රටම අල්ලන්න කොටි......
රටම අල්ලන්න කොටි ඇන්ද යුද සිතියමක් හමුවෙයි
කීර්ති වර්ණකුලසූරිය, නෝමන් පලිහවඩන
http://www.divaina.com/2009/07/04/news09.html
ශ්‍රී ලංකා හමුදාව කොටින්ට එරෙහිව යුද මෙහෙයුම් දියත් නොකළේ නම් මාස හයක් වැනි කාලයකදී කොටි සංවිධානය විසින් මුළු රටම ඇල්ලීම සඳහා සකස් කර තිබූ රහසිගත යුද සැලසුම් ලියකියෑවිලි හා සිතියම් සොයාගෙන ඇත.
පසුගිය සතියේදී පුදුකුඩිඉරිප්පු - වෙල්ලමුල්ලවයික්‌කාල් වැනි ප්‍රදේශවල තිබී සොයාගත් අති විශාල අවි ආයුධ තොගයෙන් මේ බව වඩාත් සනාථ වී තිබේ.
මෙයට දින දෙකකට පෙර නාවික හමුදාව විනාශ කිරීම සඳහා භාවිතා කරන ෂර්ටන් වර්ගයේ ටෝපිඩෝ හතරක් හා විදිනයක් ද සොයාගෙන තිබේ. මෙම කොටි යුද සැලසුමට සම්බන්ධව මීගමුවේ සිට කතරගම දක්‌වා ප්‍රදේශවල සියලුම නගර ඊළාම් නගර බවට නම් කර තිබූ මාස්‌ටර් ප්ලෑන් නමැති සැලසුමද හමුවී ඇත.
ප්‍රභාකරන්ට මේ සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට පහසු වනු පිණිස බර්ග්හොප් නමැති ජර්මානු සංවිධානය 2004 වසරේදී ශ්‍රී ලංකා හමුදාව මුළුමනින්ම නිරායුධකරණය කිරීමේ සැලසුමක් හා තවත් සංවිධානයක් විසින් කොටි හමුදා ශක්‌තිය ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තියට සමාන විය යුතු බවටද යොජනා කර තිබූ බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.