රටේ_පිරිහීම.....

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    පෙර වදන......උබලට බලන්න ගෑනු රුපනම් දල නෑ ....එත් මේක බලලා කියවලා අදහසක් දාල පලයල්ලා...(ගනියෙක්ගේ හෙළුව දම්මොත්නේ උබලගේ comments වැඩි එකයි කිව්වේ)..:yes::yes:



    හරි ඒක නෙමේ....

    මුලින්ම මේක කියවල ඉදපල්ලකෝ...:no::no:.


    මහරගම ලුම්බිණි මාවතේ දෙදරු මවක වන ශාන්ති පෙරුමාල් (30) ඇඟළුම් සේවිකාව මරා දැමීයැයි ඇගේ සැමියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සොයන බව මහරගම පොලීසිය කියයි.:shocked:
    පෙර දින මොනරාගල සිට ඔහු බසයකින් කොළඹ පැමිණ ඇතැයි කියති. පාසල් බෑගයකින් මන්නයක් ගෙනෙන්නට ඇතැයි ද, පොලීසියට තොරතුරු ලැබී ඇත. ඔහුගේ අනියම් බිරිය මොනරාගල සිටින බවත්, ඇය මාස දෙක හමාරක පමණ ගැබිනියක බවත් කියන තොරතුරු සත්‍යදැයි පොලීසිය සොයයි.
    සමන්ත රත්නායක නම් වන සැකකරු තැන තැන ගොස් වැඩකරන කාර්මිකයෙකියි පොලීසිය පවසයි
    .

    http://www.lankadeepa.lk/index.php/articles/87302

    බලපන්....ලංකාදීපේ නිව්ස් එකක් ඔය අද දල තියෙන.... බලපල්ලා ඉතින් මොකද බන් අපේ රටට මෙහෙම වෙලාතියෙන්නේ....නැත්තම් ලෝකෙම ඔහාමද....බැදපු උන් ඔක්කම වෙන එවුන් එක්ක යනවා... මේක දැන් විලාසිතාවක් වෙලා....අහිංසක කිසිම තේරුමක් නැති දරුවන්...විනාශ වෙනවා...ගොඩක් තැන වල ළමා දුෂණ ගෑනු දුෂණ.....:no::no::no:මිනිස්සු සැහෙන්න පිරිහිලා බන්......

    ඔබගේ විචාරයට බාරයි .....
     
    මේ ගැන කථා කරන්න ගියොත් ඇගේ ලේ කුපිත වෙනව බං.:frown:
    මොකද අද පත්තරයක් ගත්තොත් වැඩියෙන්ම තියෙන්නෙ මොනාද?:nerd:
    අද පත්තරයක් අතට ගත්තොත් තියෙන්නෙම හිත් පිත් නැති උන් කරපු කුප්ප වැඩ,:frown: හොර මැරකම්,:frown: පැහැරගැනීම්,:frown: දූෂණ, ළමා අපචාර.:growl:
    කෙටියෙන්ම කියන්න තියෙන්නෙ එක දෙයයි.
    මේක තමා ලෝක විනාශය කියන්නෙ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    ඕවට මූලික හේතුව අධික ලිංගික ආශාව බං.. ඕවා නවත්තන්න පුළුවන් දේවල් නෙමෙයි.. කසාඳ බැන්ඳට පස්සෙත් වෙන වෙන ගෑණු පස්සෙ යන එවුන් ඉන්නවනේ.. සමහර එවුන්ට ගෙදර බත් එක ටික කාලයක් යද්දි එපා වෙනවා.. ඒකයි.. ගෑණු පිරිමි දෙපක්ෂයම එකයි.. අර මිස් කෙනෙකුයි ළමයි දෙන්නෙකුයි පුච්චලා මරලා දැම්මෙ.. ඒකත් අනියම් සම්බන්ධයක් නිසානේ.. ඔය වගේ බල්ලො නම් ගල් ගහලා මරන්න ඕන.. :yes: මුන්ට අහිංසක ළමයි ගැනවත් හිතන්න තිබුණා.. මොන හිතකින්ද කිරි සප්පයෙක් මරන්නෙ.. :( ඇත්තටම සමාජය පිරිහිලා තමයි බං.. තමන්ගෙ ආගම දහම හරිහැටි අදහනවා නම් ඒවා පිලිපදිනවා නම් ඔය වගේ දේවල් වෙන්නෑ.. ගොඩක් එවුන් වෙසක් එකට විතරනේ පන්සලට යන්නෙ..
     
