රට අනතුරේ - නාමල්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1729885561929.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    “ජාතික ආරක්ෂාව“ මාතෘකාවක් වශයෙන් ආණ්ඩුවක් පෙරලා දැමීමට හොඳ දේශපාලන අවියකි. එහෙත් ලංකාවේ ඒ හා සම්බන්ධ සිදුවීම්වල, අදාල තොරතුරක හෝ ප්‍රවෘත්ති මූලාශ්‍රයක අන්තර්ගතය කුමක් වුවද එය දේශපාලන සටන් පාඨයක් වශයෙන් ඉතිහසයේ බාල්දු වූ තුරුම්පුවකි.

    නැතහොත් සටන් පාඨයක් වශයෙන් ජාතික ආරක්ෂාව යනු ආණ්ඩු පෙරලීම, ජනතාව බියගන්වා පාලනය කිරීම, ඔවුන් රවටා නැවත ආණ්ඩු පිහිටුවීම හෝ එම රැවටූ ජනතාව මර්දනය කර ආණ්ඩුව පවත්වාගන යාම අරමුණු කරගෙන භාවිතයට ගනු ලැබූ ජනතාවගේ ලේ තැවරුණු උපක්‍රමයක් බව පුනපුනා කිවයුතු නැත. ඒ ගැන රටේ ජනතාවටත් මෙම ආණ්ඩුවටත් හොඳ අවබෝධයක් පවතී.

    මෙරටට පැමිණෙන ඊශ්‍රායල ජාතික සංචාරකයන් ඉලක්ක කර යම් ප්‍රහාරයක් එල්ල වෙතැයි යන බුද්ධි තොරතුරකට අනුව මීට සති දෙකකට පෙර මෙම ආණ්ඩුව විධිමත් ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබිණි. ඇතැම් මාධ්‍ය ආයතන ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම පසෙක තබා ඒ ගැන පැරණි දේශපාලන කුණු රසය අවුස්සන ප්‍රවෘත්ති පලකිරිමත් සහ එමගින් මෙම ආණ්ඩුව ගැන වැරදි මතයක් නිර්මාණය වන ආකාරයේ ප්‍රවෘත්ති පලකිරීමත් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබේ.

    ලොව පුරා වෙසෙන ඊශ්‍රායල ජාතික ජනතාවට හෝ ඔවුන්ගේ දේපල වලට ප්‍රහාර එල්ල වෙතැයි යන තොරතුර මැදපෙරදිග යුධ උණූසුම සමග බැඳුණු පුවතක් වූයේ මාස ගණනකට පෙර ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කිරීමත් සමගය.

    ඒ ගැන ලොව පුරා රටවල් රැසක් නිවේදන නිකුත් කර තිබූ අතර එය වරෙක ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රධාන ප්‍රවෘත්තියක් විය. එම ප්‍රවෘත්ති මාස ගණනක සිට මෙරට මාධ්‍ය වලද වරින්වර පලවිය. එහි දිගුවක් වශයෙන් පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක කලාපයට හෝ මෙරට වෙනත් සංචාරක කලාපයකට ප්‍රහාරයක් එල්ල වෙතැයි යන පුවත ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වශයෙන් වාර්තා කරන ලද්දේ මෙම ආණ්ඩුව තමන් ලද බුද්ධි තොරතුරු වලට අනුව දැඩි ආරක්ෂක පියවර රැසක් ගෙන තිබූ පසුබිමකය.


    එමෙන්ම අදාල සංචාරක කලාපවල ආරක්ෂාව තරකර තිබෙන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන වලට තොරතුරු ප්‍රමාණයක් තිබුණත් ඒ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් හෝ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසීමක් කර තිබුණේ නැත. එමෙන්ම ඇමරිකානු තානාපති කාර්යාලය මගින් සිය පුරවැසියන් සඳහා මේ සම්බන්ධ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු ඊට අදාල ප්‍රවෘත්ති සැකසීමේදීත් අදාල මාධ්‍ය ආයතන මගින් රජයේ ප්‍රකාශකයෙක් සම්බන්ධ කරගෙන ඒ ගැන විමසීමක් නොකිරිමද ගැටළු සහගතය.

