රට රකින මැයි එක

offline

Banned
Oct 6, 2010
86
11
0
රට රකින මැයි එක

“මින්පසු මේ රටේ සිටින්නේ කොටස් දෙකයි. එකක් රටට ආදරය කරන අතිමහත් බහුතරය... අනෙක රටට ද්‍රෝහිවන ඉතා සුළුතරය...”

මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පිට වූ ස්වර්ණ වර්ණ වැකිවලින් එකකි. එය එතුමන්ගේ මුවින් පිට වූයේ උත්තරිතර පාර්ලිමේන්තුවේදී ය. සියලු ජනතා නියෝජිතයන් අබිමුවදී ය. ඒ ප්‍රභාකරන් සහ ඔහුගේ නඩය පරාජය කොට මිනීමරු ත්‍රස්තවාදයෙන් මෙ රට නිදහස් කරගත් බව කියා පෑ ඓතිහාසික මොහොතේදී ය.

මුළු ලොවම ත්‍රස්ත කළ ත්‍රස්තවාදය අවසන් වූයේ ඒ නිසා ය. මර්දනය කරන්නට බැහැයි කියූ ත්‍රස්තවාදය මර්දනය වූවා නොව අතුගා දමන්නට හැකිවූයේ ඒ නිසා ය.

තිස් වසරක ශාපයෙන් අපේ රට ගැලවුණේ ඒ නිසා ය. මහා දැවැන්තයකු ලෙස මුළු ලොව ම අරා සිටි ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියා මෙලොවින් පළවා හරින්නට හැකි වූයේ ඒ නිසා ය.

සැබැවින් ම ඒ නිසා ය. කුමක් නිසා ද?

රටට ද්‍රෝහි වූ සුළු තරය එක්කෝ පසෙකට තල්ලු කොට... එක්කෝ නිහඬ කොට... රටට ආදරය කරන බහුතරය එක මිටකට එක් වූ නිසා ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ඓතිහාසික මොහොතේ දී ඉතා නිවැරැදිව සහ අභිමානවත්ව ප්‍රකාශ කළ පරිදි බහුතරය එක්ව ශක්තිමත් මහා පවුරක් ගොඩ නැංවූ නිසා ය.

මෙවර මැයි දිනයේ දී ද පෙරටත් වඩා ශක්තිමත් ව ගොඩ නැඟෙන්නේ ඒ මහා ජන පවුරයි. එදා ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් මෙදා ද ත්‍රස්තවාදය වෙනුවෙන් යටි උගුල් අටවන දේශීය මෙන් ම විදේශීය බලවේගවලට එරෙහිව මේ ගොඩ නැඟෙන්නේ ඒ මහා ජන පවුරයි.

දරුස්මාන් වාර්තාව නමින් වෙස් මුහුණු බැඳගෙන කළඑළි බසින්නට තැත් කරන අන්තර්ජාතික ත්‍රස්තවාදී කුමන්ත්‍රණවලින් අපේ රට රැක ගැනීම සඳහා මේ ගොඩනැඟෙන්නේ ඒ ඓතිහාසික මහා දැවැන්ත ජනතා ප්‍රාකාරයයි. එය ලොව තවත් විස්මයක් වනවා නිසැකයි.

කිසිදා මර්දනය කරන්නට නොහැකි යැයි ලොව මහ බලවතුන් පවා කියා සිටි ලොව බිහිසුණුම ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදීන් නඩයම අතුගා දමා අපේ දේශය නිදහස් කොට අපි ලෝක ඉතිහාසයේ විස්මය ජනක සටහනක් තැබුවෙමු. එසේ ම අප රටට එරෙහිව එන සියලු බලවේග මර්දනය කොට කිසිදු රටකට යටපත් කළ නොහැකි ස්වාධිපත්‍යයක් ඇති රටක් වශයෙන් අපේ රට නිර්මාණය කොට තවත් විස්මය ජනක සටහනක් තබන්නෙමු.

අපට එය නිසැකව ම කළ හැකි ය. රට කෙරෙහි අප තුළ ඇති ආදරය සහ සෙනෙහස ඒ තරමට ම සුවිශාල ය.

අපේ රට අපට තිතක් නොව මහාද්වීපයකි. අපේ රට කෙරෙහි අප තුළ ඇති භක්තිය අතුරන්නට පංච මහාද්වීපයත් මදි ය. අපේ රට පිළිබඳව අප තුළ ඇති අභිමානය සදෙව් ලොව දක්වා විහිදයන්නකි.

අපි රජෙක් නැති කූඹි රැළක් නොවෙමු. අපි රජෙක් ඇති හස්ති රෑනකි.

මේ මොහොතේ දී රටට ආදරය කරන බහුතරය තවත් විශාල වී ඇත. රටට ද්‍රෝහී වන සුළු තරය තවත් කුඩා වී ඇත.

 
  • Like
Reactions: sudu pusa

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    source එක දැම්ම නම් හොදයි නේද ?
    http://www.silumina.lk/2011/05/01/_art.asp?fn=ae110501&p=1 ?