රටවිරුවන්ගේ ඉරණම
අරාබි සවුදම
මළ ඇණේ තම භාර්යාව අරාබිකරයට යෑවූයේ ඇය ඔහුට මළ ඇණයක් වූ නිසාම නොවේ. තමාට රැකියාවක් නොකර ජීවත්විය හැකි එකම මාර්ගය භාර්යාව අරාබියේ ගෘහ සේවිකාවක් කිරීමය යනුවෙන් කල්පනා කළ නිසාද නොවේ. ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් අරාබි රටවල ගෘහ සේවයේ යෙදීම ශ්‍රී ලංකාවට ආඩම්බරයක් නිසාය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන මාර්ගයට ගෞරවනීය ලෙස සම්මාදම්වීම පිණිසය.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් අරාබිකරයේ ගෘහ සේවිකාවන් වීම පිළිබඳව ආඩම්බර නොවන්නෝ කවරහුද? එබන්දකු ආණ්ඩුවේ තබා විපක්ෂයකවත් නැත. මේ කාරණාවේදී සියළුම විපක්ෂත් ආණ්ඩුවත් හැමවිටම සිටියේ එකම සන්ධානයකය. එල්. ටී. ටී. ඊ. මළ යස්සයන්ට විරුද්ධව කෙරුණු සටනේදීවත් එකට හිටගන්නට බැරි වූ මේ දොගොල්ලෝ මේ ප්රශ්නයේදී එකට හිටගෙන සිටිනවා පමණක් නොව එසේ සිට ගනිමින් අරාබි කරයට යන ගුවන් යානාවලට අත ද වනන්නෝය. සමහරු ඒ පිළිබඳව කවි පද ලියා හෙළුවෙන්ද වනන්නෝය. අපේ නැන්දිගෙ පුතා නෝමන් පලිහවඩනයා මෙදා ඒ ලෙවල් ඉකෝන් පේපර් එකේ ප්‍රශ්නයකට උත්තර වශයෙන් ලියූ බව කීවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම ස්ත්‍රීන් මැදපෙරදිග පැටවීම බවය. පොඩි කමට ඌද ඒ ගැන ආඩම්බර වෙයි. මුළු රටෙන්ම මෙයට විරුද්ධව කචල් එක අදින්නේ එකම එකෙක්ය. ඒ රන්ජාය. ඒත් අවාසනාවට ඌ සිටින්නේ පික්චර් ලෝකයේ මිස මේ ලෝකයේ නොවේය.
ඒ කෙසේ හෝ වේවා පසුගිය සතියේ දවසක කාල පුරුෂයාත් මමත් අපේ ජාතියේ අනාගතය ගැන ශාස්ත්‍රීය සාකච්ඡාවක නියෑලී සිටින තැනට මළ ඇණේ ආවේ අඬ අඬාය.
"කිරෙන් කාලා ඛනිජ තෙලෙන් අත සෝදන එකෙක් මගෙ නෝනව දූෂණය කරලා."
ඒ ඇසු මා හෙජින් වී ගිය අතර කාල පුරුෂයා තෙල්වලට වෙන දහ ජරාවක් කවලම් වූ මෝටර් රථ ඇංජිමක් මෙන් සීස් වී ගියේය.
පංති ප්‍රේමයෙන් වියරු වැටී ගිය මම වචන කීපයක් ටකස් ගා තෝරා ගනිමින් පාරට පැන කෑගැසීමි.
"සමස්ත වැඩ වර්ජනයක් කැඳවව් · වීථි බසීව්··"
එහෙත්, එවිටම වීථියේ කොහොමටත්a බැස සිටිය එවුන්ද කාණු දිගේ පැනගිය හෙයින් මම ආපසු හැරී කාල පුරුෂයාත් මළ ඇණෙත් සිටින තැනට පැමිණියෙමි.
"කළොත් කරන්නෙ ඔහොම ගොං වැඩක් තමයි"
මළ ඇණේ මා බලාපොරොත්තු නොවූ සන්සුන් ස්වරයකින් කීවේය.
"...............යකෝ මගේ ගෑණිට මේ විපත වෙලා තියෙන්නෙ අරාබියෙන්"
"ආ ඇත්තද?........" මම ඌටත් වඩා සන්සුන් වෙමින් කීමි.
"...................අපි මේ වෙලාවෙ අරාබි ලෝකය තරහ කරගන්න හොඳ නැහැ" අනතුරුව මම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ඩිනර් පාටිවල කතා පවත්වන දේශපාලනඥයකු මෙන් ඉතාම සීරියස් පිට කීමි. මළ ඇණේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්ත අසරණ ලීලාවෙන් මා දෙස බලා සිටියේය.
"අපි ඉක්මනටම වයිෆ්ව ලංකාවට ගෙන්වමු."
එක්තරා පූජකයකු අතින් දූෂණය වූ "වරදට" ගල්ගසා මරා දැමූ අරාබි රටක ස්ත්‍රියක් පිළිබඳ සත්‍ය පුවතක් ආශ්රයෙන් නිර්මාණය වූ ස්ටෝනින් (Stonning) චිත්‍රපටය නරඹා තැතිගෙන සිටින මම මළ ඇණේට කීවෙමි.
