බොහෝ දෙනෙකුගේ සිත්තුල ඇති සැක සංකාවන්ට පිලිතුරු සපයමින් ජනරාල් පොළොන්නරුවේදී කල කතාව.
(අද දිවයින-කැමති කෙනෙක් බලන්න-අකමැති අය වෙනතක් බලාගන්න)
මට මඩ ගසා ජනගඟ ආපසු හරවන්න බෑ
මුළු රටම විශ්මිත කරමින් මා දුන් පොරොන්දු ඉටුකරනවා
ජෙනරාල් සරත් ෆොන්සේකා පොළොන්නරුවේදී කියයි
පියයසේන දිසානායක සහ පොළොන්නරුව - කරුණාරත්න ගමගේ,
ඡේ. ඒ. ජයකොඩි, අනුරාධපුර පර්සි කුරුනේරු, සුදත් ඒකනායක රාජරත්නම්
පොළොන්නරුවේ රැස්‌වීමේදී ජෙනරාල් සරත් ෆොන්සේකා
මහතා ඇතුළු නායකයින් රැස්‌ව සිටි ජනතාවට ආචාර කළ අයුරු.
ඡායාරූප- ශ්‍රී ලාල් ගෝමස්
තමන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු අද ක්‍රියාත්මක වන වී මාෆියාවෙන් ගොවි ජනතාව බේරාගෙන සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 40 ක්‌ද නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 35 ක්‌ද ලබා දී ගොවි ජනතාව ආරක්‍ෂා කොට ඔවුන් නගා සිටුවීමේ ශක්‌තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පෙරේදා (21 දා) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
ජීවිත පරිත්‍යාගයෙන් අප ආරක්‍ෂා කරගත් මේ රට කෑලිවලට කඩා වෙන් කොට රටේ භෞමික අඛණ්‌ඩතාවය, ස්‌වෛරීභාවය දුර්වල කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොතබන බව හෙතෙම කීය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේදී (21 දා) පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.
එක්‌සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්‌ති පෙරමුණ ඒකාබද්ධව මෙම මැතිවරණ ප්‍රචාරක රැලිය සංවිධානය කොට තිබු අතර එදින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවල ද මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්විණි.
පොළොන්නරුවේ පැවැති රැළිය අමතා තවදුරටත් අදහස් දැක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මෙසේ ද කීය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මේ වන තෙක් අති විශාල මහා ජන ගංගාවක් අප වටා ඒකරාශී වී සිටිනවා. අද මෙය උඩුගම් බලා ගලන ගංගාවකට සමානයි. කුමන තර්ජන එල්ල කළත් අවලාද නැගුවත්, මඩ ප්‍රචාර ගෙන ගියත් මේ ජන ගංගාව කිසිදු බලවේගයකට ආපසු හැරවිය නොහැකියි.
රටේ ජනතාවට පවුල් සංස්‌ථාව ශක්‌තිමත් කර ගැනීමට අවස්‌ථාවක් ලබාදිය යුතුයි. තරුණ තරුණියන්ට රැකියා අවස්‌ථා ලබාදී ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩි කළ යුතුයි. රටේ නීතිය, සාමය ආරක්‍ෂා කළ යුතුයි. කාන්තාවකට වුවද රාත්‍රියේ තනිව ගමන් කළ හැකි වාතාවරණයක් ඇති කළ යුතුයි. සියලු ජාතීන්ට සතුටෙන්, සාමයෙන් ජීවත්විය හැකි රටක් අප නිර්මාණය කළ යුතුයි.
