රටේ ඖෂධ හිඟයක් නෑ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එම නිසා අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගැනීමෙන් හෝ ගබඩා කිරීමෙන් වළකින්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    රටට අවශ්‍ය ඖෂධ චීනයෙන් හා ඉන්දියාවෙන් ණය පහසුකම් යටතේ ගෙන එන හෙයින් ඖෂධ ගෙන්වීමට ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවද හෙතෙම සඳහන් කළේය.

    විවිධ පුද්ගලයන් ගෙන යන කටකතා නිසා රටේ ඖෂධ හිඟයක් ඇති වේ යැයි ජනතාව තුළ බියක් හටගෙන ඇති බවත් අවශ්‍ය තරම් ඖෂධ පවතින හෙයින් ජනතාව ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවද ප්‍රකාශ කළේය.

    ඖෂධ හිඟයක් ඇති වේ යැයි යන බියෙන් සමහරුන් මාස හය හතකට කාලයකට ඖෂධ නිවෙස්වල ගබඩා කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස කටයුතු කිරීමෙන් ඖෂධ කෘතිමව හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් චන්න ජයසුමන මහතා වැඩිදුරටත් කීවේය.


    Aruna
     
    • Like
    Reactions: kinkon and JokerFan