ලංකාවෙ ගුවන් තොටුපලෙ මාසෙට දෙන ටෙම්පරි A4 කොලෙ රු 15,000 කිවුවම සමහරු කොමෙන්ට් කරල තිබ්බ, අපො $48, ඕක 50,000 කරන්න ඕනෙ, ටුවරිසම් වලට කෙල වෙනව එයා පෝට් එකෙන් ලයිසන් දෙනකොට වගෙ සිඟිති කතා.
ලංකාවෙ පගාදීල එක දවසින් ගන්න ලසයිසන් එක ලෝකෙ ගොඩක් රටවල අවම මාස 3 වළංඟුයි, උදාහරණයක් විදිහට ලංකාවෙ කෙනෙක් ඕස්ට්‍රේලියාවට ආවොත් එයාට මාස 3 යනකන් ලංකාවෙ ලසිසන් එකෙන් එලවන්න පුලුවන්.
හැබැයි ලංකාවට මොන ජගත ආවත් ලංකාවෙ විනීත රියදුරන්ගෙ ට්‍රොපිකල් යුනික් එක්ස්පීරියන්ස් එක ගන්න රු 15,000 ගෙවන්න ඕනෙ මාසෙකට. ඒක නිකන් කසිප්පු බෝතලෙ විස්කි වලට වඩා ගානට විකුණනව වගෙ වැඩක්.
මෙතන අවුල තියෙන්නෙ ගානෙ නෙවෙ, ගසා කෑමෙ.
එයා පොට් එකෙ මාසෙ ලයිසන් එක Rs 15,000.
වේරහැරෙන් ගත්තොත් මාසෙට Rs 3500.
AAA එකෙන් මාස 3 ට Rs 8000. කිසිම පිළිවෙළක් නැති හිතෙ හැටියට ගසා කන්න ක්‍රම හොයන කාල කන්නි.
මට මේ මිනිස්සු බනින්නෙ මම ඩොලර් හම්බ කරල නාහෙන් අඬනව කියලනෙ, මම කතා කරන්නෙ අසාදරනේට විරුද්ධව, ඒක රුපියලද ඩොලර් එකද වැඩක් නෑ. ලංකාවෙ ටුවරිසම් දියණු කරනවනම් අඩුම ගානෙ දකුණෙන් එළවන රටවල සංචාරකයන්ගෙ ලයිසන් එකෙන් ලංකාවෙ නොමිලෙ එලවන්න දෙම්ම ඕනෙ.
මේ ටුවරිසම් කරන හාල්පාරුවො හිතන් ඉන්නෙ පිටරට මනුස්සයෙක් වාහනයක් කුලියට අරන් ලංකාව වටේ යන එක උන්ගෙ බඩට වදින වැඩක් කියල, උන් තමා ඔය රු 2000 ට දුන්න ලයිසන් එක නවත්තන්න කියල කෑගැහුවෙ. උන්ට ඕනෙ උන්ගෙ බඩ ගෝස්තරෙ රැකගන්න රට ඉඳන් එන මනුස්සයව ගසා කන්න.
තමන්ගෙ පුතා ඇරලවන්න එයාපෝට් එකට එන අම්මගෙන් Rs500 ටිකට් කඩන ලෝකෙ එකම ගුවන් තොටුපළ ලංකාවෙ තියෙන්නෙ කියලත් අමතක කරන්න එපා.








