මේකත් ඒ කාලේ උන්ඩියල් ගැන කිව්ව වගේම කතාවක්. උන්ඩියල් ක්‍රමේ හැදුනේ රුපියලේ තියන ඇත්ත වටිනකමට වඩා වැඩි වටිනකමක් රුපියලට නියම කරලා ඒ වෙලාවේ රුපියලට වඩා ඩොලර් එකට තිබ්බ ඉල්ලුම වැඩි වුන නිසා. ඒ අස්සේ කොහෙ හරි නිවුස් එකක් බලපු ජෙප්පො ටික ඩොලර් ප්‍රශ්නයක් තියෙන්නෙ කියල දැනගෙන එවන්නෙපා කියලා කියන්න ගත්තම ආණ්ඩුවෙනුත් ජෙප්පො නිසා තමයි ඩොලර් එවන්නැත්තේ කියලා ජේවීපී එකට ගහන්න ගත්තා. අවසානේ ජෙප්පො ටික එකතු වෙලා උන්ට ඕන නම් රටේ ඩොලර් ක්‍රයිසිස් එකක් හදන්න පුළුවන් කියලා ක්‍රෙඩිට් එක හදාගත්තා. ඒත් ඇත්තට වුනේ උන්ඩියල් ක්‍රමේ හැදෙන්න ඕන ආර්ථික පරිසරේ තිබුණ නිසයි උන්ඩියල් හැදුනේ.
ස්ටොක් මාකට් එකත් ඒ ටිකම තමයි. කලින් හැම ඡන්දෙකදිම ඡන්දෙට කලින් ඉකොනොමි එකට සල්ලි ආවා. ඒකත් එක්ක හැම ඡන්දෙකදිම ස්ටොක් මාකට් එක ඡන්දෙට කලින් හොඳයි. ආයෙ ඡන්දෙට පස්සේ ටික දවසකින් වැටෙනවා. ඒ දවස් වල වුනේ ඒකයි. මේ පාර චන්දෙ කාලෙ ආර්ථිකේට එන සල්ලි මදි මොකද බලයට එන එකා කලින් වගේ ශුවර් නැති නිසා. ඒ නිසා ස්ටොක් මාකට් කලින් වගේ නෙවෙයි වැටිලා. දෙවෙනියට IMF එකේ කියන පාත් එක වෙනස් වෙයි කියන බයත් බලපානවා, ඒත් මේක තමයි ප්‍රධානම හේතුව. මේක අල්ලගත්තු ජෙප්පො ටික ස්ටොක් මාකට් එක ජෙප්පො එන නිසා ඡන්ද කඩන්න බලන් වට්ටනවා කියනවා.
කඩේ සිගරට් හන්ගනව වගේ ස්ටොක් මාකට් එහෙම කතා වෙලා වට්ටන්න බෑ සති ගණන් මාස ගණන් වලට. ඕන නම් පොඩි ට්‍රෙන්ඩ් හදන්න පුළුවන් කෙටි වෙලාවකට Bear/ Bull ට්‍රෙන්ඩ් එකක් හදලා ඒකෙන් Buying/Selling ප්‍රොෆිට් ගන්න. අනික තමයි මේක හැම එකාම කරද්දි ප්‍රොෆිට් එකක් නෑ. හැමෝටම හොරෙන් එකෙක් දෙන්නෙක් කරලා තමයි ප්‍රොෆිට් එන්නේ. ඒ කාලේ ධම්මික පෙරේරට මේවට සෑහෙන්න කේස් තිබ්බා. ඒත් ඒ manipulations දීර්ඝ කාලීනව තියලා කොටස් වෙලඳපොළේ ලාභ ගන්න එකෙක්ටවත් බෑ, සහ ස්ටොක් manipulate කරන එක illegal. අනික ට්‍රේඩ් කරන උන් සුනිල් හඳුන්නෙත්ති වගේවත්, ලන්කාවේ හොරු අල්ලනකන් බලන් ඉන්න ඡන්ද දායකයෝ වගේවත් හැඟීම්බර තීරණ ගන්නේ නෑ.