රට පුරා බාල ඖෂධ.. නිප්ෂාදන සමාගම් පවා නෑ..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    රට පුරා බාල ඖෂධ.. නිප්ෂාදන සමාගම් පවා නෑ..

    September 15, 2025 at 12:40 pm | lanka C news
    රට පුරා බාල ඖෂධ.. නිප්ෂාදන සමාගම් පවා නෑ..

    රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ නොමැති ඇතැම් ඖෂධ පෞද්ගලික අංශයේ වෙළඳ සැල් තුළ අඩු මිල ගණන්වලට ලබාගත හැකි තත්ත්වයක් පවතින නමුත් එම බොහෝ ඖෂධවල පැවතිය යුතු නියමිත රසායනික සංඝටක පවා නොමැති බවට සැක වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    එසේම ඇතැම් අවස්ථාවලදී මෙම ඖෂධ නිෂ්පාදනය කළ බවට සඳහන් අලවැ ඇති ලේබල වල සඳහන් වන අන්දමේ සමාගම් පවා එම රටවල් නොමැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

    මෙම ඖෂධ ඉතා අඩු මිල ගණන්වලට හෝ ඉතා වැඩි මිල ගණන්වලට ප්‍රධාන පෙළේ රෝහල් අසල ෆාමසිවල අලෙවි කරන අතර මේ සම්බන්ධව නිසි නියාමනයක් සිදුවිය යුතු බවට තමන් අවස්ථා ගණනාවක් පෙන්වා දුන් නමුත් ඒ සම්බන්ධව මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර නොමැති බවද ඔහු සඳහන් කරයි.

    නිදසුනක් වශයෙන් පැපාවරීන් නම් ඖෂධය ් සාමාන්‍යයෙන් රජය මිලදී ගැනීමේදී රුපියල් පනස් දහසකට අධික මිලකට මිලදී ගැනීමට සිදුවන අතර එම ඖෂධයම රුපියල් 300කට ආසන්න ප්‍රමාණයකට බාහිරව් සුහල්වල පවතින බව පසුගිය කාලයේදී වාර්තා වූ අතර මෙම ඇතැම් ඖෂධ වල කිසිදු රසායනික ප්‍රමිතියක් නොමැති බව මෙන්ම එම සමාගම් ඉන්දියාව තුළ දැනට ක්‍රියාත්මක නොවන බව අනාවරණය වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    මේ තත්ත්වය යටතේ ඉතා අඩු මිල ගණන්වලට වෙළඳපොලේ ඖෂධ පවතින බවට වැරදි මතයක් ජනගත වන බවත් මෙසේ ඉතා අඩු මිල ගණන්වලට පවතින ඖෂධ හදිසි වැටලීම් හරහා නිසි පරිදි විද්‍යාත්මක නීරක්ෂණයන්ට ලක් නොකළහොත් ඖෂධ භාවිතා කරන රෝගීන්ට සංකූලතා මතුවීමේ දැඩි අවධානමක් පවතින බවද ඔහු පවසයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    Ow dan glucose tiyenawa hadanne koheda kiyalawath ne.manufacture place ekak ne.distributor wath gahala ne
     
    • Sad
    Reactions: Mr Bones

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මේක ඇත්ත
    මොකද දන්නේ නැහැ මේවා ගැන හොයන්නේ නැත්තේ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඇත්ත.... මගේ අම්මට ඉන්දියන්/ pakistan ජරා බෙහෙත් බීලා TIA stroke 5ක්‌ ආවා. බෙහෙත් malaysia, Indian High Quality මාරු කළා විතරයි හොඳටම සුව වුණා.

    Me wage France brand tikak tiyenawa ne .

    plavix-75-mg-28-tablets-361508.jpg


    Zydus group anith ewa (India)