මෙතෙක් වෙලා නිහඬව සිටි කාලපුරුෂයා කතා කළේ ඒ අතරය.
"ඔය කියන රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැද්ද?"
"තියෙනවා ඒවාට වෙන වැඩ තියෙනවා."
මළ ඇණේ ඉකිගසමින් කීවේය.
"මොනවද ඒ වෙන වැඩ ?"
"අරාබි රාජ්‍යයන් අතර සාමය සහ සංහිඳියාව පවත්වාගෙන යැම සඳහා සුවිශේෂ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම, ගාසා තීරයේ ඇතිවී තිබෙන ගැටුම් සමනය කිරීමට නාසා ආයතනය සමඟ එක්ව කටයුතු කිරීම, ලෝක තෙල් වෙළෙඳ පොළේ මිල පාලන කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීම එක්සත් ජාතීන්ගේ සංගමයේ............ඉහිහ් · "
මළ ඇණේට ඉන් එහාට කතාකර ගත නොහැකි විය. ඔහුට හොඳටම ඇඬුණේය.
".............ඔය වගේ ජාත්‍යන්තර වැඩකටයුතු නිසා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකං අර පෑලියගොඩ මාළු මාර්කට් එක වගේ මාර බිසි ඇති තමයි. ඒත් ශ්‍රී ලංකාවෙන් එන ශ්‍රමිකයො ගැන හොයන්න ඒගොල්ලන්ට වේලාවක් ඇත්තෙම නැද්ද?"
"ඒකට පොඩි වෙලාවකුයි නිලධාරියෙකුයි ඉන්නව විතරක් නොවෙයි. අරාබි ඔටුවන්ට මද කිපිලා ඇන්නහම අසරණ වෙන කාන්තාවෝ ගෙනැල්ලා තියාගන්න සුරක්ෂා කියලා ගේ පොඩ්ඩකුත් තියෙනවා............."
" O ! ''man that's very good"
කාලපුරුෂයා තම මවිතයත් තරමක සතුටත් පල කළේය.
"ඒගොල්ලො අසරණ ස්ත්‍රීන් ඒකේ තියාගෙන සුරක්ෂා කරනවා විතරක් නොවෙයි හෑ හෑ...........හෑ.........."
මළ ඇණේ මෙවර මා බදා වැළපුණේය.
"...............ඒකෙදි අනවශ්‍ය පිළිසිඳ ගැනීමුත්.......... විනාශ කරනවා ·"
"මොනවා ?....." කාල පුරුෂයා කෑගැසුවේය.
"..........ඕක තානාපති කාර්යාලයක්ද හොර ක්ලිනික් එකක්ද?"
ඉවසුම් නොදෙන කෝපයෙන් දත්මිටි කෑ කාල පුරුෂයා අනතුරුව මෙසේ කීවේය.
"...............මේක හරියට අරාබි ඔටුවෙක් පිටෙන් බිමට වැටුණු ගෑනියෙකුට ලංකාවෙ ගොනෙක් ඇන්න වගේ වැඩක්, ගනිං මිනිහෝ කෝල් එකක් මුංට දෙකක් කතා කරන්න......"
මළ ඇණේ තමන් කටපාඩම් කරගෙන සිටි නොම්මරය කාල පුරුෂයාට දුන්නේය. කාල පුරුෂයා උගේ ජංගම දුරකථනය සාක්කුවට ඔබා ගනිමින් මගේ දුරකථනයෙන් කථා කෙළේය.
"හලෝ........·"
එහා පැත්තෙන් "ආයුබෝවන්" කීවේය.
"මම අරාබිය ගැන දන්නෙ සින්බෑඩ් ගෙ කාලෙ ඉඳන් තේරුණාද, මම තානාපති සේවාවන් ගැන දන්නේ මෙගස්තිනීස්ගේ කාලෙ ඉඳන් තේරුණාද?...."
කාල පුරුෂයා කෝපයෙන් කරන ඇමතීමට එහා කෙළවරින් පිළිතුරු ගලා ආවේ ඉතාම විනීත ස්වරූපයකිනි.
"ආ............. ඇත්තද? ඒ ගොල්ලො මේ එම්බසි එකේ වැඩ කරන කාලෙ අපි නැහැ. අපි අළුත් ඇපොයින්ට්මන්ට්ස් නේ. ඉතින් මොකක්ද මෙයා ඔයාගේ ප්රශ්නය ?"
"අරාබි හාම්පුතෙක් ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවක් දූෂණය කරලා තියෙනවා."
එහා කෙළවරින් යමකු හිරු එකේ පැස්බරා මෙන් සිනාසෙනු අපටද ඇසුණේය.
"මොකද හිනාවෙන්නෙ මේක විහිළුවක් කියලා හිතුවද?"
"අපොයි නෑ අපි දන්නව මාධ්‍ය පුරුෂ්ලා විහිළු කරන වෙලාවයි, විහිළු නොකරන වේලාවයි."