    පොඩි මිනිස්සු කරන ඒවා හැම දම සමාජයට එලි වෙනවා ලොකු ලොක්කෝ කරන ඒවා ටිකයි එලි වෙන්නේ . මොක කරත් වැරැද්ද වැරද්දමයි එත් දෙන්නට සලකන්නේ දෙවිදිහකට


    ඕව කාලයක් තිස්සේ තිබ්බ පීඩනයක් පිට වීම වගේ දෙයක් ඕව ගැන එක පොස්ට් එකකින් කතා කරලා ඉවර කරන්න බැහැ .
    අපි එහෙම කතා කරයි කියල නවතින්නෙත් නැහැ
     
    තාත්තා දරුපවුල පිළිස්සීම, ප්‍රශ්න පත්තර ලීක්වීම, ජාතිවාදය, ධනකාමය ..................


    ශ්‍රී ලංකාව මේ වනවිට නෙළාගනිමින් සිටින්නේ පසුගිය දශක ගණනාවක් තිස්සේ වපුරනු ලැබූ ජාතිවාදයේ, ධනවාදී පරිභෝජනවාදයේ හා මිථ්‍යාවේ අස්වැන්නයි.

    දෙමළ බස කතා කරන්නාට එරෙහිව සිංහලයාත්, සිංහල බස කතා කරන්නාට එරෙහිව දෙමළ බස කතා කරන්නාත් උසිගැන්වීම පිණිස සිංහල, දෙමළ දෙජාතියේම නායකයන් විසින් පසුගිය සමයේ ප්‍රවර්ධනය කරනු ලැබූ ජාතිවාදී හා ස්වෝත්තමවාදී අදහස් පද්ධතියේ ඵලයකි, අද රටේ පවත්නා තත්වය. මෙහිම කොටසක් ලෙස සමාජවාදී අදහස් සමාජයෙන් තුරන් කරන ලදී. නැතිනම් ඒවා ජීවිතයට සම්බන්ධ නැති පොතපතේ පමණක් ඇති දේ බවට පත් කරන ලදී. ඒ තත්වයටනම් ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ වාමාංශිකයෝ, බුද්ධිමත්තු, කලාකරුවෝ ආදීහුය.

    විශේෂයෙන්ම සිංහල හා දෙමළ ජාතිවාදයන් ප්‍රවර්ධනය කිරීම පිණිස බටහිර විද්‍යාවට එරෙහි මතවාදයන් යොදාගැනීම පසුගිය සමයේ විලාසිතාවක් විය. බටහිර විද්‍යාව යනු දාර්ශනික තලයකදී ඉතා පරිස්සමෙන් සංවාදයට භාජනය කළයුතු දෙයකි. එය කළ යුත්තේ සමාජය පසුගාමිත්වය වැළඳගැනීම වැළැක්වීමේ වගකීමකින් යුතුවය. එහෙත් නලින්ද සිල්වා වැනි අය ඒ සඳහා යොදාගත්තේ ජාතිවාදය වැපිරීම පිණිස යොදාගන්නා දිවයින කොලමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සංවාදය ශාස්ත්‍රීය තලයෙන් ඔබ්බට ආවේ අවිද්‍යාව වන්දනාමාන කරන තත්වයක් නිර්මානය කරමිනි.

