රටේ වැලි කැටයක් ගානේ ලෙයින් තෙත්වෙලා තියෙන්නෙ

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ත්‍රිකුණාමලය මිහිඳුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නීති විරෝධී ඉදිකිරීමක්ද ??

    ---------------------------------------

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට බුද්ධ ප්‍රතිමාව සහ සිංහල දෙමළ මුස්ලිම් කෝලාහල කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. 2005 / 2006 වර්ෂ වල ජීවිත විස්සකටත් වැඩිය බිලි දීල ගෙවල් සිය ගානක් ගිනිබත් කරපු අතීතයක් ත්‍රිකුණාමලයට තියෙනවා. අදටත් ඒ බුද්ධ ප්‍රතිමාව Trinco බස් නැවතුම්පොළ අසල දැක ගැනීමට පුළුවන්.

    මේ දහම් පාසල් ගොඩනැගිල්ලේ කතාවෙ ඉතාමත් ජනප්‍රිය කොටසක් තමයි ඉකුත් ඉරිදා (16) රාත්‍රියේ දී බුද්ධ ප්‍රතිමාව පොලිසියට රැගෙන යාම සහ භික්‍ෂූන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල වීම.
    {බොහෝ දෙනෙකු දන්නේ බළංගොඩ කස්සප සහ ත්‍රිකුණාමලය කළ්‍යාණවංසතිස්ස හිමියන් තුවාල වූ සිද්ධිය පමණයි. නමුත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද තුවාල සිදුව තිබෙනවා}

    //// පළවෙනි කාරණාව, ඇයි පොලිසිය එදා රෑ ගියේ ?

    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රිකුණාමලය වරාය පොලිසියට 16 පැමිණිල්ලක් දානවා - “මෙන්න මෙහෙම අනවසර ඉදිකිරීමක් කිසිම Permission එකක් නැතුව අහවල් ස්ථානයේ දී හදනවා. ඒක අපේ ආයතනය යටතේ තියෙන තැනක්. වහාම ක්‍රියාත්මක වෙන්න”

    ඒ අනුව තමයි පොලිසිය එදා දවල් එතැනට යන්නේ. රාත්‍රියේ දී බුද්ධ ප්‍රතිමාව අයින් කරන්නේ සහ අනෙකුත් දේවල් වෙන්නෙත් ඒ පැමිණිල්ල නිසයි. ඉහලින් ආපු බලපෑම් කෙසේ වෙතත් පොලිසිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ නීතිය අනුවයි. නමුත් පහුවදා බුද්ධ ප්‍රතිමාව නැවතත් එම ස්ථානයටම අරන් ආවා. ඒක වෙන කතාවක්.

    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බලතල අනුව ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ පොලිස් පැමිණිල්ලක් දැමීම. ඉතුරු වැඩ ටික බලන්න ඕනේ පොලිසිය.

    //// ඊළඟ ප්‍රශ්නය එම ඉඩම 2014 වර්ෂයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ 'පූජා ඔප්පුවක්' මගින් විහාරස්ථානයට පරිත්‍යාග කර තිබීම. එතකොට ඒක පන්සලේ ඉඩමක්. ඉතින් පන්සලේ ඉඩමේ පන්සලට කැමති ඉදිකිරීමක් කරන්න පුළුවන්. අයි එතකොට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය එතනට ගියේ ? - බොහෝ දෙනෙකුට තියෙන ඊළඟ ප්‍රශ්නය.

    ඒකට උත්තරය තමයි ‘අර දෙවෙනි පින්තූරය - Image 02’

    ඒකෙ තියෙන්නෙ, V. Murugathas ඉඩම් කොමසාරිස්වරයාගේ අත්සනින් යුක්තව 2008.09.15 නිකුත් කරපු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අහවල් ඉඩම සම්බන්ධයෙන් වූ මැනුම් වාර්තාව.

