රට හරකෙක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කොරෝනා වෛරසය වැලදී සැඟව සිටි කෝටිපති මැණික් ව්‍යාපාරිකයා බුද්ධි අංශ සහයෙන් සොයා ගැනේ : රෝගය තිබියදී දින ගණනක් සැඟවී ඉදලා.



    කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා.

    ඊයේ දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    මිට පෙර කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ ජර්මනියේ සංචාරය කළ පුද්ගලයා සමග මෙම පුද්ගලයාද එම සංචාරයට එක්ව සිට ඇත. තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසු පළමු පුද්ගලයා ගල්කිස්සේ ප්‍රදේශයේ සිටින සිය මිතුරන්ට ඒ ගැන දැනුම් දී ඇත.

    සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු එම පුද්ගලයාද කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් PCR පරීක්ෂණය සිදු කොට ඇත. එහිදී එම පරීක්ෂණයෙන් ඔහුට කොරෝනා වෛරසය ඇතිව තිබෙන බවට තහවුරු වී ඇත. තමන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු රජයේ රෝහලකට ඇතුලත් නොවී නිවසටවී සිට ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ඔහුව සම්බන්ධ කර ගැනීමට සෞඛ්‍ය අංශ වලට ඉමහත් වෙහෙසක් ගැනීමට සිදුවු බවත් අවසානයේදී රාජ්‍ය බුද්ධි අංශවල සහය අනුව ඔහුව සොයා ගැනීමට සිදුවූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ.

    මෙම පුද්ගලයා වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බවත් කොරෝනා වෛරසය වැලදී සිටියදී ඔහු ආගිය ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය සිදුකරමින් ඇති බවයි වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

    එමෙන්ම එම පුද්ගලයා ගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොමු කොට ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට සිදුවූ බවද ප්‍රකාශ කර සිටියා.


    http://nethnews.lk/article/75322?fb...PYsYxRx9Qvia3V_sb5xtK9kgktgMde2RXeWEsJFbWbpzw
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය ඉතාලියෙන් අපු හැංගිලා ඉන්න හැත්තැවයි අර මැනික්කාරයාවයි පච කරමුද බුකියේ මුන්ගේ පොටොස් එහෙම තියෙනවා නම් දාපල්ලා බුකියෙ වැලලෙන්න දෙමු
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ගෑනිට කෝල් කරල බය කරවලා ඉස්පිරිතාලෙට එනකම් ඉන්නෙ නැතුව ගෙදරටම ගිහින් බෙල්ලෙන් අල්ලන් කුදලන් එන්න ඕන කාලකන්නියෙක්නෙ. මූ මේ ටිකට කී දෙනෙක්ට බෝ කරලද දන්නෙ නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ හින්දා තමා රජයේ රෝහල් වල විතරක් ටෙස්ට් කරන්න දුන්නේ, ආසිරි එකෙන් ටෙස්ට් කලාම පොසිටිව් කියලා උන් රජය දෑනුවත් කරනවද? රෝගියාගේ පර්සනල් දෙයක් කියලා සද්ද නෑතිව ඉන්නවද?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    ආසිරි එකේ report එක එන්න දවස් තුනක් යනවා කියලා media conference එකේ කිව්වා. ඒවා gourmant list එකට යන්නේ නැතුව ඇති.