    එනිසාම මෙම සිදුවීම ගැන යටි බිම්ගත දේශපාලන අරමුණක් පැවති බව මාධ්‍ය සංවිධානයක් වශයෙන් අපගේ නීරීක්ෂණයයි.


    එහි පළමුවැන්න රටතුල මහජන ආරක්ෂාව තහවුරු කර නැතැයි ආණ්ඩුවට චෝදනාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමය. දෙවැන්න එළඹෙන මහ මැතිවරණයට දින 22 තිබියදී, ආණ්ඩු පක්ෂයේ ප්‍රචාරක කටයුතු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රශ්ණයකට කොටුකර ඊට පිලිතුරු දීම දක්වා තල්ලුකර හැරීමය. තුන්වැන්න ඉදිරියේ උදාවන සංචාරක සමයේ මෙරටට පැමිණෙන සංචාරකයන්ට ලංකාවට නොපැමිණෙන ලෙස බලපෑම් කර ඉන් රටක් වශයෙන් ලබන ආදායම අහිමිකර රට තවත් අර්බුදයට තල්ලු කර හැරීමය.

    මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් විසින් ඊයේ (24) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජාතික ආරක්ෂාව ගැන ඇතැම් මාධ්‍යවේදීන් "මාර ගැම්මකින්" දේශපාලන කුණු රසට ප්‍රශ්න කරනු දක්නට ලැබුණේ රටක ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංවේදී කරුණු ගැන නොතකමිනි. නැතහොත් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම ආණ්ඩුවේ වගකීම නොතකමිනි. එය මාධ්‍යවේදීන් ගේ වරදකට වඩා පැරණි පුරුද්දට හැසීරීමක් බව ඒ සම්බන්ධයෙන් වන අපගේ කියවීමයි.

    ජාතික ආරක්ෂාව සම්බ්න්ධයෙන් වන වාර්තා කිරීම් හා එළිදරවු කිරීම් වලදී මාධ්‍ය අයිතිකරුවන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලින් ඔබ්බට රට සම්බ්න්ධයෙන් වගකීමක් ඔබට ඇති බව අපි මාධ්‍ය සංවිධානයක් වශයෙන් මෙරට මාධ්‍යවේදීන්ට අවධාරණය කරමු. එමෙන්ම ජාතික ආරක්ෂාව හා ඒ හා සම්බන්ධ කරුණු දේශපාලන උපායක් ලෙස යොදා ගත් මෙරට ඉතිහාසය තුල එම අපරාධවල වේදනාව ඔබ සමීපව අත්දැක ඇති මිනිසුන් වශයෙන් එවැනි දෑ වලකා ගැනීමට සහය දීම සියලු මාධ්‍යවේදීන්ට අති විහාල හැකියාවක් ඇති බවද අවධාරනය කරමු.

    එමෙන්ම ඉහත සිදුවීම සහ ඊට පාදක කරුණු වාර්තා කිරීමේදී ආරක්ෂාව සම්බ්න්ධයෙන් ජාතික වගකීමක් සහිත හැසිරීමකට වඩා මෙම ආණ්ඩුවට පහරදිය හැකි මාතෘකාවක් ලෙස යොදාගැනීමට ඇතැම් මාධ්‍ය සහ දේශපාලයන් විසින් කරනු ලබන උත්සාහය අප වඩාත් සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු . එවැනි මාධ්‍ය වලට අපි එක් කරුණක් පමණක් අවධාරණය කරමු.

    එනම්, බාල්දු වූ දේශපාලන තුරුම්පු නැවත යොදා ගැනීමට උත්සාහ කිරීම බංකලොත් දේශපාලනයේ ලක්ෂණයක් බවද, එමෙන්ම පිළුනු බුද්ධි තොරතුරක් ප්‍රවෘත්ති ලෙස නැවත තෙම්පරාදු කිරීමෙන් ලැබෙන ප්‍රචාරක වාසිය දේශපාලන වශයෙන් පැය 48ක්. වත් අල්ලාගන සිටිය නොහැකි බවද ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ලවන බවට පලකළ ප්‍රවෘත්ති මගින් සනාථ වන බවයි.

    -ගවේශණාත්මක මාධ්‍යවේදීන්ගේ කවය​