    මේ වාර්තාවේ තියෙන - රජයට අයිති, දිගුකාලීන ලීස් එකකට Sri Sambuddha Jayanthi පන්සලට දීලා තියෙන, මහ නගර සභාව විසින් Casuarina ගස් හිටවලා තියෙන, අක්කර 0.1012 - ඒ කියන්නේ පර්චස් 40 ඉඩම. ඒ ඉඩම තමයි මහින්ද රාජපක්ෂ 2014 නිල වශයෙන් පූජා භූමි ඔප්පුවක් හරහා පන්සලට දෙන්නේ.

    එතකොට වැදගත්ම කාරණාව තියෙන්නේ අර මිනින්දෝරු වාර්තාවේ “වෙනත් කරුණු” කියන කොටස. ඒකෙ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා - ‘මෙම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් හදන්න බෑ’ කියන කාරණාව.

    පූජා භූමියක් විදිහට මේ ඉඩම පන්සලට දුන්නත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සුනාමියට පස්සේ ගෙනපු මීටර් 100 නීතියට අනුව මේ ඉඩම සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. යම් හෙයකින් ආයෙත් සුනාමියක් ආවොත් මේ ඉඩමේ මොකක් හරි ඉදිකිරීමක් කරලා නැත්නම් දහම් පාසලක්හරි තියෙන වෙලාවක මොකක් හරි ලොකු අනතුරක් උනාම කවුද වග කියන්නේ ??

    ඒ වගකීම වෙරළ ආරක්ෂන දෙපාර්තමේන්තුවට තවමත් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් දිගින් දිගටම මැදිහත් වෙන්න. ඒක නිසා තමයි අර Document එක වැදගත්.

    //// ඊළඟ ප්‍රශ්නය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑම ඉදිකිරීමක් ඔවුන්ගේ සීමාව ඇතුළෙ තියෙනවනම් අයින් කරන්න බලතල තියෙනවද ?

    ඔව්. 1981 අංක 57 දරණ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත යටතේ වෙරළ සංරක්ෂණ අධිකාරියට මේ මැදිහත්වීම් ටික කරන්න පුළුවන්. මේ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම දිගටම තිබිලා තියෙනවා.

    ⏩️ පළමු මැදිහත්වීම - Cafe එක සම්බන්ධයෙන්. පූජා භූමිය ඇතුළේ කියලා මුලින්ම ඉදිකිරීම් කරනකොට 2023 මේ පනත හරහා ඔවුන් මැදිහත් වෙලා ඒ ඉදිකිරීම නවත්තලා තියෙනවා.

    ඒ වගේම මේ Cafe එකට අවුරුද්දක් සඳහා දීපු බලපත්‍රයේම පැහැදිලිව ඇතැම් කාරණා කියලා තියෙනවා.

    01. වර්ග අඩි 127 ට විතරයි අනුමතිය දීල තියෙන්නෙ. (Image 03)

    02. ඒ Permit එකේම ඊළඟ පිටුවේ Conditions 12 තියෙනවා (Image 04)

    03. ඒ Conditions violate කරපු නිසා තමයි Permit ඒක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව Cancel කරන්නේ. එහෙම කරන්න පුළුවන් කියලා Conditions වලම තියෙනව.

    මේ විදිහෙම සිද්ධියක් ඔය කැෆේ එක හදන්න කලින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2016 දී කරා.

    ඒ තමයි ‘ආරක්ෂිත වැටක් ඉදිකිරීමට’ පන්සලට අනුමැතිය ලබා දීම. ඒ වෙලාවෙත් මේ පනත හරහා තමන්ට ඇති බලතල පාවිච්චි කරලා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පන්සලට ඒ වැට හදන්න උපදෙස් දීල තියෙනව. (Image 05,06)

    පස් වැනි ඡායාරූපයේ අති හතරවෙනි කොන්දේසිය බලන්න.
    // යෝජිත ඉදිකිරීම් මගින් ප්‍රදේශය පවතින වෙරළ පිවිසුම් මාර්ගවලට හෝ පවත්නා ධීවර කටයුතුවලට අවහිරතා ඇති නොවිය යුතුයි //

    ඒත් එම ආරක්ෂිත වැට හේතුවෙන් වෙරළට පිවිසෙන මාර්ගය අවහිර වෙලා තියෙනවා. ඒ වෙලාවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වැට අයින් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ ක්‍රියාවත් නීත්‍යානුකූලයි.

