කාදිනල්තුමාගේ වැඩත් රට අරාජික වීමට බලපෑවා..- රංගෙබණ්ඩාර
April 20, 2024 at 11:20 am | lanka C news
අත්දැකීමක් හා විදේශ සබඳතාවක් නැති, යුද්ධය මොහොතෙදිත් රටෙන් පිට වී මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවගේ ඉරණම විසඳීමට භාරදීමට කාදිනලතුමා මැදිහත් වීමත් රට අරාජිකවීමට බලපෑ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
අප්‍රේල් 21 වැනිදා වූ පාස්කු ප්‍රහාරයෙන් 273ක පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. 500කට වැඩිය තුවාල ලබා අදටත් ඉතා අපහසුවෙන් ජීවිත ගෙවන අයත් ඉන්නවා. මේ මිලේච්ඡ සිදුවීම ඉතාම පිළිකුලෙන් හෙළා දැකිය යුතු කාරණයක් බව අපි හැමෝම පිළිගන්නවා. මේ ප්‍රහාරයෙන් පස්සේ මැතිවරණ සමය පැමිණියාට පසු ගෝඨා- භය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දක්වමින් මැතිවරණ ව්‍යාපාරයට වක්‍රාකාරයෙන් සහාය දැක්වීමක් කාදිනල්තුමා විසින් කළ බව වසර ගණනාවකට පසුව එතුමා විසින්ම පොපෝ – ච්චාරණය කර තිබෙනවා. දැන් උන්වහන්සේම ප්‍රකාශ කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එතුමා රැවටුණා කියලා.
අත්දැකීමක්, විදේශ සම්බන්ධතාවක් නැති යුද්ධය මොහොතේදිත් රටෙන් පිටවෙලා ගිහින් මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂ – යක් ජනතාවගේ ඉරණම විසඳීමට කාදිනල්තුමා මැදිහත් වුණයි කියන එක ඒ අනුව ඔප්පු වෙනවා. ඒ නිසා සිද්ධ වෙන දේ කුමක්ද? රට අරාජික වුණා. ආර්ථික වශයෙන් ඇදගෙන වැටුණා. කෘෂි – කර්මාන්තය බිඳ වැටුණා. ජනතාවට එදිනෙදා භාණ්ඩ හිඟ වුණා. රටේ ජනතාව පෝලිම්වලට ගියා. පෝලිම්වල මැරී වැටුණා. දරුවන්ට පාසල් නැති වුණා. තෙල් ටිකක් ගන්න, තෙල් නැවක් ගන්න, අපට සංචිත නැතිවෙලා අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා. ආරක්ෂක අංශවලට ස්තුති වන්ත වන්න අදටත් ප්රජාතන්ත්රවාදය මේ රටේ ස්ථාපිත වී තිබෙනවා.
රෙත්මි පූජනී රත්නායක
ආරියරත්න ගනේගොඩ
------ Post added on Apr 21, 2024 at 6:21 PM