    අවසානයේදී නස්රුදීන්ගේ කතාවක සිදු වූ ආකාරයට බටහිර විද්‍යාවට එරෙහිව මතවාද ප්‍රවර්ධනය කරමින් සිටි නලින් ද සිල්වා පවා අවිද්‍යා අන්ධකාරයේ ගිලී දේව කන්නලව් පසුපස යන්නට පටන් ගත්තේය.

    අද සිදුවී තිබෙන්නේ කුමක්ද?

    රට පුරා භූත ආතුරයෝය. කොඩිවින කපන්නෝය. නැකැත්කරුවෝය. ගස් ගල් වඳින්නෝය. නිදන් හාරන්නෝය. පිටසක්වල ජීවියෝය. අද්භූත ආලෝක ධාරාය.ලෝක විනාශ, භූමිකම්පා, සුනාමි ආදිය ගැන පේන කියන්නෝය. එදා වේල පිණිස මේ පිස්සන් පසුපස යන මාධ්‍යකාරයෝය. දවස තිස්සේම මේ ගැන බණ කියන්නෝය. බණ අහමින්ම ධනය පොදි බැඳීමට මුල් තැන දෙන්නෝය. සමස්ථයක් ලෙස ලංකාවේ සිදු වී ඇත්තේ මිථ්‍යාව හා ධනකාමය දහම කරගත් අතාර්කික, දෙබිඩි, නොමිනිස් ජීවී පරපුරක වාසස්ථානයක් බවට පත්වීමයි.

    අපි ආසන්න සිද්ධි කීපයක් විමසා බලමු. පෞද්ගලික අංශයේ විධායක නිලධාරියකු ගිය සතියේ සිය බිරිඳත්, තුන්හැවිරිදි දරුවාත් ගෙල සිර කර මරා දමා කිරිදරුවා පණ පිටින් පිළිස්සුවේය. ටයි ඇඳගෙන, එක්ස්කියුස් මී, සොරි ආදිය කියමින් ව්‍යාජ සමාජශීලීත්වයකින් හැසිරෙන, තමන් යටතේ වැඩකරන අය ඉලක්ක සපුරාගැනීම සඳහා හරකුන් සේ දක්කන, මිනිස් සම්බන්ධකම්වලට වඩා ඇඳුම, කාරය, නිවස ගැන සැලකිලිමත් වන මෙවැනි වෘත්තිකයෝ කොතෙකුත් සමාජයේ සිටිති. සුදු, හුරුබුහුටි, ලාබාල ලොලිටාවෝ මේ පෙළැන්තියේ බොහෝදෙනෙකුගේ ග්‍රස්ථියකි. ඉහත කී අපරාධකාරයා ඒ අපරාධය සැබැවින්ම කළේය. තව බොහෝ අය එය මනසින් කරති.

    මේ පෙළැන්තියේ අයගේ පරමාදර්ශ වන සනත් ජයසූරිය වැනි අය ලිංගික, පවුල් හා සමාජ ජීවිතයේදී හැසිරෙන ආකාරය බලන්න.

    අද සාමාන්‍යයෙන් සමාජ සම්භාෂණවල තිබෙන මාතෘකා මොනවාද? කාර්, මොබයිල් ෆෝන්, ඉඩම්, ගෙවල්, බඩුගැසීම්, ලෙඩ, ජ්‍යෝතිෂය හා ආණ්ඩුවේ දූෂණවලට තමන්ටත් සෙට් වෙන්නට ක්‍රම ගැන කතාකිරීම හැර වෙනත් හරවත් දෙයක් කතාබහට ලක්වෙනවාද?කතාබහ කලත් ඒවා ජීවිතයට සම්බන්ධ වෙනවාද?

    අපි තවත් සිද්ධියක් ගෙන බලමු. ඒ සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19ක් ලීක්වීමයි. විභාග දෙපාර්තමේන්තුවේද වැඩ කරන්නේ මේ සමාජයේ සිටින සෙසු මිනිස්සු වැනිම අයයි. එය දූෂණ සුලබ තැනකි. ඒ කාරණය පැත්තකින් තියමු. සෙසු ටියුෂන් ගුරුවරුන් අභිභවා යාම පිණිස ප්‍රශ්න පත්‍ර සොරකම් කිරීම ටියුෂන් ක්ෂේත්‍රයේ සුලබ සංසිද්ධියකි. දෙමව්පියන් සිය දරුවන් පංති යවන්නේද, සිසුන් වඳින්නේ පුදන්නේද එවැනි සොරුන් වෙතය.

    අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාර්ථක මිනිසුන් මනින්නේ ඉතා පැහැදිලිවම ධනයෙනි. ටියුෂන් ගුරුවරුන් වාහන මාරු කරන්නේත්, තිරිහන් වන්නට උත්සාහ කරන්නේත් ඒ වෙනුවෙනි. පාසල් සිසුන් අනුගමනය කරන්නේ මේ ධනකාමීන් මිස වෙනත් පරමාදර්ශ නොවේ.

    සිසුන් ටියුෂන් පංති යන්නේ ගුරුවරයා තමන් නිකම් සිටියත් විභාග සමත් කළහැකි ප්‍රාතිහාර්යකරුවකු ලෙස සලකමිනි. උදාහරණයක් ලෙස, පසුගිය කෙටි කාලය තුළ ඉංග්‍රීසි ටියුෂන් දැන්වීම් පරිණාමය වී තිබෙන ආකාරය බලන්න. දැන් එක් දිනකින් ඉංග්‍රීසි උගැන්වීමට සමත් ගුරුවරු පවා දැන්වීම්වල සිටිති.

    සමස්ත සමාජයම ‍සොයමින් සිටින්නේ ප්‍රාතිහාර්යයන්ය. මව්පියන් සිය දරුවන් දොස්තරවරු වැනි වෘත්තිකයන් බවට පත් කරන්නට උත්සාහ කරන්නේ ඉතා ඉක්මණින් මුදල් හා සමාජ තත්වයක් හම්බ කරගන්නටයි. ධන හා බල හිනිපෙතේ වේගයෙන් ඉදිරියට යන්නට මාර්ගය දේශපාලනයයි.

    කාටත් අවශ්‍ය ඉතා ඉක්මණින් මුදල් උපයන්නටය. වාහන මාරු කරන්නටය. තට්ටු පිට තට්ටු ගෙවල් හදන්නටය. රට යන්නටය. ජාතික ධනය සූරාකන්නටය.

    මේ මාර්ග වෙත ඉක්මණින් පිවිසෙන්නට ප්‍රාතිහාර්ය අවශ්‍යය. ඒ නිසා තව පිරිසකට ප්‍රාතිහාර්යකරුවන් ලෙස පෙනී සිටීමෙන් ධනවතුන් හා බලවතුන් බවට පත්වීමේ අවස්ථාවක් ලැබී තිබේ.

    ඒ ප්‍රාතිහාර්යකරුවන් අතර තවත් ඇතැමෙක් දාර්ශනික ගැලවුම්කරුවෝ ලෙස පෙනීසිටිති. ඔවුහු බණ කියති. ජනප්‍රිය බණකාරයන් වන්නට තරග කරති. බණට මුදල් අයකරති. විමුක්තියටත් මාකට් එකක් තිබේ.

    මේ සටහන සම්පූර්ණ නැත. මන්ද, ප්‍රශ්නය සංකීර්ණ නිසාය. අවශ්‍ය අප මේ ගැන කතාකිරීම මිස මුල, මැද, අග සම්පූර්ණ විග්‍රහ නොවේ