    ⏩️ ඊළඟට 2016 සහ 2023 බලපත්‍ර දෙකේම අවසානයට පැහැදිලිව කියලා තියෙනවා - “යෝජිත සංවර්ධන කාර්යය සිදු කරන ඉඩමට ඇති අයිතිය පිළිබඳව මෙම බලපත්‍රය මගින් කිසිදු තහවුරු කිරීමක් සිදු නොකරයි..” ඒ කියන්නෙ මේක බලපත්‍රයක් විතරයි. අයිතිවාසිකම් කියන්න බෑ.

    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවලට අනුව ඔවුන්ට අයිති ඉඩමක හදන ඕනෑම ඉදිකිරීමක් සඳහා අවසර ලබාගත යුතුයි. රටේ ජනාධිපති වුණත් මොකක් හරි ඒ ඉඩමේ කරනවනම් නිසි අවසරය අවශ්‍යයි. ඒ අනුව ඊයේ සහ අද හදපු ඉදිකිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ඉදිකිරීමක්.

    නමුත් අද දවසේ අධිකරණය 'මින් පසු එම ඉඩමේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකළ යුතු බවට තහනම් නියෝගයක් ලබා දීලා තියෙනවා' (Image 07) නඩුව ආයෙමත් 26 කැඳවීමට නියමිතයි.

    මෙතන තියෙන කැෆේ එකේ පර්මිට් එක Cancel වෙලා ඉවරයි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන වලට අනුව නොවැම්බර් 04, 05, 06, 06, 11, 13, 14 සහ 17 වැනි දවස්වල ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මේ වගේ තවත් ගොඩක් අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න දවස වෙන්කරගෙන තිබුණා. කවුරු හරි කියනවා නම් මේක මේ කැප එක විතරක් ඉලක්ක කරගෙන කරපු දෙයක් කියල, මේ ලේඛනය ඒක බොරුවක් කියන එකට සාක්ෂියක්.

    // යම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘ඇයි පන්සල අධිකරණයට යන්නේ නැත්තෙ’ කියලා.

    - මේ Documents and වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත නිසා අධිකරණයට ගියාම ඒක අවාසි. අර කැෆේ එකේ පර්මිට් එක කැන්සල් කරපු වෙලාවෙ ඒක පරිසර අමාත්‍යාංශයේ ලේකම්ට Appeal කරලා තියෙනවා. පරිසර අමාත්‍යංශයට Appeal කරන්න හේතුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැටෙන්නේ පරිසර අමාත්‍යාංශය යටතේ. එතකොට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට්වරයාට වඩා උඩ ඉන්න නිලධාරියා පරිසර අමාත්‍යංශය ලේකම්.

    නමුත් අවසානයේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් Kamal Rohitha Uduwawala මහත්මයා මෙම Appeal එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක ලිඛිතව ඔක්තෝබර් 16 ලිපියක් මඟින් දැනුවත් කරලා අර කැෆේ එක දින 07 ඇතුළේ කඩන්න කියලා නියෝගයක් පන්සල් පාර්ශවයට දීල තියෙනවා. නමුත් ඔවුන් ඒක කරපු නැති නිසා තමයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂක ජනරාල් තමන්ගේ බලතල පාවිච්චි කරලා තියෙන්නේ. මේ ලිපියේ ඒක පැහැදිලිව තියෙනවා (Image 08)

    කෙසේ නමුත් මේ හැම නීතියකට ම වඩා විශාල සහ බලවත් නීතියක් පන්සල් පාර්ශවය සතුව තියෙනවා. ඔවුන් මාධ්‍ය සාකච්ඡා අතරතුර සහ තවත් විවිධ අවස්ථාවන්වල දිගින් දිගටම මේ නීතිය අපි හැමෝටම මතක් කරා. ඒ නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය. මේ වගන්තිය අන් සියලූම නීතිවලට වඩා ඉහල තැනක තමයි තියෙන්නෙ කියන එක ඔවුන්ගේ දැඩි ස්ථාවරයයි. ඒ අනුව පන්සල් පාර්ශ්වයට - මේ සියලුම දේවල් නීත්‍යානුකූලයි. (Image 09)

