වෙනස් විදියේ ග්‍රොසරි බඩු සහ කෑම බඩු ගන්න ලංකාවේ තියෙන විශේෂ තැන් 7ක්
දැන් අපි හිතමු මෙහෙම. ඔන්න කෑමක් හදන්න හිතෙනවා. එතකොට මොකද කරන්නේ? රෙසිපියට ඕන බඩු මුට්‍ටු ටික කඩේ ගිහිල්ලා ගේනවා. හරිම සරලයි. බඩු මුට්‍ටු ගේන්න ඕන නං පල්ලෙහා රවුං කඩේට යන්නත් පුලුවන්. ඕන නං ටවුමේ තොග කඩේට යන්නත් පුලුවන්. එහෙමත් බෑ වගේ නං ෆුඩ් සිටියට හරි කීල්ස් සුපර් එකට හරි වෙන සුපර් මාර්කැට්‍ටුවකට හරි යන්නත් පුලුවන්. හරි අපි මෙහෙම හිතමු. අපිට ඔය කොරියන් නාට්ටියක් බලලා ඕන වෙනවා කොරියන් චංගුමී සුප් එකක් හදන්න. දැන් ඔය සුපර් මාකට් වලත් පිටරටින් ගෙන්නන එක එක විදියේ සුකුරුත්තං ග්‍රොසරි අයිටම්ස් එතකොට ආහාර අමුද්‍රව්‍ය තියෙනවා තමයි. හැබැයි මේ වගේ සීන් එකකට බඩු නං ලොවෙත් ටවුමේ සුපර් මාකට් එකෙන් හොයන්න වෙන්නෙ නෑ. ආන්න එතකොට තමයි අපිට මතක් වෙන්නේ කොරියන් කෑම බඩුම විකුණන්න තියෙන තැනක් තිබ්බනං හොඳයි කියලා. ඇත්තටම මේ විදියේ වෙන වෙන රටවලින් ආනයනය කරපු ග්‍රොසරි අයිටම්ස්, විශේෂ කෑම බඩු එහෙම විකුණන තැන් තියෙනවා. මේ කියන්න යන්නේ එහෙම තැන් කීපයක් ගැන.
1. Jalanka
කොල්ලුපිටියේ තියෙන ජාලංකා එක වැඩියෙන්ම සෑහෙන දෙනෙක් දන්නේ හොඳ නූඩ්ල්ස් විකුණන්න තියෙන තැනක් විදියට තමා. හැබැයි ගොඩක් ජපන් කෑම සංස්කෘතියට අදාළ අනං මනං හදන්න හිතන අය මෙතනට එනවා ජපානෙන් විතරක් හොයාගන්න පුලුවන් කෑම බඩු අමුද්‍රව්‍ය එහෙම ගන්න. ඔය සෝස් වර්ග, පට ගාලා හදාගන්න පුලුවන් සුප් වර්ග, එක එක විදියේ නූඩ්ල්ස් වර්ග, තෙල් වර්ග, එක එක විදියේ හාල් වර්ග එහෙම මෙතනින් හොයාගන්න පුලුවන්. ගාණත් බොහොම අඩුයි.
දුරකථන අංක: 0772228892/ 0773685941
2. Chinese Lanka
ලංකාවේ කොච්චර චීන ජනගහණයක් දැන් දැන් ඉන්නවද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් මේ අය වෙනුවෙන් විතරක් නෙවෙයි, ඔය චීන කෑම බඩු හොයන ලංකාවේ අයත් වෙනුවෙන් කොළඹ අවුරුදු ගාණක් තිස්සේ රන් වුණු පොඩි ෂොප් එකක් තමයි චයිනීස් ලංකා කියන්නේ. චීනේ තියෙන ඕනම කොම්ප්ලිකේටඩ් කෑමක් හදන්න ඕන කරන බඩු මෙතනින් හොයාගන්න පුලුවන් කියලා තමයි කීමට කියන්නේ. කොහොමත් එක එක විදියේ කැන්ටොනීස් නූඩ්ල්ස් ජාති හොයන අයට මෙතන පාරාදීසයක් වගේ. ඒ විතරක් නෙවෙයි සෝයි සෝස් වල ඉඳන් කල්තබා ගන්න පුලුවන් විදියට සකස් කරපු මස් ජාති දක්වා එක එක කෑම අමුද්‍රව්‍ය මෙතන තියෙනවා, චීන ටැග් එක්කම. ටෝෆු හොයන අයට ටෝෆුත් තියෙනවා.ගණනුත් සාධාරණයි.
දුරකථන අංක: 0112345419
3. The Nut Shop
දවසක තිඹිරිගස්යායේ පට්ට රස්නෙට කූල් එකක් බොන්න තැනක් හොයාගෙන යනකොට තමයි මේ පොට් එක සෙට් වුනේ. ඩික්මන් රෝඩ් එකයි හයිලෙවල් එකයි සෙට් වෙන හතරමං හන්දියේ ඉසිපතනේ පැත්තට තියෙන, එකපාරට බැලුවට පේන්නෙ නැති පොඩි ෂොප් එකක් තමයි මේ එක එක ඇට වර්ග විකුණන්න තියෙන කඩේ. ඇට වර්ග කිව්වේ ආමන්ඩ් වල ඉඳන් කජු දක්වා, සූරියකාත්න ඇට වල ඉඳන් හේසල් ඇට වෙනකල් එක එක ජාති මෙතන තියෙනවා. හැබැයි ගාණ සැරයි. මීට අඩුවට පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකේ තියෙන ඉම්පෝටඩ් බඩු කඩවලින් ගන්න පුලුවන්. හැබැයි කොළඹ මේ පැත්තට තියෙන මේ විදියේ කඩේ මේක විතරයි. ඇට ජාති ගන්න ගාණ වැඩී වගේ නං, මෙතනින් බීම එකක් බීලා, පැණි කජු කෑල්ලක් හපලා යන්නත් පුලුවන්.
