රටම කෑ... කම්බ හොරු
බටහිර කුමන්ත්රණ,
ඇන් ජී ඕ, ඩොලර්,
යුරෝ, ස්ටර්ලින් පවුම්...
රුහුණින් රජරටින්,
රටම කෑ... කම්බ හොරු,
රට පුරා ගෙවල් බිඳ...
සොයා යයි...
පුරවැසි මනාපය...
රටම කෑ... කම්බ හොරු,
රට පුරා ගෙවල් බිඳ...
සොයා යයි...
පුරවැසි මනාපය...
පා සලකුණු,
ඇඟිලි සළකුණු,
අතර..........
අපහැදිලි වදන් වැල්....
ඇඟිලි සළකුණු,
අතර..........
අපහැදිලි වදන් වැල්....
බටහිර කුමන්ත්රණ,
ඇන් ජී ඕ, ඩොලර්,
යුරෝ, ස්ටර්ලින් පවුම්...
ඩයස්පෝරා සමඟ,
කොටි නැටුම් කරලියට,.
උතුර යලි කොටියාට...
රටම අස්තාවරයි,
අපි එනවා.... ඉස්තිරයි.........
උතුර යලි කොටියාට...
රටම අස්තාවරයි,
අපි එනවා.... ඉස්තිරයි.........
ඉකි ගැසුම්,වැලපීම්,
දුක් සුසුම්, හැඟුම්බර......
කඳුළු කැටි, හොටු දියර,
ගලයි මහ මෙර විතර.....
කන්නේම තනියමයි,
අපිට නෑ මුකුත් බොල,
ඒ නිසා පුදමි ගෙල.
අපිලා බාරයි තොපිට,
දිනවපිය රට කන්ට......
කොයිකා ආවත් එකයි.........
කන්න ඇත්තේ ටිකයි........
ඇඟේ ඇට කටු ටිකයි........
පහල ඇති ඇට දෙකයි........
කඳුළු කැටි, හොටු දියර,
ගලයි මහ මෙර විතර.....
කන්නේම තනියමයි,
අපිට නෑ මුකුත් බොල,
ඒ නිසා පුදමි ගෙල.
අපිලා බාරයි තොපිට,
දිනවපිය රට කන්ට......
කොයිකා ආවත් එකයි.........
කන්න ඇත්තේ ටිකයි........
ඇඟේ ඇට කටු ටිකයි........
පහල ඇති ඇට දෙකයි........