"මම මාධ්‍ය කාරයෙක් නොවෙයි....."
බොරු කියා නුපුරුදු කාල පුරුෂයා කීවේය.
"හරි එහෙනං මං දන්නව ඔයා කවුද කියලා"
එහා කෙළවරින් අමුතුම තාලේ සිරික්කියක් මතුවනු අපට ඇසෙයි.
"කවුද?"
"හසා"
"හසා"
"හසා කියන්නෙ හස්බන්ඩ් ගේ ෂෝට්න් වර්ෂන් එක අනේ..........."
එහා කෙළවරින් කතා කරන ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ඒ දෙවර්ගයේම කලවමා හෝ දක්වන කැටයම් ඉවසිය නොහැකි වූ මළ ඇණේ කාල පුරුෂ් අතින් මගේ ජංගම දුරකථනය උදුරා ගත්තේය.
"කවුද යකෝ මගෙ ගෑණිව දූෂණය කළේ?"
"මළ කෝලං අපි නම් නොවෙයි"
එහා පැත්තෙන් මහා සිරික්කියක් සමඟ කීවේය.
මට කෙතරම් මළ පැන්නේද යත් මම මගේ දුරකථනය මළ ඇණේගෙන් උදුරාගත්තේ අනුන්ගේ දුරකථනයක් උදුරා ගන්නා අප්‍රවේසම් විලාශයෙනි.
"ඒයි මැට්ටා මේ අහපං........"
මම ඉවසුම් නොදෙන කෝපයෙන් කීමි.
"හා ඒ පාර නං මාධ්‍ය කාරයෙක් තමයි.........මේ මං ඔයාට එකක් කියන්නං අයියා· මෙහේ හාම්පුතෙක් සේවිකාවක් දූෂණය කිරීම ප්‍රවෘත්තියක් නොවෙයි. ඔන්න සේවිකාවක් හාම්පුතෙක්ව දූෂණය කළා නම් ඒක ප්‍රවෘත්තියක්....... බොරුනම් ගිහින් අහන්න අල් ජසීරා එකෙන්."
මා දන්නා අල්-ජසීරා එකට ඕවා හොයන්නට වේලාවක් නැත. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කේස් එකක් හොයා ගැනීමට එය හැමවිටම ශ්‍රී ලංකාව දෙස බලාසිටින බැවිණි.
අනෙක මේ මෝඩයා සමඟ ඒතරම් ලොකු සාකච්ඡා පැවැත්වීමේ තේරුමක්ද නැත.
එහෙයින් මම මෙසේ කීවෙමි.
"ඇයි ඒ අහිංසක කාන්තාව වෙනුවෙන් ඔයගොල්ලො පෙනී සිටින්නෙ නැත්තෙ?"
"නෑ නෑ අපි පෙනී සිටිනවා............" එහා පැත්තේ මළ විකාරේ කෑගසා කීවේය.
"ඒකනේ අපි එයාව සුරක්ෂාවට දැම්මේ. එයාගේ සුරක්ෂාව හින්දමනේ මෙයා අපි එයාට ඇබෝ පාරක් දැම්මේ, ඇබෝ පාර හින්දනේ මෙයා එයා දැන් මෙහේ රිලැක්ස් කරන්නේ........."
මම ශබ්ද තරංග ඔස්සේ උගේ ඇඟට කඩා වැදුණෙමි.
"යකෝ ගැහැණියෙක් එයාගෙ කැමැත්තෙන් තොරව ඇබෝ කරන්න තොපිලට තියෙන අයිතිය මොකක්ද?"
"එහෙමනං ගැහැණියකට මෙහාට ඇවිල්ලා දූෂණය වෙන්න තියෙන අයිතිය මොකක්ද?"
මැට්ටා ඇසුවේය.
"තොපිට හෙණ ගහනවා ·" කිවහැකි වෙන කිසිවක්ම නැති තැන මම කීවෙමි.
"මෙහාට වහින්නේ නැහැ මෙයා, වැස්සත් ඉතින් ප්‍රශ්නයක් නෑ. වැස්ස කාලෙට ගන්න ආහාර අර කූඹියගෙ කතාවෙ වගේ අපි ගබඩා කරලා තියෙන්නේ. අපි ඉතිං කොහොමටත් මෙහාට ආව දා ඉඳන් කරන්නෙ අපේ අනාගත දුෂ්කර කාලෙට ආතල් එකේ ඉන්න දේවල් රැස්කරන එකනෙ......."
මට ඉවසන්නට බැරුව ගියේ උගේ ඒ බලු කතාවට නොවේ. ඌ ඊට පසු මිහිරට ගායනා කළ ගීතයටය.
පායනා කාලෙදි රෑ දවස් වෙහෙසවී
කන්ඩ දේ රැස්කරයි කූඹියෝ
උන් ඉතා ඉක්මනින් යන්නේ මේ සන්තොසින්
කොහෙ ගියත් උන් එකයි කුඹියෝ
සිම්පල් පුරුෂ්
http://www.divaina.com/2014/08/10/feature06.html