රට හදන ක්‍රමේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    ඉදිරි අවුරුදු 5-10 තුල රට හරියට හදන්න පුලුවන්ද?


    දැනට දේශපාලනය කරන සියලුම පාර්ලිමේන්තු ඇමතිවරුන් පැහැරගෙන ගොස් ජීවිතාන්තය දක්වා සිරකර තැබීම.
    සියලුම රටවල තානාපති වරුන් රැස්කොට රටේ ඉදිරි වැඩ පිළිවෙල සහ වියවස්තා වෙනස් කිරීම් ගැන අවබෝධය ලබාදීම.


    රටේ වියවස්ථාව මුලින්ම ඉවත්කොට නව වියවස්ථාවක් ඇතිකිරීම.

    රටේ සිංහල මහා ජාතිය හෙවත් 70%කට අයත් භුමි කොටස් හඳුනාගැනීම. හඳුනාගත් ප්‍රදේශවල වෙනත් ජාතීන්ට සින්නක්කර ඉඩම් මිලදී ගැනීම, නිවාස මිලදීගැනීම අවහිර කිරීම.
    සිංහල ජාතීන්ට නිවාස, ඉඩම් ණයක් ලබාගැනීමේදී 10%ක ආධාරයක් රජයෙන් සැපයීම.

    සිංහල ජනයාට විවිධ පහසුකම් සැලසීම. දරුවන් 3ට වඩා සිටින පවුල්වලට මාසික අධාර සැපයීම.

    අනෙකුත් ජාතීන්ට කිසිදු අවහිරයකින් තොරව සමගිව ජිවත් වීමට අවකාශ සැපයීම. ඔවුන්ට ඉඩම් මිලදීගැනීමේදී, නිවාස මිලදී ගැනීමේදී ඉහත කි ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවලින් අවහිරයකින් තොරව මිලදී ගැනීමට අවකාශ සැපයීම.

    සිංහල දරුවන්ට විශ්වවිද්‍යාල සඳහා ආධාර පහසුකම් වැඩි කිරීම, විදේශ අධ්‍යාපනය ලබාගැනීමට ණය මුදල් ලබාදීම 30%. අනෙකුත් අයට ද 20%-10% අතර ලබාදීම.

    සිංහල විවාහ වලදී සිංහල පුද්ගලයෙකු වෙනත් ආගමක කෙනෙකු සමග විවාහයේදී වෙනත් ආගමක පුද්ගලයා සිංහල බෞද්ධ බවට මුලින් පත් වීම.

    විවිධ රජයේ ආයතන පවත්වාගෙන යාමට පෞද්ගලික ආයතන සඳහා අවුරුදු 5-10-15 කාල සීමාවන්ට බදු දීම.

    රජයේ ආයතන ලාභ ලැබීමට වියාපාර අවස්ථා යොදාගැනීම සහ සේවකයින්ට වසර අවසානයේ අනිවාර්ය බෝනස් ලබාදීම.

    සැම වසරකම ලාභ අලාභ පෙන්වීම සහ අලාභ වලින් කොටසක් රජයේ ආයතනය පරිපාලනය දරාගැනීමට නීති සම්පාදනය හෝ අලාභ අය කරගැනීමට නොහැකි අවසථාවල ඔවුන්ගේ දේපල රාජසන්තක කිරීම.

    පොලිසිය දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම සහ සියලු මහජන කටයුතුවලට ආරක්ෂාව සැපයීම. වරිපනම් ගෙවීමේදී කොටසක් පොලිසියට ලබාගැනීම මගින් යහපත් ආරක්ෂාවක් ලබාදීම.

    පාරිභෝගික අධිකාරියක් මගින් සැපයුම් කරුවන්ට සහන සැලසීම සහ විසන්ධිවීම් හෝ සැපයීම කල නොහැකි වූ විට අලාභ අයකිරීම සහ බිල්පත්වලින් වට්ටම් ලභාදීම.
    උදාහරණයකින් පැවසුවොත්, විදුලි විසන්ධි වීමකදී පැය ගනනට අනුව මාසික වට්ටම් පාරිභෝගිකයාට ලබාදීම.

    විදුලිය, ජලය සහ ඉන්ධන රජයේ අධිකාරය යටතේ වෙනත් ආයතන මගින් පවත්වාගෙන යාම, සැම වසරකම රජයට ලාභාංශ කොටසක් ලබාදීම.

    මහාමාර්ග සැදීම සහ පවත්වාගෙන යාම: අනතුරක් සිදුවී මාර්ගයේ කිසියම් කොටසකට, පාලමකට, වැටවල්, විදුලි කණු වැනි දේ විනාශ වුවහොත් අලාභය අනතුර කල පුද්ගලයාගෙන් හෝ රක්ෂණ ආයතනයෙන් රජයට හෝ පළාත්පාලන අධිකාරියට ගෙවීම. සියලු මාර්ග සැලසුමකින් සැදීම, කළමනාකරණ සහ පවත්වාගෙන යාමට අධිකාරයික් යොදවා පෞද්ගලික ආයතනවල ලබාදීම. මාර්ග වල නියමාකාරව වෙළඳ දැන්වීම් යොදවාගැනීම සහ අයකිරීම් සිදු කිරීම. පාරට විවරව ඇති සියලු අනවසර කඩවල වහලවල්, පෝස්ටර් ඉවත්කිරීම සහ පෝස්ටර් අල්වන්නන් ගෙන් දඩ ගැසීම.



    ඉදිරියට ....











     
    • Haha
    Reactions: beam_tech

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    නැගිටපන් දැන් 8යි
    skeleton-meme.gif