රටේ ජාතික ආරක්ෂාව ෆොන්සේකාට

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රටේ ජාතික ආරක්ෂාව ෆොන්සේකාට

අද විශාල ප්‍රශ්නයක් වී තිබෙන රටේ ජාතික ආරක්ෂාව තමා ජනාධිපතිවීමෙන් පසු ඒ සඳහා කළ පුරුද්ධ, පළ පුරුද්ද ඇති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට බාර දෙන බව සජිත් ප්‍රේමදාස මහතා අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ පොරොන්දු විය. කුරිරු යුද්දය අවසන් කිරීමට නායකත්වය දී, රට වෙනුවෙන් ලේ මස් පූජා කළ, රට බේරා ගැනීම වෙනුවෙන් හිර බත් කන්නට සිදු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට වඩා ඊට සුදුස්සෙක් නැතැයි හේ පැවසීය. සජිත්ගේ ප්‍රකාශයට මහජනතාවගෙන් ලැබුණු ජනතා ප්‍රතිචාර බාර ගැනීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් වරයා ජනතාව ඉදිරියට පැමිණ සමාචාර පැවැත්වීය. සජිත් ප්‍රේමදාසගේ කතාවෙන් පසු සියළු මුස්ලිම් පක්ෂ නායකයන් ඔහු අසලට පැමිණ සුබ පැතූහ.

Sajith-SF.jpg

සජිත්ගේ ප්‍රකාශයෙන් පසු ජනතාව ඇමැතූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තමාට සජිත් ප්‍රේමදාසගෙන් ලැබුණු වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව පැවසීය. අද රණවිරුවන් ගැන කතාකරන ගෝඨාභය රාජපක්ෂ, යුද්දය නිමා කිරීමෙන් පසුව තමා ඇදගෙන ගොස් හිරේ දැමූ බවත්, තමාට යුද්දයේ සහාය දුන් යුද සෙන්පතියන් ජෙනරාල්ලා බ්‍රිගේඩියර්ලා ඇතුළු නිලධාරීන් 65 දෙනෙකු හතර වෙනි තට්ටුවට ගෙන ගොස් වධ දුන් බවත් පැවසීය. ජෙනරාල්ලා 10 ක් බ්‍රිගේඩියර් ලා 10 ක් ඇතුළු යුද්දයට නායකත්වය දුන් නිලධාරීන් 35 දෙනෙක් විශ්‍රාම වැටුපත් අහිමි කරමින් ගෙදර යැවූ බවත් කී සරත් ෆොන්සේකා ඒ හේතුව නිසා සමහර නිලධාරීන්ට හෘදයාබාධ හැදී මිය ගිය බවත් (මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාර ) නිලධාරීන්ගේ බිරින්දෑ වරුන් හෘදයාබාධ හැදී මිය ගිය බවත් හෙළි කෙළේය. එදා තිබූ හමුදා මූලස්ථානය බිමට සමතලා කර අද එය 17 පොළක පවත්වාගෙන යන බවත් එම භූමිය චීනුන්ට විකුණා කොමිස් කෑ ගෝඨාභයලා අද රණවිරුවන් ගැන කතා කිරීම විහිළුවක් බවත් ෆොන්සේකා පැවසීය.
 
BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඔන්න දැන් හෙට ඉදන් බුරන්න පටන් ගන්නව ෆොන්සේක ආයෙම. පහුගිය ටිකේ කෙදිරි ගගානෙ හිටියෙ. දෙරණ හිරු මයික් මිනිහට අල්ලන එක අඩුකරයි.
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    2014 kiwwe
    ආරක්ෂාව - SF
    buddagama - rathan
    Aarthikaya - harine
    Adikarana - Wijedasa
    30 ka amati mandalaya

    ada?
    mama me nikan kiwwe
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    "සජිත්ගේ ප්‍රකාශයෙන් පසු ජනතාව ඇමැතූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තමාට සජිත් ප්‍රේමදාසගෙන් ලැබුණු වගකීම දිවි හිමියෙන් ඉටු කරන බව පැවසීය."

    හරි අන්න ෆොන්සේකා අද උදේම අමාත්යන්ශේට ගිහින් වැඩ බාරගෙන...