රටේ හිටපු නායකයෙක් අහනවා "පැහැර ගත් අයෙක්
මං දැක්කා රටේ හිටපු නායකයෙක් අහනවා "පැහැර ගත් අයෙක් නිදහස් කිරීම වරදක්ද?" කියලා.
- https://www.facebook.com/anurasiri.hettige/posts/1779176968864251
මං දැක්කා රටේ හිටපු නායකයෙක් අහනවා "පැහැර ගත් අයෙක් නිදහස් කිරීම වරදක්ද?" කියලා.
පැහැර ගෙන ගොස් පහර නුදුන්නට මහමඟ මරණ වරෙන්තුව රැගෙන ආ මෙම පහර දීමත් එම යුගයටම අයත් මරණීය භීෂණයට අදාළයි. පුවත්පත් වාර්තාකරුවන් සහ මාධ්‍ය හැඳුනුම්පත අත ඇති අයට ඇති අවධානය මාධ්‍යකාර හැදුනුම්පතක් නැතත් මාධ්‍ය සේවක හැඳුනුම්පතක් ඇති අපට නැති එක ගැන කනගාටුවක් කොහෙත්ම නැත.. එහෙත් එම භීෂණයේදී පවා රට අත්හැර නොගියත් අප සිටියේ මරණ භීතියකින් සැලි සැලී පවුලක් ලෙස හුදෙකලාවෙමින්... මෙම සිදුවීමට මා මුහුණු දුන්නේ රූපවාහිනී සංස්ථා සේවක සංගමයේ සභාපතිවරයා ලෙස තනතුරු දරමින් සුප්‍රසිද්ධ මර්වින් සිල්වා සිද්ධියට එරෙහි සේවක විරෝධයට නායකත්වය දෙමින් සිටියදී.
මෙම පහර දීම සිදුවන්නේ එවකට ආරක්ෂක ලේ්කම් සමඟ රූපවාහිනී සේවකයන්ගේ ආරක්ක්ෂාව සම්බන්ධයෙන් 2008 මාර්තු 13 දින සවස තීරණාත්මක සාකච්ඡාවට සහභාගි වී පැමිණ රැය ගෙවී අලුත් දවස ආරම්භයේදීී මා රැකියාවට යමින් සිටියදි.
දිනය - 2008 මාර්තු 14. පෙරවරු 0745ට පමණ
ස්ථානය කොටිකාවත්ත බොරැල්ල 175 බස් මාර්ගයේ කොරටුුව පාර අසල.
අවසානයේ නතර වූයේ කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ.
පිහිටට හිටියේ කාරුණික තුන් රෝද රථ රියැදුරු සෙහොයුරෙක් පමණයි.
ජාතික රපවාහිනියේ සියු සේ්වකයන්ගේ සහභාගීත්වයෙන් වැඩ වුරුමක් සිදු වූයේ ද මෙම සිදුවීම සමඟ.මේ සියල්ල අද ආයතනයටත්, සේවක සංගමයටත්, සාමාජිකත්වයටත්, පක්ෂයටත්, සමාජයටත් අමතකයි. මොනවා කරන්නද? මං හිතන්නෙ ජීවිතය ඉතිරිවීම නිසා මේ වින්දනය කරන සියලු දේ මට හිමි වූ බවයි. පිටරටක වාසයට යාමට ලද අවස්ථා පවා ප්‍රතික්ෂේප කරමින් මෙහි රැදුණේ මේ භීෂණය ඉවත් කරවා ගැනීමේ සටනකට හවුල් වනු පිණිසය. එහි දී /පුරවැසි බලය/ පහිටුවීමේ මුල් සාමාජිකයකු වෙමින් එහි පළමු රැස්වීම හයිඩිිපාත් වේදිකාවට ගෙඩ වන නාම ලේඛනයට නම ඇතුළත් කිරීමේ අවසරය දෙමින් (එහි සිටියේ ලේඛක දෙපලකි. ඉන් එක් අයෙක් කැත්ලින් ජයවර්ධනය) රූපවාහිනී රැකියාවද නොතකුවෙමි. අවසානයේ අපිි එය කළෙමු. පරාජය කළ නොහැකියැයි විශ්වාස කළ ඒ විස්මිත පරාජය අපි භීෂකයාට ලබා දුන්නෙමු.
නමුත් සියල්ල තවමත් එම කක්ෂය වටා කැරකැවෙමින් තිබේ. කනගාටුව එයයි. අවසානයේ මගේ් පවුලට ඔවුන්ගේ ප්‍රේමණීයයා ඉතිරි විය. එය ම ඇති නිදහස් කිරීමකින් තොරව වුවත් නිදහසක් ලැබීමේ ප්‍රීතිය සමරන්න.
අපේ ජාතික අපේක්ෂක වීරයා.. ඔව්.. මෛත්‍රී එන්න.. මේ මෙතන නටන්න.. රනිල් සහ චන්ද්‍රකා.. ඔබලා වෙණ වයන්න.. අපි මාර ප්රීතියකිින් සිටින්නෙමු. මේ තමා නිදහස් චින්තකයින්ගේ පරමාදර්ශී මොහොත..
2005- 2015 යුගයේ මාධ්‍යවේදීන්ට පහර දීම් සම්බන්ධ කමිටු සහ ආයතනවලට මෙසේ කියමි.. කරුනාකර ඔබේ කවුළු සම්පූර්ණයෙන් ඇර බලන්න.. ඔබට ඔබ නොදන්නා තවත් බොහෝ දේ පෙනෙනු ඇත.
ඉතිං පහර කෑ අයටත් අමතක පහර දුන් අයටත් අමතක මේ සිදුවීම මතකයට ගත්තේ හිටපු සහ වෙන්ඩ නායකයෙක් කළ ප්‍රකාශයක් නිසා ඇති වූ ස්වයං ලැජ්ජාව නිසා යි.
ඔව් ලොක්කා.. අපි දැන් ප්‍රීති ප්‍රමෝදයෙන් වෙලීී ජීවිතය ආතල් මාවතක ගමන් කරවමින් සිටිමු. ජීවත්ව හිටියොත් යළි ඔබේ පාලනයක් තුළ හමු වෙමු. අපි මරණය පරාජය කළ වුන් වෙමු.
අනුරසිරි හෙට්ටිගේ
2018. 08. 19.
- https://www.facebook.com/anurasiri.hettige/posts/1779176968864251

2020 ජීවත්ව හිටියොත් බලපන් පුකට පයින් ගහලා එලවන්නේ පොන්න unp ලොල්ලන්ගේ 