රටෙහි නමට ගරහන කාලකන්ණි මිනිස්සූ
දෙස් විදෙස් සංචාරකයන් නොමග යවා මුදල් ගරන රටෙහි නමට ගරහන කාලකන්ණි මිනිස්සූ .
ඇල්ල කන්දට නැග නැවත පහලට පැමිණෙන විට වේලාව සවස 5.40 ට පමන විය.කිතල් ඇල්ල දුම්රිය ස්ථානයේ ගිමන් හරිමින් සිටි අප අසලට පැමිණියේ විදේශීය කතකි.
ඇය අපගෙන් ඇල්ල කන්දට යන පාර අසන්නට වූයේ එයට යාමට මාර්ගය පෙන්වන බෝඩ් කැබැල්ලක්වත් නොමැති නිසාවෙනි..
(Sri lankawe අංක 1 සන්චරක පුරය වූ ඇල්ල කන්දට යෑමට මාර්ගය පෙන්වීමට බෝඩ් ලෑල්ලක් වත් නොයොදා තිබීම අපටද විශ්මය ගෙනවීය..)
අප ගමන්ගත් මාර්ගය අප ඇයට පැව්සුවෙමු..
එහෙත් තට්ට තනියම සවස 5.30ත් පසුවී කන්දට නැගීම අප අනුමත නොකලේ ගමන සදහා පැය 2 - 3ක් ගතවන නිසාවෙනි.
කෙසේ හෝ අප ඇය සමග කතා කරන මොහොතේ කිතල් ඇල්ල දුම්රිය පොල අසල හුන් ගමේ කාන්තාවක් අපට බාධා කරමින් විදේශීය කාන්තාව අමතා වෙනත් මගක් පෙන්නුවාය.. ඇය පෙන්වන මග අප ගිය මගට වඩා දුර බැහැර, නොපැහැදිලි අදුරු එකකි..
කෙසේ හෝ විදේශීය කාන්තාව නැවත අප වෙත හැරී බීරාන් තට්ටු වී එම මාවත නිවරදියි දැයි ඇසුවාය.
අප ඒ පිලිබඳව නොදන්නා නිසාවෙන් අප ගමන් ගත් මාර්ගය පෙන්වූයෙමු..
එම අවස්තාවේ දැඩි ලෙස කෝපගත් කිතල් ඇල්ල ත්‍රීවීල් පාරක් එකේ අසල සිටි කාන්තාව අපට බැන වැදුනේ මෙලෙසිනි....
"ඔයාල කන්දට ගියානම් පාඩුවේ ගෙවල් වලට යන්න.. ඒ සුද්දි පාර ඇහුවෙ අපෙන්, අපේ guide ලා ඉන්නවා එයාව එක්කගෙන යන්න.. ඔයාලා පාඩුවේ යන්න.
සුලු මොහොතකින් අදාල කාන්තාවගේ සැමියා, පුතා සහ ගම්මුන් පිරිසක් අප අසලට පැමිණ අපට දැඩි ලෙස බැණ වැදිනි..ඔවුන් පුතා හට ඇමතුවේ සුද්දා ලෙසය .ඔහු කිතල් ඇල්ල දුම්රිය ස්ථානයේ ආසන්නයේ තිබෙන ත්‍රී රෝ ද රථ ගාලේ ත්‍රී රෝද රථ රියැදුරෙකි.ඔහු සැණින් අපට පහරදීමට සූදානම් වූයේ ය . මේ චායාරූපයේ සිටින තරුණයා ඔහුය නමුත් මෙය 2016 චායාරූපයකි.(අප මෙම ඡායා රූපය ලබා ගත්තේ ඇල්ල පිළිබඳ විදේශීය ජාතිකයකු කළ youtube video මගින්. එම youtube වීඩියෝවේ පවා අදාළ තරුණයා මෙම විදේශිකයින් නොමඟ යවන අයුරු ඔබට දැක බලා දැක බලා ගත හැක.එමෙන් ම අප විසින් හෙළි කරන මෙම තොරතුරු ඉතා නිවැරදි බව ,ඔබ අදාල youtube video නැරඹීමෙන් තහවුරු කරගත හැක. අදාල වීඩියෝව අවසානයේ දක්වා ඇත. )
අසල සිටි police නිළධාරීන් දෙදෙනෙකු පැමිණ අපව එම ස්තානයෙන් ඉවතට ගෙනගොස් ආරක්ෂිතව ප්‍රධාන පාරටම අප සමඟ පැමිණියේ අපගේ ආරක්ෂාවටය..
එන අතර තුර police නිළධාරීන් අදාල ගම්මුන් පිලිබඳව මෙසේ පැවසීය.එම අවස්ථාවේ එම නිලධාරීන්සිදු වූ සිද්ධිය මනාව අවබෝධ කොට ගෙන අප හට දැක්වූ සහයෝගය පිළිබඳව අප ස්තුතියි වන්නෙමු .
