රටම දැනගත යුතුය >>

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රටම දැනගත යුතුය >>

    සහරාන් ගේ ආරක්ෂක නිවාස...(රටම දැනගත යුතුය)


    මිගමුව - කටුවපිටිය, පානදුර සරික්කමුල්ල, ශාන්ත අන්තෝනි පාර කොළම 3, ටෙම්පල්ස් පාර ගල්කිස්ස, වනාතවිල්ලූව, වත්තල-එෙ`ඞ්රමුල්ල, මයුර පෙදෙස කොළඹ 6, සයින්දමරුදු, මල්වාන, තිහාරිය, දළුවකොටුව-කොච්චිකඬේ, වාලච්චේන-රිදීතැන්න, කුලියාපිටි-සුබාරතිපුර, හෙට්ටිපොළ, කටුපොත, නින්දවුර් සහ සමන්තුරේ යන ප‍්‍රදේශවල එම නිවාස පිහිටා තිබී ඇත.


    මෙම ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තයන් පුහුණුව ලැබූ මධ්‍යස්ථාන හතක් සොයා ගැනීමටද මේ වන විට පොලිසිය සමත්ව ඇති අතර ඒවා පිහිටා තිබී ඇත්තේ වනාතවිල්ලූව, හමුබන්තොට, නුවරඑළිය, මහනුවර-අරුප්පොළ, මල්වාන, කාත්තන්කුඩි සහ වාලච්චේන යන ප‍්‍රදේශවලය.


    චතුර පමුණුව
    (පොලිස් පරීක්ෂණ වාර්තා ඇසුරින්)
     

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    ඔව්වා රජයට පවරාගෙන මොකක් හරි වැඩකට ගන්න බැරිද? සමාජසේවා දෙපාර්තමේන්තුව යටතට වත් අරං ළමා නිවාස වලට වගේ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇමෙරිකාවේ හමුදාවට ශ්‍රී ලංකාවේ බලය හිමිවන ගිවිසුමකට රජය එකගයි - තමන් එකඟ නැති බව යුද හමුදාපති කියයි!

    ඕනෑම හදිසි අවස්තාවක ශ්‍රී ලංකාවේදි ඇමෙරිකානු හමුදාවන් ස්ථාන ගත කළ හැකි SOFA ගිවිසුමක් (A status of forces agreement) ශ්‍රී ලංකාවේ රජය ඇමෙරිකාව සමග අත්සන් කිරීමට සුදානම් වනවා.

    මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර හිමි වන අතර, ඉන්පසුව ඔවුන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කිරීමට පවා ශ්‍රී ලංකා රේගුවට බලයක් හිමි වන්නේ නැහැ. තවද මෙම ගිවිසුමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයට විශේෂ බදු සහන පවා ශ්‍රී ලංකාවෙන් හිමිවීම විශේෂය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට තමන් විරුද්ධ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා. ඒ පිළිබඳව අදහස් දක්වන යුද හමුදාපතිවරයා පවසන්නේ එවැනි ගිවිසුමකට එකඟ වීම සියදිවි නසාගැනීමකට සමාන බවයි.

    මෙම ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා,

    "කොහොමද අපි මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්නේ ? එම ගිවිසුමේ කරුණු වලට අපට එකග විය නොහැකියි. ඒක හරියට අපගේ දේපළ සියල්ල වෙන කාටහරි ලියා දී සිය දිවි නසා ගැනීම වගේ වැඩක්" යනුවෙනි.

    ශ්‍රී ලංකාව පිහිටීම අතින් සහ ස්වභාවික සම්පත් අතින් මුලු ලෝකයේම අවදානය දිනා ගත් රටක් වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහෝ කාලයක සිට උත්සාහ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළි සදහාද ඇමෙරිකාව සිය ඔත්තු සේවා මගින් සෘජුවම දායක වන අතර පසුගිය ශ්‍රී ලංකාවේ මැතිවරණ සදහා ඇමෙරිකාව මුදල් වැය කළ බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පිළිගැනීම විශේෂත්වයකි.


    https://www.nethgossip.lk/article/33906