දුරකථන අංක: 0112438662
4. Hana Mart
අර අපි පටන් ගන්නකොටම කිව්වේ කොරියන් තාලෙට චංගුමී සුප් එකක් එහෙම හදන්න ඕන වුනොත් කියලා. එහෙම වෙලාවක කොල්ලුපිටිය අවට ඉන්නවා නං යන්න පුලුවන් තැන තමයි හැනා මාට්. කොළඹ තියෙන කොරියන් කෑම බඩු ගන්න පුලුවන් තැනක්. හැබැයි මෙතන තියෙන්නේ කෑම අමුද්‍රව්‍ය විතරක් නෙවෙයි,කොරියාවෙන් ඉම්පෝට් කරපු එක එක ස්වීට්ස්, බිස්කට්, චොකලට්, බේවරේජස් එහෙමත් මෙතන තියෙනවා.
දුරකථන අංක: 0778696852
5. Beemas
ලිබර්ටි සිනමා එකට මෙහෑයින් තියෙන කොල්ලුපිටිය මාකට් එකට නොදන්නා කෙනෙක්ට නං බැලූ බැල්මට යන්න හිතෙන්නෙත් නෑ. ඒ තරම් අපිරිසිදු, පරණ පෙනුමක් තියෙන්නේ. ඒකේ පුදුමෙකුත් නෑ. පහළ තට්‍ටු දෙකේම විකුණන්නේත් එළවළු සහ මස් මාළු නේ. හැබැයි ඊටත් උඩම තට්‍ටුවට ගියහම දකින්න පුලුවන් බොහොම සුපර් මාකට් පෙනුමක් තියෙන ෂොප් දෙකක්. මෙතනින් එකක් තමයි Beemasකියන්නේ.මේක ඉම්පෝට් කරපු කෑම බීම සහ කෑම අමුද්‍රව්‍ය තියෙන සුපර් මාකට් එකක්. මෙතන ඉතාලි කෝපි වල ඉඳන්, වෙන කොහේවත් දකින්න නැති විදියේ අමුතු අමුතු බිස්කට් ජාති දක්වා, විවිධ සෝස් ජාති වල ඉඳන් සිරප් ජාති දක්වා, නූඩ්ල්ස් ජාති වල ඉඳන් පාස්තා ජාති දක්වා එක එක රටින් ගෙන්නපු ජාති තියෙනවා.
දුරකථන අංක: 0117205458
6. Branas
උඩින් කිව්ව Beemasඑකේ නිවුන් සහෝදරයෙක් වගේ ඊට එහා පැත්තෙන් තියෙන්නේ Branasඑක.හැබැයි මෙතන තමයි වඩාත් පරණ තැන. ඒ ඇරෙන්න මේ තැන් දෙකේම විකුණන්න තියෙන බඩු මුට්‍ටු වල නම් ලොකු වෙනසක් නෑ. මේ ෂොප් දෙකේම යන එකාව හොල්මන් කරවන තාලේ රේන්ජ් එකක් තියෙනවා කියලත් කලින්ම අනතුරු අඟවන්න ඕන. පාස්තා පැකට් එකක් ගන්න යන කෙනෙක් ගොඩක් වෙලාවට එන්නේ අතින් කටින් බඩු එල්ලගෙන.සමහර වෙලාවට හොයන චොකලට් බ්‍රෑන්ඩ් එකක් හරි, සිරප් බ්‍රෑන්ඩ් එකක් හරි එහා කඩේ නැතිවුනොත් ගොඩක් වෙලාවට මෙතන තියෙන්න ඉඩ වැඩියි. ඒක අනික් පැත්තටත් එහෙමයි.
දුරකථන අංක: 0112421675
7. Cheeseland Inc.
චීස් වලට ඕන කෙනෙක් ආසයිනේ. හැබැයි ඉතින් ලංකාවේ අපිට ඔය මොසරෙල්ලා නැත්තං චෙඩාර් චීස් වගේ ඇරුනහම වෙන ස්පෙෂල් චීස් වර්ග නං ලේසියෙන් හොයාගන්න වෙන්නෙ නෑ.ඒත් ඉතාලි කෑම ජාති හදන්න ඔය එක එක ජාතියේ සුකුරුත්තං චීස් ජාති ඕන වෙනවනේ.ඉතින්කොහුවල චීස්ලෑන්ඩ් එකෙන් ගන්න පුලුවන් කෙලින්ම නෙදර්ලන්තෙන් ආනයනය කරපු ඉහළම කොලිටියේ ස්පෙෂල් චීස් වර්ග. ඔබ අහලාවත් නැති චීස් වර්ග සෑහෙන ප්‍රමාණයක් මෙතන තෝරගන්න තියෙනවා.සමහර වෙලාවට මේ අයගේ ස්ටොක් ඔක්කොම ඉවර වෙලා, අලුතින් ස්ටොක් ගෙන්නනකල් ඉන්න වෙනවා. එතකොට හොඳම වැඩේ තමයි කෝල් එකක් දීලා බලලා යන එක.
දුරකථන අංක: 0777274272
උපුටා ගැනීම aniwa.lk

Last edited: