූ අත්වැරැද්දක් ලෙස පිළිගත් අතර, එය නිවැරදි කිරීමට කමිටුවක් පත් කරන ලදී.

    තවදුරටත් 99 දයන්ත S. විජේසේකර වාර්තාවේ සඳහන් වූ පරිදි හා උපකුලපතිතුමා (දයන්ත S. විජේසේකර) පොරොන්දු වූ පරිදි NDTය පිටත ප්‍රතිස්ථාපනය කිරීම, 2004 සැප්තැම්බර් 27 නිමා වීමට තිබුණි. ඒ වන විටත් මෙම කරුණු සම්බන්ධව කිසිදු පැහැදිලි පියවරක් ක්‍රියාවට නැගී නොතිබුනි.මෙයද ඉන්ජිනේරු සිසුන්ගේ සිත් කලකිරීමට හේතුවක් විය.

    The solution - "Dayantha Wijesekara Committee Recommendation"

    A committee of seven senior Professors led by present vice chancellor prof. Dayantha S. Wijesekara was appointed to solve the problem in 1999. Summary of the recommendation of the above committee are as follows.

    01) NDT course should be separated from Engineering Faculty - physically and administratively and should be established under another body under the university called Institute of Technology, University of Moratuwa (ITUM).

    02) Within 3 years time, process of relocation of ITUM outside the university should be started and it should be end up within 5 years time.

    03)Until the relocation process is completed, the NDT course,
    • Should not be revised
    • Should not increase the number of students per batch
    • Should not increase or decrease the level of facilities which offered to the NDT course in 1999

    අපගේ ඉල්ලීම්

    1) NDTය විශව විද්‍යාලයෙන් පරිබාහිරව භෞතිකව ප්‍රතිස්ථාපනය කළ යුතුයි. (1999.09.01) දින නිකුත් කළ දයන්ත S. විජේසේකර කමිටු වාර්තාවේ 07.B.d ක්‍රියාත්මක කළ යුතුයි.
    2) NDT පාඨමාලාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වර්ධනය කළ යුතුයි.
    3) ඉන්ජිනේරු සිසුන්ට විශ්ව විද්‍යාලය තුළ නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ සැලසිය යුතුයි.
    4) ඇතුලත් කර ගන්නා ඉන්ජිනේරු සිසුන් ගණනට සාපේක්ෂව විශ්ව විද්‍යාය තුළ ඉඩ පහසුකම් නැංවිය යුතුයි.

    අතීතයේ අපටත් අපේ සහෝදර සිසු සිසුවියන් ලේ දහඩිය වගුරවමින්, මොරටු සරසවිය තුල ඉන්ජිනේරු පීඨයේ අනන්‍යතාවය රැක ගැනීම උදෙසා කල අරගලයන්ගේ අවසන් අදියර කිහිපය තෙක් ගෙනයාම ඔබ අප හමුවේ ඇති අභියෝගයයි.

    ------2008 NDT සිද්ධියේදී මුද්‍රණය කරන ළද පත්‍රිකාවකින් උපුටා ගන්නා ලදී.
     
    Last edited:
    • Like
    Reactions: hpk89

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    NDT උන්ට යන්න බැරි නම් අපිට හරි උන් නැති තැනක් හදල දුන්නනම් ඉවරයි. එහෙනම් අපේ engineering උන් පාඩුවෙ ඉගෙනගෙන ඉන්නවා දේශපාලනෙයි මැරකමයි නැති තැනක. දැන් බලන්න medical faculty වෙනම තියෙන නිසා උන් පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවා. අපිට හොඳ ජොබ් ගන්න ඔය කැම්පස් එකේ නම ඕන නෑ. ඔය කැම්පස් එකේ නම තියෙන්නෙ අපේ ෆැකල්ටනෙක නිසා මිසක් අපේ නම තියෙන්නෙ ඔය කැම්පස් එක නිසා නෙවෙයි. අපි ආවෙ maximum qualifications වලින්. අපි යනකොටත් ඒව වැඩි කරගෙන යන්නෙ. NDT එක ඔතනින් යන්න අකමැති හේතු 2ක් නිසා.

    1. JVP අන්තරේ උවමනාව. NDT එක ගියොත් කැම්පස් එකේ වෙන කිසිම ලමයෙක් දේශපාලනේ නොකරන නිසා උන් ඒකෙන් එලියට විසිවෙනවා.

    2. NDT සමහරු ජොබ් ගන්න බලන් ඉන්නෙ කැම්පස් එකේ නම විකුනල උන් engineer කියල. ඒක ඇත්ත නෙවෙයි. engineering කියන්නෙ degree එකක්. NDT කියන්නෙ diploma එකක්. ඒකෙන් හදන්නෙ technical officers ල. එයාලට පස්සෙ qualification හදාගෙන ඉහලට එන්න පුලුවන් උනාට diploma එක ගත්ත පමනින් engineer වෙන්නෙ නෑ.
     
    Last edited:

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    පිස්සුද බන්. assistant engineer ලා ලංකාවට ඕනේ. NDT,HNDE,NDES වලින් පිටවෙන EA ලා ප්‍රමාණයත් හොදටම මදිත් එක්ක.

    ඒක ඇත්ත. NDT විතරක් නෙවෙයි තව technical officers ල ඕන. විස්ඳුම තැන් දෙකක ඔය දෙක තියන එක.
     
    ඔවුන් පත්තෙරට මංගල යෝජනා එහෙම දාන්නේ "මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පුතු" කියල.......:lol::lol::lol:
    අපේ පැත්තේ family 1k ඔහොම සීන් 1 කට ඇහුවල තිබුනා.....:(:(
    පස්සේ සීන් 1 දැනගත්තම වැඩේ close කරලා දැම්ම.....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒක ඇත්ත. NDT විතරක් නෙවෙයි තව technical officers ල ඕන. විස්ඳුම තැන් දෙකක ඔය දෙක තියන එක.

    salaries wala loku gap ekak thiyanawada jobs wala
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ඔවුන් පත්තෙරට මංගල යෝජනා එහෙම දාන්නේ "මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පුතු" කියල.......:lol::lol::lol:
    අපේ පැත්තේ family 1k ඔහොම සීන් 1 කට ඇහුවල තිබුනා.....:(:(
    පස්සේ සීන් 1 දැනගත්තම වැඩේ close කරලා දැම්ම.....

    මේක මම දන්න archi කෙල්ලෙකුට වෙලා තිබ්බ බන්. සිරාවට. ඒකි දැන්ගත්තම අම්මලටත් බැනල එහෙම එකකට අහු උනාට. :lol::lol::lol::lol:
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    පිස්සුද බන්. assistant engineer ලා ලංකාවට ඕනේ. NDT,HNDE,NDES වලින් පිටවෙන EA ලා ප්‍රමාණයත් හොදටම මදිත් එක්ක.

    කවුද බන් කියන්නේ එහෙම....... :shocked::shocked:
    හොයල බලපන්කො ඔය මහලොකු NDT ඩිප්ලෝමාව කරලා කී දෙනක් jobless වෙලා ඉන්නවද කියලා.....:nerd:
     
    NDT උන්ට යන්න බැරි නම් අපිට හරි උන් නැති තැනක් හදල දුන්නනම් ඉවරයි. එහෙනම් අපේ engineering උන් පාඩුවෙ ඉගෙනගෙන ඉන්නවා දේශපාලනෙයි මැරකමයි නැති තැනක. දැන් බලන්න medical faculty වෙනම තියෙන නිසා උන් පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවා. අපිට හොඳ ජොබ් ගන්න ඔය කැම්පස් එකේ නම ඕන නෑ. ඔය කැම්පස් එකේ නම තියෙන්නෙ අපේ ෆැකල්ටනෙක නිසා මිසක් අපේ නම තියෙන්නෙ ඔය කැම්පස් එක නිසා නෙවෙයි. අපි ආවෙ maximum qualifications වලින්. අපි යනකොටත් ඒව වැඩි කරගෙන යන්නෙ. NDT එක ඔතනින් යන්න අකමැති හේතු 2ක් නිසා.

    1. JVP අන්තරේ උවමනාව. NDT එක ගියොත් කැම්පස් එකේ වෙන කිසිම ලමයෙක් දේශපාලනේ නොකරන නිසා උන් ඒකෙන් එලියට විසිවෙනවා.

    2. NDT සමහරු ජොබ් ගන්න බලන් ඉන්නෙ කැම්පස් එකේ නම විකුනල උන් engineer කියල. ඒක ඇත්ත නෙවෙයි. engineering කියන්නෙ degree එකක්. NDT කියන්නෙ diploma එකක්. ඒකෙන් හදන්නෙ technical officers ල. එයාලට පස්සෙ qualification හදාගෙන ඉහලට එන්න පුලුවන් උනාට diploma එක ගත්ත පමනින් engineer වෙන්නෙ නෑ.

    NDT kiyanne JVP rukada ban
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    කවුද බන් කියන්නේ එහෙම....... :shocked::shocked:
    හොයල බලපන්කො ඔය මහලොකු NDT ඩිප්ලෝමාව කරලා කී දෙනක් jobless වෙලා ඉන්නවද කියලා.....:nerd:

    Elec/civil/mac කරපු එකෙක් නම් jobless වෙලා ඉන්නවා කියල හිතන්න අමාරුයි.(මම ඔය Dip කාරයෙක් නෙමෙයි.:lol::lol:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද බන් කියන්නේ එහෙම....... :shocked::shocked:
    හොයල බලපන්කො ඔය මහලොකු NDT ඩිප්ලෝමාව කරලා කී දෙනක් jobless වෙලා ඉන්නවද කියලා.....:nerd:

    :lol::lol::lol::lol: HND karapu unta nan thibbe naa!