රටම කෑ... කම්බ හොරු

maathalan

Member
Oct 21, 2011
13
1
0
රටම කෑ... කම්බ හොරු



​

රුහුණින් රජරටින්,
රටම කෑ... කම්බ හොරු,
රට පුරා ගෙවල් බිඳ...
සොයා යයි...
පුරවැසි මනාපය...


​
පා සලකුණු,
ඇඟිලි සළකුණු,
අතර..........
අපහැදිලි වදන් වැල්....
​

බටහිර කුමන්ත්‍රණ,
ඇන් ජී ඕ, ඩොලර්,
යුරෝ, ස්ටර්ලින් පවුම්...
​
ඩයස්පෝරා සමඟ, ​
කොටි නැටුම් කරලියට,.
උතුර යලි කොටියාට...
රටම අස්තාවරයි,
අපි එනවා.... ඉස්තිරයි.........
​
ඉකි ගැසුම්,වැලපීම්,​
දුක් සුසුම්, හැඟුම්බර......
කඳුළු කැටි, හොටු දියර,
ගලයි මහ මෙර විතර.....
කන්නේම තනියමයි,
අපිට නෑ මුකුත් බොල,
ඒ නිසා පුදමි ගෙල.
අපිලා බාරයි තොපිට,
දිනවපිය රට කන්ට......

කොයිකා ආවත් එකයි.........
කන්න ඇත්තේ ටිකයි........
ඇඟේ ඇට කටු ටිකයි........
පහල ඇති ඇට දෙකයි........
​

​