දෙස් විදෙස් බොහෝ සංචාරකයන් පිරිසක් මෙම ඇල්ල කන්දට නැගීමට දෛනිකව පැමිණෙන අතර බහුතරයක් දෙනා කන්දට නැගීමට නිවැරදි මාර්ගය දන්නේ නැත. ඉතින් ඔවුන් අසල ගම්වාසීන්ගෙන් පාර විමසයි..
මෙම ගම්වාසීන් බහුතරයක් දෙනා කූට ලෙස මුදල් සූරාකෑමේ නිරතවන්නේ සංවිධානාත්මකවය..
මාර්ගය අසන්නන්ට සොයාගැනීමට අසීරු කැලෑ වැදුනු මාර්ගයක් පෙන්වයි..සංචාරකයන් ඔවුන් ව විශ්වාස කොට එම මාර්ගවල යති.. මද දුරක් යන විට අතරමංවන සංචාරකයන් අසරණ තත්ත්වයකට පත්වීමට හැර සංවිධානාත්මක දෙවෙනි කණ්ඩායම අතරමංවූවන් වෙත පිවිසෙන්නේ කිසිවක් නොදත් ගොවියන් ආකාරයටය..
ඔවුන් සංචාරකයන්ව කන්ද මුදුනට ගෙනයාමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙයි..
ඒ සදහා කිසිවක් අවශ්‍ය නොවන බවද පවසයි..
කන්ද මුදුනට ගිය පසු රුපියල් 4000 හෝ 5000 ක මුදලක් ඉල්ලති..එවිට එහි පැමිණි විදේශිකයින් හා දේශීය සංචාරකයින් දැඩි ලෙස අපහසුතාවයට පත්වෙයි.
බොහොමයක් විදෙස් සංචාරකයන් මෙයට අකැමැති වී රුපියල් 5000ක් හෝ 4000ක් ප්‍රතික්ෂේප කරයි .ඇතැමුන් සංචාරකයන්ට තර්ජනය කර අදාල මුදල බලෙන්ම කොල්ලකති. මෙය හුදෙක් විදේශීය සංචාරකයන් පමණක් නොව දේශීය සංචාරකයින්ට පවා අත් විදීමට සිදුවන සිදුවීමකි.
තවත් වැදගත් කරුණක් වන්නේ ඇල්ලේ සිට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් හට නිවැරදි මාර්ගය සොයා ගැනීම සඳහා අදාල ප්‍රාදේශි සභා වෙන් හෝ සංචාරක අමාත්‍යාංශයෙන් හෝ වෙනත් වගකිවයුතු කිසිදු ආයතනයකින් කිසිදු නාමපුවරුවක් හෝ ගමන් මඟ පිළිබඳව විස්තරයක් ගමන පුරාවටම දැක ගත නොහැකිය .එයට තවත් ප්‍රධාන හේතුවක් විය හැක්කේ එහි සිටින ඉහත කියන ලද ඔහුට පුද්ගලයන් විසින් එහි කිසිදු නාමපුවරුවක් හෝ විස්තරයක් මං සඳහන් කිරීමට ඉඩ ලබා නොදීම හෝ ඒවා ඉවත් කිරීමට
ඔවුන් කටයුතු කිරීම විය හැක .එය ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් ලෙස ඔවුන් සලකන හෙයිනි.
මෙලෙස ලෝකයා හමුවේ ජරා ජීර්ණ වන්නේ සුලුතරයක් වු ඇල්ල ව්‍යාජ මගපෙන්වන්නන් ගේ නම නොවේ.. සමස්තයක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ නාමයයි..මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් තුළ සමස්ත ශ්‍රී ලාංකිකයින් තුළ ඇතිවන අප්‍රසාදය හා පිළිකුල සඳහා මෙලෙස හැසිරෙන අතලොස්සක් වූ කූට පුද්ගලයින්ගේ නොමනා හැසිරීම සෘජුවම හේතු වේ . පොලීසිය මාර්ගයෙන් හෝ අදාල ප්‍රාදේශීය සභාවෙන් හෝ සංචාරක කටයුතු අමාත්‍යාංශයෙන් හෝ මේ ආකාරයට සිදුවන වංචා වැලැක්වීම සඳහා හැකි ඉක්මනින් කටයුතු සිදු නොකරන්නේ නම් අනාගතයේ තව තවත් සිදු වන්නේ ලෝකයේ හමුවේ හමුවේ ශ්‍රී ලාංකීය නාමය ඉදිරියේ තවදුරටත් කළු පැල්ලමක් සනිටුහන් වීම පමණි.
ඉහත් සදහන් කරන ලද වීඩියෝව පහතන් නැරඹිය හැකියි.)
*බුකියෙන් උපුටා ගැනීමකි