රටේ ක්‍රිකට් පාවා දුන් සිරිසේන අප්පු...

IOSiri

Member
Dec 6, 2014
217
23
0
රටේ ක්‍රිකට් පාවා දුන් සිරිසේන අප්පු...

මෝදිගෙන් මෛත්‍රීට දුරකතන ඇමතුමක්


  • Friday, 13 February 2015 15:45

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස පිළි ගැනීමට ඉන‍්දියානු රජයත්, ජනතාවත් මහත් සතුටින් බලා සිටින බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිතුමා පිළිගන්නට සියළු කටයුත මේ වනවිට සූදානම් කර අවසන් බවද පැවසූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය නිල සංචාරය ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවල නව ප්‍රවේශයක් වනු ඇති බවද සඳහන් කළේය.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(13) උදෑසන ජනාධිපතිතුමා සමග දුරකතන සංවාදයකට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තම සුභාශිංසන පළ කිරීමටද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙහිදි කටයුතු කළ අතර 1996 වසරේදී මෙන්ම මෙවරද ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවේවායි සුභ පැතීය.

එමෙන්ම ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුභ පැතුම් පිරිනැමීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ලබන 15 වන දින සිට 18 වන දින දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.

මෙම චාරිකාවේදී ජනාධිපතිතුමා ඉන්දිය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතා හමුවීමට නියමිත අතර ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්වීපාර්ශික සාකච්ඡා පවත්වනු ඇත.

මීට අමතරව ජනාධිපතිතුමා දේශපාලන පක්ෂ නායකයින් සහ අනෙකුත් ප්‍රභූන් ද මුණ ගැසීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධගයා විහාරස්ථානයේ සහ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහාද සහභාගී වනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු නිරතවන පළමු විදෙස් සංචාරය මෙයයි.
 
  • Like
Reactions: kinkon