    ---------------------------------------

    ත්‍රිකුණාමලය වරාය පොලිසියේ ස්ථානාධිපති R A J S රණවීර මහත්මයා, අවුරුදු විස්සකට කලින් ත්‍රිකුණාමලයේ ජීවිත විස්සකටත් වැඩිය බිලි ගත්තු ‘බස් නැවතුම්පොළ බුදුපිළිම කෝලාහලය’ වෙලාවේ එක තරුවක් යුනිෆෝම් එකේ දාගත්තු පොලිස් නිලධාරියෙක්. ඔතන මාළු කඩේ ගාව දවස් දහයක් විතර රෑ ඔහු නිදාගෙන ඉඳලා තියෙනවා.

    අද ඥානසාර හාමුදුරුවෝ මේ ඉඩමට ඇවිල්ල කියනවා - “...පනස් ගණන් වල තිබිච්ච මේ පර්චස් 40 වැඩක් නෑ, අක්කරය ඉල්ලන්න ඕනෙ. ඒකටයි ෆයිට් එක කරන්න ඕනේ. අක්කරය සම්පූර්ණ කරලා එතනින් වැට ගහන්න. ඒකට දවසක් දාගන්න…”

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාමාන්‍ය දෙමළ සහ මුස්ලිම් ජනතාවත් එක්ක කතා කරා. ඒ අය ඇත්තටම නිශ්ශබ්ද වෙලා ඉන්නවා. ඒ නිශ්ශබ්දතාවයට හේතුව - ඔවුන් බය වෙලා ඉන්නෙ. එකෙන් කියනවා එදා රෑ බුදුපිළිමය පොලිසියෙන් උස්සගෙන යනකොට “හෙට මෙහෙ මොනව වෙයිද” කියල කල්පනා කරගෙනම රෑ නිදි මරාගෙන හිටියලු.

    ත්‍රිකුණාමල ටවුමෙ විතරක් අද සිය ගණන් බුදුපිළිම හැමතැනම තියලා තියෙනවා. විහාරස්ථාන බොහෝමයක් ත්‍රිකුණාමල නගරය ඇතුළේ ඉදිවෙලා තියෙනවා. සමහර පොඩියට තිබුණු විහාරස්ථාන ලොකුවට ඉදිකරලා තියෙනවා. යුද්දෙනුත් බැටකාපු මේ මිනිස්සු දැන් මේ හැමදේම දැකලා අත්විඳලා සටන් කරලා අන්තිමට බය වෙලා තමයි ඉන්නේ. සමහරුන්ට දෙමළ මුස්ලිම් මිනිස්සු මේ විදිහට කටවහගෙන බය වෙලා ඉන්න එක මාර ගැම්මක් වෙන්න ඇති. "ඔව් එයාලා මේ ජාතිවාදයට බය මිනිස්සු"

    - Shabeer Mohamed

    #Trincomalee
    https://www.facebook.com/share/15izX5bxKk/
     
    • Like
    Reactions: Bumbzy

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy

    රටේ වැලි කැටයක් ගානේ ලෙයින් තෙත්වෙලා තියෙන්නෙ​

    කෙබර ජෙප්පෝ මරපු මිනී වලින්ද ?
     
    • Haha
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    AqERdDj.jpeg
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    මෙතෙක් කාලයක් පැවතුනු නොබැඳි පිළිවෙතින් පීලි පැනල ඉන්දියාව ඇමරිකාව එක්ක හොර ගිවිසුම් ගහල ලංකාව නිශ්චිත කඳවුරකට ඇදදමීමෙන් මීළඟ යුද්දයකදී ලංකාවේ තෙත්වෙන්න වැලිත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මහින්දයා චන්ද ගන්න උගෙ ඉඩම් වගෙ කැලි දීලා, බොරු බෞද්දයො, බොරු ගනයො, එකටම හරියන රස්තියාදුකාර දායක සබාව. එක දහම් පාසලක් ද? බැලුවාම අම්බලමක් වගෙ