    http://www.w3lanka.com/2012/12/blog-post_2451.html#comment-form

    අදහස් පල කෙරීම සඳහා පමණයි, මෙය 100% මගේ මතය නොවේ
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    දැන් ලංකාවට ඕනේ Super Hero කෙනක් බන් police ya ඔක්කොටම වdaa අන්තඉ ඔය වගේ වැරදි කරන උන්ට මේ දෙන දඩුවම් මදි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලිංගික ආසාව කියන එක හැම කෙනෙක්ටම තියෙන දෙයක්...
    ඒත් දැන් රටේ මේක ෆැෂන් එකක් වගේ වෙලා.පත්තරයක් ගත්තොත් සිද්ධි කොච්චර තියෙනවද?
    ඇත්තටම ලංකාවේ නීතියෙන් දැඩි දඬුවම් තියෙනවා...
    ඒත් මලත් කමක් නෑ කියලා දුරදිග නොබලා කරන වැරදි ගොන්න වැඩී..අධ්‍යාපනික,සාමාජීය පිරිහීම කියන්නත් බෑ...
    අධ්‍යාපනයෙන් ඉහළටම ගිය මිනිස්සුත් මේ වැඩේ නොකරනවා නෙමෙයි නේ..
    ඒ නිසා පිරිහීමක් තමයි පේන්නේ..
    ඔය පත්තර වල යන්නේ සිද්ධි වලින් කීයෙන් කීයද?
    නොයන සිද්දි කොච්චර ඇතිද???
    මම හිතන්නේ අවු.30 යුද්ධෙන් පස්සේ දෙවනියට ඒ හා සමාන ලොකු මෙහෙවරක් කරන්න වෙන අවස්ථාවක්..
    මේ වෙද්දි මත්ද්‍රව්‍ය වලට තමා මූලික්ත්තවය දීලා මර්ධනය කරන්නේ..
    නියපොත්තෙන් කෑඩිමට තිබූ දෙයක්
    දැන් යම් ඔඩු දීවීමක් වෙලා තියෙනවා..

    මම හිතන විදිය වැරදි වෙන්න පුලුවන්...
    මේ දේවල් වලට ජනමාධ්‍යයෙන්ම ලැබෙන්නේ..
    එපා එපා කියනවට වඩා..
    ට්‍රයි කරලා බලන්න කියනවා වගේ දෙයක් නෙමෙයි ද??
    විනාඩි 5ක් ටීවි එකක් දිහා බලන් ඉන්න ඊට පස්සේ හිතලා බලන්න ඒක මාකට් කලේ මොකද්ද ,දුන්නේ මොකද්ද කියලා..
    පත්තරවල ඔය දේවල් දාන්නේ මිනිස්සු දැනුවත් කිරීමේ පරමාර්ථයෙන්මද???
    දැන් ටීවී එකේ ඇඩ් යනකොටත් දාන්නේ "අසවල් නලු පවුලේ,දෙකඩ වීමේ අනියම් අභිරහස..හෙලිවේ..
    වැඩි විස්තර දැනගන්න සෙනසුරාදා පත්තරය ගන්න..."


    "ඒ දැරියව 6 වෙනි පාරටත් කෙලසයි..."
    (එක පාරක් වෙන දෙයක් නම් රටේ පත්තර 10ක් තියෙනවා නම්, දහයේ දහ විදියකට දානවා.රසවත් වෙන්න අතිනුත් දාලා හරි ලියනවා....
    කෙල්ලෙක්ව ඊට වඩා කෙලසනවා පත්තරකාරයෝ...)

    ...ඉස්සෙල්ලම ඔය තැන හදන්න වෙනවා...

    දූෂණ සිද්ධි වල ඉන්න උන්ට එලිපිට වෙඩි තියලා මැරුවත් වැඩේ නවත්තන්න බැරි ගානමට වගේ ගිහින් තියෙන පාටක් තමා තියෙන්නේ.


    දැන් ළමයි දන්න දේවලුයි ඒ කාලේ ඒ වයසේ අපි ඉන්න දැනන් හිටපු දේවලුයි..
    බැලුවමත් ඒ වෙනස හොඳට පේනවා..

