රට සංවර්ධනයට ඇති තරම් මුදල් තියෙනවා..- ගොඩහේවා..
July 19, 2021 at 3:50 pm | lanka C news
රටේ ඉදිරි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තරම් මුදල් රජයට ඇති බව නාගරික සංවර්ධන රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
ගම්පොල නගරයෙන් නවීන පහසුකම් වලින් සමන්විත අංගසම්පූර්ණ නගරයක් කිරීමේ සැලැස්ම තුන්වෙනි අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මේ සඳහා දැනට රුපියල් මිලියන 215 ක් වැය කර තිබේ.
මහවැලි ගඟ කේන්ද්‍ර කර ගනිමින් නගරයේ එක් පසෙකින් පරිපාලන කටයුතුද අනෙක් පසින් වාණිජ නගරය ලෙසද සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
විපක්ෂය ඇතුළු සියළු බලවේග කුමන බාධා එල්ල කළද රජයේ කටයුතු සාර්ථකව ඉදිරියට ගමන් කරන බවද ඔහු තවදුරටත් පැවසීය.
