රටේ දැන් තත්ත්වය සතුටුදායක නැහැ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටේ දැන් තත්ත්වය සතුටුදායක නැහැ

    රටේ දැන් තත්ත්වය සතුටුදායක නැහැ. රට හරි මගට ගැනීමට පියවර ගන්න
    - මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියෝ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලති


    naamal.jpg

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්‌ඩු පක්‍ෂ තරුණ මන්ත්‍රී කණ්‌ඩායම මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දුටු අවස්‌ථාව.

    සිරිල් විමලසුරේන්ද්‍ර තිවංක අභයරත්න - මහනුවර

    රටේ දැන් පවතින තත්ත්වය නම් සතුටුදායක නැහැ. රට හරි මගට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ළමා අපචාර වැනි දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් වැඩිකළ යුතු යෑයි මල්වතු පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමට පෙරේදා (16 දා) පැවසූහ.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සාමාජිකයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දුටුහ.

    රටේ ප්‍රශ්න කීපයක්‌ පිළිබඳ ජනාධිපතිතුමාටත් කරුණු කියා සිටියා. ධර්මාචාර්ය විභාගය සමත්ව දහම් පාසල්වල උගන්වන ගුරුවරුන්ට ගුරුපත්වීම් ලබාදීමත් පියවර ගන්ට කියා ඉල්ලා සිටියා. එයත් තවම ඉටුවී නැතැයි අතිපූQජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ.

    තවදුරටත් අදහස්‌ දැක්‌වූ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මෙසේද පැවසූහ. උපාධිධාරි පත්වීම් ලබාදීමේදී භික්‍ෂූන් වහන්සේට විවිධ ක්‍ෂේත්‍රවල පත්වීම් දීම සුදුසු නැහැ. භික්‍ෂූන්වහන්සේට ගුරුපත්වීම් දීම වරදක්‌ නැහැ. අනෙක පරිපාලන අංශවල පත්වීම් භික්‍ෂූන්වහන්සේට ලබාදීම ශාසනය පිරිහීමට කරුණක්‌ වෙනවා.

    කොම්පියුටර් තාක්‌ෂණ අංශවල රැකියාත් භික්‍ෂූන් වහන්සේ ඉල්ලා සිටිනවා. රථවාහනල පදවන්ටත් ඉල්ලුම් කරනවා. මේවා ගැන අවධානය යොමුවෙන්ට ඕනෑ.

    මේ රට යුද්ධයෙන් මුදාගත්තා වගේ රටේ ශාසනයත් සාරධර්මත් විනයත් ආරක්‍ෂා කිරීමට ජනාධිපතිතුමා පියවර ගත යුතුයි.

    ගම්බද පන්සලටත් භික්‍ෂූන්වහන්සේට වගේම දහම් පාසල්වලටත් ආධාර කිරීම අවශ්‍යය. ගම්බද වෙහෙර විහාරවල හාමුදුරුවන් ශාසනික කටයුතු වගේම පන්සල් ආරක්‍ෂා කර ගත්තේ උන්වහන්සේලාට ලැබෙන කිරි පිටි සීනි ටිකෙන්. ඒ නිසා ඒ ගැනත් සිතා බැලීම අවශ්‍යයි.

    තරුණ මන්ත්‍රී කණ්‌ඩායම වෙනුවෙන් අදහස්‌ දැක්‌වූ හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්‍ෂ මහතා මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සඳහන් කරන ලද කරුණු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කරන බව පැවසීය.

    තවදුරටත් අදහස්‌ දක්‌වමින් නාමල් රාජපක්‍ෂ මහතා රටේ නැගී යන අපචාර රැල්ල සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පමණක්‌ ප්‍රමාණවත් නොවන බැවින් දෙමාපියන් වැඩිහිටියන් ළමුන් ඇතුළු මුළු සමාජයම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරගෙන යමින් සිටින බව කීවේය.

    යුද්ධයෙන් පසුව මෙවැනි අපචාර හා අපරාධ රැල්ලක්‌ නැගී යැම සාමාන්‍ය ලක්‍ෂණයක්‌ වුවත් එයට විසඳුම් සෙවීමට මේ වන විට උනන්දුවක්‌ ගෙන තිබේ යෑයි පැවසූ නාමල් රාජපක්‍ෂ මහතා මෙවන් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අගමැතිතුමාත් ළමා ආරක්‍ෂක අංශය හා ඇමැති තිස්‌ස කරලියද්ද මහතා ඇතුළු අංශ කීපයක්‌ සමග සාකච්ඡා කරමින් සිටින බවද කීවේය.

    රටට විශාල සේවයක්‌ කළ පැරණි දේශපාලන පක්‍ෂයක්‌ වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මූලස්‌ථානය ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් එම ව්‍යාපෘතිය සාර්ථක වීම සඳහා දළදා සමිඳුන්ගේ සහ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කීවේය.

    අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌�ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද තරුණ මන්ත්‍රී කණ්‌ඩායම බැහැ දුටුහ.

    තරුණ මන්ත්‍රීවරුන් රටේ සංවර්ධනය කෙරෙහි මෙන්ම ගැටලු සම්බන්ධයෙන්ද උනන්දුවක්‌ දැක්‌වීම මහා නාහිමිපාණන් ප්‍රශංසාව ලක්‌ කළහ.

    තවදුරටත් අදහස්‌ දැක්‌වූ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මෙසේද පැවසූහ.

    තරුණ පිරිසක්‌ දේශපාලනයට ඉදිරිපත් වීම ගැන සතුටුවෙනවා. නමුත් සමහර මන්ත්‍රීවරුන් ඡන්දයෙන් පසුව මහජනයා සමග සම්බන්ධකම් තබා ගන්නේ නැත කියා කියනවා. මන්ත්‍රීවරුන් ගමට යන්නේ නැහැ කියා කියනවා.

    මන්ත්‍රීවරු ජනතාව සමග සම්බන්ධතාව පවත්වාගෙන යැම අවශ්‍යයි. ඒවාගේම කාටවත් බියක්‌ නැතිව සමගිව කටයුතු කිරීම අවශ්‍යයි. ජනාධිපතිතුමා දක්‍ෂ ලෙස වැඩකරනවා. එවැනි පළපුරුදු ජනනායකයන් ආදර්ශයට ගෙන රටත් අනාගත පරපුරත් ගැන සිතා තරුණ මන්ත්‍රීවරුන් වැඩකළ යුතුයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා මහානායක හිමියන්ගේ අදහස්‌වලට ගරු කරමින් රටේ වත්මන් ප්‍රශ්න සම්බන්ධයෙන් අගමැතිතුමාත් තිස්‌ස කරලියද්ද ඇමතිතුමාත් සමග සාකච්ඡා කර නව වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව කීය.

    ශාන්ත බණ්‌ඩාර, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, ෂේෂාන් සේමසිංහ, එරික්‌ වීරවර්ධන, රේණුක විදානගමගේ, චාමික බුද්ධදාස, අරුන්දික ප්‍රනාන්දු, රුවන් රණතුංග, රොෂාන් රණසිංහ, නිල්වලා විඡේසිංහ, නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක යන තරුණ මන්ත්‍රීවරු මෙම අවස්‌ථාවට සහභාගි වූහ.


    http://www.divaina.com/2012/07/18/news13.html
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    රට නෙමේ, මුන් ටික හරි මගට ගන්න ඕන, රට කාල ඉවර කරන්න කලින්.