    :(:(:(:(
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    Baudda Darshanaya,Dahama hodin tibba kale kellakta dakune indan uthurata kisi prashnayak nathuwa giyalune owa kata kahanawata kiyapuwath nemeine, Batahira Haththa mekata awith mehe eun Redda Isuwata passe thama me okkoma. Hari umbalama Hithata Ekagawa Hithala Balapalla
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ලිංගික ආසාව කියන එක හැම කෙනෙක්ටම තියෙන දෙයක්...
    ඒත් දැන් රටේ මේක ෆැෂන් එකක් වගේ වෙලා.පත්තරයක් ගත්තොත් සිද්ධි කොච්චර තියෙනවද?
    ඇත්තටම ලංකාවේ නීතියෙන් දැඩි දඬුවම් තියෙනවා...
    ඒත් මලත් කමක් නෑ කියලා දුරදිග නොබලා කරන වැරදි ගොන්න වැඩී..අධ්‍යාපනික,සාමාජීය පිරිහීම කියන්නත් බෑ...
    අධ්‍යාපනයෙන් ඉහළටම ගිය මිනිස්සුත් මේ වැඩේ නොකරනවා නෙමෙයි නේ..
    ඒ නිසා පිරිහීමක් තමයි පේන්නේ..
    ඔය පත්තර වල යන්නේ සිද්ධි වලින් කීයෙන් කීයද?
    නොයන සිද්දි කොච්චර ඇතිද???
    මම හිතන්නේ අවු.30 යුද්ධෙන් පස්සේ දෙවනියට ඒ හා සමාන ලොකු මෙහෙවරක් කරන්න වෙන අවස්ථාවක්..
    මේ වෙද්දි මත්ද්‍රව්‍ය වලට තමා මූලික්ත්තවය දීලා මර්ධනය කරන්නේ..
    නියපොත්තෙන් කෑඩිමට තිබූ දෙයක්
    දැන් යම් ඔඩු දීවීමක් වෙලා තියෙනවා..

    මම හිතන විදිය වැරදි වෙන්න පුලුවන්...
    මේ දේවල් වලට ජනමාධ්‍යයෙන්ම ලැබෙන්නේ..
    එපා එපා කියනවට වඩා..
    ට්‍රයි කරලා බලන්න කියනවා වගේ දෙයක් නෙමෙයි ද??
    විනාඩි 5ක් ටීවි එකක් දිහා බලන් ඉන්න ඊට පස්සේ හිතලා බලන්න ඒක මාකට් කලේ මොකද්ද ,දුන්නේ මොකද්ද කියලා..
    පත්තරවල ඔය දේවල් දාන්නේ මිනිස්සු දැනුවත් කිරීමේ පරමාර්ථයෙන්මද???
    දැන් ටීවී එකේ ඇඩ් යනකොටත් දාන්නේ "අසවල් නලු පවුලේ,දෙකඩ වීමේ අනියම් අභිරහස..හෙලිවේ..
    වැඩි විස්තර දැනගන්න සෙනසුරාදා පත්තරය ගන්න..."


    "ඒ දැරියව 6 වෙනි පාරටත් කෙලසයි..."
    (එක පාරක් වෙන දෙයක් නම් රටේ පත්තර 10ක් තියෙනවා නම්, දහයේ දහ විදියකට දානවා.රසවත් වෙන්න අතිනුත් දාලා හරි ලියනවා....
    කෙල්ලෙක්ව ඊට වඩා කෙලසනවා පත්තරකාරයෝ...)

    ...ඉස්සෙල්ලම ඔය තැන හදන්න වෙනවා...

    දූෂණ සිද්ධි වල ඉන්න උන්ට එලිපිට වෙඩි තියලා මැරුවත් වැඩේ නවත්තන්න බැරි ගානමට වගේ ගිහින් තියෙන පාටක් තමා තියෙන්නේ.


    දැන් ළමයි දන්න දේවලුයි ඒ කාලේ ඒ වයසේ අපි ඉන්න දැනන් හිටපු දේවලුයි..
    බැලුවමත් ඒ වෙනස හොඳට පේනවා..

    :(:(:(:(

    Niyama kathawa saho....bohoma sthithyi.....
     
    • Like
    Reactions: Randike Mendis